Showing posts with label සංකල්පනා. Show all posts
Showing posts with label සංකල්පනා. Show all posts

Tuesday, November 20, 2018

'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද


සදාර බණ්ඩාරයන්ගේ පොඩ්ඩියේ' ගීතය මේ මෑතකදී ශ්‍රවණය කිරීමට ලැබුනි. මින් පෙර කිසිම දිනක මා හට නොලැබුණු අමුතුම ආශ්වාදයක් මා වෙතට ගෙන ඒමට එම ගීතයට හැකිවුනායැයි කීමට මා ලැජ්ජානොවෙමි. මාගේ නහර ඉලිප්පී ඇගේ හිරිගඩු පිපෙන තරම් රසයක් ඔහු ගෙන ආවේ කෙසේදැයි සිතා ගැනීමට නොහැකිව හතර පස් වතාවක්ම මම එම ගීතය ශ්‍රවණය කලෙමි. ඒ ගීතයට අමතරව ඔහුගෙ අනෙකුත් ගීතද මා ශ්‍රවණය කලේ ඒ රහස සොයා ගැනීමට තිබූ උනන්දුව නිසාමය. ඒ රහස සැගවී තිබුනේ ඔහුගේ හඩ එම ගීතයේ අනුභූතියට අනුව වෙනස් කර ගැනීමයැයි මා හට හැගුනි.  ඒ මන්දයත් ඔහුගේ ' නාට්ටාමි' ගීතයේ තිබුනේ නාට්ටමියෙකුගේ හඩය ඔහුගේ ' ඒත් අපි එක පන්තියේ ' ගීතයෙ තිබුනේ සෙබෙලෙකුගෙ හඩය. ඒ මට හැගෙන අන්දමදයි මට නොවැටහේ. ඔබට වෙනම අදහසක් තිබිය හැකිය. අද නාට්‍යය කාරයා කතා කරන්න කල්පනා කරේ මේ සදාර බණ්ඩාරයන්ගේ ' පොඩ්ඩියේ' ගීතය මගින් නාට්‍ය කාරයාට දැනුනු දේ සහ ඔහුගේ රසිකයන් එම ගීතය ගැන පල කර තිබූ විචාර කිහිපයක් ගැනයි.

මේ ගීතය මෙතරම් සුන්දර වුයේ සදාර බණ්ඩාරයන්ගේ හඩ නිසාම පමනක් නොවන බව ද අප අවංකව පිලිගත යුතු වෙමු. මන්ද යත් මෙහි පද රචනාව 2015 වසරේ රාජ්‍ය සම්මාන ලැබූ පොතක් වන " යන්නං චන්දරේ " කාව්‍ය සංග්‍රහය රචනා කල  ටිම්රාන් කීර්ති ගේ වීමත් විශේෂ වේ. ටිම්රාන් කීර්ති මෙහි වචන හැසිරවීම කිසි බයක් නොමැතිව රැඩිකල් අන්දමින් සිදු කර ඇත. එය  නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම" වැනි වචන හරබයන්ගෙන් මොනවට පිලිබිගු වේ. මේ රැඩිකල් බවම පපුව පසාරු කරගෙන ඇග හිරිවට්ටමින් අපේ භාෂාවෙන් කියනවානම් බොක්කටම වැදීමට හේතූ වී ඇතැයි මා හට හැගේ.

එමෙන්ම සදාරයන් බාවිතා කරන සංගීතයද ඉතාමත් සිත්ගන්නා සුලු මෙන්ම ඒ සංගීතය පපුවතුලටම කිදා බැසීමට තරම් ප්‍රබලය ඒ ඒ අනුභූතියට අදාල සංගීතය ඔහු මැනවින් භාවිතා කර තිබීමද මෙහිදී ප්‍රබල සාධකයක් වී ඇත්තේමය. එමෙන්ම තවත් මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද පැදි පෙලක් වීමද විශේෂ වේ. මෙය සදාරයන් ගේ වචනයෙන්ම කියනවානම් මොඩර්න් මව් ගුන ගීතයකි. ගීත විචාරීම සදහා නාට්‍යයකාරයා පොරක් හෝ දැනමුත්තෙක් නොවන නිසා දැනමුත්තන් කරන ලද විචාරයක් මෙහි උපුටා දක්වන්නෙමි. මෙම පහල විචාරය යූටියුබ් තුල පලවූ කමෙන්ටුවකින් උපුටා ගත්තක් බව සලකන්න. එහි අයිතිය සම්පූර්ණයෙන් ම රචකයා සතු බව ද සලකන මෙන් කරුණාවෙන් සලකන්න. ඔහුව සොයාගැනීමට නොහැකි වූ නිසාවෙන් ඔහුගේ අවසරයක් නොමැතිව පලකරන ලදි. අවශ්‍යඔනෑම වෙලාවක කතෘගේ ඉල්ලීමෙන් ඉවත් කිරීමට බැදී සිටිමි.

Sunday, September 27, 2015

රාවණා මෙහෙයුම - 2 සාර්ථකද ?







සුසිත් රුවන් තම සිව්වන දරු සූතිය ඉතා සන්‍යමයෙන් යුක්තව සිදුකර තිබේ. තම කුලුදුල් දරුවාගේ සිට මේ ආ ගමන් මාර්ගය ඉතා සිත් ඇදගන්නා සුලුය. විවිද කතා තේමාවන් ඔස්සේ අප රැගෙන ගිය ඔහු ඒ සියල්ලම වෙනමම ආරකට රචනා කිරීමට යුහුසුලු විය. රාවනා මෙහෙයුම ඔහුගේ කුලුදුල් දරුවා මෙන්ම ගවේෂණාත්මක නවකතා කරනයට අලුත් අරුතක්ද එක් කල රචනාවක් විය. එමෙන්ම ඔහුගේ දෙවන රචනාව වූ ඒ ඔහු නොවේ කෘතිය වෙනමම කතා ශෛලියක් අනුගමනය කරන්නක් විය. එම කෘතිය කියවන්නාට අත්දැකීමට ලැබෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක් නරබන අත්දැකීමයි . ඔහුගේ තෙවැනි කෘතිය වූ මාරායණය තවත් නවමු අත්දැකීමක් එකතු කරන්නක් විය. මිනිසාගේ මනෝභාවයන් පිලිබද ඉතාම ගැබුරට කතිකාවතක් ගෙනයන මාරායනය මිනිස් සිතක ඇතිවන චෛතසිකයන් පිලිබදව මනා විග්‍රහයක් ගෙනහැර දක්වයි. සමාජයේ සිටින මාරයන් හා ඔවුන්ගේ එම වෙනසට හේතුවන සාධකද ගෙනහැර දක්වයි.

Monday, March 10, 2014

මාධ්‍ය අත නොතැබූ අතිවිශාල හිස් ඉඩ නාට්‍යකාරයා මාධ්‍යවේදීන් සමග කතිකාවත


මා ගිය සතියේ වඩාත් කාර්‍යය බහුල වූයේ මගේ මිත්‍රයෙකුගේ ඉල්ලීම පරිදි  CSN නාලිකාවේ සිංහ රේඩියෝ නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වලට මුලු සතියම යෙදවූ නිසායි. එහි ඉතාමත් රසවත් කතා රාසියක් නාට්‍යකාරයාට ඔබ හමුවේ තැබීමට ඇත නමුත් ඉන් අප මදුවිත තොලගාන අවස්තාවක කතාවූ එක් කරුනක් ඔබ හමුවේ ප්‍රථමයෙන් ගෙන ඒමට කල්පනා කලේ මෙය කාලීන මාධ්‍ය ස්පර්ශ නොකල යම් පැතිකඩක් පිලිබදව කතාවූ බැවිනි.
මෙම කතාව ඇතිවූයේ අපගේ ගමනේ තෙවැනි දිනයේදීයි අප ගාල්ල මාතර පසුකරමින් තෙවැනි දින පැමිනියේ ඇබිලිපිටිය නගරයටයි. උදේ සිට එහි ප්‍රවර්ධන කටයුතු කල පසු ලක්මාල් අයියා එනම් අපව මෙම කාර්‍ය සදහා මහෙයවූ පුද්ගලයා පැවසූයේ හවසට අපේ රිපෝටර් කෙනෙක් ඉන්නවා එයාව හම්බෙන්න යමු මටත් මීට කලින් මූනට හම්බෙලා නැතැයි කියාය. අප සියලු වැඩ අවසන් කර පියමන් කලේ ඔහුගේ සොදුරු නිවස්නය වෙතයි. ඔහු නමින් සතිස්චන්ද්‍ර නම් විය. එම ප්‍රදේශයේ නාලිකා කිහිපයහම වාර්තාකරුවා වූයේ ඔහුයි. අපව උනුසුම්ව පිලිගත් ඔහු අපට ඇග පත පිරිසිදුකර  නා ගැනීමට පහසුකම් මුලින්ම සැපයුවේය. ඉන්පසු අපට සංග්‍රහ කර මදුවිතින් අප හට සංග්‍රහයක් සූදානම් කලේය එම මදුවිත සාදය ඉතා සොදුරු නිමේශයක් විය අපගේ දවසේ මාතෘකාව වූයේ ගුවන්විදුලිනාලිකා වල වර්තමාන තත්වය හා මෙතෙක් මාධ්‍යනාලිකා නොඇල්ලූ අති විශාල හිස් ඉඩයි.
ඒ වෙන කිසිවක් නොව මම මේ කතාව කිව්වම ඔබත් තේරුම් ගනීවි ලක්මාල අයියා පැවසුවේ තම දියනියට හොද කාබයිට් නොගැසූ ගස්ලබු ගෙඩියක් මිලදී ගැනීමට ඔහු විදින දුකයි. කොලබ වටේ කෙතරම් රවුම් ගැහුවත් තමන්ට සොයාගත නොහැකි බව ඔහු පැවසුවේය. අන්න ඒ මොහොතේ සතිස්චන්ද්‍ර මහතා කීවේ ඕක තමා මගේ මාතෘකාව කියායි. එනම් ජනයා විශාල පීඩාවකට පත් වී සිටින්නේ මේ වස විෂ සහිත ආහාර නිසා වගේම ගොවි තැනේදී බවිතා කරන රසායනික ද්‍රව්‍ය බෙහෙත් තෙල් නිසයි. ඔහු පවසන පරිදී රටේ ඉන්නා සම්පත් එකතු කර රසායනික පොහොර වලින් තොරව වගා කරන ආකාරය එම වගා ක්‍රම මෙන්ම රසායනික පොහොර බෙහෙත් බාවිතා නොකල එලවලු පලතුරු හදුනා ගන්නා විදි මෙන්ම ඒවා ලබා ගත හැකි ආකාරය පිලිබදව කිනම් හෝ නාලිකාවකට වැඩසටහනක් කිරීමට විශාල ඉඩක් ඉතුරු වී තිබෙන බවයි. රටේ සියලු ජනය මේ පිලිබද දැනුවත් වීමට කැමැත්තෙන් සිටින බවත් ගොවිමහතුන්ගෙන් 100% වාගේම මෙම වැඩසටහන කලහොත් එයට ඇහුන්කන් දෙන බවත් පවසා සිටියේය. නමුත් ඉන් පසුව අපට පැමිනි ගැටලුවනම් දැන් තිබෙන රැල්ලත් සමග මෙයට අනුග්‍රාහක මහතුන් ලබාගන්නේ කෙසේද යන්නයි මන්ද මෙවන් වැඩසටහනකට පොහොර වර්ග කෘසිරසායනික වර්ග අනුග්‍රාහය ලබාගත හැකි නොවේ එසේ ලබා ගත හොත් වැඩසටහනින් වැඩකුදු නැත. අපට මේ ගැන සුකුවෙන් හෝ කතාකරන වැඩසටහන් ගැන මතක් වී සිනා පහලවුයේ ඒවායේ අනුග්‍රාහක මහතුන් මතක් වීය.
නමුත් අප අතරින්ම එයටද පොඩි පිලිතුරක් ලැබුනි එනම් අතීතයේ ඔබටත් මතක අති කිබුලා උදැල්ල වැනි වෙලද දැන්වීම් යනවා. අපට ට්‍රැක්ටර් උදලු ආදී කෘෂි උපකරන වලින් අනුග්‍රාහය ලබා ගත හැක ඒ අපේ මතයයි. මේ තමා අපේ එදා කතාවෙ හරය. තවත් විවිද දේ කතා උනා නමුත් මගේ හිතට තදව කාවැදුනේ මෙයයි.
නාට්‍යකාරයාගේද ටිකිරි මොලයට වැටහෙන පරිදි ද මේ අදහස ඉතා වටනා අදහසකි. අප කී දෙනෙක් මේ තාක්ෂණික දැනුම ලබා ගැනීමට බලා සිටිනවාද. වස විස නැති අහාර ලබා ගැනීමට කැමැත්තෙන් සිටිනවාද ඉතින් එහෙම වැඩසටහනක් පටන් ගත්තොත් ගුවන් කාලය අපතේ යාවිද පිලිතුර ඔබට් බාරයි..