Showing posts with label ළමා නාට්‍ය උළෙල. Show all posts
Showing posts with label ළමා නාට්‍ය උළෙල. Show all posts

Wednesday, September 21, 2011

ළමා නාට්‍ය උළෙල 2011

                                 



     ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් අවා මේ පැත්තේ.පහුගිය දවස කීපය බොහෝ කාර්යය බහුල වූ නිසාවෙන් නාට්‍ය කාරයට නාට්‍යයත් අමතක වූ සෙයකි. කෙසේ වූවත් කොපමණ වැඩ තිබුනද නාට්‍ය කාරයට වේදිකා නාට්‍යයක් තිබෙනවයි ආරංචි වූ විගස සියලු වැඩ අතහැර දමා එය බැලීමට යන සිරිතක් තිබේ. පසුගියදාද නාට්‍යකාරයට එවන් අවස්ථාවකට මුහුණ දීමට සිදුවිය. මෙමෙ දින කිහිපයේ උපාධි පාඨමාලාවේ වැඩ කටයුතු නිසා කාර්යය බහුල වූ නාට්‍යකරයට ඊයේ උදයේ කුකුළත් අතින් අරගෙනම රුමේෂ් අයියා කතා කෙරුවාය ඒ වෙන කිසිවකටත් නොවේ ඔහු කිවේ "මල්ලි අද ලමානාට්‍ය උළෙලේ දෙවෙනි වටේ අන්තිම දවස යමුද?" නාට්‍යකරයා කිවේ ගත් කටටම හා කියාය.
                                      ඔන්න ඉතින් නාට්‍යකාරයත් දත කට මැදගෙන උදේ පාන්දර  හවස 1.30 ට කෝච්චියට නැග ගත්තේය. අවාසනාවක මහත උළෙලේ ආරම්බය හවස 5 ට. කෙසේ වෙතත්  හවස 3.30 වෙද්දී අප ජෝන්ද සිල්වා රගහල අසලය.වාසනාවට විහාරමහා දෙවි උද්‍යානය ද  ඒ අසලය. කාලය කාදමා වෙලාවට ටිකක් කලින් රග හල වෙත පියමනු අප දන්නා අදුරන අය සමගද කතාකොට නාට්‍ය නැරබීමට ඉදගතිමු. නිදන කතාවනම් මෙතැනින නිමා කරමි ඒ මන්ද මිට වඩා කීමට බොහෝ දේ ඇති හෙයිනි.
                                     මෙවර රාජ්‍ය ලමනාට්‍ය උළෙල වඩාත් සුවිශේෂී උළෙලක් බවට පත්වී තිබේ මන්ද යත් දශක තුනක යුද්ධයක නිමාවකින් පසුව සිංහල දෙමල යන භාෂා දෙකටම සම තැන ලැබෙමින් තිබේ එය අප සතුටු විය යුතු කාරණයකි.  මෙය නාට්‍ය උළෙලට වැදගත් වන්නේ මෙවර නාට්‍ය උළෙල සිංහල ,දෙමල ,ඉංග්‍රීසි යන සියලු භාෂා වලට අවස්ථාවක් දී තිබීමයි. එනම් මෙවර භාෂා තුනෙන්ම නාට්‍ය ඉදිරිපත් කර තිබුනේය. මෙය අප පැසසිය යුතු කර්තවයකි.ඉදිරියටත් මෙය එසේම පවතිවා යි යයි අපි ප්‍රර්ථනා කරමු. අපගේ අවාසනාවට අපහට දමිල නාට්‍යයක් නම්  නැරබීමට නොහැකි විය ඒ මන්දයත් පෙර දිනයේදී දමිල නාට්‍ය රග දක්වා තිබීමයි. නමුත් ඉංග්‍රීසි නාට්‍යයක් නැරබිමටනම්  අපට වාසනාව හිමි විය. නමුත් එය වාසනාවද අවාසනාවද නොදනී එය ඉදිරිපත් කර තිබුනේ නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකිනි එහි නම "Pride and  prejudice" ය මා හට මෙන්ම ඔබටද සිහියට නැගෙන Jane Austen නම් කෘතහස්ත ලේකකයා විසින් ලියන ලද ඒ කතාව  ළමා නාට්‍යකට වටිදැයි ඔබටම හැගෙනවා ඇත. ඒ මන්ද යත් එය ලිය වී ඇත්තේ ආදරයත් උඩගු කමත් වටාය . එයට ළමා නාට්‍යයක් යයි කිවහොත් එය විහිළුවකි. ළමයින් රගපෑ පමණින් එය ළමා නාට්‍යයක් නොවේ. අප තරගය වෙත නාට්‍යයක් ඉදිරිපත් කිරිමෙදිනම් නීතිමලාවක් තිබුණි. ඒ සියල්ල පැත්තකින් තබා එය දෙවෙනි වටය ආවේ කෙසේද කියා බැලුවත් එය ප්‍රශ්නයකි.
                                                   

Monday, January 3, 2011

2000 සිට 2004 දක්වා ඉදිරිපත් වූ ප්‍රශස්ත මට්ටමේ නාට්‍යය

ඔන්න ඉතින් හුග කාලෙකින් මෙ පැත්තෙ ගොඩ වෙන්න හම්බුනා. මෙ මාසෙනම් මහ එපා කරපු මාසයක් වැඩ වැඩ ඉවරයක් නෑ. ඉතින් ඔන්න පොරොන්දු උන විදියටම ඉතුරු ටිකත් අද දානවා.පොඩි දුකකට තියෙන්නෙ මේවා දැම්මට තාම එක ප්‍රතිචාරයක් වත් නැති එක තමා කමක් නෑ ඉතින් කරන්න ගත්තු වැඩේ කරන්නත් එපායැ ඔන්න එහෙනම්

2000 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය

සීමිත

ප්‍රථම      -  "ඔරුව" තිලකා ජයසිංහ (ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමය බාලිකා විද්‍යාලය)
දෙවන    - "ඉර මාමා හැංගිලා" කේ.ඒ. අමිල ඉන්දික ( හොරණ තක්ෂිලා ම.ම.විද්‍යාලය)
තෙ  - "සිඟිති හටන" ජාලිය රාජපක්ෂ (කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය)

"හංසයෝ" ඒ.එච්.එම්.මිථිලා කුමාරි (කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය)
"කම්මැලියා ගොන් අලියා" ජි.ඒ.සමන් පුෂ්ප කුමාර (මැදවච්චිය ​​​​​​මෛත්‍රිපාල සේනානායක ජාතික පාසල)
"ඉරිදා සෙල්ලම" වසන්ත ඥාණප්‍රිය (කොළඹ තර්ස්ටන් විද්‍යාලය)
"මල් පිපෙන ලොවක්" රාජා සේනානායක (හාලි ඇල ජාතික පාසල)
"පුංචි අපිට හිනා හිනා" ඩබ්.එම්.චන්ද්‍රපාල (මැදගම ජාතික පාසල)
"පැණි නම් මට එපෝ එපෝ" අමිතා රබ්බිඩිගල (මහ නුවර කිංස්වුඩ් විද්‍යාලය)


Thursday, December 9, 2010

1997 සිට 1999 දක්වා ඉදිරිපත් වූ ප්‍රශස්ත මට්ටමේ නාට්‍යය

 1997 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය

සීමිත

ප්‍රථම      -  "සරණාගත" අමිතා අබ්බිඩිගල (මහනුවර කිංස්වුඩ් විද්‍යාලය)
දෙවන    - "නුඹ වෙනුවෙන් මල් පිපේවි" පාලිත ලොකුපෝතාගම ( ගිරිඋල්ල වික්‍රමශිලා ම.ම විද්‍යාලය)
තෙ   - "ගිවිසුම" එස්.ඩබ්.සී.ලුම්බිණි (මහනුවර ම.ම.විද්‍යාලය)

"පොල්කිචි පැංචි" ඩී.එම්.චන්ද්‍රලතා (කෑගල්ල පින්නවල ම.ම.විද්‍යාලය)
"කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නෙ" සුධර්මා රණසිංහ (හෝමාගම ජනාධිපති විද්‍යාලය)
"පාලු ලොවක තනි වෙතේ" සුහාරා ජලීල් (බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලය)
"තණකොළ පෙත්තෝ" බන්දුල සරත් වඩුතන්ත්‍රි (සීදුව දවිසමර මහා විද්‍යාලය)
"බෝනික්කා" ප්‍රියන්ත රත්නායක (රත්නපුර සුමන බාලිකා විද්‍යාලය)
"සැරිසරුවෝ" ඩී.කුමාරගේ (කළුතර බෝම්බුවල මහා විද්‍යාලය)
"හිතමිතුරෝ" සමුද්‍රි චන්ද්‍රිකා (අම්බලන්ගොඩ ධර්මාලෝක විද්‍යාලය)
"සීනුව" කේ.බී.දිසානායක (මහනුවර ස්වර්ණමාලී බාලිකා මහා විද්‍යාලය)
"අහළ පහළ" මේනකා ලක්මාලී (පොලොන්නරුව මැදිරිගිරිය ම.ම.විද්‍යාලය)
"ඔන්චිල්ලාව" ඩබ්.එම්.ච්න්ද්‍රපාල (බිබිල මැදගම මහා විද්‍යාලය)
"විලංගු" අමිත රබ්බිඩිගල (මහනුවර කිංස්වුඩ් විද්‍යාලය)

විවෘත

ප්‍රථම      - "දියෙන් ගෙනා ගිනි" හේමසිරි ප‍ර්ඩිනෑන්ඩු (මොරටුව) 
දෙවන    - "හිරුකුමරියි බඹර පුතයි" ජගත් මුතුකුමාරණ (පන්නිපිටිය)  
තෙ   - "කැසබියන්කා" ඩී.එම්.චන්ද්‍රලතා (පින්නවල)
"සිංහයානෝ" මිත්‍රරත්න කනත්තගේ (හබරකඩ)


1998 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය

Monday, December 6, 2010

Stage Drama: නූතන ළමා නාට්‍යය උළෙලේ විකාශය හා මෙතෙක් ඉදිපත් වූ ...

Stage Drama: නූතන ළමා නාට්‍යය උළෙලේ විකාශය හා මෙතෙක් ඉදිපත් වූ ...: "ළමා නාට්‍ය පිළිබඳ නූතන ප්‍රබෝධය ඇති වන්නේ 1996 වසරෙනි. සංස්කෘතික අමාත්‍යාංශයේ නාට්‍යය අනුමන්ණ්ඩලය මගින් ළමා නාට්‍යය සදහා වෙනම අනුමණ්ඩලයක් ස්..."