Showing posts with label භාෂා. Show all posts
Showing posts with label භාෂා. Show all posts
Thursday, November 13, 2014
ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German ) 2
ඔන්න අද මම අරන් ආවේ එදා අපි නවත්තපු පාඩමේ ඉතුරු ටික අද අපි ඉගෙන ගමු කොහොමද ෆෙමිනි නාමපදයක් හදුනා ගන්නේ කියලා ඒ කියන්නෙ ස්ත්‍රී ලිංග නාමපද හදුනා ගන්නෙ කොහොමද කියලා තමා අද අපි ඉගෙන ගන්නෙ.
ස්ත්‍රී ලිංග නාමපද හදුනාගමු
පහත සදහන් අකුරු වලින් අවසන් වන නාමපද අපට ස්ත්‍රී ලිංග නාමපද ලෙස හදුනා ගත හැකිය
-ei die Bäckerei, die Türkei backery, Turkey
-enz die Intelligenz, die Differenz intelligence, difference
-heit die Freiheit, die Dummheit freedom, stupidity
-ie die Demokratie, die Phantasie democracy, imagination
-ion die Nation, die Kommunikation nation, commiunication
-keit die Schwiergkeit,die Möglichkeit difficulty, possibility
-tät die Universität, die Fkultät university, faculty
-schaft die Mannschaft, die Landschaft team, landscape
-ung die Wohnug, die Zeitung flat, newspaper
-ur die Kultur, die Natur culture, nature
ඒ වගේම 90% ක්ම -e වලින් අවසන් වන නාමපද ෆෙමිනි ලෙස හදුනා ගන්න පුලුවන්. ඒ වුනාට der Name (name) වගේම der käse (cheese) වගේ නාමපද මේකට අයිතිවෙන්නෙ නෑ.
ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් ස්ත්‍රී ලිංග නාමපද හැටියට
ස්ත්‍රීන් හගවන නාමපද die Mutter, die Tochter අම්මා, දුව
යතුරුපැදි සහ නැව් වල නම් die BMW, die Titanic BMW, ටයිටැනික්
ගස් සහ මල් වල නම් die Eiche, die Rose ඕක්, රෝසමල
ඔන්න ඒ වුනාට කෙල්ල යන්න හදුන්වන Mädchen, das Mädchen කියලා තමා අපි හදුන්වන්නෙ. ඒ වගේම වයලට් හදුන්වන Veilchen කියන නාමපදයත් das Veilchen වෙනවා. ඒ කියන්නෙ ඒවා නපුංසක ලිංග.
මගෙන් එදා ඇනෝ කෙනෙක් අහලා තිබුනා මොකද -er වලින් ඉවර වෙන Mutter, der Mutter වෙන්නැතුව die mutter වෙන්නෙ කියලා. ඒකට හේතුව තමා ඒක ස්ත්‍රීන් හගවන නාමපදයක් වීම. ඒකියන්නෙ මේක තමා නීතිය අර අපි අවසන් අකුරු වලින් අදුනා ගන්න නාමපද ප්‍රධාන රූල් වලින් ඇමෙන්ඩ් වෙනවා. ඒ කියන්නෙ ප්‍රධාන නීති වලින් වෙනස් වෙනවා. විශේෂ හේතු ඇරුනුකොට. අන්න ඒක තමා ඔය නාමපදේට වෙලා තියෙන්නෙත්. හැබැයි සමහර ඒවා එහෙම නෑ ඒවා තමා මම විශේෂයෙන් සදහන් කරලා තියෙන්නේ ඒවානම් කට පාඩම් කරගන්නම වෙනවා. නැත්තම් පැටලෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට ප්‍රධාන නීතිනම් අග අකුරුවලින් ඇමෙන්ඩ් වෙනවා අඩුයි. ඔය das Mädchen කියන එක das වෙලා තියෙන්නෙ ප්‍රධාන රීතියක් ප්‍රධාන රීතියකින්ම වෙනස් වෙලා. ඒක ඉස්සරහා පාඩමේදී අපිට දැකගන්න පුලුවන්.
Saturday, November 8, 2014
ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German easily)
අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔගොල්ලො ජර්මන් භාෂාව ඉගෙන ගනිද්දී බොහෝම ගැටලුවකට මූන පාන ගැටලුවක් විසදා ගන්නා ආකාරය. මුලින්ම කියන්නම්කො අපේ සිංහල ඉංග්‍රීසි භාෂා වගේ නෙමේ මේ ජර්මන් භාෂාව එහෙම කියන්නේ මොකද මේ භාෂාවේ නාමපද වල ලිංග බේද තුනක් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් ඒ තමා ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හා නපුන්සක ලිංග කියලා.
der (Masculine පුරුෂ ලිංග) der Mann, der Tisch the man(මිනිසා) the table(මේසය)
die (Feminine ස්ත්‍රී ලිංග) die Frau, die Tür the woman(ගැහැණිය) the door(දොර)
das (Neuter නපුන්සක ලිංග) das Kind, das Fenster the child(දරුවා) the window(ජනේලය)
මෙහෙම ලිංග බේදයක් අපිට අනිත් භාෂාවල දකින්න ලැබෙන්නෑ මොකද අපි සිංහල භාෂාවෙදි පන නැති දේවල් එකම ලිංග බේදෙකින් තමයි හදුන් වන්නේ. නමුත් මෙහිදී මේසය පුරුෂ ලිංග වශයෙන්ද දොර ස්ත්‍රී ලිංග වශයෙන්ද ජනේලය නපුන්සක ලිංග වශයෙන්ද හදුන්වලා තියෙනවා. ඉතින් මෙහිදී ඕගොල්ලො වගේම ගොඩක් දෙනෙක් ලොකු අමාරුවක වැටෙනවා කොහොමද අපි මේ ලිංග බේදය පැහැදිලිව හදුනා ගන්නෙ නැත්තම් කොහොමද අපි ආර්ටිකල් යොදන්නේ කියලා. ගොඩක් දෙනෙක් මේක නිසාම නාමපදයත් එක්කම ආර්ටිකල් එකත් කටපාඩම් කරනවා.
ඉතින් මම අද කියලා දෙන්න යන්නේ බොහොම ලේසි වගේම නිවැරදි ක්‍රමයක් මේ ලිංග බේදය හොයාගන්න ඉතින් අද පාඩම අපි පටන් ගමු.
පුරුෂ ලිංග නාමපද හදුනා ගමු
පහත අකුරු වලින් අවසන් වෙන නාම පද අපට පුරුෂ ලිංග නාමපද හැටියට හදුනා ගන්න පුලුවන්
|
|
|
|
|
-er
|
der Computer, der Wecker
|
Computer, alarm clock
|
|
-ig
|
der Honig, der Käfig
|
Honey, cage
|
|
-ismus
|
der Idealismus, der Kapitalismus
|
Idealism, capitalism
|
|
-ling
|
der Früling, der Schiling
|
Spring, shilling
|
|
-or
|
der Motor, der Reaktor
|
Engine, reactor
|
ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් පුරුෂ ලිංග නාමපද හැටියට
පුරුෂයන් der Vater, der Shon තාත්තා, පුතා
මාස හා දවස් der Montag, der August සදුදා, අගෝස්තු
කාර් නිෂ්පාදකයන් der BMW, der jaguar බීඑම්ඩබ්ලිව, ජැගුවාර්
ඍතු der Sommer, der Winter ග්‍රීෂ්ම සෘතුව, සිසිර කාලය
ඇල්කොහොල් වර්ග der Whisky, der Wein විස්කි, වයින්
නමුත් මෙතනදී මතක තියා ගන්න තව දෙයක් තියෙනවා ඒ තමා අපි බියර් හදුන්වද්දී විතරක් "das Bier " ලෙස හදුන්වනවා .
Saturday, November 16, 2013
ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 04
Die Farben
ඩි ෆාබ්න්
blau බ්ලවු නිල්
orange ඔරාන්ජ් තැඹලි
gelb ගෙල්බ් කහ
braun බයුන් දුබුරු
lila/violett ලීලා දම්
grau ග්ර්ව් අලු
schwarz ස්වාස් කලු
weiß වයිස් සුදු
grün ගෘන් කොල
rot රොට් රතු
rosa රෝසා රෝස
Tuesday, November 13, 2012
ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 03
ඔන්න එහෙනම් අපේ තුන්වන පාඩමත් අරගෙන මම අදත් ආව. අපි දැන් දන්නවා හෝඩිය ඒ වගේම 1000 ට යනකන් ගණන් කරන්නත් නේද ?එහෙනම් අද අපි මුලින්ම ඉගෙන ගමු අපේ නම කොහොමද කියන්නේ කියලා නේද? හරිම ලේසි ඉංග්‍රීසි වගේම තමා ටිකක්
mein Name ist Asanga.
මයින් නාම ඉස්ට් අසංග.
මගේ නම අසංග .
mein Name ist Nilupul.
යන ආදී වශයෙන් තමා අපේ නම කියන්නේ කාට හරි.. එහෙනම් දන්නවද කොහොමද කාගේ හරි නම අපි අහන්නේ කොහොමද කියලා.. කොහෙද ඉතින් මම කියලා දුන්නායැ නේද.....ඔන්න එහෙනම් බලා ගන්නකො ...
wie ist Ihr Name?
වී ඉස්ට් ඉයර් නාම?
ඔයාගේ නම මොකක්ද?
Sunday, November 4, 2012
ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 02
ඔන්න එහෙනම් අදත් ආවා මම අපේ පාඩම් මාලාවේ දෙවෙනි කොටස අරන්. ඔක්කොටම කලින් කියන්න ඕනේ මගේ කලින් ලිපිය කියවලා අදහස් දක්වපු හැමෝටම වගේම ඒ ලිපිය කියවලා බලපු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන්ම මේ පාඩම් මාලාව දිගටම මම අරන් එනවා. තවත් කණගාටු දායක ආරංචියකුත් තියෙනවා කියන්න මම ඕගොල්ලන්ට ලබා දුන්න ගොඩක් පොත් වල ලින්ක් මම ෆයිල් දාපු අඩවියේ කට්ටිය මකලා දාලා .. මම ආයෙත් ඒ පොත් කිහිපය ලබා දෙන්න උත්සහ කරනවා ඕගොල්ලෝ වෙනුවෙන්. එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ පාඩම ආරම්භ කරමු නේද?...
අද අපි ඉගෙනගමු නේද ගණන් කරන්න ....
Saturday, November 3, 2012
ජර්මන් භාෂාව ඉගෙන ගනිමු ... 01
ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම මම අද ආවා ඕගොල්ලන්ට ජර්මන් පළමුවෙනි පාඩම අරගෙන . එහෙනම් ඉතින් අපි පටන් ගමු නේද?. අපේ භාෂා ඉගෙන ගන්න යාලුවොනම් දන්නවා ඇති ජර්මන් භාෂාව ටිකක් විතර ඉංග්‍රීසි භාෂාවට සමානයි කියලා සමානයි කිව්වට ඉතින් ව්‍යාකරණ නම් ගොඩක් වෙනස්. ශබ්ද කිරීමත් ටිකක් වෙනස් එත් ඉතින් අකුරුනම් ඒවම තමා.
එහෙනම් ඉතින් මොන භාෂාව ඉගෙන ගන්නත් අපි ඉස්සෙල්ලම හෝඩිය දැනන් ඉන්න එපායැ නේද එහෙනම් අපි මුලින්ම හෝඩිය ඒගෙන ගනිමු.
Aa Bb Cc Dd Ee Ff Gg Hh
ආ බේ සේ ඩේ ඒ එෆ් ගේ හා
Ii Jj Kk Ll Mm Nn Oo Pp
ඉ යෝච් කා එල් එම් එන් ඕ පේ
Qq Rr Ss Tt Uu Vv Ww Xx Yy Zz
කූ එයර් එස් ටේ ඌ ෆෞ වේ ඉක්ස් යුබ්සිලෝන් සෙස්ට්
Ä ae
Ö oe
Ü ue
ß ss
ඔන්න එහෙනම් ඕගොල්ලෝ දැන් ජර්මන් හෝඩියත් දන්නවා නේද ? ඔය උඩ තියන වීඩියෝ එක අහලා ඕගොල්ලන්ට තවත් පුරුදු වෙන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් ඊලග පාඩමෙන් හම්බෙමු නේද?....
Subscribe to:
Posts (Atom)





