Sunday, September 27, 2015

රාවණා මෙහෙයුම - 2 සාර්ථකද ?







සුසිත් රුවන් තම සිව්වන දරු සූතිය ඉතා සන්‍යමයෙන් යුක්තව සිදුකර තිබේ. තම කුලුදුල් දරුවාගේ සිට මේ ආ ගමන් මාර්ගය ඉතා සිත් ඇදගන්නා සුලුය. විවිද කතා තේමාවන් ඔස්සේ අප රැගෙන ගිය ඔහු ඒ සියල්ලම වෙනමම ආරකට රචනා කිරීමට යුහුසුලු විය. රාවනා මෙහෙයුම ඔහුගේ කුලුදුල් දරුවා මෙන්ම ගවේෂණාත්මක නවකතා කරනයට අලුත් අරුතක්ද එක් කල රචනාවක් විය. එමෙන්ම ඔහුගේ දෙවන රචනාව වූ ඒ ඔහු නොවේ කෘතිය වෙනමම කතා ශෛලියක් අනුගමනය කරන්නක් විය. එම කෘතිය කියවන්නාට අත්දැකීමට ලැබෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක් නරබන අත්දැකීමයි . ඔහුගේ තෙවැනි කෘතිය වූ මාරායණය තවත් නවමු අත්දැකීමක් එකතු කරන්නක් විය. මිනිසාගේ මනෝභාවයන් පිලිබද ඉතාම ගැබුරට කතිකාවතක් ගෙනයන මාරායනය මිනිස් සිතක ඇතිවන චෛතසිකයන් පිලිබදව මනා විග්‍රහයක් ගෙනහැර දක්වයි. සමාජයේ සිටින මාරයන් හා ඔවුන්ගේ එම වෙනසට හේතුවන සාධකද ගෙනහැර දක්වයි.


රාවණා මෙහෙයුම 2 ඔහු ඉදිරිපත් කරන්නේ තම පලමු කෘතියෙන් අවුරුදු 4 ක කාලයකට පසුවයි. ඔහුගේ ඒ  ගවේෂණාත්මක ලිවීමේ කලාව තවත් දියුනු වී ඇතිබව මෙම කෘතිය මොනවට කියා පායි. සෑම චරිතයක්ම සංයමයකින් යුක්තව හැසිරවීම මෙන්ම සෑම සාධකයක්ම විද්‍යාත්මක පදනමක සිට ඉදිරිපත් කිරීම ඉතාම සිත් ඇදගන්නා සුලුය. මෙසේ ඉතාමත් විස්තරාත්මක විද්‍යා පදනමක සිට තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පාඨකයා තුල ප්‍රබන්ධයෙන් ඔබ්බට ගොස් මේ සියල්ල සැබෑවටම සිදුවී ඇති බව යන විශ්වාසය ජනිත කරයි. ආරම්බයේ සිටම අවසානය තෙක් කතා රසය ආරක්ෂා කර ගනිමින් පාඨකයාගේ කුතුහලයද එලෙසම රදවා ගැනීමට සමත් වීම ඔහු ලද ජයග්‍රහනයකි .

මෙම කෘතියේ කතාව දෙසට යොමුවන විට පාඨකයා බලාපොරොත්තු වූ සමහර දෑ මගහැරී තිබෙන බව පෙනීමට තිබේ පහුගිය කෘතියේදී හොර්ටන් තැන්නෙන් හමුවූ භූගත මාලිගවට සිදුවූයේ කුමක්ද යන්න යම්තරමකට කතා වූ වත් එයින් විහිදී ගිය කිරනය කුමක්ද? එම අභිරහස් ගුවන් යානය කුමක්ද ?  යන ගැටලුව තවමත් ඉතිරිවී තිබෙන සෙයක් පෙනීමට තිබේ. පාඨකයා ඉතා කුතුහලයෙන් යුක්තව මෙම යානය ගැන බලා සිටියාට සැක නැත.

නමුත් මෙ ගැටලු කිසිවක් මෙම කෘතියේ රසවින්දනයට බාධාවක් වී නොමැත. කතාවේ වස්තු බීජය වන්නෙ පසුගිය පොතේ පසුවදනේදී කතිකා වන මන්නාරම් දෝණියෙන් හමුවන මුහුදුබත් වූ නගරයයි . එම නගරය කුමක්ද ? ඒ අට්ලාන්ටිස් නගරයද ? මෙහෙ විසූයේ කවරහුද ? මෙය අට්ලාන්ටිස් යයි කීමට ඇති සාධක මොනවාද ? ආටානාටියේ සදහන් වන විසාන යන රට කුමක්ද ? මේ සියල්ලට පිළිතුරු මෙම කෘතියේ අඩංගු වී තිබේ සුපුරුදු පරිදි ඊලග කෘතියටද ඉගියක් තබමින් මෙම කෘතිය අවසන් කර  ඇත. “ එහෙම නැත්තම්  අනුරාධපුරය .. ! ඒත් නැත්නම් .... තව එක තැනක් තියෙනවා ...”   

දොස්තර සුසිත් ඔබ මෙම කෘතියෙන්ද සාර්ථක වී ඇතිබව දන්වන්නේ මහත් සතුටෙනි. රාවණා මෙහෙයුම 3 එන තෙක් ඉතාමත් කුතුහලයෙන් යුක්තව බලා සිටින්නෙමු. ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බිහිවන තුරු කෙතරම් කාලයක් බලා සිටියද පාඩු නැත .          

2 comments:

  1. මමත් බොහොම ආසාවෙන් මේ පොත් දෙකම කියෙව්වා.

    ReplyDelete
  2. Casino Poker - Play online poker games at Casino
    Casino 토토 사이트 중계 Poker is a 룰렛 프로그램 gambling platform which lets 넥스트 벳 you play games for real money or for free or for real 가상 화폐 추천 money on mobile or desktop. 포커게임다운 It is operated by Playtech,

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.