Thursday, August 7, 2014

අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදී සුගතිය කරා

ගොඩක් කාලෙකින් ආයෙත් මම පොතක් අරගෙන ආවා ඔගොල්ලන්ට මේක එසේ මෙසේ පොතක් නම් නෙමේ ඕන් අපේ බෞද්ධ යාලුවන්ට වගේම අනෙක් අයටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ පොත ලියලා තියෙන්නෙ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි විසින්. මේ පොත ඔබට දෙවියන් හා අමනුෂ්‍ය වර්ගයා වෙන් කොට හදුනා ගැනීමට මහත් රුකලක් වේවි.

මම මේ දවස්වල මගේ අවසන් විභාගය පැවැත්වෙන නිසා මගේ හොදම යහලුවෙක් නැවතී ඉන්න පන්සලක තමා නැවතිලා ඉන්නේ. ඒ ඔබ සමහරවිට දන්නවත් ඇති බේස්ලයින් පාරේ  ඤාණසීහාරාමය. ඒ පන්සලේ පොත් ගුලක තිබිලා තමා මට මේ පොත කියවන්න ලැබුනේ. පාඩම් කරන්න කම්මැලි වෙලාවක තමා මේ පොත කියෙව්වෙ. එක හුස්මට පොත කියවලා දැම්මා බිම තියන්න හිතුනෙ නෑ.

මම මෙච්චර කල් හොයපු ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා. ඔබත් තාමත් පූජා වට්ටි අරන් එක එක දෙවියන් පස්සෙන් යනවාද? එහෙනම් අනිවාර්යෙන්ම කියවන්න මේ පොත ඔබේ අදහස් වෙනස් වේවි.  මෙම පොතේ තැනක මෙම හිමිනම කියනවා

" සමහරු පුරුදු වෙලා ඉන්නවා තමන්ග් හතුරන්ගෙන් පළිගැනීම පිණිස දෙවියො ඉස්සරහට ගිහිල්ලා පාතාල මැරයන්ට කොන්ත්‍රාත් භාර දෙනවා වගේ දරුණු අපරාද වැඩ බාර දෙන්න"

මෙම හිමි නම මෙයට ප්‍රවේශය අරන් තියෙන්නෙ "දෙවියොයි මැරයොයි පැටලිලා" කියලා ඇත්තටම වටිනා අදහස් ටිකක් ප්‍රකාශ කරලා තියෙනවා දෙවියො කප්පම් ගනීද මිනිස්සුන්ගෙන් දෙවියන්ට වෙන වැඩ නැද්ද හිතන්න...

මෙම පොත ලියවෙන්නෙ එකම පොතේ කොටස් දෙකක් විදිහට පලවෙනි කොටසින් මෙම හිමිනම හදුන්වලා දීලා තියෙනවා දෙවියන් කියන්නෙ කවුද? දෙවියන්ගෙ සැබෑ කාර්‍යය භාරය කුමක්ද බුදුරජානන් වහන්සේ කොහොමද දෙවියන් හැදුන්වූයේ.. ඒ වගේම මොන සූත්‍ර වලද ඒවා දැක්වෙන්නේ කියලා.

දෙවෙනි පරිච්චේදයේ හදුන්වා තිබෙනවා අමනුෂ්‍යයන් කියන්නෙ කවුද? දේවාල වලට දෙවියන් ඇත්තටම වඩිනවාද? දෙවියෝ පූජා වට්ටිවල තිබෙන පුලුටු පලතුරු යුෂ උරා බීමට දිව්‍ය භෝජන දමා පැමිනෙනවාද යන කරුනු.

ඒ වගේම කියනවා මේ රටේ මිනිස්සු බොහෝමයක් අමනුෂ්‍ය ග්‍රහණයට අසුවෙලා දුක් විදිනවා කියලා දෙවියන් වදිනවා කියලා අමනුෂ්‍යයන්ට වදිනවා කියලා ඒකෙ ඇත්තක් තියෙනවා කියලා තේරෙයි ඔබත් මේ පොත කියවලා බැලුවොත්. ඔබ අනිවාර්යෙන්ම මේ පොත අරන් කියවන්න.

මෙය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මහමෙව්නා සදහම් ප්‍රකාශකයෝ මිල සදහන් වෙලා තියෙන්නේ රුපියල් 90 ක් ලෙස. කාටත් පහසු ගානක් ඔය බොරු වැඩ වලට වියදම් කරන පුංචි රුපියල් 100 කින් 90 ක් දීලා මේ පොත ගන්න. ඊටත් මේ පොත අලෙවි කරලා ලැබෙන මුදල් මහමෙව්නාවේ භික්ෂු ගිලන් අරමුදලට බැරකරනවා කියලා මෙම පොතේ සදහන් වෙලා තිබෙනවා. හැකිනම් මිලදී ගන්න ඉතාමත් වටිනවා. ඔබේ දෙවියන් සහ අමනුෂ්‍ය වර්ගයා පිලිබද තිබෙන ආකල්ප වෙනස් කරාවි. මම ලිපිනයයි දුරකථන අංකයයි සදහන් කරන්නම් ඔවුන්ට කතා කරලා .

මහමෙව්නා සදහම් ප්‍රකාශන 
මහමෙව්නා භාවනා අසපුව 
වඩුවාව, යටිගලොලුව 
දුර/ෆැක්ස් 037-037-2244602 
ඊ මේල්  asapuwa1@sltnet.lk 
වෙබ් : 
www.mahamevna.org
www.littlelotus.org
www.meditationsl.org


10 comments:

  1. හ්ම්ම් කියවන්න පොතක් ගැන ඔත්තුවක් දුන්නට ස්තුතියි..සැහෙන කාලේකින් නේ ???

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝදර මේ දවස්වල අපේ අවසාන විභාගෙ තියෙනවා ඉතින් මාසයක් එකහමාරක් තිස්සෙ ඒකට වැඩ බ්ලොග් එකක් නිකන් කියවන්නවත් වෙලාවක් .. තවත් සතියක් තියෙනවා බැරිම තැන තමා ආවේ

      Delete
  2. සාමාන්‍යන් මේ වගේ මාතෘකා වල පොත් නම් කියවනවා අඩුයි.. බලමුකෝ..

    ReplyDelete
    Replies
    1. බලන්න දිනේශ් ඉතා හොද පොතක්

      Delete
  3. ලංකාවෙ භික්ෂු ශාසනයක් කියල දෙයක් තියෙනවානම් ඒ මහමෙව්නාවෙ විතරයි.

    ReplyDelete
    Replies
    1. තුක් ඉතරක්...
      සල්ලි අදින ගුහාවක්

      Delete
    2. ඒ උනත් මහේෂ්, මං මහමෙව්නාව ගැන දන්නෙ කුඹල්වෙල අසපුවෙන්. ඔය කියන තත්වෙ එහේනම් නෑ.

      Delete
    3. මම නම් ඒ හැටිම දන්නෑ ඔය මහමෙව්නාව ගැන

      Delete
  4. මුදල් මහමෙව්නාවේ භික්ෂු ගිලන් අරමුදලට ////
    ඔව් ඔව් මහමෙව්නාවට යන හැම එකාම මනසින් ගිලන් වුණ වුන්...

    නාට්ටෙ මා එක්ක අමනාප වෙයි...
    ඒත් අපි මහමෙව්නාවට මුල් කාලෙම ගිය අය...
    කට්ටිය ඒකට විරුද්ධව බැනර් පොස්ටර් ගහන කාලෙ... ඒකට ගල් ගහන කාලෙ...
    ඒ දවස්වල උන්නාන්නෙගෙ තිබ්බ ප්‍රතිපත්ති දැන් නෑ...
    එතන තියෙන්නෙත් සංකර ප්‍රදර්ශන බුදධාගම...

    ReplyDelete
    Replies
    1. එහෙම අමනාපයක් නෑ මහේෂ් මම අත්තටම එච්චර දන්නෑ මහමෙව්නාව ගැන ඒත් මේ පොතනම් වටිනවා

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.