Showing posts with label පොතක්. Show all posts
Showing posts with label පොතක්. Show all posts

Tuesday, October 6, 2020

නැගෙනහිර සුළග අපට කියාදෙන ෂර්ලොක් හෝම්ස්ගේ නොකී කතාව (වෛද්‍ය සුසිත රුවන් ගේ හයේ පහර )





මම කුඩා කල සිටම ෂර්ලොක් හෝම්ස්ගේ  කතා පිස්සෙක්මි. සමහර දින වලට පුස්තකාලයෙන් පොත් දෙකක් රැගෙන විත් දවසින් නොනිදා කියවීමට තරම් පිස්සුවක් ඒ දිනවල සෑදී තිබිණි. ඒ අප  රස කර කර  කියවූයේ චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කරන ලද ආතර් කොනන් ඩොයිල් මහතා විසින් රචනා කරන ලද පොත්‍ ය. නමුත් නැගෙනහිර සුළග නම් ඒ කිසි පොතක් හා සමාන නොවන්නෙ මෙය පරිවර්තනයක් නොවන නිසා වෙනි. මෙය වෛද්‍ය සුසිත රුවන් විසින් ලියන ලද ස්වතන්ත්‍ර කෘතියකි. 

අප පසුකලෙක දැන ගත්  පරිදි චන්දන මෙන්ඩිස් මහතා විසින් පසු කාලීනව ආතර් කොනන් ඩොයිල් මහතාගේ කතා අහවර වීමෙන් පසු දැඩි පාඨක ඉල්ලීම හේතුවෙන්  එතුමා විසින්ම කතා සම්පාදනය කරන ලදි. එය එතුමා පසුකලෙක වැඩසටහනකදීද ප්‍රකාශ කර  තිබුණි. එතුමා එම කතා විශාල ප්‍රමාණයක් පරිවර්තනය කර තිබූ නිසාවෙන් ඔහුට එය ඉතා පහසු වන්නට ඇතැයි අප හට නිගමනය කල හැක. ඒ ඔහුට එම රචන රටාව හා එම චරිත ආතර් කොනන් ඩොයිල්ට තරම්ම හුරුවී තිබූ නිසාවෙනි.

වෛද්‍ය සුසිත රුවන් අපට පලමුවෙන්ම මුන ගැසෙන්නෙ රාවණා මෙහෙයුමත්  සමගයි.ඔහුගේ කතා විලාශය ඉතා සිත් ගන්නා සුලු මෙන්ම වෙනත්ම ආරක එකකි. ඔහු විසින් රචිත සියලුම පොත් ඉතා සාර්ථක වූවා මෙන්ම පාඨකයා නොයෙක් නොයෙක් මාන වලට රැගෙන යන ලදි. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ විද්‍යාප්‍රබන්ධ ලේඛකයෙකු  ලෙසිණි. එක්ස් යන විද්‍යාප්‍රබන්ධ කෘතිය සම්මාන සදහා පවා නිර්දේශ විනි. ඔහු විසින් හේලී නමින් පසු කලෙක ටෙලි පිටපතක්  පවා රචනා කර ලදි. ඉකරස්ගේ පුනරාගමණය කෘතිය තුලින්ද ඔහු ඔහුගේ ප්‍රතිභාව පෙන්වන ලදී. ඔහු අතින් පරිවර්තන කෘති දෙකක් ද රචනා උන නමුදු පෞද්ගලිකව මා ඒවාට අකමැත්තෙමි. ඒ මක් නිසාද යත් මා කැමති  සුසිත රුවන් යන ස්වතන්ත්‍ර ලේඛකයාට බැවිනි.

මෙම නැගෙනහිර සුළග මගින් ෂර්ලොක් හෝම්ස් ගේ මග හැරුණු ජීවිත කතාව අපට ඉතා සියුම් අකාරයෙන් ලේකකයා  අප හමුවේ ඉදිරිපත් කරයි. අපට චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තිත කතාවක්  කියවනවා  මෙන්ම ඉතා රසයකින් යුක්තව එක හුස්මට මෙය කියවා අහවර කිරීමට හැකි වන පරිදි රචනා කිරිමට ඔහු මහන්සි වී ඇත. 

මෙහි අපට කතාව කියන්නේ  ෂර්ලොක් හෝම්ස් ගේ  අප්‍රකට පෙම්වතිය වන අයරින් ඇඩ්ලර් විසිනි. අපට ෂර්ලොක්ගේ ඉතා වටනා ගුණාංග ඇය  ඉස්මතු කර පෙන්වයි. එමෙන්ම ෂර්ලොක් ගේ අනෙකුත් කතා සමග සම්බන්ධ වන අයුරින් ඒ තුලින් අපට මගහැරුණු තැන් අපූරුවට මෙම කතාව තුලින් ලෙහා දීමට කතුවරයා සමත් වී ඇත. අවසන් සටන , ලෝහිත පරිෂණය වැනි කතා හා මෙය බැදෙන්නේ අප පුදුමයට පත්කරමිනි. 

වෛද්‍ය සුසිත රුවන් ගේ දක්ෂතාව මනාවට පැහැදිලි වන්නේ අපට මෙය කොනන් ඩොයිල් ලියූ පොතක් මෙන් හැගෙන නිසාවෙන්මය. කොනන් ඩොයිල් මහතා ජීවතුන් අතර සිටියානම් සුසිත රුවන් මහතාව පසසනවාට කිසිදු සැකයක් නොමැත. ඒ මන්ද යත් ඔහුට කියන්නට මගහැරුණු කතාව රචකයා කියා ඇති නිසාවෙනි. අරාජිකයින් යනු කවුද? , ශර්ලොක්ට අයරින් ඇඩ්ලර් වැදගත් වන්නේ ඇයි , අයරින් අඩ්ලර් ෂර්ලොක්  හා ගැටෙන්නේ මන්ද ? , ඇය ඇත්තටම ෂර්ලොක්ට ආදරය කරාද? ෂර්ලොක් එක පාරටම වොට්සන් ද නොදැන අතුරුදහන් වුයේ කොහෙටද එකී මෙකී නොකී ප්‍රශ්ණ සියල්ලටම ලේකකයා මෙම පොත මගින් උත්තර සපයා දී තිබී. 

මට නම් මේ පොත වෛද්‍ය සුසිත රුවන් ගේ හයේ පහරකි.  ඔබත් ෂර්ලොක් හෝම්ස් ගේ  රසිකයෙක්නම් අනිවාර්යෙන්ම මෙම පොත කියවිය යුතුම පොතක් වනවාට සැක නැත.  

Sunday, October 20, 2019

ධරණි ඇත්තටම ඔබේ හදවත හඩා වට්ටාවි





කත්‍යානා අමරසිංහ කතුවරියගේ පොතක් කියවීමේ අශාවක් හිතේ රැදී තිබුනද එය සැබෑ කරගන්නට හැකි වූයේ මාගේ මිතුරියක්ගෙන් ධරණි  කියවීමට ඉල්ලා ගැනීමෙන් පසුවයි. ඇයගේ ලිවීමේ ප්‍රතිභාව හමුවේ මා වෙව්ලා ගියේයැයි කීවොත් එය අතිශෝක්තියක් නොවනු ඇත.ඇය හදවතට කතා කිරීමට දැන ගත් මැජික් කාරියක් යැයි මට ඊයේ සිතුනි. ධරණි  අතට ගත් පසු බිමින් තියන්නට නොහිතුනේ ඒ නිසායැයි මා හට හැගේ. පැය දෙක හමාරක් තුනක් වැනි කාලයකින් මුලු පොතම කියවා අවසන් කරේ ඒනිසාවෙනි. අවසන් පිටු විස්ස තිහ පැමිනෙන විට බොහොම හිමින් ලෝබ කමකින් කියෙව්වේ දැන් පොත ඉවර වේයැයි යන බියෙනි. පොතක් කියවන විට එවැනි සිතුවිල්ලක් එන්නේ බොහොම සීමිත පොත් ගනනකට පමනි.

Friday, October 4, 2019

ආර්යා ලාංකීය නවකතාවට අමුතු හැඩයක්ද?






දිලීප ජයකොඩි කතුවරයා අප හදුනා ගන්නේ පරිවර්තකයෙකු ලෙසයි. ඔහු ඉතාමත් ජනප්‍රිය වන්නෙ චේතන් බගත්ගේ පොත් පරිවර්තනය තුලිනි. චේතන් බගත් අප තරුණ තරුණියන් අතරට ගෙන ආවේ ඔහුයි. එම කෘති පරිවර්තනයේදී ඔහු මැනවින් දස්කම් පෑවේ කාගෙත් සිත් සතන් දිනා ගනිමිනි. නමුත් ඔබ නොදන්නවා වුවත් අප අතර ජනප්‍රිය වූ නිල්දිය යහන චිත්‍රපටය නිශ්පාදනය වන්නේ ද ඔහුගේ ස්වතන්ත්‍ර කෘතිය පාදක කරගෙනය.

මෙවර ඔහු අපගේ සිත් ඇදබැද ගන්නේ නවමු ආරක නවකතාවක් අප අතර තබමිනි. එනම් දේශපාලනය පදනම් කරගත් නවකතාවක් අප අතරට ගෙන එමින්ය. මේ පිලිබද මා දැනගත් විගස මා හට සිතුනේ  කියවීමට නීරස වන කතාවක් වනු ඇතැයි කියායි. නමුත් කියවන්න කියවන්න එම පොත මා සිත ඇද බැද ගති. එක හුස්මටම පොත කියවා ඉවර කිරීමට මට හැකි වුනේ ඒ නිසාය.

මෙය ඔබ කියවිය යුතුම පොතක් වන්නෙ දේශපාලනයේ සෑබෑ යථාර්ථය පිලිබිගු කරන නිසාය.දේශපාලනයේදී ඔබගේ ලගම හිතවතා තබා ඔබගේ ප්‍රිය බිරිදවත් විශ්වාස කල නොහැකි බව දිලීප ජයකොඩියන් විසින් මෙයින් මනාව පිලිබිගු කර ඇත්තේය. දේශපාලනයේ තිත්ත ඇත්ත එයයි.

Thursday, September 26, 2019

"ගුම්" ගුම් දෙන්නට පටන් ගනීවිද?


    බටුවන්ගල රාහුල හිමියන් විසින් රචිත "ගුම්" නවකතාව එක හුස්මට කියවා ඉවර කලෙමි. එයින් ලද ප්‍රහර්ශය විස්තර කිරීමට කිසිම හොඩියක අකුරු කිසිම භාෂාවක වචන මට ප්‍රමාණවත්නොවන්නේයයි කීම අතිශෝක්තියක් නොවනු ඇතැයි මම සිතමි. අතට ගන්නාවිට මාහට සිතුන සිතුවිලි අමුවෙන්ම ප්‍රකාශ කරනවා නම් මෙච්ච්ර චූටි පොතක් නවකතාවක් කියන්නෙ කොහොමද? මේකෙ කිසි වැඩක් නැතුව ඇති කික් එකක් නැතුව ඇති යන හැගීමයි. නමුත් පිටු 1000 කින් 2000 කින් කියන්න බැරි ගැඹුරු පණිවිඩයක් රාහුල හිමියන් විසින් මේ කෘතිය මගින් සමාජයට ඉදිරිපත් කර තිබේ. 

මේ මා රාහුල හිමියන්ගේ කියවන පලමු කෘතියයි නමුත් ඒ පලමු කෘතියෙන්ම මාහට හැගී ගිය කරුණ නම් රාහුල හිමියන් උන්වහන්සේගේ කෘති මගින් සමාජ සෝදනයට ඉතාමත් හොදින් දායක වන වගයි. මාගේ මතය අනුව රාහුල හිමියන් තුල හොද දේශපාලන හා සමාජීය වැටහීමක් ගැබ්ව තිබේ. උනවහන්සේගේ සැගවුන අරුත් තුල යම්කිසි වාමාන්ශික මතවාදයක්ද මාගේ දැනුමේ හැටියට ඉස්මතු වේ එය මටත් ඔබටත් පොදු වන්නේ නැත එය මගේ හැගීමයි. එමෙන්ම බෞද්ධ දර්ශනයේ යම් යම් තැන්ද හිමියන් විසින් නියමාකාරයෙන් ගලපා යම් යම් ස්ථාන වලට යොදා ඇති අපූර්වත්වයද ප්‍රශංසනීයය. එමෙන්ඔම නූතන වැඩවස්බම්ගේ සමාජ ක්‍රමය ගැන කතා රසයට බාධා නොවන අන්දමින් විග්‍රහ කර ඇති ආකාරයද ප්‍රශංසනීයය. කතා රසයට බාදා නොවන අයුරින් කෙටියෙන් කතාවේ යම් යම් තැන් මම පහතින් උපුටා දක්වමි එයින් ඔබේ  කුතුහලය තවත් වැඩි වන බව මාහට දිවුරා කිව හැක.

Sunday, September 27, 2015

රාවණා මෙහෙයුම - 2 සාර්ථකද ?







සුසිත් රුවන් තම සිව්වන දරු සූතිය ඉතා සන්‍යමයෙන් යුක්තව සිදුකර තිබේ. තම කුලුදුල් දරුවාගේ සිට මේ ආ ගමන් මාර්ගය ඉතා සිත් ඇදගන්නා සුලුය. විවිද කතා තේමාවන් ඔස්සේ අප රැගෙන ගිය ඔහු ඒ සියල්ලම වෙනමම ආරකට රචනා කිරීමට යුහුසුලු විය. රාවනා මෙහෙයුම ඔහුගේ කුලුදුල් දරුවා මෙන්ම ගවේෂණාත්මක නවකතා කරනයට අලුත් අරුතක්ද එක් කල රචනාවක් විය. එමෙන්ම ඔහුගේ දෙවන රචනාව වූ ඒ ඔහු නොවේ කෘතිය වෙනමම කතා ශෛලියක් අනුගමනය කරන්නක් විය. එම කෘතිය කියවන්නාට අත්දැකීමට ලැබෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක් නරබන අත්දැකීමයි . ඔහුගේ තෙවැනි කෘතිය වූ මාරායණය තවත් නවමු අත්දැකීමක් එකතු කරන්නක් විය. මිනිසාගේ මනෝභාවයන් පිලිබද ඉතාම ගැබුරට කතිකාවතක් ගෙනයන මාරායනය මිනිස් සිතක ඇතිවන චෛතසිකයන් පිලිබදව මනා විග්‍රහයක් ගෙනහැර දක්වයි. සමාජයේ සිටින මාරයන් හා ඔවුන්ගේ එම වෙනසට හේතුවන සාධකද ගෙනහැර දක්වයි.

Monday, February 9, 2015

චේතන් බගත් ගේ ඔබ කියවිය යුතුම පොත් දෙකක් one night @ the call center & Half girl freind



3 idiots චිත්‍රපටය නරබා නැති කෙනෙක් මා හිතන තරමට හොයා ගන්නවත් බැරිවෙයි නේද?  ඒත් ඒ කීයෙන් කී දෙනාද දන්නෙ එය පොතක් පදනම් කරගෙන නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් බව ඒ අයගෙනුත් කීයෙන් කීදෙනාද දන්නෙ ඒ පොත ලියපු කතුවරයාගෙ නම නේද? ඒ කට්ටියගෙනුත් කීයෙන් කී දෙනෙක්ද දන්නෙ ඒ පොතේ නම ඉතින් මම අද මේ දෙන්න යන්නෙ ඒ පොත ලියපු කතුවරයාගේ තවත් පොත් දෙකක්.

චේතන් බගත් ඔබට සමහර විට නම පුරුදු ඇති. ඔව් ඒ ඔබ හිතපු කෙනා තමා මෑත ඉතිහාසයේ ඉංග්‍රීසි නවකතා අතුරෙන් වැඩියෙන්ම අලෙවියක් වාර්තා කලේ මොහුගේ පොත්. ඒ ඉන්දියාවෙ හැබැයි ඉන්දියාවෙ විතරක් නොවේ මොහුගේ පොත් දැනට ලොව පුරාම අලෙවි වෙනවා. ඉතින් මොහුගේ ප්‍රසිද්ධියට හේතුව තමා මොහු පොත් ලිවීමට බාවිතා  කරන භාෂාව. ඔහු ඉතා සරල ඉංග්‍රීසියෙන් තමා පොත් ලියන්නෙ. කොච්චර සරල භාෂාවෙන් ලිව්වත් රසවින්දනයටනම් කිසිම බාදාවක් නෑ.

Saturday, September 20, 2014

ලොවීනා ද? පුන්නී ද?


මොහාන් රාජ් මඩවලයන්ගේ "ලොවීනා" මා ඉතාමත් ආශක්තව කියවූ නවකතාවක් යන වග කීවොත් එය බොරුවක් නොවේ. මන්ද යත් එය රචනා කිරීමට ඔහු යොදා ගත් භාෂාව ඉතා මන බදිනා සුලු වීමය. එය පමනක්ම මාගේ හිත එය තුලට අද්දවා නොගත්තේය ඔහු තෝරා ගත් වස්තු බීජය ඉතාම මන බදනේය. අප අසා තිබූ මවුන්ට් ලැවීනියා පෙම් පුවත ඔහු ඔහුගේම උරුවකට වෙනස්ම ආකාරයෙන් ඉදිරිපත් කර තිබීම එයට තවත් හේතුවක් විය. මම පොත කියවීමට පටන් ගත් වේලාවේ සිටන් මේ මනරම් යුවතිය ලොවීනා සෙවීමි.

මා පොතෙන් අඩක් කියවීමි එහෙත් මට ලොවීනා හමු නොවිනි. මා හට හමු වූයේ මුල් බාගයේදී පුන්නා නම් ඒ සොදුරු අද්භූත දැරියවයි. ඉන් පසු ටිකෙන් ටික ශරීරය මෝරා ලස්සන වන එම පුන්නා යෞවනියයි. පසුව පුන්නී නැමැති රොඩී රැහැට පිටමන් කල රොඩී කුල හීන කාන්තාවයි.  මේ පුන්නා ගලේ ගසාවත් මැරිය නොහැකි බව පුන්නා ඉපදෙන විට නැකත් රාළ කියයි. ඇත්තම ඇත්තය මෙම පොත කියවා ඉවර වන විටද මෙම පුන්නා පසුව පුන්නී මගේ හිතින් ගලේ ගසාවත් මරන්නට බැරි විය. ඇත්තටම ඈ තවමත් මගේ හිත තුල සක්මන් කරයි. ඇය වීර කාන්තාවකි, අනේක විද දුක්ඛ දෝමනස්සයන්ට මුහුන පාමීන් ඈ අනුන් වෙනුවෙන් මහමෙරක් මෙන් වේදනා උහුලයි. අනෙක් අයගේ සතුට ප්‍රාර්ථනා කරයි. ඇයගේ සතුට අපට හමු නොවන්නේ ඒ නිසාය.

Thursday, August 7, 2014

අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදී සුගතිය කරා

ගොඩක් කාලෙකින් ආයෙත් මම පොතක් අරගෙන ආවා ඔගොල්ලන්ට මේක එසේ මෙසේ පොතක් නම් නෙමේ ඕන් අපේ බෞද්ධ යාලුවන්ට වගේම අනෙක් අයටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ පොත ලියලා තියෙන්නෙ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි විසින්. මේ පොත ඔබට දෙවියන් හා අමනුෂ්‍ය වර්ගයා වෙන් කොට හදුනා ගැනීමට මහත් රුකලක් වේවි.

මම මේ දවස්වල මගේ අවසන් විභාගය පැවැත්වෙන නිසා මගේ හොදම යහලුවෙක් නැවතී ඉන්න පන්සලක තමා නැවතිලා ඉන්නේ. ඒ ඔබ සමහරවිට දන්නවත් ඇති බේස්ලයින් පාරේ  ඤාණසීහාරාමය. ඒ පන්සලේ පොත් ගුලක තිබිලා තමා මට මේ පොත කියවන්න ලැබුනේ. පාඩම් කරන්න කම්මැලි වෙලාවක තමා මේ පොත කියෙව්වෙ. එක හුස්මට පොත කියවලා දැම්මා බිම තියන්න හිතුනෙ නෑ.

මම මෙච්චර කල් හොයපු ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා. ඔබත් තාමත් පූජා වට්ටි අරන් එක එක දෙවියන් පස්සෙන් යනවාද? එහෙනම් අනිවාර්යෙන්ම කියවන්න මේ පොත ඔබේ අදහස් වෙනස් වේවි.  මෙම පොතේ තැනක මෙම හිමිනම කියනවා

" සමහරු පුරුදු වෙලා ඉන්නවා තමන්ග් හතුරන්ගෙන් පළිගැනීම පිණිස දෙවියො ඉස්සරහට ගිහිල්ලා පාතාල මැරයන්ට කොන්ත්‍රාත් භාර දෙනවා වගේ දරුණු අපරාද වැඩ බාර දෙන්න"

මෙම හිමි නම මෙයට ප්‍රවේශය අරන් තියෙන්නෙ "දෙවියොයි මැරයොයි පැටලිලා" කියලා ඇත්තටම වටිනා අදහස් ටිකක් ප්‍රකාශ කරලා තියෙනවා දෙවියො කප්පම් ගනීද මිනිස්සුන්ගෙන් දෙවියන්ට වෙන වැඩ නැද්ද හිතන්න...

මෙම පොත ලියවෙන්නෙ එකම පොතේ කොටස් දෙකක් විදිහට පලවෙනි කොටසින් මෙම හිමිනම හදුන්වලා දීලා තියෙනවා දෙවියන් කියන්නෙ කවුද? දෙවියන්ගෙ සැබෑ කාර්‍යය භාරය කුමක්ද බුදුරජානන් වහන්සේ කොහොමද දෙවියන් හැදුන්වූයේ.. ඒ වගේම මොන සූත්‍ර වලද ඒවා දැක්වෙන්නේ කියලා.

දෙවෙනි පරිච්චේදයේ හදුන්වා තිබෙනවා අමනුෂ්‍යයන් කියන්නෙ කවුද? දේවාල වලට දෙවියන් ඇත්තටම වඩිනවාද? දෙවියෝ පූජා වට්ටිවල තිබෙන පුලුටු පලතුරු යුෂ උරා බීමට දිව්‍ය භෝජන දමා පැමිනෙනවාද යන කරුනු.

ඒ වගේම කියනවා මේ රටේ මිනිස්සු බොහෝමයක් අමනුෂ්‍ය ග්‍රහණයට අසුවෙලා දුක් විදිනවා කියලා දෙවියන් වදිනවා කියලා අමනුෂ්‍යයන්ට වදිනවා කියලා ඒකෙ ඇත්තක් තියෙනවා කියලා තේරෙයි ඔබත් මේ පොත කියවලා බැලුවොත්. ඔබ අනිවාර්යෙන්ම මේ පොත අරන් කියවන්න.

මෙය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මහමෙව්නා සදහම් ප්‍රකාශකයෝ මිල සදහන් වෙලා තියෙන්නේ රුපියල් 90 ක් ලෙස. කාටත් පහසු ගානක් ඔය බොරු වැඩ වලට වියදම් කරන පුංචි රුපියල් 100 කින් 90 ක් දීලා මේ පොත ගන්න. ඊටත් මේ පොත අලෙවි කරලා ලැබෙන මුදල් මහමෙව්නාවේ භික්ෂු ගිලන් අරමුදලට බැරකරනවා කියලා මෙම පොතේ සදහන් වෙලා තිබෙනවා. හැකිනම් මිලදී ගන්න ඉතාමත් වටිනවා. ඔබේ දෙවියන් සහ අමනුෂ්‍ය වර්ගයා පිලිබද තිබෙන ආකල්ප වෙනස් කරාවි. මම ලිපිනයයි දුරකථන අංකයයි සදහන් කරන්නම් ඔවුන්ට කතා කරලා .

මහමෙව්නා සදහම් ප්‍රකාශන 
මහමෙව්නා භාවනා අසපුව 
වඩුවාව, යටිගලොලුව 
දුර/ෆැක්ස් 037-037-2244602 
ඊ මේල්  asapuwa1@sltnet.lk 
වෙබ් : 
www.mahamevna.org
www.littlelotus.org
www.meditationsl.org


Wednesday, April 16, 2014

සිපිරි ගෙයක වසර හයක්



හුග කාලෙකින් තමා පොතක් කියන ලේබලය යටතේ ඔගොල්ලන්ව හම්බෙන්න එන්නේ හැබැයි මෙදාපාරනම් මේ පොත ඔගොල්ලන්ට බාගන්න දෙන්න හැටියක් නෑ මොකද මේකෙ ඔන්ලයින් වර්ශන් එකක්වත් පීඩිඑෆ් එකක්වත් මට හම්බුනේ නෑ ඒත් මේ ලිපිය කියවනකොට ඔගොල්ලන්ට තේරෙයි මේ පොත සල්ලි දීලා කියෙව්වත් පාඩුවක් නෑ කියලා මේක ඒ තරම් වටිනා පොතක්.   

මෙම පොත ලියා ඇත්තේ 'චාල්ස් දයානන්දයන්' විසිනි. මෙම කතුවරයා නවකතා ලියන්නෙකු ලෙස ප්‍රසිද්ධ අයෙකු නොවේ. ඔහු ලියා ඇත්තේ චිත්‍ර කලාවට සම්බන්ධ පොත් දෙක තුනක්‌ පමණි. නමුත් චාල්ස්‌ දයානන්දයන් ගුරු විද්‍යාලයීය කථිකාචාර්යවරයකු ලෙසද කලා මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. මෙහි ඇති විශේෂත්වයනම් ඔහු මෙම පොත ලියන්නේ තමන්ගේම අද්දැකීම් පාදක කරගෙනය. 71 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වී අවුරුදු විස්සක් වැනි තරුන වයසේදී සිරගත වෙයි. එම කාලය තුල ලත් අද්දැකීම් සමුදාය අලලා ලියවුනු කෘතියයි "සිපිරි ගෙයක් වසර හයක්" මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඔහු මෙම කෘතිය පල කරන්නෙ එයිනුත් වසර 35 කට පසුව වීමයි. නමුත් සජීවී ලෙස ඔහු මෙම කතාව ඉදිරිපත් කරයි. මෙහි ඔහු විසින් සිපිරි ගෙය තුලදී චිත්‍රනය කල සිතුවම් රාශියකුත් ඇතුලත් කර ඇත.

චාල්ස් දයානන්දයන් මෙම පොත පිලිගන්වන්නෙ අපූරු ආකාරයකටය 

" හිරු නොපායන ලොවක සිට 
දිලිසෙන් දෑසින්... 
අහස දෙස බලා සිටින 
දහසකුත් එකක් 
අසරණයන් හට.... 
මහත් දයානුකම්පාවෙන් හා 
භක්තියෙන් යුතුව 
මෙම සිතුවම් 
හා සටහන් පිළිගන්වමි ..
..............................

Saturday, November 16, 2013

හන්ගර් ගේම්ස් 1 හා 2



ඔන්න තවත් පොතක් දෙන්නයි මම යන්නේ. ඒ තමා මේ මෑතකදි කවුරුත් අශාවෙන් බලපු හන්ගර් ගේම්ස් චිත්‍රපටයට පාදකවූ පොත. මෙහි දෙවන කොටසත් දැන් පැමින තිබෙනවා. ඔබ සදහා මම එම පොත් දෙකම ලබා දී තිබෙන්වා. මෙම පොත් දෙක ලියා තිබෙන්නේ ඇමෙරිකානු ජාතික ලේඛිකාවක් වන සුසෑන් කොලින්ස් විසින් මෙහි පලවෙනි පොත ලියා පලකර තිබෙන්නෙ 2008 වසරේදීයි. මෙහි පලවන චිත්‍රපටය තිරගත වන්නේ 2012 වසරේදීයි. 
ඔබට චිත්‍රපටය බාගැනීමට අවශ්‍යනම් පහත ලින්කු බාවිතා කරන්න 

The Hunger Games Catching Fire


ෂර්ලොක් හෝම්ස් සම්පූර්න පොත් එකතුව





ඔන්න හුග කාලෙකින් ඔගොල්ලන්ට මම පොතක් අරන්  ආවා ගොඩක් අය කියවන්න කමති පොතක් තමා මම අද දෙන්න යන්නෙ ඒ තමා ආතර් කොනන් ඩොයිල් මහත්මයා රචනා කල ෂර්ලොක් හෝම්ස් පොත් පෙල . මේපොත් පිලිබදව ගොඩක් දෙනා එක එක මත ප්‍රකාශ කරනවා සමහර අය කියන කතාවක් තමා මේ ෂර්ලොක් හෝම්ස් කියන රහස් පරීෂකවරයා ඇත්තටම බේකර් වීදියේ ජීවත් වුනා කියලා ඒ ගොල්ලො කියන්නෙ මෙ ආතර් කොනන් ඩොයිල් මහත්මයා කියන්නෙ ඩොක්ටර් වොට්සන් කියලා. කොහොම නමුත් අපට මේ කතා කියවගෙන යනකොටනම් තෙරෙන්නෙත් ඇත්තටම මේ පරීෂකවරයා ජීවත් වෙන්න ඇති කියලා .  මොකද ප්‍රබන්ද කරුවෙකුට මවන්න බැරි තරම් විස්තරාත්මකව නිවරැදිව විස්තර කල සිද්දීන් නිසා. ඒ කොහොම වෙතත් තාමත් බේකර් වීදියේ අංක 221/B දරන නිවසේ කෞතුකාගාරයක් පවත්වාගෙන යනු ලබනවා ෂර්ලොක් හෝම්ස් වෙනුවෙන්. මම අද ඔගොල්ලන්ට ගෙනාවේ ෂර්ලොක් හෝම්ස් සම්පූර්න පොත් එකතුව ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙච්ච සියලුම පොත් ටික තමා මේ තියෙන්නේ. ඔබේ පහසුව තකා ටොරන්ට් ගොනුවක් ලෙසත් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් ලෙසත් මම ලබා දෙනවා. කියවා රසවිදින්න සිංහල භාෂාවෙන් රසවිදිනවාට වඩා රසයක් ඔබට ලබා ගත හැකිවේවි. එමෙන්ම අපේ ඇන්රොයිඩ් දුරකතන බාවිතාකරන සහෝදර සහෝදරියන් සදහා ගූගල් ප්ලේස්ටොර් විසින් සියලු පොත් අඩංගු ඇප් එකකුත් ලබා දී තිබෙනවා. එමෙන්ම audio ආකරයෙන් රසවිදීමට කැමති යාලුවන්ට ඒ ලින්කුවත් මම ලබා දී තිබෙනවා.

ඔය එම පොතේ අන්තර්ගතය

Monday, October 29, 2012

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු ......... (Schenke - Seago - Basic German)



අද දෙන්න යන පොතනම් ටිකක් වෙනස් පොතක්. මොකද මේක වැදගත් වෙන්නේ අපේ භාෂා ඉගෙන ගන්න සහෝදර සහෝදරියන්ට තමයි ඉතින්. හැබැයි අනිත් අයටත් මේක බාලා ඉගෙන ගත්තා කියල පාඩුවක් නම් වෙන්නෑ ......... මම මේ පොතක අරන් ආවෙත් හුග කාලෙකින් නේද? මේ කාලේ ගොඩක් කාර්යය බහුල කාලයක් උනා මට එක නිසා පොතක් ගෙන්න වෙලාවක් තිබුනේ නැ ඕගොල්ලන්ට ..... එත් ඉතින් ඉස්සරහට අපිට මාස දෙකක දීර්ග නිවාඩුවක් හම්බෙන හින්දා ඕගොල්ලන්ට හොද පොත් ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

         ඒ වගේම අලුත් වැඩක් පටන් ගන්නත් හිතන් ඉන්නවා ඒ තමා මම අද දුන්නේ පොතක්නෙ එහෙම නෙවේ අපේ ජර්මන් භාෂාව ඉගෙන ගන්න යාළුවන්ට ජර්මන් සිංහලෙන් සරලව පාඩම් මාලාවක් මේ නාට්‍යකාරයා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක යාළුවන්ට හොද  ආරංචියක් වෙයි කියල නාට්‍යකරයා හිතුවා. ඉතින් දිගටම නටයකාරයත් එක්ක ඉන්නකෝ ඕගොල්ලෝ .. ඒ වගේම මම මේ දවස් වල ඉංග්‍රීසි භාෂාවෙන් පොඩි බ්ලොග් එකක් කරගෙන යනවා serisara tourism club කියලා ඒකත් සංචාරක ශේත්‍රය ගැන ඉගෙන ගන්න අයට ප්‍රයෝජනවත් වෙයි  කියලා මම හිතනවා . කැමතිනම් එකටත් ගිහින් බලල අදහසක් දෙන්න ... www.serisaratourismclub.blogspot.com

එහෙනම් පොත පහල ලින්කුවෙන් බාගන්න හොදේ..........

බාන්න

එහෙනම් මම ගිහින් එන්නම් හොදේ ඕගොල්ලන්ට සුබ දවසක් !!!!!!!!!

Sunday, March 4, 2012

Twilight Series




                         ඔන්න  ඉතින් අද තවත් පොත් පෙළක් අරගෙන ආවා. මේ පොත් මලාවටත් චිත්‍රපට මාලාවක් නිකුත් වූ අතර එය නොබැලු කෙනෙකුන් නොමැති තරම්. චිත්‍රපට පෙළ නරබනවට වඩා උසස් රසාස්වාදයක් මෙම පොත් පෙළ කියවීමෙන් ඔබට

Saturday, March 3, 2012

Harry Potter 7 Series ( හැරීපොටර් පොත් නොමිලේ කියවමු )

            



            ඔන්න ඉතින් හුග කාලෙකට පස්සේ අදත් පොත්මාලාවක්ම දෙන්නයි නාට්‍ය කාරයාගේ සුදානම.ඒ වෙන කිසිවක් නොවේ ලොකු කුඩා බාල මහලු හැම දෙනා ගේම ජනාදරයට පාත්‍ර වුන හැරීපොටර් කතා මාලාවයි.. මෙම කතා මාලාව ලිය වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික කතුවරියක වන J. K. Rowling විසිනි.





J. K. Rowling


                                        ඇය පවසන ආකාරයට ඇයට මෙම කතා මාලාව පිළිබද අදහස පැමිණ ඇත්තේ ඇය දුම්රියේ ගමන කරන අතරතුරයි..
                                
                "I had been writing almost continuously since the age of six but I had never been so excited about an idea before. I simply sat and thought, for four (delayed train) hours, and all the details bubbled up in my brain, and this scrawny, black-haired, bespectacled boy who did not know he was a wizard became more and more real to me."

පොත් මාලාව

                කෙසේ වෙතත් ඉතාම සාර්ථක වූ කතාමලාවක් වන මෙය වෙළුම්  හතකින්  යුක්ත වේ. හත්වන  වෙලුමෙන් මෙම කතාමාලාව අවසාන වේ.අදායම් වාර්තා බිද හෙලමින් කා අතරත් ජනප්‍රිය වූ මෙම කතා පෙළ භාෂා 67 කට පරිවර්තනය විය. මේ ජනප්‍රියත්වය හේතු කොටගෙන මෙම හැම වෙලුමකටම එක චිත්‍රපටය බැගින් චිත්‍රපට  මාලාවක් ද නිපදවනු ලැබිය.ඒවා නිෂ්පාදනය කරනු ලැබුයේ වෝනර්ස් බ්‍රදර්ස් ( Warner Bros. Pictures) සමාගම විසිනි.

                                                             මෙම චිත්‍රපට මාලාව නොබලූ කෙනෙකු නැතිතරම්ය. නමුත් චිත්‍ර පටයට එහා ගිය ආශ්වාදයක් මෙම කතා මාලාව කියවීමෙන් ඔබට ලබාගත හැකි බව මගේ මතයයි.මන්ද මා එම වින්දනය ලබූ බැවිනි. එසේනම් පහල ඈති ලින්ක් තුලින් එම පොත් මාලාව බාගෙන රසවිද මටත් පවසන්න.කමෙන්ටුවක් දමන්න අමතක කරන්න එපෝ.....

1. The Socrerer's Stone

2. The Chamber of Secrets

3. The Prisoner of Azkaban

4. The Goblet of Fire

5. The Order of The Phoenix 

6. The Half-Blood Prince

7. The Deathly Hallows

                                       

Thursday, January 12, 2012

The-Adventures-of-Tom-Sawyer (ටොම් සෝයර් ගේ විර ක්‍රියා )



මේ පොත ගැනනම් ඉතින් කියන්න දෙයක් නැනේ .......... ඕගොල්ලෝ කවුරුත් දන්නවා ඇති මේ දගයගේ වැඩ....... මොකද මේ කතාව අලලා හැදුන ටෙලි නාට්‍යකුත් රූපවාහිනියේ විකාශය උනානේ බාගෙනම බලන්නකෝ......

 මෙන්න මෙතනින් බාන්න......

Saturday, September 3, 2011

ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා (Grimms-Fairy-Tales-)

                                    මෙන්න මම ආසාවෙන්ම කියවපු පොතක්. මේකේ සිංහල පරිවර්තනය තමා "ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා" කියන පොත. මේ පොතේ තියෙන්නේ Grimm, Jacob  හා  Wilhelm කියන සහෝදරයන් දෙන්නගේ සුරංගනා කතා එකතුවෙන් කොටසක් තමා. මේ දෙන්නා German ජාතිකයෝ මේගොල්ලෝ මැරෙන්න කලින් සුරංගනා කතා 200 ක් විතර එකතුකරලා තිබුනා කටින් කට ආපු කතා තමා මේ දෙන්න එකතු කරේ. මේ ඔක්කොම කතා එකතු කරලා මේ දෙන්නා 1812 දී ‘Nursery and Household Tales’ කියන පොත එලි දැක්වූවා. එත් ඉතින් මේ දෙන්නා German ජාතිකයොනේ එක හින්දා ඉතින් මේ පොත ලිව්වෙත් ජර්මන් භාෂාවෙන් තමයි මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා (ඒ කියන්නේ අපේ මව භාෂාවට ) තියෙන්නේ EdgarTaylor කියන එක්කෙනා තමා. 1823 දී එත් ඉතින් කතා ක් තමා එයා පරිවර්තනය කරලා තියෙන්නේ ඔයාලත් බාලම කියවල බලන්නකෝ මාර ලස්සනයි.  හැබැයි ඉතින් ඉස්සෙල්ලා දාපු පොත් 48 එකක් වත කරුවත් කියෝලනම් තිබුනෙනෑ. කමක් නැ මේකවත් කියවලා බලන්නකෝ මාර ලස්සනයි.

                                                        
           
                                        බාන්න මේක උඩ  කොටන්න

Thursday, September 1, 2011

මෙන්න ඔබ කැමති පොතක් (The Hardy Boys)

         ඔන්න ඉතින් මම හිතුවා හැමදාම එක විදියට ඉන්නේ නැතුව ටිකක් වෙනස් වෙන්න ඕනේ කියලා . එක හින්දා ඕන් පොතක් දෙන්නයි අද ඉදන් නාට්‍යකාරයා හදන්නේ.
                                                   ඔන්න ඉතින් මොනදේ පටන් ගත්තත් ඉතින් අපේ මව් භාෂාවෙන් පටන් ගන්න එපායැ නේද? එක හින්දා ඔන් කස්ටිය නාට්‍යකරයත් එක්ක තරහා වෙනවා එහෙම නෙවේ. මම අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ හුගදෙනෙක් කියෝලා ඇති කියලා හිතන අනුවර්තනයේ ප්‍රදාන පොත. ඒ කියන්නේ ඉංගිරිසි එක හරිද ..  මේ පොතේ කතෘ