Showing posts with label නාට්‍ය කලාව. Show all posts
Showing posts with label නාට්‍ය කලාව. Show all posts

Friday, February 24, 2017

සිල් ගත් බිල්ලො ඔබ නැරබියම යුතුම රංගයක් වන්නෙ ඇයි?






ඔන්න නාට්‍යකාරයා මේ පාරත් ඉඩ ලැබුනු හැටියෙ ගියා රාජ්‍ය නාට්‍ය උළෙල බලන්න. මට බලන්න හම්බුනේ නම් නාට්‍ය දෙකක් විතරයි ඒ අතරින් මගේ හදවත සසල කරපු කාලීන රංගයක් තමා විජිත් නුවන් ගෙ සිල්ගත් බිල්ලො.  මොකද කියනවනම් වත්මන් දේශපාලනයයේ මුහුනුවර හා වත්මන් තරුන පරපුරේ කේදවාචකය මනාව ගෙනහැර දක්වන්න සමත් වෙලා තියෙනවා විජිත් නුවන් මේ තුලින්. අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ සිල්ගත් බිල්ලො කියන්නෙ කියලා.


විජිත් නුවන් කියන්නෙ නිකන්ම වේදිකාවට ආපු පුද්ගලයෙක් නෙවේ නාට්‍ය කලාව ගැන විශේෂයෙන්  හදාරපු පුද්ගලයෙක්. කැළනිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබද ශාස්ත්‍රවේදී විශේෂ උපාධියත් ඒ වගේම ශාෂ්ත්‍රපති උපාධියත් ලබා ගත් හෙතෙම දැන් රජයේ පාසලක ගුරුවරයෙක් ලෙස සේවයකරනවා. ඒ වගේම දිගු හා කෙටි නාට්‍ය ගනනාවකට රංගනයෙන් දායක වී ඇති හෙතෙම ඉතා දක්ෂ රංගාලෝක හා පසුතල නිර්මාන ශිල්පියෙක්. ඔහු "ජනේලයෙන් පනින්නද" නාට්‍ය වෙනුවෙන් 2011 රාජය නාට්‍ය උළලෙන් හොදම වේදිකා පරිපාලනයට හිමි සම්මානයද දිනාගනු ලැබුවා. කෙසේ වෙතත් " සිල් ගත් බිල්ලෝ" කියන්නෙ විජිත් නුවන්ගෙ කුලුදුල් දිගු නාට්‍ය රචනය හා අධ්‍යෂනය. මගේ රසඥතාව අනුව ඉතාම ප්‍රසස්ථ ගනයේ නිර්මානයක් තමා සිල්ගත් බිල්ලො කියන්නෙ.

Tuesday, February 21, 2017

2017 රාජය නාට්‍ය උළෙල





ඔන්න නාට්‍යකාරයාට මේ ගැන කලින් කියන්න බැරිඋනාට සමාවෙන්න ඔනේ. මොකද මේ ටිකේ තිබුන වැඩත් එක්ක මට ඔගොල්ලන්ට මේ රහ ඔත්තුව දෙන්න බැරුව ගියා. මෙවරත් රාජ්‍ය නාට්‍ය උළෙල මේ දිනවල මරදාන ටවර් රගහලේ  පැවැත්වෙනවා. නාට්‍ය උළෙල ආරම්බ උනේ නම් පෙබරවාරි 15 වෙනිදා දැනට දිගු නාට්‍ය 6ක් ප්‍රදර්ශනය කර අවසන්. දනට ප්‍රදර්ශනයට ඉතිරිව ඇත්තේ දිගු නාට්‍ය 4ක් හා කෙටි නාට්‍ය 14ක් පමනයි. ඉතින් තාමත් ප්‍රමාද නෑ අදම යන්න සවස 6.30 ට තමා පටන් ගන්නෙ.

මෙන්න කාල සටහන

පෙබ. 15 - අනිල් කුමාර විජේසිංහ ගේ                  ආදරණීය වෙඩිල්ලක්
පෙබ. 16 - අඛිල සපුමල් ගේ                                 ගිරිකූඨ කාශ්‍යප
පෙබ. 17 - රාජිත දිසානායක ගේ                           නැතිව බැරි මිනිහෙක්
පෙබ. 18 - සමන් සොයිසා  ගේ                             මීඩියා
පෙබ. 19 - ලෙ.ප. සරත් රණතුංග ගේ                    මා ඝාතෝ
පෙබ. 20-  එස්.අයි. සමරක්කොඩි ගේ                   Love and Life
පෙබ. 21 - ප්‍රියංකර රත්නායක  ගේ                       ප්‍රේමවන්ත කුමාරයෝ
පෙබ. 22 - විජිත් නුවන්  ගේ                                  සිල්ගත් බිල්ලෝ
පෙබ. 23 - අනුර විතානච්චි ගේ                              මාර හොරු
පෙබ. 24-  එම්.සුරින් චාමර මෙන්ඩිස්. නිෂාදි පලන්සූරිය ගේ                                                                                                                                                        Mr.W හෙවත් අත්තනායකගේ අවසන් දවස්

අවසන් වටය සඳහා තේරී ඇති කෙටි නාට්‍යය

පෙබ.25
මතු වික්‍රමසිංහ ගේ “අධිශීතකරණය” , ඒ. ප්‍රසාන්ත් ගේ  “ආර්ත්තම්” , නිමේස් පතිරණ ගේ “ මිඩ්නයිට් ඩ්‍රීම්” , ඩබ්.විමල් පෙරේරා  ගේ “ එම්බාම්.” ,
පෙබ. 26
සමන්ත පරණලියනගේ ගේ “කිරි අම්මා අවතාරය” , එම්. කාලිදාස් ගේ “තෝලන්”, ප්‍රදීප් සම්පත් අරුගමගේ “ආණ්ඩුවේ රස්සාව”,
පෙබ. 27
සචිත්‍ර රාහුබද්ධ ගේ “ සිංහ සේයා” , ජේ.ඒ.ඩොමින් රෙජිනෝලඩ්  ගේ “තවිපින් තේඩාල්” , ආර්.සුදර්ශන ක්‍රිශාන්ත ගේ “ ස්වරණ භූමි”
පෙබ. 28
කේ.ඒ.ජී.ආනන්ද චන්ද්‍රකුමාර  ගේ “ ලද ලබ” , එස්.කර්තිකේසු ගේ “කලාරියන්දු කරුවාරෙයි” ,     දේවින්ද වික්‍රමසිංහ      ගේ “ මම අඩකුඹයි” ,  එම්.කේතීස්වරන් ගේ “මැජික් බොක්ස්”,

Saturday, April 5, 2014

රාජ්‍ය නාට්‍ය උලෙළ 2014 සම්මාන ලැබූවෝ


මේ සති කිහිපයම ඉතාම කාර්‍යබහුලව තමා ගෙවුනේ මේ පැත්තේ ඇවිල්ල යන්නවත් බ්ලොග් එකක් කියවන්නවත් කොමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් හම්බුනේ නෑ මොකද මගේ මිත්තනිය මියගියා ඒ කියන්නෙ අපේ අම්මගෙ අම්මගෙත් අම්මා අවුරුදු 104ක් ආයුෂ වලදලා තමා ඇය අපිව දාලා ගියේ. එම නිසා කාර්‍ය බහුල වුනා වගේම මගේ HND එකේ අන්තිම අවුරුද්ද තමා මේ ගෙවෙන්නේ ඉතින් මුත්තම්මගෙ මරනය නිසා පාඩු උන දේශන එහෙමත් නැවත නෝට්ස් හොයාගෙන බලා ගත්තා එකී මෙකී නොකී සියලු කාරනා අස්සේ මට මී මුරේ යන්නත් අවස්ථාවක් ලැබුනා එහි විස්තරත් ලගදීම දෙන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නෙ. ඉතින් මේ ලිපිය පල කරන්න කියලා සෙරන්ඩිප් ඔටුවත් ඉල්ලලා තිබුන නිසා ඔන්න අද ඕගොල්ලන්ට අරන් ආවා රාජ්‍ය නාට්‍ය උලෙළේ නිල ප්‍රතිපල.

රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2014 පසුගිය සිකුරාදා රාත්‍රියේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තමා පැවැත් උනේ. සමහර අයනම් කියනවා මේ නාට්‍ය උලෙළේ සාධාරන විනිශ්ශ්‍යක් කෙරුන්නෑ කියලා ඒක ඕගොල්ලන්ට බාරයි ඕන් එහෙනම් ප්‍රතිපල ටික.

Saturday, February 22, 2014

සෙල්ලම් නිරිදු බැලීමට ගියෙමි



හැමදාමත් අලුත් දෙයක් ඉතාමත් අලංකාර ලෙස ලබාදෙන ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේලා,ගුරුතරුව, තලමල පිපිලා වැනි ප්‍රශස්ත නාට්‍ය ගොන්නට එක්වන නවතම නිර්මාණයයි සෙල්ලම් නිරිදු අතීත කාමයක් ඇති සියලු දෙනාගේ නෙත් සිත් පිනවන අගනා සංස්කෘතික වියමනකි මෙය.
කාලයකින් වේදිකානාට්‍යක් රස විදීමට නොහැකි වීම නිසා ඊයේ නාට්‍යකාරයා රාජ්‍ය නාට්‍ය උලලේ නාට්‍යක් බැලීමට යාම සදහා උත්සක විය. ඊයේ දිනයේ වෙදිකා ගත වූ නිර්මානය වූයේ මෙමෙ සෙල්ලම් නිරිදු නට්‍යයි. මෙහි කතා රසයනම් කියලා වැඩක් නැත ඒ තරම් රසවත් ය මුලින්ම තිරය විවෘත වන අවස්තාවේ දන් ගෙඩිය වෙත මිනිසෙකු ගෙන යනු ලබන දර්ශනයක් පෙනේ කාන්තාවක් ශෝක කවක් ගායනා කරයි. එවිටම කවුද අපේ වීරයා දස්කොන්ව මරන්නේ කියා කලාකාමී පුද්ගලයෙකු වේදිකාවට එයි. ඒ ආරම්බ්හයයි කතාව දිව යන්නෙ ඉතිහාසඥයෙකු හා කලාකරුවෙකු නැතිනම් සාහිත්‍යධරයෙකු එක් වී නාඩගමක් නිර්මාණය කිරීම සම්බන්ධවයි එය සියලු අතීත කරුණු අතුලුව මනාව ගලා යයි.

Monday, February 10, 2014

රාජ්‍ය නාට්‍ය උලෙල 2014


මෙවරත් රාජ්‍ය නාට්‍ය උලෙල පෙබරවාරි මස 10 වන් දින සිට 28 වන දින දක්වා මරදාන ටවර්හෝල් හිදී  ප.ව 6.30 සිට පැවැත්වේ. මෙවර අවසන් වටය සදහා නටය 13ක් තේරී ඇති බව නාට්‍යකාරයාට දැනගන්නට ලැබුනි

පෙබ. 10 -    රංජිත් ධර්මකීර්ති ගේ            අංගාර ගඟ ගලා බසී
පෙබ. 11 -    රාජිත දිසානායක ගේ           ආදර වස්තුව
පෙබ. 12 -    ඩබ්.එස්.විජේසිංහ ගේ     ට්‍රේන් ඩ්‍රයිවර්
පෙබ.13 -    ඊ.එම්.ඩී. උපාලි ගේ          ඉඩමේ දී විකිණේ
පෙබ. 14 -    ආර්.එම්.යසරත්න ගේ        උත්තරීතර
පෙබ. 15 -    සේනක එදිරිසිංහ ගේ      බ්ලැකවුට්
පෙබ. 16 -    චාමික හත්ලහවත්ත ගේ    මකරට
පෙබ. 17 -    බුද්ධික දමයන්ත ගේ       වේ ගුවෙරා (මර‍‍ා දැමූ ජීවත්වන මිනිස‍ා)
පෙබ. 18 -    ප්‍රියංකර රත්නායක ගේ     විසේකාරියෝ
පෙබ. 19 -    අඛිල සපුමල්    ගේ        රාවණ ආදරයේ හුස්ම ලඟ
පෙබ. 20 -    උදයසිරි වික්‍රමරත්න ගේ    රගපෑම් ඉවරයි
පෙබ. 21 -    ජයලත් මනෝරත්න ගේ   සෙල්ලම් නිරිඳු
පෙබ. 22 -    පරාක්‍රම නිරිඇල්ල ගේ     හුණුවටයේ කථාව
පෙබ. 26 -    උපනන්ද වැලිකල ගේ     මුහාම් (ආරාධිත දමිල නාට්‍ය)
පෙබ. 28-     ඩග්ලස් සිරිවර්ධන ගේ     බෙර හඬ (ආරාධිත සිංහල නාට්‍ය)  
කෙටි නාට්‍ය උළෙල සඳහා කෙටි නාට්‍ය 15 ක්  ද අවසන් වටයට තේරී ඇත. 

පෙබ.23
කේ ජයසීලන් ගේ “කනවු” , කෝරළගේ සමන්  ගේ  “අජරාමර” , තනුජා විජේවික්‍රම ගේ “ අන්තිම තත්පරය” , බුද්ධික රෝෂාන් ගේ “ OT(අතිකාල).” , නේරංජන් චන්ද්‍රාදිත්‍ය ගේ “ ගැහැණු කවුරුද වරදෙ නොබැ‍ඳෙන”

පෙබ. 24
එම්.කතීස්වරන් ගේ “සවාපෙට්ටි” , රුවන් දේශප්‍රිය ගේ “දොර වහලා”, ජේ.එම්.ක්‍රිෂාන්ත ජයබාහු ගේ “ මම බහින් නෑ”,  ඩබ්.ඒ.සමන් චන්දන ගේ  “ සේසතයි කුමරියයි” , ඇන්ටනී ජයලත් ගේ “ සුධම්මාවතී” ,

පෙබ. 25
එස්. නිෂාන්තී ගේ “ නාන් ඩොට් ෆයින් ආර්ට්ස්” , උපුල් කිරිදෙන ගේ “හනිමූන්” , නිලංක නාමල් උඩුමුල්ලආරච්චි ගේ “ හීන සොයාගෙන” , එම්.ජේ. ඉන්දික ප්‍රසාත් ගේ “හැදුවේ අපිනේ”, ටී.එච්. තරංගා ප්‍රියදර්ශනී ගේ “ ෆෝ මැට්”

යන්න මෙම නාට්‍ය නරබා ඔබත් වින්දනයක් ලබා .. මේ සදහා ප්‍රවෙශ පතක් රුපියල් 100 පමනක් මිල වන බව නාට්‍යකාරයට ටවර්හෝල් රගහලෙන් පැවසීය....

Tuesday, August 16, 2011

වේදිකාවේ කොටස් හදුනා ගනිමු...........

       රංග ශිල්පියෙකු වේදිකාවට  පිවිසිමට පෙර ඔහු දැන ගත යුතු බොහොමයක්  කරුණු තිබේ. නුතනයේ එක රැයකින්  ජනප්‍රිය තරු බවට‍ පත් වන මෙගා ටෙලි නාට්‍ය ශිල්පීන් මෙන් වේදිකා නාට්‍ය ශිල්පියෙකු එක රැයකින් බිහි කල නොහැක. ඒ මන්ද යත් ඔහු ප්‍රගුණ කල යුතු බොහෝ දේ හා උගෙන ගත යුතු බොහෝ දේ ඇති නිසා වෙනි. පරිනත රංග ශිල්පියෙකු වේදිකාවේ ඇති අංග සියල්ල මනාව අවබොධ  කොට ගත්තෙක් මෙන්ම සතර අභිනයෙහි   කෙල පැමිණියෙකි. ඔහු මනා  විනයක් හා මනා හික්මීමක්  ඇති පුද්ගලයෙක් අත්‍යවශ්‍යයෙන්ම විය යුතුය. නූතන නව රැල්ලේ රංගන ශිල්පීන් තුල මෙම හික්මිම හා විනය තිබේදැයි පසුවට සැලකිය යුත්තකි. අප අද සිට ඇරබෙන මෙම ලිපි පෙළෙන් ඒ සියල්ල පිළිබද විමසීමක යෙදෙමු.
                                                        පළමුවෙන්ම අප රංගන ශිල්පියාට පුජනීය වස්තුවක් වන වේදිකාවේ ප්‍රධාන අංග පිලිබද සොයා බලමු.      

                                    මුලිකවම වේදිකාව කොටස් තුනකට බෙදා වෙන් කරනු ලබයි. එනම් ඉදිරි පස , මැද , පසුපස යනුවෙනි. මෙම මූලික කොටස් තුනත් තවත් කොටස් හයකට බෙදා වෙන්කළ පසු අපට වේදිකාවක කොටස් අදුනා ගත හැකිය. එනම් වේදිකාව ප්‍රධාන කොටස් 9 කට බෙදා වෙන් කර දක්වනු ලබයි.පහත රූපයෙන් දැක්වෙන්නේ එම කොටස් නවය වේ.

Thursday, December 2, 2010

නාට‍‍‍්‍ය කලාවේ වස්තු බීජය

ඔන්න මම දෑන් මගෙ පළවෙනි ලිපිය ලියන්නයි යන්නෙ. මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ නාට්‍ය කලාව පිළිබද පොඩි හෑදින්වීමක් වීමක් කරන්න.

 නාට්‍ය කලාවේ ආරම්භය මානව ඉතිහාසයේ ආරම්භය දක්වාම දිවයන්නක් බව පෙනේ. නැතිනම් නාට්‍ය කලාව ආදි මනුෂ්‍යය ගෝත්‍රික සමාජ තුල විද්‍යමාන වන මූලික රංග අවස්ථාවන් හා චලන පදනම් කරගෙන ආරම්බ වූ බව වටහා ගතහැක.මෙහි මූලිකම පදනම වූයේ අනුකරණයයි. සමාරෝපය හෙවත් ආරූඪ වීම නැතහොත් ආවේශය අනුකරනයෙ පදනමයි.ආරූඪ වීම යනු යම් චරිතක් හෝ සිද්ධියක් උපුටා අනුකරණය කීරීමයි. ආරූඪය අවශ්‍ය වනුයේ අනුකරණය සඳහා හෝ නාට්‍යමය ස්වරූපයකින් රඟපෑම සඳහාය. මෙ හෙයින් අනුකරණය හා සමාරෝපය එකිනෙකට බද්ධ වූ අංග දෙකක් බව පෙනේ.
 භරතමුනීහු ප්‍රකාශ කරන ආකාරයට ලොව වසන මනුෂ්‍යයන් අතර ඇතිවෙන සුඛ දුක්ඛයන්ගෙන් යුතු වූ හැම අවස්ථාවක් අනුකරණය කර දැක්වීම නාට්‍යය වන බවයි. මේහ සමානම අදහසක් දක්වන ඇරිස්ටෝටල් කිය සිටින්නේ සිද්ධියක් අනුකරණය කිරීම නාට්‍යයක් බවයි.නාට්‍යය කලාවට "දෘශ්‍ය කාව්‍ය" යන නම භාවිතා කරන්නේද ඒ බැවිනි.
එසේ හෙයින් ගෝත්‍රික ජනයාගේ අනුකරණය වනාහි නාට්‍යයේ මූල බීජ අවස්ථාව ලෙස ගැනීම වැරදි නොවේ.
ආදි මනුෂ්‍යයා මේ අනුකරණය යොදාගනු ලැබුයේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර ගැනීමටය. ඔවුනට තම අදහස් ප්‍රකාශ කරගැනීමට මුල් වකවානු තුලදී භාෂාවක් නොවීය. ඔවුන් තමන් දඩයමේ ගිය ආකාරය තමන් කල කී දෑ අනුකරණය කර අනෙකාට පෙන්වීය. මෙය නාට්‍යයේ මූලික අවදිය නොවන්නේද්? එපමනක් නොව ආදිතමයා තම ජාතියේ ප්‍රභබවය හා විවිධ ඉතිහාස වෘතාන්තයන් ඊ ළග පරපුර වෙත දායාද කිරීමට ද වචන පමනක් නොව අනුකරණයද භාවිතා කල බව පෙනේ.
 කෙසේ වුවද මෙලෙස මූලාරම්භවී විකාශනය වන්නා වූ රංගනයේ මුල් අවස්ථාවමන් ක්‍රමිකව නිර්මාණාත්මක වී කලාවක් බවට පත් වනුයේ මිනිසා කලාව තේරුම් ගැනීමත් සමගය.

                                                                           ඇරිස්ටෝටල්
                                                                          ආදි මනුෂ්‍යයන්