Friday, February 24, 2017
සිල් ගත් බිල්ලො ඔබ නැරබියම යුතුම රංගයක් වන්නෙ ඇයි?
ඔන්න නාට්‍යකාරයා මේ පාරත් ඉඩ ලැබුනු හැටියෙ ගියා රාජ්‍ය නාට්‍ය උළෙල බලන්න. මට බලන්න හම්බුනේ නම් නාට්‍ය දෙකක් විතරයි ඒ අතරින් මගේ හදවත සසල කරපු කාලීන රංගයක් තමා විජිත් නුවන් ගෙ සිල්ගත් බිල්ලො. මොකද කියනවනම් වත්මන් දේශපාලනයයේ මුහුනුවර හා වත්මන් තරුන පරපුරේ කේදවාචකය මනාව ගෙනහැර දක්වන්න සමත් වෙලා තියෙනවා විජිත් නුවන් මේ තුලින්. අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ සිල්ගත් බිල්ලො කියන්නෙ කියලා.
විජිත් නුවන් කියන්නෙ නිකන්ම වේදිකාවට ආපු පුද්ගලයෙක් නෙවේ නාට්‍ය කලාව ගැන විශේෂයෙන් හදාරපු පුද්ගලයෙක්. කැළනිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබද ශාස්ත්‍රවේදී විශේෂ උපාධියත් ඒ වගේම ශාෂ්ත්‍රපති උපාධියත් ලබා ගත් හෙතෙම දැන් රජයේ පාසලක ගුරුවරයෙක් ලෙස සේවයකරනවා. ඒ වගේම දිගු හා කෙටි නාට්‍ය ගනනාවකට රංගනයෙන් දායක වී ඇති හෙතෙම ඉතා දක්ෂ රංගාලෝක හා පසුතල නිර්මාන ශිල්පියෙක්. ඔහු "ජනේලයෙන් පනින්නද" නාට්‍ය වෙනුවෙන් 2011 රාජය නාට්‍ය උළලෙන් හොදම වේදිකා පරිපාලනයට හිමි සම්මානයද දිනාගනු ලැබුවා. කෙසේ වෙතත් " සිල් ගත් බිල්ලෝ" කියන්නෙ විජිත් නුවන්ගෙ කුලුදුල් දිගු නාට්‍ය රචනය හා අධ්‍යෂනය. මගේ රසඥතාව අනුව ඉතාම ප්‍රසස්ථ ගනයේ නිර්මානයක් තමා සිල්ගත් බිල්ලො කියන්නෙ.
Tuesday, February 21, 2017
2017 රාජය නාට්‍ය උළෙල
ඔන්න නාට්‍යකාරයාට මේ ගැන කලින් කියන්න බැරිඋනාට සමාවෙන්න ඔනේ. මොකද මේ ටිකේ තිබුන වැඩත් එක්ක මට ඔගොල්ලන්ට මේ රහ ඔත්තුව දෙන්න බැරුව ගියා. මෙවරත් රාජ්‍ය නාට්‍ය උළෙල මේ දිනවල මරදාන ටවර් රගහලේ පැවැත්වෙනවා. නාට්‍ය උළෙල ආරම්බ උනේ නම් පෙබරවාරි 15 වෙනිදා දැනට දිගු නාට්‍ය 6ක් ප්‍රදර්ශනය කර අවසන්. දනට ප්‍රදර්ශනයට ඉතිරිව ඇත්තේ දිගු නාට්‍ය 4ක් හා කෙටි නාට්‍ය 14ක් පමනයි. ඉතින් තාමත් ප්‍රමාද නෑ අදම යන්න සවස 6.30 ට තමා පටන් ගන්නෙ.
මෙන්න කාල සටහන
පෙබ. 15 - අනිල් කුමාර විජේසිංහ ගේ ආදරණීය වෙඩිල්ලක්
පෙබ. 16 - අඛිල සපුමල් ගේ ගිරිකූඨ කාශ්‍යප
පෙබ. 17 - රාජිත දිසානායක ගේ නැතිව බැරි මිනිහෙක්
පෙබ. 18 - සමන් සොයිසා ගේ මීඩියා
පෙබ. 19 - ලෙ.ප. සරත් රණතුංග ගේ මා ඝාතෝ
පෙබ. 20- එස්.අයි. සමරක්කොඩි ගේ Love and Life
පෙබ. 21 - ප්‍රියංකර රත්නායක ගේ ප්‍රේමවන්ත කුමාරයෝ
පෙබ. 22 - විජිත් නුවන් ගේ සිල්ගත් බිල්ලෝ
පෙබ. 23 - අනුර විතානච්චි ගේ මාර හොරු
පෙබ. 24- එම්.සුරින් චාමර මෙන්ඩිස්. නිෂාදි පලන්සූරිය ගේ Mr.W හෙවත් අත්තනායකගේ අවසන් දවස්
අවසන් වටය සඳහා තේරී ඇති කෙටි නාට්‍යය
පෙබ.25
මතු වික්‍රමසිංහ ගේ “අධිශීතකරණය” , ඒ. ප්‍රසාන්ත් ගේ “ආර්ත්තම්” , නිමේස් පතිරණ ගේ “ මිඩ්නයිට් ඩ්‍රීම්” , ඩබ්.විමල් පෙරේරා ගේ “ එම්බාම්.” ,
පෙබ. 26
සමන්ත පරණලියනගේ ගේ “කිරි අම්මා අවතාරය” , එම්. කාලිදාස් ගේ “තෝලන්”, ප්‍රදීප් සම්පත් අරුගමගේ “ආණ්ඩුවේ රස්සාව”,
පෙබ. 27
සචිත්ර රාහුබද්ධ ගේ “ සිංහ සේයා” , ජේ.ඒ.ඩොමින් රෙජිනෝලඩ් ගේ “තවිපින් තේඩාල්” , ආර්.සුදර්ශන ක්‍රිශාන්ත ගේ “ ස්වරණ භූමි”
පෙබ. 28
කේ.ඒ.ජී.ආනන්ද චන්ද්‍රකුමාර ගේ “ ලද ලබ” , එස්.කර්තිකේසු ගේ “කලාරියන්දු කරුවාරෙයි” , දේවින්ද වික්‍රමසිංහ ගේ “ මම අඩකුඹයි” , එම්.කේතීස්වරන් ගේ “මැජික් බොක්ස්”,
Saturday, February 18, 2017
නාට්යකාරයාගෙ නැවත ආගමනය
ඔන්න නට්‍යකාරයා දිගු නිහැඩියාවකින් පසුව ආයෙ කරලියට එන්නයි හදන්නෙ. දැන්නම් බ්ලොග් රෝල් වලින් නාට්‍යකාරයා ගැලවිලා ඇති කියලත් හිතෙනවා. ඉගෙනීමේ කටයුතු හා පොඩි පොඩි බිස්නස් වලට හිත ගිය හින්දා නාට්‍යකාරයාට ලියමනක් ලියන්න ඉස්පාසුවක් හම්බුනේම නෑ. සිංහල බ්ලොග් කියවනය නැතුව ගියාට පස්සෙ වැඩියෙ බ්ලොග් කියවන්නත් බැරුව ගියා. අද ඉදන් නාට්‍ය කාරයාගේ සුපුරුදු ජීවන රටාවට අනුගත වෙන්නයි බැලුවේ. ඉස්සර නාට්‍යකාරයා බ්ලොග් කියෙව්වේ පිස්සෙක් වගේ ඔව් පිස්සෙක් වගේ. සොදුරුසිත අක්කගේ බ්ලොග් එකෙන්ම අද ඉදන් අයේ කියවන්නයි බැලුවෙ. ඉතින් බ්ලොග් පරපුරේ යාලුවො ටික ආයෙ හම්බෙයි කියලා හිතනවා.
ඔන්න අද ඉදන් හැම සතියෙම ආයෙ පොතක් ගැන ලියන්නත් හිතන් ඉන්නවා. ඒ වගේම අලුතෙන් අපේ ඩොක්ටර්ගෙ පොතක් එලි දකින්න තියෙනනවා කියලත් නාට්‍යකාරයට රහ ඔත්තුවක් ලැබිලයි තියෙන්නෙ. අපි බලාගෙන ඉමුකො අලුත් පොත මොන වගේ වෙයිද කියලා නේද? ඩොක්ට කිව්වෙ කවුද කියලා ඔගොල්ලො බලනවා ඇති නෙද? ඩොක්ටර් කිව්වෙ රාවණා මෙහෙයුම ලියපු අපේ සුසිත් රුවන් අයියා හොදේ. ඔන්න කියවන්න බැරි උනානම් ඩොක්ටර්ගේ ආපු අන්තිම පොත ගැන මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.
Hiking Srilanka
එහෙනම් නාට්‍යකාරයාගේ ලියමනකින් ඉක්මන්ටම හම්බෙමු. අදට යන්න අවසර. නාට්‍යකාරයා ගැන මොනවා හරි කියන්න තියෙනවනම් පල්ලෙහායින් කොටලම යන්න හොදේ..
ඔන්න අද ඉදන් හැම සතියෙම ආයෙ පොතක් ගැන ලියන්නත් හිතන් ඉන්නවා. ඒ වගේම අලුතෙන් අපේ ඩොක්ටර්ගෙ පොතක් එලි දකින්න තියෙනනවා කියලත් නාට්‍යකාරයට රහ ඔත්තුවක් ලැබිලයි තියෙන්නෙ. අපි බලාගෙන ඉමුකො අලුත් පොත මොන වගේ වෙයිද කියලා නේද? ඩොක්ට කිව්වෙ කවුද කියලා ඔගොල්ලො බලනවා ඇති නෙද? ඩොක්ටර් කිව්වෙ රාවණා මෙහෙයුම ලියපු අපේ සුසිත් රුවන් අයියා හොදේ. ඔන්න කියවන්න බැරි උනානම් ඩොක්ටර්ගේ ආපු අන්තිම පොත ගැන මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.
රාවණා මෙහෙයුම - 2 සාර්ථකද ?
ඒ වගේම නාට්‍යකාරයා අලුත් විනෝදාශයකුත් පටන් ගත්තනේ අපේ කාවින්ග සොහොයුරා හින්දා කදු නැගීම හා සංචරනය ඒ ගිය තැන් ගැනත් ලියන්නයි බලා පොරොත්තුව. කාවින්ග කිව්වෙ අපේ හයිකින්ග් ශ්‍රී ලංකා කරන සහෝදරයා හොදේ..ඒක ගැන දන්නැත්තම් මෙතනින් ගිහින් බලන්න. කාවින්ග කියන්නෙ ලංකාවේ කදු ගැන ගොඩක් දේවල් දන්න හැමතැනම ගිය පොඩි කොල්ලෙක්. උගේ කදු ගැන දැනීමනම් අති විශිෂ්ටයි කියලා මට කියන්න පුලුවන්.Hiking Srilanka
එහෙනම් නාට්‍යකාරයාගේ ලියමනකින් ඉක්මන්ටම හම්බෙමු. අදට යන්න අවසර. නාට්‍යකාරයා ගැන මොනවා හරි කියන්න තියෙනවනම් පල්ලෙහායින් කොටලම යන්න හොදේ..
Sunday, September 27, 2015
රාවණා මෙහෙයුම - 2 සාර්ථකද ?
සුසිත් රුවන්
තම සිව්වන දරු සූතිය ඉතා සන්යමයෙන් යුක්තව සිදුකර තිබේ. තම කුලුදුල් දරුවාගේ සිට මේ
ආ ගමන් මාර්ගය ඉතා සිත් ඇදගන්නා සුලුය. විවිද කතා තේමාවන් ඔස්සේ අප රැගෙන ගිය ඔහු ඒ
සියල්ලම වෙනමම ආරකට රචනා කිරීමට යුහුසුලු විය. රාවනා මෙහෙයුම ඔහුගේ කුලුදුල් දරුවා
මෙන්ම ගවේෂණාත්මක නවකතා කරනයට අලුත් අරුතක්ද එක් කල රචනාවක් විය. එමෙන්ම ඔහුගේ දෙවන
රචනාව වූ ඒ ඔහු නොවේ කෘතිය වෙනමම කතා ශෛලියක් අනුගමනය කරන්නක් විය. එම කෘතිය කියවන්නාට
අත්දැකීමට ලැබෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක් නරබන අත්දැකීමයි . ඔහුගේ තෙවැනි කෘතිය වූ
මාරායණය තවත් නවමු අත්දැකීමක් එකතු කරන්නක් විය. මිනිසාගේ මනෝභාවයන් පිලිබද ඉතාම ගැබුරට
කතිකාවතක් ගෙනයන මාරායනය මිනිස් සිතක ඇතිවන චෛතසිකයන් පිලිබදව මනා විග්‍රහයක් ගෙනහැර
දක්වයි. සමාජයේ සිටින මාරයන් හා ඔවුන්ගේ එම වෙනසට හේතුවන සාධකද ගෙනහැර දක්වයි.
Monday, February 9, 2015
චේතන් බගත් ගේ ඔබ කියවිය යුතුම පොත් දෙකක් one night @ the call center & Half girl freind
3 idiots චිත්‍රපටය නරබා නැති කෙනෙක් මා හිතන තරමට හොයා ගන්නවත් බැරිවෙයි නේද? ඒත් ඒ කීයෙන් කී දෙනාද දන්නෙ එය පොතක් පදනම් කරගෙන නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් බව ඒ අයගෙනුත් කීයෙන් කීදෙනාද දන්නෙ ඒ පොත ලියපු කතුවරයාගෙ නම නේද? ඒ කට්ටියගෙනුත් කීයෙන් කී දෙනෙක්ද දන්නෙ ඒ පොතේ නම ඉතින් මම අද මේ දෙන්න යන්නෙ ඒ පොත ලියපු කතුවරයාගේ තවත් පොත් දෙකක්.
චේතන් බගත් ඔබට සමහර විට නම පුරුදු ඇති. ඔව් ඒ ඔබ හිතපු කෙනා තමා මෑත ඉතිහාසයේ ඉංග්‍රීසි නවකතා අතුරෙන් වැඩියෙන්ම අලෙවියක් වාර්තා කලේ මොහුගේ පොත්. ඒ ඉන්දියාවෙ හැබැයි ඉන්දියාවෙ විතරක් නොවේ මොහුගේ පොත් දැනට ලොව පුරාම අලෙවි වෙනවා. ඉතින් මොහුගේ ප්‍රසිද්ධියට හේතුව තමා මොහු පොත් ලිවීමට බාවිතා කරන භාෂාව. ඔහු ඉතා සරල ඉංග්‍රීසියෙන් තමා පොත් ලියන්නෙ. කොච්චර සරල භාෂාවෙන් ලිව්වත් රසවින්දනයටනම් කිසිම බාදාවක් නෑ.
Thursday, November 13, 2014
ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German ) 2
ඔන්න අද මම අරන් ආවේ එදා අපි නවත්තපු පාඩමේ ඉතුරු ටික අද අපි ඉගෙන ගමු කොහොමද ෆෙමිනි නාමපදයක් හදුනා ගන්නේ කියලා ඒ කියන්නෙ ස්ත්‍රී ලිංග නාමපද හදුනා ගන්නෙ කොහොමද කියලා තමා අද අපි ඉගෙන ගන්නෙ.
ස්ත්‍රී ලිංග නාමපද හදුනාගමු
පහත සදහන් අකුරු වලින් අවසන් වන නාමපද අපට ස්ත්‍රී ලිංග නාමපද ලෙස හදුනා ගත හැකිය
-ei die Bäckerei, die Türkei backery, Turkey
-enz die Intelligenz, die Differenz intelligence, difference
-heit die Freiheit, die Dummheit freedom, stupidity
-ie die Demokratie, die Phantasie democracy, imagination
-ion die Nation, die Kommunikation nation, commiunication
-keit die Schwiergkeit,die Möglichkeit difficulty, possibility
-tät die Universität, die Fkultät university, faculty
-schaft die Mannschaft, die Landschaft team, landscape
-ung die Wohnug, die Zeitung flat, newspaper
-ur die Kultur, die Natur culture, nature
ඒ වගේම 90% ක්ම -e වලින් අවසන් වන නාමපද ෆෙමිනි ලෙස හදුනා ගන්න පුලුවන්. ඒ වුනාට der Name (name) වගේම der käse (cheese) වගේ නාමපද මේකට අයිතිවෙන්නෙ නෑ.
ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් ස්ත්‍රී ලිංග නාමපද හැටියට
ස්ත්‍රීන් හගවන නාමපද die Mutter, die Tochter අම්මා, දුව
යතුරුපැදි සහ නැව් වල නම් die BMW, die Titanic BMW, ටයිටැනික්
ගස් සහ මල් වල නම් die Eiche, die Rose ඕක්, රෝසමල
ඔන්න ඒ වුනාට කෙල්ල යන්න හදුන්වන Mädchen, das Mädchen කියලා තමා අපි හදුන්වන්නෙ. ඒ වගේම වයලට් හදුන්වන Veilchen කියන නාමපදයත් das Veilchen වෙනවා. ඒ කියන්නෙ ඒවා නපුංසක ලිංග.
මගෙන් එදා ඇනෝ කෙනෙක් අහලා තිබුනා මොකද -er වලින් ඉවර වෙන Mutter, der Mutter වෙන්නැතුව die mutter වෙන්නෙ කියලා. ඒකට හේතුව තමා ඒක ස්ත්‍රීන් හගවන නාමපදයක් වීම. ඒකියන්නෙ මේක තමා නීතිය අර අපි අවසන් අකුරු වලින් අදුනා ගන්න නාමපද ප්‍රධාන රූල් වලින් ඇමෙන්ඩ් වෙනවා. ඒ කියන්නෙ ප්‍රධාන නීති වලින් වෙනස් වෙනවා. විශේෂ හේතු ඇරුනුකොට. අන්න ඒක තමා ඔය නාමපදේට වෙලා තියෙන්නෙත්. හැබැයි සමහර ඒවා එහෙම නෑ ඒවා තමා මම විශේෂයෙන් සදහන් කරලා තියෙන්නේ ඒවානම් කට පාඩම් කරගන්නම වෙනවා. නැත්තම් පැටලෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට ප්‍රධාන නීතිනම් අග අකුරුවලින් ඇමෙන්ඩ් වෙනවා අඩුයි. ඔය das Mädchen කියන එක das වෙලා තියෙන්නෙ ප්‍රධාන රීතියක් ප්‍රධාන රීතියකින්ම වෙනස් වෙලා. ඒක ඉස්සරහා පාඩමේදී අපිට දැකගන්න පුලුවන්.
Saturday, November 8, 2014
ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German easily)
අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔගොල්ලො ජර්මන් භාෂාව ඉගෙන ගනිද්දී බොහෝම ගැටලුවකට මූන පාන ගැටලුවක් විසදා ගන්නා ආකාරය. මුලින්ම කියන්නම්කො අපේ සිංහල ඉංග්‍රීසි භාෂා වගේ නෙමේ මේ ජර්මන් භාෂාව එහෙම කියන්නේ මොකද මේ භාෂාවේ නාමපද වල ලිංග බේද තුනක් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් ඒ තමා ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හා නපුන්සක ලිංග කියලා.
der (Masculine පුරුෂ ලිංග) der Mann, der Tisch the man(මිනිසා) the table(මේසය)
die (Feminine ස්ත්‍රී ලිංග) die Frau, die Tür the woman(ගැහැණිය) the door(දොර)
das (Neuter නපුන්සක ලිංග) das Kind, das Fenster the child(දරුවා) the window(ජනේලය)
මෙහෙම ලිංග බේදයක් අපිට අනිත් භාෂාවල දකින්න ලැබෙන්නෑ මොකද අපි සිංහල භාෂාවෙදි පන නැති දේවල් එකම ලිංග බේදෙකින් තමයි හදුන් වන්නේ. නමුත් මෙහිදී මේසය පුරුෂ ලිංග වශයෙන්ද දොර ස්ත්‍රී ලිංග වශයෙන්ද ජනේලය නපුන්සක ලිංග වශයෙන්ද හදුන්වලා තියෙනවා. ඉතින් මෙහිදී ඕගොල්ලො වගේම ගොඩක් දෙනෙක් ලොකු අමාරුවක වැටෙනවා කොහොමද අපි මේ ලිංග බේදය පැහැදිලිව හදුනා ගන්නෙ නැත්තම් කොහොමද අපි ආර්ටිකල් යොදන්නේ කියලා. ගොඩක් දෙනෙක් මේක නිසාම නාමපදයත් එක්කම ආර්ටිකල් එකත් කටපාඩම් කරනවා.
ඉතින් මම අද කියලා දෙන්න යන්නේ බොහොම ලේසි වගේම නිවැරදි ක්‍රමයක් මේ ලිංග බේදය හොයාගන්න ඉතින් අද පාඩම අපි පටන් ගමු.
පුරුෂ ලිංග නාමපද හදුනා ගමු
පහත අකුරු වලින් අවසන් වෙන නාම පද අපට පුරුෂ ලිංග නාමපද හැටියට හදුනා ගන්න පුලුවන්
|
|
|
|
|
-er
|
der Computer, der Wecker
|
Computer, alarm clock
|
|
-ig
|
der Honig, der Käfig
|
Honey, cage
|
|
-ismus
|
der Idealismus, der Kapitalismus
|
Idealism, capitalism
|
|
-ling
|
der Früling, der Schiling
|
Spring, shilling
|
|
-or
|
der Motor, der Reaktor
|
Engine, reactor
|
ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් පුරුෂ ලිංග නාමපද හැටියට
පුරුෂයන් der Vater, der Shon තාත්තා, පුතා
මාස හා දවස් der Montag, der August සදුදා, අගෝස්තු
කාර් නිෂ්පාදකයන් der BMW, der jaguar බීඑම්ඩබ්ලිව, ජැගුවාර්
ඍතු der Sommer, der Winter ග්‍රීෂ්ම සෘතුව, සිසිර කාලය
ඇල්කොහොල් වර්ග der Whisky, der Wein විස්කි, වයින්
නමුත් මෙතනදී මතක තියා ගන්න තව දෙයක් තියෙනවා ඒ තමා අපි බියර් හදුන්වද්දී විතරක් "das Bier " ලෙස හදුන්වනවා .
Saturday, September 20, 2014
ලොවීනා ද? පුන්නී ද?
මා පොතෙන් අඩක් කියවීමි එහෙත් මට ලොවීනා හමු නොවිනි. මා හට හමු වූයේ මුල් බාගයේදී පුන්නා නම් ඒ සොදුරු අද්භූත දැරියවයි. ඉන් පසු ටිකෙන් ටික ශරීරය මෝරා ලස්සන වන එම පුන්නා යෞවනියයි. පසුව පුන්නී නැමැති රොඩී රැහැට පිටමන් කල රොඩී කුල හීන කාන්තාවයි. මේ පුන්නා ගලේ ගසාවත් මැරිය නොහැකි බව පුන්නා ඉපදෙන විට නැකත් රාළ කියයි. ඇත්තම ඇත්තය මෙම පොත කියවා ඉවර වන විටද මෙම පුන්නා පසුව පුන්නී මගේ හිතින් ගලේ ගසාවත් මරන්නට බැරි විය. ඇත්තටම ඈ තවමත් මගේ හිත තුල සක්මන් කරයි. ඇය වීර කාන්තාවකි, අනේක විද දුක්ඛ දෝමනස්සයන්ට මුහුන පාමීන් ඈ අනුන් වෙනුවෙන් මහමෙරක් මෙන් වේදනා උහුලයි. අනෙක් අයගේ සතුට ප්‍රාර්ථනා කරයි. ඇයගේ සතුට අපට හමු නොවන්නේ ඒ නිසාය.
Thursday, August 7, 2014
අමනුෂ්‍ය ග්රහණයෙන් මිදී සුගතිය කරා
ගොඩක් කාලෙකින් ආයෙත් මම පොතක් අරගෙන ආවා ඔගොල්ලන්ට මේක එසේ මෙසේ පොතක් නම් නෙමේ ඕන් අපේ බෞද්ධ යාලුවන්ට වගේම අනෙක් අයටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ පොත ලියලා තියෙන්නෙ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි විසින්. මේ පොත ඔබට දෙවියන් හා අමනුෂ්‍ය වර්ගයා වෙන් කොට හදුනා ගැනීමට මහත් රුකලක් වේවි.
මම මේ දවස්වල මගේ අවසන් විභාගය පැවැත්වෙන නිසා මගේ හොදම යහලුවෙක් නැවතී ඉන්න පන්සලක තමා නැවතිලා ඉන්නේ. ඒ ඔබ සමහරවිට දන්නවත් ඇති බේස්ලයින් පාරේ ඤාණසීහාරාමය. ඒ පන්සලේ පොත් ගුලක තිබිලා තමා මට මේ පොත කියවන්න ලැබුනේ. පාඩම් කරන්න කම්මැලි වෙලාවක තමා මේ පොත කියෙව්වෙ. එක හුස්මට පොත කියවලා දැම්මා බිම තියන්න හිතුනෙ නෑ.
මම මෙච්චර කල් හොයපු ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා. ඔබත් තාමත් පූජා වට්ටි අරන් එක එක දෙවියන් පස්සෙන් යනවාද? එහෙනම් අනිවාර්යෙන්ම කියවන්න මේ පොත ඔබේ අදහස් වෙනස් වේවි. මෙම පොතේ තැනක මෙම හිමිනම කියනවා
" සමහරු පුරුදු වෙලා ඉන්නවා තමන්ග් හතුරන්ගෙන් පළිගැනීම පිණිස දෙවියො ඉස්සරහට ගිහිල්ලා පාතාල මැරයන්ට කොන්ත්‍රාත් භාර දෙනවා වගේ දරුණු අපරාද වැඩ බාර දෙන්න"
මෙම හිමි නම මෙයට ප්‍රවේශය අරන් තියෙන්නෙ "දෙවියොයි මැරයොයි පැටලිලා" කියලා ඇත්තටම වටිනා අදහස් ටිකක් ප්‍රකාශ කරලා තියෙනවා දෙවියො කප්පම් ගනීද මිනිස්සුන්ගෙන් දෙවියන්ට වෙන වැඩ නැද්ද හිතන්න...
මෙම පොත ලියවෙන්නෙ එකම පොතේ කොටස් දෙකක් විදිහට පලවෙනි කොටසින් මෙම හිමිනම හදුන්වලා දීලා තියෙනවා දෙවියන් කියන්නෙ කවුද? දෙවියන්ගෙ සැබෑ කාර්යය භාරය කුමක්ද බුදුරජානන් වහන්සේ කොහොමද දෙවියන් හැදුන්වූයේ.. ඒ වගේම මොන සූත්‍ර වලද ඒවා දැක්වෙන්නේ කියලා.
දෙවෙනි පරිච්චේදයේ හදුන්වා තිබෙනවා අමනුෂ්‍යයන් කියන්නෙ කවුද? දේවාල වලට දෙවියන් ඇත්තටම වඩිනවාද? දෙවියෝ පූජා වට්ටිවල තිබෙන පුලුටු පලතුරු යුෂ උරා බීමට දිව්‍ය භෝජන දමා පැමිනෙනවාද යන කරුනු.
ඒ වගේම කියනවා මේ රටේ මිනිස්සු බොහෝමයක් අමනුෂ්‍ය ග්‍රහණයට අසුවෙලා දුක් විදිනවා කියලා දෙවියන් වදිනවා කියලා අමනුෂ්‍යයන්ට වදිනවා කියලා ඒකෙ ඇත්තක් තියෙනවා කියලා තේරෙයි ඔබත් මේ පොත කියවලා බැලුවොත්. ඔබ අනිවාර්යෙන්ම මේ පොත අරන් කියවන්න.
මෙය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මහමෙව්නා සදහම් ප්‍රකාශකයෝ මිල සදහන් වෙලා තියෙන්නේ රුපියල් 90 ක් ලෙස. කාටත් පහසු ගානක් ඔය බොරු වැඩ වලට වියදම් කරන පුංචි රුපියල් 100 කින් 90 ක් දීලා මේ පොත ගන්න. ඊටත් මේ පොත අලෙවි කරලා ලැබෙන මුදල් මහමෙව්නාවේ භික්ෂු ගිලන් අරමුදලට බැරකරනවා කියලා මෙම පොතේ සදහන් වෙලා තිබෙනවා. හැකිනම් මිලදී ගන්න ඉතාමත් වටිනවා. ඔබේ දෙවියන් සහ අමනුෂ්‍ය වර්ගයා පිලිබද තිබෙන ආකල්ප වෙනස් කරාවි. මම ලිපිනයයි දුරකථන අංකයයි සදහන් කරන්නම් ඔවුන්ට කතා කරලා .
මහමෙව්නා සදහම් ප්‍රකාශන
මහමෙව්නා භාවනා අසපුව
වඩුවාව, යටිගලොලුව
දුර/ෆැක්ස් 037-037-2244602
ඊ මේල් asapuwa1@sltnet.lk
වෙබ් :
www.mahamevna.org
www.littlelotus.org
www.meditationsl.org
මම මේ දවස්වල මගේ අවසන් විභාගය පැවැත්වෙන නිසා මගේ හොදම යහලුවෙක් නැවතී ඉන්න පන්සලක තමා නැවතිලා ඉන්නේ. ඒ ඔබ සමහරවිට දන්නවත් ඇති බේස්ලයින් පාරේ ඤාණසීහාරාමය. ඒ පන්සලේ පොත් ගුලක තිබිලා තමා මට මේ පොත කියවන්න ලැබුනේ. පාඩම් කරන්න කම්මැලි වෙලාවක තමා මේ පොත කියෙව්වෙ. එක හුස්මට පොත කියවලා දැම්මා බිම තියන්න හිතුනෙ නෑ.
මම මෙච්චර කල් හොයපු ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා. ඔබත් තාමත් පූජා වට්ටි අරන් එක එක දෙවියන් පස්සෙන් යනවාද? එහෙනම් අනිවාර්යෙන්ම කියවන්න මේ පොත ඔබේ අදහස් වෙනස් වේවි. මෙම පොතේ තැනක මෙම හිමිනම කියනවා
" සමහරු පුරුදු වෙලා ඉන්නවා තමන්ග් හතුරන්ගෙන් පළිගැනීම පිණිස දෙවියො ඉස්සරහට ගිහිල්ලා පාතාල මැරයන්ට කොන්ත්‍රාත් භාර දෙනවා වගේ දරුණු අපරාද වැඩ බාර දෙන්න"
මෙම හිමි නම මෙයට ප්‍රවේශය අරන් තියෙන්නෙ "දෙවියොයි මැරයොයි පැටලිලා" කියලා ඇත්තටම වටිනා අදහස් ටිකක් ප්‍රකාශ කරලා තියෙනවා දෙවියො කප්පම් ගනීද මිනිස්සුන්ගෙන් දෙවියන්ට වෙන වැඩ නැද්ද හිතන්න...
මෙම පොත ලියවෙන්නෙ එකම පොතේ කොටස් දෙකක් විදිහට පලවෙනි කොටසින් මෙම හිමිනම හදුන්වලා දීලා තියෙනවා දෙවියන් කියන්නෙ කවුද? දෙවියන්ගෙ සැබෑ කාර්යය භාරය කුමක්ද බුදුරජානන් වහන්සේ කොහොමද දෙවියන් හැදුන්වූයේ.. ඒ වගේම මොන සූත්‍ර වලද ඒවා දැක්වෙන්නේ කියලා.
දෙවෙනි පරිච්චේදයේ හදුන්වා තිබෙනවා අමනුෂ්‍යයන් කියන්නෙ කවුද? දේවාල වලට දෙවියන් ඇත්තටම වඩිනවාද? දෙවියෝ පූජා වට්ටිවල තිබෙන පුලුටු පලතුරු යුෂ උරා බීමට දිව්‍ය භෝජන දමා පැමිනෙනවාද යන කරුනු.
ඒ වගේම කියනවා මේ රටේ මිනිස්සු බොහෝමයක් අමනුෂ්‍ය ග්‍රහණයට අසුවෙලා දුක් විදිනවා කියලා දෙවියන් වදිනවා කියලා අමනුෂ්‍යයන්ට වදිනවා කියලා ඒකෙ ඇත්තක් තියෙනවා කියලා තේරෙයි ඔබත් මේ පොත කියවලා බැලුවොත්. ඔබ අනිවාර්යෙන්ම මේ පොත අරන් කියවන්න.
මෙය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මහමෙව්නා සදහම් ප්‍රකාශකයෝ මිල සදහන් වෙලා තියෙන්නේ රුපියල් 90 ක් ලෙස. කාටත් පහසු ගානක් ඔය බොරු වැඩ වලට වියදම් කරන පුංචි රුපියල් 100 කින් 90 ක් දීලා මේ පොත ගන්න. ඊටත් මේ පොත අලෙවි කරලා ලැබෙන මුදල් මහමෙව්නාවේ භික්ෂු ගිලන් අරමුදලට බැරකරනවා කියලා මෙම පොතේ සදහන් වෙලා තිබෙනවා. හැකිනම් මිලදී ගන්න ඉතාමත් වටිනවා. ඔබේ දෙවියන් සහ අමනුෂ්‍ය වර්ගයා පිලිබද තිබෙන ආකල්ප වෙනස් කරාවි. මම ලිපිනයයි දුරකථන අංකයයි සදහන් කරන්නම් ඔවුන්ට කතා කරලා .
මහමෙව්නා සදහම් ප්‍රකාශන
මහමෙව්නා භාවනා අසපුව
වඩුවාව, යටිගලොලුව
දුර/ෆැක්ස් 037-037-2244602
ඊ මේල් asapuwa1@sltnet.lk
වෙබ් :
www.mahamevna.org
www.littlelotus.org
www.meditationsl.org
Monday, June 2, 2014
කෙල්ලෙක් නිසා කලාකාරයෙකු වීමි The boot i got
මට ඊයේ අපේ අම්මාගේ රිපෝට් වගයක් සෙවීමට වූ නිසා ගේ ඒමේ අත පෙරලූවෙමි. රිපෝට් එක කෙසේ වෙතත් මාගේ පරන මතකයන් එයි හෑරී ඇවිස්සුනේ මාගේ පරණ පොතක් හමු වූ නිසාය. එනම් මා පාසල් යන සමයේ IT ලියූ පොතයි එහි විෂය කරුණු වලට වඩා ඇත්තේ මා බූට් එකක් ලැබූ සමයේ ලියූ එක එක විකාරයි. මට හැහී යන කරුණක්නම් බූට් එකක් කෑ විට කොල්ලෙක් කලාකරුවෙකු වන බවයි.
මගේ බූට් එකක් කීවාට තිබුනේ ඒක පාර්ශවික ආදරයකි. ඒ කාලය ඉතා සුන්දර මෙන්ම කටුක කාලයක්ද විය. ඇයට මම ආදරය කල තරම දන්නේ මා පමණි. ඇය කවදාවත් එය දැන සිටියේ නැත. ඒ කාලයේ පොත් පිරෙන්නට එක එක දේවල් ලියනවා මට මතකය. ඒත් අහම්බයකින් මට එක පොතක ඊයේ දින හමු විනි. ඒ අදහස් ඔබත් කියවා බලන්න
අපි සමහර දේවල් වලට ගොඩක් හීන මවනවා ඒත්..... ඒ හීන
මොනතරම් ලස්සන වුනත් අපි ඒ හීනය අත ඇරලා දාන්න කොච්චර
අකමැති වුනත් සමහර ඒව මැකිලා යනවා අපිටත් නොදැනිම
අපිට ඒ හීනය හීනයක්ම විතරයි කියලා හිතෙන කොට අපි ගොඩක් දුර
ගිහිල්ල ඉවරයි අපි ඒ හීනය ගොඩක් දුරට ජීවත් කරවලා.....
ඇත්තටම අපි එ හීනෙ පෝෂණය කරල....
සමහර වෙලාවට අපි
අපි විසින්ම මවා ගත් හීන තලලා පොඩි කරලා
දාන්න තරම් නපුරු වෙනවා ඒත්....
පස්සෙ තමයි තේරෙන්නෙ
ඒ හීනය තිබුනනම් කොච්චර හොදද කියලා
සමහර හීන කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙම නෑ
ඒත් සමහර හීන ඉක්මනට් අමතක වෙලා යනවා
අපේ ජීවිත හරියට හීන සාප්පුවක් වගේ
ඔව් හීන සාප්පුවක්ම තමා.........
සමහර වෙලාවට අපිට හිතෙනව
අපේ ජීවිතෙ නාට්‍යයක් කියල
අපි අපි විසින්ම ඒ නාට්‍යයට චරිත එකතු කරගන්නවා
ඒකෙ හොද චරිතත් තියෙනවා නරක චරිතත් තියෙනවා
ඒත් අපි ගතානු ගතිකව නාට්‍යයේ ගැටුමක් නිර්මාණය කරන්න
මහන්සි වෙන්නෑ බලනකොට ඒක ඉබේටම නිර්මාණය වෙලා
සමහර ගැටුම් ඉතා හාස්‍ය ජනකයි මිහිරියි.
ඒ වගේම සමහර ඒවා ගොඩක් භයංකාරයි
ඒවට මූණ දෙන්න තරම් හොද ධෛර්යවන්ත වීරයා අපි අපිම කියලා නම් කරගන්නවා
Subscribe to:
Posts (Atom)








