Sunday, November 4, 2012

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 02




ඔන්න එහෙනම් අදත් ආවා මම අපේ පාඩම් මාලාවේ දෙවෙනි කොටස අරන්. ඔක්කොටම කලින් කියන්න ඕනේ මගේ කලින් ලිපිය කියවලා අදහස් දක්වපු හැමෝටම වගේම ඒ ලිපිය කියවලා බලපු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන්ම මේ පාඩම් මාලාව දිගටම මම අරන් එනවා. තවත් කණගාටු දායක ආරංචියකුත් තියෙනවා කියන්න මම ඕගොල්ලන්ට ලබා දුන්න ගොඩක් පොත් වල ලින්ක් මම ෆයිල් දාපු අඩවියේ කට්ටිය මකලා දාලා .. මම ආයෙත් ඒ පොත් කිහිපය ලබා දෙන්න උත්සහ කරනවා ඕගොල්ලෝ වෙනුවෙන්. එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ පාඩම ආරම්භ කරමු නේද?... 

අද අපි ඉගෙනගමු නේද ගණන් කරන්න ....


  die Zahlen (ඩි සාල්න්)
ඉලක්කම්  

0 - null     නුල්                                             11 - elf               එල්ෆ්

1 - eins    අයින්ස්                                        12 - zwölf             ස්වොල්ෆ්

2 - zwei    ස්වයි                                          13 - dreizehn      ඩ්‍රයිසින් 

3 - drei     ඩ්‍රයි                                             14 - vierzehn      ෆියර්සින්

4 - vier     ෆියර්                                           15 - fünfzehn      ෆුන්ෆ්සින් 

5 - fünf     ෆුන්ෆ්                                          16 - sechzehn    සේක්ස්සින් --> sechszehn

6 - sechs   සෙක්ස්                                       17 - siebzehn       සිබ්සින් --> siebenzehn

7 - sieben   සිබන්                                        18 - achtzehn       අහ්ට්සින්

8 - acht      අහ්ට්                                          19 - neunzehn      නොයින්සින්

9 - neun     නොයින්                                     20 - zwanzig        ස්වන්සිස් 

10 - zehn    සින්                                           21 - einsundzwanzig  අයින්ස්උණ්ඩ්ස්වන්සිස්


ඔන්න  21 ට එනකන් ගණන් කරන්න දන්නවා නේද දැන් එහෙනම් ඉතුරු ටික සිම්පල් දහයේ ගුණාකාර ටික ඉගෙන ගත්තහම ඕගොල්ලන්ට ගේමක් නැතිව 100 ට එනකන් ගණන් කර ගත්තහැකි .....
21 පස්සේ කරන්න තියෙන්නේ und වලට ඉස්සරහින් කලින් ඉලක්කන් ටිකම කියන්නයි  මේ වගේ....

22 - zweiundzwanzig  
23 - dreiundzwanzig
26- sechsundzwanzig
27 - siebenundzwanzig

යන ආදී වශයෙනුයි .. ඒ වගේම හොදින් මතක තියාගන්න ඕනේ අපි 16 ලියද්දි sechs වල s අකුර ලොප් වෙනවා ඒ කියන්නේ අන්තිම s අකුර නැතිව තමා ලියන්න ඕනේ. එත් 26 ලියද්දි ආයේ s අකුර එකතු වෙනවා. ඒ විදියටම 17 ලියද්දි sieben වල එන කියන අකුරු දෙකම ලොප් වෙනවා .. අර වගේම ආයේ 27 ලියද්දි en එකතු වෙනවා. ඒක හොදට මතක තියාගන්න ඕනේ.

30 - dreißig        ඩ්‍රයිසිස්  
40 - vierzig        ෆියර්සිස් 
50 - fünfzig        ෆුන්ෆ්සිස් 
60 - sechzig       සේක්ස්සිස්
70 - siebzig        සීබ්සිග්ස්
80 - achtzig        අහ්ට්සිස්
90 - neunzig       නොයින්සිස්
100 - hundert / einhundert    හුන්ඩර්ට් / අයිහුන්ඩර්ට්
200 - zweihundert  ස්වෙයිහුන්ඩර්ට්
1000  - eintausend  අයින්තවුසන්ස්

ඔය  ටික දන්නවනම් 1000  ට එනකන් ගැන්නහැකි පොඩි පැටර්න් එකක් තමා අල්ලගන්න තියෙන්නේ ...

E.g.  31 - einunddreißig      41 - einundvierßig   141 - hunderteinundvierßig

101 - einshunderteins / hunderteins  අයින්හුන්ඩර්ට්අයින්ස් / හුන්ඩර්ට්අයින්ස්  

201- zweihunderteins


ඔන්න දැන් ඕගොල්ලෝ බොහොම ලේසියෙන් 1000 ට ගනින්න ඉගෙන ගත්තා නේද මේ වෙබ් එකත් බලන්න ඕගොල්ලන්ට ලේසි වෙයි ඉගෙන ගන්න 


තවත්  ඕගොල්ලන්ට ලේසි වෙයි මේ වීඩියෝ එක බැලුවහම ...



එහෙනම්  ඔන්න තවත් පාඩමක් ඉවරයි අපි තවත් පාඩමකින් හමුවෙමු ....... 

Auf wiedersehen ! 
අවුෆ් විඩර්සීන් 
නැවත හමුවෙමු ......


11 comments:

  1. Ela ela macho. Eelanga paadama enakan mama balan innawa.
    Continue your good work.

    ReplyDelete
  2. හොද වැදැක බන් මේක

    ReplyDelete
  3. ade serama dapan............api balan innawa

    ReplyDelete
  4. sir,machan,fit eka kauda kiyala mama danne na eth me wade supiri thankzzzzzzzz a lot eth podi dukak thiyanawa aye post ekak danne nathiweidoooooo kiyala !

    ReplyDelete
    Replies
    1. අනිවා හැකි ඉක්මනින් දානවා සහෝ මම සර් කෙනෙක් නම් නෙමේ මේ ටිකේ පොඩ්ඩක් වෙලාව මදි වෙලා තමා තියෙන්නේ අනිවා සෙනසුරාදා තව පාඩම් දෙකක් දානවා......

      Delete
  5. mama tourism karana kenek duppath kollek habarana village tracking eke podi tracker kenek me de digatama kaloth mama hithanawa eka mage jeevithe tourism walin issarahata yanna loku udawwak wei kiyala

    ReplyDelete
  6. අනිවාර්යෙන්ම දිගටම කරගෙන යනවා සහෝ ...... මමත් සංචාරක හා සත්කාරක උසස් ඩිප්ලෝමාවක් හදාරනවා අනිවා දානවා........

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.