Tuesday, November 13, 2012

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 03



ඔන්න එහෙනම් අපේ තුන්වන පාඩමත් අරගෙන මම අදත් ආව. අපි දැන් දන්නවා හෝඩිය ඒ වගේම 1000 ට යනකන් ගණන් කරන්නත් නේද ?එහෙනම් අද අපි මුලින්ම ඉගෙන ගමු අපේ නම කොහොමද කියන්නේ  කියලා නේද? හරිම ලේසි ඉංග්‍රීසි වගේම තමා ටිකක්

mein Name ist Asanga.
මයින් නාම ඉස්ට්‌ අසංග.
මගේ  නම අසංග .

mein Name ist Nilupul.

යන ආදී වශයෙන් තමා අපේ නම කියන්නේ කාට හරි.. එහෙනම්  දන්නවද කොහොමද කාගේ හරි නම අපි අහන්නේ කොහොමද කියලා.. කොහෙද ඉතින් මම කියලා දුන්නායැ නේද.....ඔන්න එහෙනම් බලා ගන්නකො ...

wie ist Ihr Name?
වී ඉස්ට්‌ ඉයර් නාම?
ඔයාගේ නම මොකක්ද?



මෙහෙම කවුරුහරි හරි ඇහුවොත් එහෙම ඕගොල්ලෝ උත්තර දෙන්න ඕනේ උඩ මම කියලා දුන්න විදියට නැත්තම් තවත් ක්‍රම දෙකක් මම කියලා දෙන්නම්

Ich bin Asanga.
ඉච්  බින් අසංග

Ich heiße Asanga.
ඉච් හයිස අසංග.

නැත්තම් අපිට මෙහෙමත් අහන්න පුළුවන් එත් එහෙම අහන්න පුළුවන් ඔයාගේ යාලුවෙක්ගෙන් වගේ තමා. මොකද එහෙම අහනකොට formal නෑ.

wei heiße sie?
වී හයිස සි?


එතකොට  අපි උත්තර දෙන්න ඕනේ Ich bin Asanga.     කියලා 

එහෙනම් දැන් නම කියන්නයි නම අහන්නයි ඕගොල්ලෝ දන්නවා නේද? දැන් අපි ඉගෙන ගමු කෙනෙක්ගෙ පදිංචිය අහන හැටි.

woher kommen sie?
වොහෙයර් කොමන් සි ?
කොහේ  ඉදන්ද එන්නේ 

අපි  පිළිතුරුදෙන්න ඕනා
Ich komme aus kotugoda.
ඉෂ් කොමර් අවුස් කොටුගොඩ.
මම  කොටුගොඩ ඉන්නේ.

නැත්තම්  අපිට මෙහෙමත් අහන්න පුළුවන් 
Ich wohene in kotugoda, wo wohnen sie ?
ඉෂ්  වොනර් ඉන් කොටුගොඩ, වෝ වොනන් සි?    
Ich wohnene in kotugoda.


අදට ප්‍රශ්න අහන්න ඉගෙන ගත්තා  ඇති නේද? දැන් අපි සුබ පතන හැටි ඉගෙන ගමු නේද?


6-11 Uhr          Guten Morgan!
                           ගුට්න් මෝර්ගන් !
                            සුබ උදෑසනක් !


11-17 Uhr         Guten Tag !
                             ගුට්න් ටාග් !
                             සුබ මධ්‍යහනක් !

17-23 Uhr          Guten Abend !
                              ගුට්න් ආබන් !
                              සුබ සැන්දෑවක් !

                              Gute Nacht !   
                              ගුට නාහ්ට් !
                              සුබ රාත්‍රියක් ! 


මේ පාඩම දෙන්න පරක්කු උනාට සමාවෙන්න අපේ විබාග මේ මාසේ පටන් ගන්නවා ඒක නිසා ටිකක් කාර්යය බහුලයි.... ආයේ ළඟදීම හම්බෙමු ...

Auf wiedersehn!

11 comments:

  1. Boz wade nam hodai ath meke font eka kiyawanna amarui...tikak wenas kaloth hodai wage

    ReplyDelete
    Replies
    1. හරි මම වෙනස් කරන්නම් සහෝ....

      Delete
  2. මචන් ෆ්‍රෙන්ච් කියල දෙන්න පුලුවන්ද... ජර්මන් වගේම ෆ්‍රෙන්ච් ෆට්ට වැදගත්...

    ReplyDelete
    Replies
    1. සහෝ මම තාම ෆ්‍රෙන්ච් ඉගෙන ගන්න පටන් ගත්තේ නෑ ...

      Delete
  3. අපිටත් අර මචන් ෆිල්ම් එකේ වගේ ජර්මන් පනින්න බැරිය....ජර්මන් ඉගෙනගෙන.... :D :D

    ReplyDelete
    Replies
    1. ඒවා කියන්නබෑ ......... හික්ස් ......

      Delete
  4. ඔ අයියගෙ බිලොග් එකට මත් ආව හොදෙ මොක උනත් හොද බිලොග් එකක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහෝ ..............

      Delete
  5. මචන් මම පොඩි වැරදීමක් දැක්ක . මචන් ඔතන ඉච් කියල නොවෙයි ශබ්ධ කරන්න. ඉෂ් කියල.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මම දැන්ම නිවරැදි කරන්නම්.......

      Delete
  6. Danke für deine Mühe!Grüß aus Frankfurt
    Ven.Punnaratana

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.