Showing posts with label රංගශාලා. Show all posts
Showing posts with label රංගශාලා. Show all posts

Friday, February 24, 2017

සිල් ගත් බිල්ලො ඔබ නැරබියම යුතුම රංගයක් වන්නෙ ඇයි?






ඔන්න නාට්‍යකාරයා මේ පාරත් ඉඩ ලැබුනු හැටියෙ ගියා රාජ්‍ය නාට්‍ය උළෙල බලන්න. මට බලන්න හම්බුනේ නම් නාට්‍ය දෙකක් විතරයි ඒ අතරින් මගේ හදවත සසල කරපු කාලීන රංගයක් තමා විජිත් නුවන් ගෙ සිල්ගත් බිල්ලො.  මොකද කියනවනම් වත්මන් දේශපාලනයයේ මුහුනුවර හා වත්මන් තරුන පරපුරේ කේදවාචකය මනාව ගෙනහැර දක්වන්න සමත් වෙලා තියෙනවා විජිත් නුවන් මේ තුලින්. අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ සිල්ගත් බිල්ලො කියන්නෙ කියලා.


විජිත් නුවන් කියන්නෙ නිකන්ම වේදිකාවට ආපු පුද්ගලයෙක් නෙවේ නාට්‍ය කලාව ගැන විශේෂයෙන්  හදාරපු පුද්ගලයෙක්. කැළනිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබද ශාස්ත්‍රවේදී විශේෂ උපාධියත් ඒ වගේම ශාෂ්ත්‍රපති උපාධියත් ලබා ගත් හෙතෙම දැන් රජයේ පාසලක ගුරුවරයෙක් ලෙස සේවයකරනවා. ඒ වගේම දිගු හා කෙටි නාට්‍ය ගනනාවකට රංගනයෙන් දායක වී ඇති හෙතෙම ඉතා දක්ෂ රංගාලෝක හා පසුතල නිර්මාන ශිල්පියෙක්. ඔහු "ජනේලයෙන් පනින්නද" නාට්‍ය වෙනුවෙන් 2011 රාජය නාට්‍ය උළලෙන් හොදම වේදිකා පරිපාලනයට හිමි සම්මානයද දිනාගනු ලැබුවා. කෙසේ වෙතත් " සිල් ගත් බිල්ලෝ" කියන්නෙ විජිත් නුවන්ගෙ කුලුදුල් දිගු නාට්‍ය රචනය හා අධ්‍යෂනය. මගේ රසඥතාව අනුව ඉතාම ප්‍රසස්ථ ගනයේ නිර්මානයක් තමා සිල්ගත් බිල්ලො කියන්නෙ.

Tuesday, February 21, 2017

2017 රාජය නාට්‍ය උළෙල





ඔන්න නාට්‍යකාරයාට මේ ගැන කලින් කියන්න බැරිඋනාට සමාවෙන්න ඔනේ. මොකද මේ ටිකේ තිබුන වැඩත් එක්ක මට ඔගොල්ලන්ට මේ රහ ඔත්තුව දෙන්න බැරුව ගියා. මෙවරත් රාජ්‍ය නාට්‍ය උළෙල මේ දිනවල මරදාන ටවර් රගහලේ  පැවැත්වෙනවා. නාට්‍ය උළෙල ආරම්බ උනේ නම් පෙබරවාරි 15 වෙනිදා දැනට දිගු නාට්‍ය 6ක් ප්‍රදර්ශනය කර අවසන්. දනට ප්‍රදර්ශනයට ඉතිරිව ඇත්තේ දිගු නාට්‍ය 4ක් හා කෙටි නාට්‍ය 14ක් පමනයි. ඉතින් තාමත් ප්‍රමාද නෑ අදම යන්න සවස 6.30 ට තමා පටන් ගන්නෙ.

මෙන්න කාල සටහන

පෙබ. 15 - අනිල් කුමාර විජේසිංහ ගේ                  ආදරණීය වෙඩිල්ලක්
පෙබ. 16 - අඛිල සපුමල් ගේ                                 ගිරිකූඨ කාශ්‍යප
පෙබ. 17 - රාජිත දිසානායක ගේ                           නැතිව බැරි මිනිහෙක්
පෙබ. 18 - සමන් සොයිසා  ගේ                             මීඩියා
පෙබ. 19 - ලෙ.ප. සරත් රණතුංග ගේ                    මා ඝාතෝ
පෙබ. 20-  එස්.අයි. සමරක්කොඩි ගේ                   Love and Life
පෙබ. 21 - ප්‍රියංකර රත්නායක  ගේ                       ප්‍රේමවන්ත කුමාරයෝ
පෙබ. 22 - විජිත් නුවන්  ගේ                                  සිල්ගත් බිල්ලෝ
පෙබ. 23 - අනුර විතානච්චි ගේ                              මාර හොරු
පෙබ. 24-  එම්.සුරින් චාමර මෙන්ඩිස්. නිෂාදි පලන්සූරිය ගේ                                                                                                                                                        Mr.W හෙවත් අත්තනායකගේ අවසන් දවස්

අවසන් වටය සඳහා තේරී ඇති කෙටි නාට්‍යය

පෙබ.25
මතු වික්‍රමසිංහ ගේ “අධිශීතකරණය” , ඒ. ප්‍රසාන්ත් ගේ  “ආර්ත්තම්” , නිමේස් පතිරණ ගේ “ මිඩ්නයිට් ඩ්‍රීම්” , ඩබ්.විමල් පෙරේරා  ගේ “ එම්බාම්.” ,
පෙබ. 26
සමන්ත පරණලියනගේ ගේ “කිරි අම්මා අවතාරය” , එම්. කාලිදාස් ගේ “තෝලන්”, ප්‍රදීප් සම්පත් අරුගමගේ “ආණ්ඩුවේ රස්සාව”,
පෙබ. 27
සචිත්‍ර රාහුබද්ධ ගේ “ සිංහ සේයා” , ජේ.ඒ.ඩොමින් රෙජිනෝලඩ්  ගේ “තවිපින් තේඩාල්” , ආර්.සුදර්ශන ක්‍රිශාන්ත ගේ “ ස්වරණ භූමි”
පෙබ. 28
කේ.ඒ.ජී.ආනන්ද චන්ද්‍රකුමාර  ගේ “ ලද ලබ” , එස්.කර්තිකේසු ගේ “කලාරියන්දු කරුවාරෙයි” ,     දේවින්ද වික්‍රමසිංහ      ගේ “ මම අඩකුඹයි” ,  එම්.කේතීස්වරන් ගේ “මැජික් බොක්ස්”,

Sunday, August 14, 2011

එල්ෆින්ස්ටන් රඟහල වෙන්කිරීම

විශාල කිරීම සදහා පින්තුරය මත කොටන්න


 නාට්‍ය පුහුණු රංගාලෝකය රහිත-පස්වරු 
(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනට සතියකට කලින් පමණි)පස්වරු  1.00-5.00     -  රු.2,250.00 රු.750.00පැයකට රු.1000.00පැයකට  
  5.00-9.00    -  රු.2,250.00 රු.750.00පැයකටරු.1000.00පැයකට



  නාට්‍ය පුහුණු රංගාලෝකය සහිත-පස්වරු

(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනට සතියකට කලින් පමණි)පස්වරු  1.00-5.00    -      රු.9,600.00 රු.9,600.00  
 5.00-9.00    -      රු.9,900.00 රු.9,600.00

............................................................................................................................................................

        ඔන්න ඉතින් ආයෙත් පටන් ගන්නයි යන්නේ බ්ලොග් එක ... පසුගිය මාස කිහිපයේ අධ්‍යාපන වැඩකටයුතු හේතුවෙන් බ්ලොග් ලිවිම තාවකාලිකව නවත්වන්නට සිදු වුවත් නැවතත් බ්ලොගය වෙත අලුත් පණක් දී කරගෙන යාමට අපේක්ෂාවෙන් සිටිමි. ඒ සදහා ඔබ සියලු දෙනාගේ සහය පතන මම Stage Drama