Wednesday, September 21, 2011

ළමා නාට්‍ය උළෙල 2011

                                 



     ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් අවා මේ පැත්තේ.පහුගිය දවස කීපය බොහෝ කාර්යය බහුල වූ නිසාවෙන් නාට්‍ය කාරයට නාට්‍යයත් අමතක වූ සෙයකි. කෙසේ වූවත් කොපමණ වැඩ තිබුනද නාට්‍ය කාරයට වේදිකා නාට්‍යයක් තිබෙනවයි ආරංචි වූ විගස සියලු වැඩ අතහැර දමා එය බැලීමට යන සිරිතක් තිබේ. පසුගියදාද නාට්‍යකාරයට එවන් අවස්ථාවකට මුහුණ දීමට සිදුවිය. මෙමෙ දින කිහිපයේ උපාධි පාඨමාලාවේ වැඩ කටයුතු නිසා කාර්යය බහුල වූ නාට්‍යකරයට ඊයේ උදයේ කුකුළත් අතින් අරගෙනම රුමේෂ් අයියා කතා කෙරුවාය ඒ වෙන කිසිවකටත් නොවේ ඔහු කිවේ "මල්ලි අද ලමානාට්‍ය උළෙලේ දෙවෙනි වටේ අන්තිම දවස යමුද?" නාට්‍යකරයා කිවේ ගත් කටටම හා කියාය.
                                      ඔන්න ඉතින් නාට්‍යකාරයත් දත කට මැදගෙන උදේ පාන්දර  හවස 1.30 ට කෝච්චියට නැග ගත්තේය. අවාසනාවක මහත උළෙලේ ආරම්බය හවස 5 ට. කෙසේ වෙතත්  හවස 3.30 වෙද්දී අප ජෝන්ද සිල්වා රගහල අසලය.වාසනාවට විහාරමහා දෙවි උද්‍යානය ද  ඒ අසලය. කාලය කාදමා වෙලාවට ටිකක් කලින් රග හල වෙත පියමනු අප දන්නා අදුරන අය සමගද කතාකොට නාට්‍ය නැරබීමට ඉදගතිමු. නිදන කතාවනම් මෙතැනින නිමා කරමි ඒ මන්ද මිට වඩා කීමට බොහෝ දේ ඇති හෙයිනි.
                                     මෙවර රාජ්‍ය ලමනාට්‍ය උළෙල වඩාත් සුවිශේෂී උළෙලක් බවට පත්වී තිබේ මන්ද යත් දශක තුනක යුද්ධයක නිමාවකින් පසුව සිංහල දෙමල යන භාෂා දෙකටම සම තැන ලැබෙමින් තිබේ එය අප සතුටු විය යුතු කාරණයකි.  මෙය නාට්‍ය උළෙලට වැදගත් වන්නේ මෙවර නාට්‍ය උළෙල සිංහල ,දෙමල ,ඉංග්‍රීසි යන සියලු භාෂා වලට අවස්ථාවක් දී තිබීමයි. එනම් මෙවර භාෂා තුනෙන්ම නාට්‍ය ඉදිරිපත් කර තිබුනේය. මෙය අප පැසසිය යුතු කර්තවයකි.ඉදිරියටත් මෙය එසේම පවතිවා යි යයි අපි ප්‍රර්ථනා කරමු. අපගේ අවාසනාවට අපහට දමිල නාට්‍යයක් නම්  නැරබීමට නොහැකි විය ඒ මන්දයත් පෙර දිනයේදී දමිල නාට්‍ය රග දක්වා තිබීමයි. නමුත් ඉංග්‍රීසි නාට්‍යයක් නැරබිමටනම්  අපට වාසනාව හිමි විය. නමුත් එය වාසනාවද අවාසනාවද නොදනී එය ඉදිරිපත් කර තිබුනේ නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකිනි එහි නම "Pride and  prejudice" ය මා හට මෙන්ම ඔබටද සිහියට නැගෙන Jane Austen නම් කෘතහස්ත ලේකකයා විසින් ලියන ලද ඒ කතාව  ළමා නාට්‍යකට වටිදැයි ඔබටම හැගෙනවා ඇත. ඒ මන්ද යත් එය ලිය වී ඇත්තේ ආදරයත් උඩගු කමත් වටාය . එයට ළමා නාට්‍යයක් යයි කිවහොත් එය විහිළුවකි. ළමයින් රගපෑ පමණින් එය ළමා නාට්‍යයක් නොවේ. අප තරගය වෙත නාට්‍යයක් ඉදිරිපත් කිරිමෙදිනම් නීතිමලාවක් තිබුණි. ඒ සියල්ල පැත්තකින් තබා එය දෙවෙනි වටය ආවේ කෙසේද කියා බැලුවත් එය ප්‍රශ්නයකි.
                                                   

Saturday, September 3, 2011

ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා (Grimms-Fairy-Tales-)

                                    මෙන්න මම ආසාවෙන්ම කියවපු පොතක්. මේකේ සිංහල පරිවර්තනය තමා "ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා" කියන පොත. මේ පොතේ තියෙන්නේ Grimm, Jacob  හා  Wilhelm කියන සහෝදරයන් දෙන්නගේ සුරංගනා කතා එකතුවෙන් කොටසක් තමා. මේ දෙන්නා German ජාතිකයෝ මේගොල්ලෝ මැරෙන්න කලින් සුරංගනා කතා 200 ක් විතර එකතුකරලා තිබුනා කටින් කට ආපු කතා තමා මේ දෙන්න එකතු කරේ. මේ ඔක්කොම කතා එකතු කරලා මේ දෙන්නා 1812 දී ‘Nursery and Household Tales’ කියන පොත එලි දැක්වූවා. එත් ඉතින් මේ දෙන්නා German ජාතිකයොනේ එක හින්දා ඉතින් මේ පොත ලිව්වෙත් ජර්මන් භාෂාවෙන් තමයි මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා (ඒ කියන්නේ අපේ මව භාෂාවට ) තියෙන්නේ EdgarTaylor කියන එක්කෙනා තමා. 1823 දී එත් ඉතින් කතා ක් තමා එයා පරිවර්තනය කරලා තියෙන්නේ ඔයාලත් බාලම කියවල බලන්නකෝ මාර ලස්සනයි.  හැබැයි ඉතින් ඉස්සෙල්ලා දාපු පොත් 48 එකක් වත කරුවත් කියෝලනම් තිබුනෙනෑ. කමක් නැ මේකවත් කියවලා බලන්නකෝ මාර ලස්සනයි.

                                                        
           
                                        බාන්න මේක උඩ  කොටන්න

Thursday, September 1, 2011

මෙන්න ඔබ කැමති පොතක් (The Hardy Boys)

         ඔන්න ඉතින් මම හිතුවා හැමදාම එක විදියට ඉන්නේ නැතුව ටිකක් වෙනස් වෙන්න ඕනේ කියලා . එක හින්දා ඕන් පොතක් දෙන්නයි අද ඉදන් නාට්‍යකාරයා හදන්නේ.
                                                   ඔන්න ඉතින් මොනදේ පටන් ගත්තත් ඉතින් අපේ මව් භාෂාවෙන් පටන් ගන්න එපායැ නේද? එක හින්දා ඔන් කස්ටිය නාට්‍යකරයත් එක්ක තරහා වෙනවා එහෙම නෙවේ. මම අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ හුගදෙනෙක් කියෝලා ඇති කියලා හිතන අනුවර්තනයේ ප්‍රදාන පොත. ඒ කියන්නේ ඉංගිරිසි එක හරිද ..  මේ පොතේ කතෘ