Monday, October 29, 2012
ජර්මන් භාෂාව ඉගෙන ගනිමු ......... (Schenke - Seago - Basic German)
අද දෙන්න යන පොතනම් ටිකක් වෙනස් පොතක්. මොකද මේක වැදගත් වෙන්නේ අපේ භාෂා ඉගෙන ගන්න සහෝදර සහෝදරියන්ට තමයි ඉතින්. හැබැයි අනිත් අයටත් මේක බාලා ඉගෙන ගත්තා කියල පාඩුවක් නම් වෙන්නෑ ......... මම මේ පොතක අරන් ආවෙත් හුග කාලෙකින් නේද? මේ කාලේ ගොඩක් කාර්යය බහුල කාලයක් උනා මට එක නිසා පොතක් ගෙන්න වෙලාවක් තිබුනේ නැ ඕගොල්ලන්ට ..... එත් ඉතින් ඉස්සරහට අපිට මාස දෙකක දීර්ග නිවාඩුවක් හම්බෙන හින්දා ඕගොල්ලන්ට හොද පොත් ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අලුත් වැඩක් පටන් ගන්නත් හිතන් ඉන්නවා ඒ තමා මම අද දුන්නේ පොතක්නෙ එහෙම නෙවේ අපේ ජර්මන් භාෂාව ඉගෙන ගන්න යාළුවන්ට ජර්මන් සිංහලෙන් සරලව පාඩම් මාලාවක් මේ නාට්‍යකාරයා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක යාළුවන්ට හොද ආරංචියක් වෙයි කියල නාට්‍යකරයා හිතුවා. ඉතින් දිගටම නටයකාරයත් එක්ක ඉන්නකෝ ඕගොල්ලෝ .. ඒ වගේම මම මේ දවස් වල ඉංග්‍රීසි භාෂාවෙන් පොඩි බ්ලොග් එකක් කරගෙන යනවා serisara tourism club කියලා ඒකත් සංචාරක ශේත්‍රය ගැන ඉගෙන ගන්න අයට ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා . කැමතිනම් එකටත් ගිහින් බලල අදහසක් දෙන්න ... www.serisaratourismclub.blogspot.com
එහෙනම් පොත පහල ලින්කුවෙන් බාගන්න හොදේ..........
බාන්න
එහෙනම් මම ගිහින් එන්නම් හොදේ ඕගොල්ලන්ට සුබ දවසක් !!!!!!!!!
Sunday, August 12, 2012
Sunday, March 4, 2012
Twilight Series
ඔන්න ඉතින් අද තවත් පොත් පෙළක් අරගෙන ආවා. මේ පොත් මලාවටත් චිත්‍රපට මාලාවක් නිකුත් වූ අතර එය නොබැලු කෙනෙකුන් නොමැති තරම්. චිත්‍රපට පෙළ නරබනවට වඩා උසස් රසාස්වාදයක් මෙම පොත් පෙළ කියවීමෙන් ඔබට
Saturday, March 3, 2012
Harry Potter 7 Series ( හැරීපොටර් පොත් නොමිලේ කියවමු )
ඔන්න ඉතින් හුග කාලෙකට පස්සේ අදත් පොත්මාලාවක්ම දෙන්නයි නාට්‍ය කාරයාගේ සුදානම.ඒ වෙන කිසිවක් නොවේ ලොකු කුඩා බාල මහලු හැම දෙනා ගේම ජනාදරයට පාත්‍ර වුන හැරීපොටර් කතා මාලාවයි.. මෙම කතා මාලාව ලිය වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික කතුවරියක වන J. K. Rowling විසිනි.
![]() | ||
| J. K. Rowling. |
ඇය පවසන ආකාරයට ඇයට මෙම කතා මාලාව පිළිබද අදහස පැමිණ ඇත්තේ ඇය දුම්රියේ ගමන කරන අතරතුරයි..
"I had been writing almost continuously since the age of six but I had never been so excited about an idea before. I simply sat and thought, for four (delayed train) hours, and all the details bubbled up in my brain, and this scrawny, black-haired, bespectacled boy who did not know he was a wizard became more and more real to me."
![]() |
| පොත් මාලාව |
කෙසේ වෙතත් ඉතාම සාර්ථක වූ කතාමලාවක් වන මෙය වෙළුම් හතකින් යුක්ත වේ. හත්වන වෙලුමෙන් මෙම කතාමාලාව අවසාන වේ.අදායම් වාර්තා බිද හෙලමින් කා අතරත් ජනප්‍රිය වූ මෙම කතා පෙළ භාෂා 67 කට පරිවර්තනය විය. මේ ජනප්‍රියත්වය හේතු කොටගෙන මෙම හැම වෙලුමකටම එක චිත්‍රපටය බැගින් චිත්‍රපට මාලාවක් ද නිපදවනු ලැබිය.ඒවා නිෂ්පාදනය කරනු ලැබුයේ වෝනර්ස් බ්‍රදර්ස් ( Warner Bros. Pictures) සමාගම විසිනි.
මෙම චිත්‍රපට මාලාව නොබලූ කෙනෙකු නැතිතරම්ය. නමුත් චිත්‍ර පටයට එහා ගිය ආශ්වාදයක් මෙම කතා මාලාව කියවීමෙන් ඔබට ලබාගත හැකි බව මගේ මතයයි.මන්ද මා එම වින්දනය ලබූ බැවිනි. එසේනම් පහල ඈති ලින්ක් තුලින් එම පොත් මාලාව බාගෙන රසවිද මටත් පවසන්න.කමෙන්ටුවක් දමන්න අමතක කරන්න එපෝ.....
1. The Socrerer's Stone
2. The Chamber of Secrets
3. The Prisoner of Azkaban
4. The Goblet of Fire
5. The Order of The Phoenix
6. The Half-Blood Prince
7. The Deathly Hallows
Thursday, January 12, 2012
The-Adventures-of-Tom-Sawyer (ටොම් සෝයර් ගේ විර ක්‍රියා )
මේ පොත ගැනනම් ඉතින් කියන්න දෙයක් නැනේ .......... ඕගොල්ලෝ කවුරුත් දන්නවා ඇති මේ දගයගේ වැඩ....... මොකද මේ කතාව අලලා හැදුන ටෙලි නාට්‍යකුත් රූපවාහිනියේ විකාශය උනානේ බාගෙනම බලන්නකෝ......
මෙන්න මෙතනින් බාන්න......
Wednesday, September 21, 2011
ළමා නාට්‍ය උළෙල 2011
ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් අවා මේ පැත්තේ.පහුගිය දවස කීපය බොහෝ කාර්යය බහුල වූ නිසාවෙන් නාට්‍ය කාරයට නාට්‍යයත් අමතක වූ සෙයකි. කෙසේ වූවත් කොපමණ වැඩ තිබුනද නාට්‍ය කාරයට වේදිකා නාට්‍යයක් තිබෙනවයි ආරංචි වූ විගස සියලු වැඩ අතහැර දමා එය බැලීමට යන සිරිතක් තිබේ. පසුගියදාද නාට්‍යකාරයට එවන් අවස්ථාවකට මුහුණ දීමට සිදුවිය. මෙමෙ දින කිහිපයේ උපාධි පාඨමාලාවේ වැඩ කටයුතු නිසා කාර්යය බහුල වූ නාට්‍යකරයට ඊයේ උදයේ කුකුළත් අතින් අරගෙනම රුමේෂ් අයියා කතා කෙරුවාය ඒ වෙන කිසිවකටත් නොවේ ඔහු කිවේ "මල්ලි අද ලමානාට්‍ය උළෙලේ දෙවෙනි වටේ අන්තිම දවස යමුද?" නාට්‍යකරයා කිවේ ගත් කටටම හා කියාය.
ඔන්න ඉතින් නාට්‍යකාරයත් දත කට මැදගෙන උදේ පාන්දර හවස 1.30 ට කෝච්චියට නැග ගත්තේය. අවාසනාවක මහත උළෙලේ ආරම්බය හවස 5 ට. කෙසේ වෙතත් හවස 3.30 වෙද්දී අප ජෝන්ද සිල්වා රගහල අසලය.වාසනාවට විහාරමහා දෙවි උද්‍යානය ද ඒ අසලය. කාලය කාදමා වෙලාවට ටිකක් කලින් රග හල වෙත පියමනු අප දන්නා අදුරන අය සමගද කතාකොට නාට්‍ය නැරබීමට ඉදගතිමු. නිදන කතාවනම් මෙතැනින නිමා කරමි ඒ මන්ද මිට වඩා කීමට බොහෝ දේ ඇති හෙයිනි.
මෙවර රාජ්‍ය ලමනාට්‍ය උළෙල වඩාත් සුවිශේෂී උළෙලක් බවට පත්වී තිබේ මන්ද යත් දශක තුනක යුද්ධයක නිමාවකින් පසුව සිංහල දෙමල යන භාෂා දෙකටම සම තැන ලැබෙමින් තිබේ එය අප සතුටු විය යුතු කාරණයකි. මෙය නාට්‍ය උළෙලට වැදගත් වන්නේ මෙවර නාට්‍ය උළෙල සිංහල ,දෙමල ,ඉංග්‍රීසි යන සියලු භාෂා වලට අවස්ථාවක් දී තිබීමයි. එනම් මෙවර භාෂා තුනෙන්ම නාට්‍ය ඉදිරිපත් කර තිබුනේය. මෙය අප පැසසිය යුතු කර්තවයකි.ඉදිරියටත් මෙය එසේම පවතිවා යි යයි අපි ප්‍රර්ථනා කරමු. අපගේ අවාසනාවට අපහට දමිල නාට්‍යයක් නම් නැරබීමට නොහැකි විය ඒ මන්දයත් පෙර දිනයේදී දමිල නාට්‍ය රග දක්වා තිබීමයි. නමුත් ඉංග්‍රීසි නාට්‍යයක් නැරබිමටනම් අපට වාසනාව හිමි විය. නමුත් එය වාසනාවද අවාසනාවද නොදනී එය ඉදිරිපත් කර තිබුනේ නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකිනි එහි නම "Pride and prejudice" ය මා හට මෙන්ම ඔබටද සිහියට නැගෙන Jane Austen නම් කෘතහස්ත ලේකකයා විසින් ලියන ලද ඒ කතාව ළමා නාට්‍යකට වටිදැයි ඔබටම හැගෙනවා ඇත. ඒ මන්ද යත් එය ලිය වී ඇත්තේ ආදරයත් උඩගු කමත් වටාය . එයට ළමා නාට්‍යයක් යයි කිවහොත් එය විහිළුවකි. ළමයින් රගපෑ පමණින් එය ළමා නාට්‍යයක් නොවේ. අප තරගය වෙත නාට්‍යයක් ඉදිරිපත් කිරිමෙදිනම් නීතිමලාවක් තිබුණි. ඒ සියල්ල පැත්තකින් තබා එය දෙවෙනි වටය ආවේ කෙසේද කියා බැලුවත් එය ප්‍රශ්නයකි.
Saturday, September 3, 2011
ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා (Grimms-Fairy-Tales-)
මෙන්න මම ආසාවෙන්ම කියවපු පොතක්. මේකේ සිංහල පරිවර්තනය තමා "ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා" කියන පොත. මේ පොතේ තියෙන්නේ Grimm, Jacob හා Wilhelm කියන සහෝදරයන් දෙන්නගේ සුරංගනා කතා එකතුවෙන් කොටසක් තමා. මේ දෙන්නා German ජාතිකයෝ මේගොල්ලෝ මැරෙන්න කලින් සුරංගනා කතා 200 ක් විතර එකතුකරලා තිබුනා කටින් කට ආපු කතා තමා මේ දෙන්න එකතු කරේ. මේ ඔක්කොම කතා එකතු කරලා මේ දෙන්නා 1812 දී ‘Nursery and Household Tales’ කියන පොත එලි දැක්වූවා. එත් ඉතින් මේ දෙන්නා German ජාතිකයොනේ එක හින්දා ඉතින් මේ පොත ලිව්වෙත් ජර්මන් භාෂාවෙන් තමයි මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා (ඒ කියන්නේ අපේ මව භාෂාවට ) තියෙන්නේ EdgarTaylor කියන එක්කෙනා තමා. 1823 දී එත් ඉතින් කතා ක් තමා එයා පරිවර්තනය කරලා තියෙන්නේ ඔයාලත් බාලම කියවල බලන්නකෝ මාර ලස්සනයි. හැබැයි ඉතින් ඉස්සෙල්ලා දාපු පොත් 48 එකක් වත කරුවත් කියෝලනම් තිබුනෙනෑ. කමක් නැ මේකවත් කියවලා බලන්නකෝ මාර ලස්සනයි.
බාන්න මේක උඩ කොටන්න
බාන්න මේක උඩ කොටන්න
Thursday, September 1, 2011
මෙන්න ඔබ කැමති පොතක් (The Hardy Boys)
ඔන්න ඉතින් මම හිතුවා හැමදාම එක විදියට ඉන්නේ නැතුව ටිකක් වෙනස් වෙන්න ඕනේ කියලා . එක හින්දා ඕන් පොතක් දෙන්නයි අද ඉදන් නාට්‍යකාරයා හදන්නේ.
ඔන්න ඉතින් මොනදේ පටන් ගත්තත් ඉතින් අපේ මව් භාෂාවෙන් පටන් ගන්න එපායැ නේද? එක හින්දා ඔන් කස්ටිය නාට්‍යකරයත් එක්ක තරහා වෙනවා එහෙම නෙවේ. මම අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ හුගදෙනෙක් කියෝලා ඇති කියලා හිතන අනුවර්තනයේ ප්‍රදාන පොත. ඒ කියන්නේ ඉංගිරිසි එක හරිද .. මේ පොතේ කතෘ
ඔන්න ඉතින් මොනදේ පටන් ගත්තත් ඉතින් අපේ මව් භාෂාවෙන් පටන් ගන්න එපායැ නේද? එක හින්දා ඔන් කස්ටිය නාට්‍යකරයත් එක්ක තරහා වෙනවා එහෙම නෙවේ. මම අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ හුගදෙනෙක් කියෝලා ඇති කියලා හිතන අනුවර්තනයේ ප්‍රදාන පොත. ඒ කියන්නේ ඉංගිරිසි එක හරිද .. මේ පොතේ කතෘ
Tuesday, August 30, 2011
අලුත් වෙනසක්
තව දුරටත් මේ බ්ලොගයට stage drama යන නම නොගැලපේයයි සිතෙන නිසා නම වෙනස් කිරීමට සිතුවෙමි. ඒ සමගම බ්ලොගයේද සුළු සුළු වෙනස්කම් කිහිපයක් සිදු කරන අතර සාහිත්‍ය සදහාද ඉඩකඩක් දෙන අටියෙන් "පොතක්" යන ලේබලය යටතේ ඔබ කැමති පොතක් බාගත කර ගැනීමට ඉඩකඩක් ලබා දෙන්නට අදහස් කෙරුවෙමි. තවමත් බ්ලොග් කෙරුවාවට අලුත් නිසා යම්කිසි අඩුපාඩු සිදුවීමට හැකි බැවින් ඒවා පෙන්වා දී අඩුපාඩු සකස් කර ගැනීමට ඔබගේ උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
Tuesday, August 16, 2011
වික්‍රම ආරච්චිගේ විජිත ප්‍රේමප්‍රිය. (මගේ ආදරණිය ගුරු පියාණන්)

නම :- වික්‍රම ආරච්චිගේ විජිත ප්‍රේමප්‍රිය.
ලිපිනය :- 247/C, පිටවෙල, ගනේමුල්ල.
උපන් දිනය :- 1962 ජූලි 11
දුරකථන අංකය :- 071 8176767
Subscribe to:
Posts (Atom)








