Thursday, May 22, 2014

නිදහස් අධ්‍යාපනයේ මලගම .. ATI පද්ධතියත් පෞද්ගලීකරනයට ලක්වෙයිද?


මේ යුගය නිදහස් අධ්‍යාපනය බල්ලාට ගිය යුගයක් ලෙස හැදින්විය හැක. ඒ මන්ද යත් දැන් දැන් රජයේ අධ්‍යාපන ආයතන තුල සිසුන් අපහසුතාවයට ලක් කරන අශික්කිත අධම ක්‍රියාකලාපයක් පවතින බැවිනි. 1943 දී   C.W.W. කන්නන්ගර ශ්‍රීමතානන් ලබාදුන් නිදහස් අධ්‍යාපනය දැන් දැන් වල පල්ලට යමින් තිබේ. එතුමානන් 1942 කොමිටියක් පත් කර 1943 වන විට පහත සදහන් වරප්‍රසාද සිසුන් හට ලබා දෙන ලදි
  • බාලාංශ පංතිවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබාදීම.
  • ප්‍රාථමික පාසල්වල ඉගැන්වීම් මාධ්‍යය මව්භාෂාව විය යුතු වීම.
  • තුන්වන පංතියේ සිට ඉංග්‍රීසි සෑම පාසලකම ඉගැන්වීම.
  • චිත්තවේගයන් පිළිබද අධ්‍යාපනය ප්‍රායෝගික හා බුද්ධිමය අධ්‍යාපනය තරම්ම වැදගත් වවීම.
ඔහු ආදර්ශ සම්පන්න අධ්‍යාපන ඇමතිවරයෙක් විය. සිසුන් හට ශිෂ්‍යාධාර ක්‍රමයක්ද හදුන්වා දුන් ඔහු ඇත්තෙන්ම දෙවි කෙනෙක් හා සමාන මහත්මයෙකි. නමුත් වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා හුදෙක් විහිලු සපයන්නෙක් පමනක්ම වී තිබේ. විභාග අසමත් වන පිරිස වැඩි වන විට ඔහු කිවේ විභාගයේ පාස් කරන ලකුනු 30 සිට 15 දක්වා අඩු කරනවා කියාය ඔවු එවිට සංඛ්‍යාවක් ලෙස පාස් වන පිරිස වැඩිවේ. නමුත් ලමුන්ගේ ප්‍රගතියක් දැක ගැනීමට නොහැක ඒ වත්මන් අධ්‍යාපන ඇමති වරයාගේ ප්‍රතිපත්තියයි. මෙය ගෙන ආවේ සාමාන්‍ය පෙල ගණිතය ප්‍රශ්න පත්‍රය සදහායි.
වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ATI පද්ධතියට පැමිණි සෑම අවස්තාවකම කිවූයේ අපි මෙය විශ්වවිද්‍යාල බවට පත් කරන බවයි. ඒ යුනිවසිටි කොලේජ් බවට පත් කිරීමෙන් බව ඔහු පැවසූයේ රෙද්දක්ද ඇදගෙනය. නමුත් යුනිවසිටි කොලේජ් කෙසේ වෙතත් දැන් ATI පද්ධතිය කඩා වැටීමකට ලක්වෙමින් පවතී. ඔවුන් මුලින්ම සිදු කලේ ශිෂ්‍යයන් කප්පාදු කිරීමයි. අන් වසර වලට සාපේක්ෂව මෙම වසර තුල සියලුම පාඨමාලා වලට බදවා ගත් සිසුන් සංඛ්‍යාව අඩුවී තිබේ. දැන් අලුත්ම නාඩගම වී තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයක් නැවත ලිවීම සදහා එනම් රිපීට් කිරීම සදහා ගාස්තුවක් අය කිරීමට කටයුතු සලසා තිබීමයි. එයත් ලේසි පහසු මුදලක් නොව 500 ක මුදලකි. නමුත් සාකච්චා වලින් පසු එය 200 දක්වා අඩු කර තිබේ. සමහර ලමුන් හට විෂයයන් පහ හය රිපීට් කිරීමට වන අවස්තා අනන්තවත් ඇත. එවිට එම ශිෂ්‍යයෙකු රුපියල් 1000 කට වැඩි මුදලක් ගෙවිය යුතු වේ. මේ සිදු කර ඇත්තේ මුල් පියවරක් පමනි මෙම වසරේ මුලදී දෙහිවල ආයතන තුල මෙන්ම අනෙක් ආයතන තුලත් ප්‍රතිසංස්කරන කටයුතු කඩිනමින් සිදුකෙරුනි. පාරවල් පවා තාර දමා ප්‍රතිසංස්කරනය කරන ලදි. අප හට පවතින බියනම් මෙම ආයතන පද්ධතිය අර්ධ රජයේ හෝ පෞද්ගලික කරනය කිරීමට සැරසේදැයි කියායි. මන්ද යත් මෙය විශ්වවිද්‍යාල සිසුන් මර්ධනය කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කරන සමයක් නිසායි.