Showing posts with label අපි. Show all posts
Showing posts with label අපි. Show all posts

Wednesday, February 2, 2011

රන් සළු 2010

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අපේ සෙට් එකට ලබුන වැඩක් මොකක්ද දන්නවද, අපේ සර් හදිස්සියෙම අපිට කතා කරල කිව්ව AG ඔෆිස් එකට එන්න කියලා. ඔන්න ඉතින් අපි කට්ටියටත් සර්ව හම්බෙන්නේ හුග කාලෙකින්නේ ඉතින් අපිත් ඔක්කොම දත කට එහෙම මැද ගෙන ගියා කියමුකො මෙන්න සර් කියනවා ඔගොල්ලන්ට ජාතික කර්තව්‍යක් බාර දෙන්න තියෙනව කියලා.අපි ඔක්කොම ඩිම් උනා මොකක්ද මේ කියලා බැලින්නම් පේෂ කර්ම අමාත්‍යන්සේ ප්‍රදර්ශනේ නාට්‍යයක් කරන්න අපිට බාර දීලා. හම්මා අපිට ගිය සතුට වැඩක් හම්බුනෙත් හුග කාලෙකින්නේ ඉතින් අපි සර්ට කිව්වා කරමු කියලා. ඔන්න වැඩෙත් පටන් අරන් පුහුනුවීම් පටන් ගන්නකොට අපේ කට්ටියට වැඩ එන්න හැටියක් නෑ සර්ත් හොදටම කල්පනා කරනවා හප්පා ඒ වෙලාවෙ ඔන්න දෙවියෙක් වගෙ රුමේෂ් අයියා එයා ගෙ ගෝලයායො ටික එක්කන් ආවා. හප්පේ අපේ කස්ටියයි රු ගේ ගොලයො ටිකයි නියෙමෙට වැඩේ දුන්නා. අපිට තිබුනෙත් සති දෙකක් වගේ කාලයක් කට්ටියම කිව්වනේ හොදයි කියල. ඒත් ඉතින් එකම එක ප්‍රශ්නයයි උනේ මේක ජාතික ප්‍රදර්ශනයක් වෙලත් අපි ගැන එක මාධ්‍යකවත් කිව්වෙ නැති එක තමා දුක.අපි දවස් තුනම මෙක කොරානේ ඔගොල්ලොත් දැක්කද දන්නෑ. හැබැයි ඉතින් ඔන්න සැටලයිට් TV  චැනල් එකකින්නම් අපේ සීයත් එක්ක කතා කරලා තිබුනා. කොහොම හරි කමක්නෑ අපේ වැඩේ ලස්සනට උනා. අපිට ඒකට බොහොම සතුටුයි. ඔන්න එහෙනම් එකෙන් ගත්තු පින්තුර ටිකක් මම ඔයාලටත් බලා ගන්න එක්ක දාන්නම්කෝ.