Sunday, October 20, 2019

ධරණි ඇත්තටම ඔබේ හදවත හඩා වට්ටාවි





කත්‍යානා අමරසිංහ කතුවරියගේ පොතක් කියවීමේ අශාවක් හිතේ රැදී තිබුනද එය සැබෑ කරගන්නට හැකි වූයේ මාගේ මිතුරියක්ගෙන් ධරණි  කියවීමට ඉල්ලා ගැනීමෙන් පසුවයි. ඇයගේ ලිවීමේ ප්‍රතිභාව හමුවේ මා වෙව්ලා ගියේයැයි කීවොත් එය අතිශෝක්තියක් නොවනු ඇත.ඇය හදවතට කතා කිරීමට දැන ගත් මැජික් කාරියක් යැයි මට ඊයේ සිතුනි. ධරණි  අතට ගත් පසු බිමින් තියන්නට නොහිතුනේ ඒ නිසායැයි මා හට හැගේ. පැය දෙක හමාරක් තුනක් වැනි කාලයකින් මුලු පොතම කියවා අවසන් කරේ ඒනිසාවෙනි. අවසන් පිටු විස්ස තිහ පැමිනෙන විට බොහොම හිමින් ලෝබ කමකින් කියෙව්වේ දැන් පොත ඉවර වේයැයි යන බියෙනි. පොතක් කියවන විට එවැනි සිතුවිල්ලක් එන්නේ බොහොම සීමිත පොත් ගනනකට පමනි.

Friday, October 4, 2019

ආර්යා ලාංකීය නවකතාවට අමුතු හැඩයක්ද?






දිලීප ජයකොඩි කතුවරයා අප හදුනා ගන්නේ පරිවර්තකයෙකු ලෙසයි. ඔහු ඉතාමත් ජනප්‍රිය වන්නෙ චේතන් බගත්ගේ පොත් පරිවර්තනය තුලිනි. චේතන් බගත් අප තරුණ තරුණියන් අතරට ගෙන ආවේ ඔහුයි. එම කෘති පරිවර්තනයේදී ඔහු මැනවින් දස්කම් පෑවේ කාගෙත් සිත් සතන් දිනා ගනිමිනි. නමුත් ඔබ නොදන්නවා වුවත් අප අතර ජනප්‍රිය වූ නිල්දිය යහන චිත්‍රපටය නිශ්පාදනය වන්නේ ද ඔහුගේ ස්වතන්ත්‍ර කෘතිය පාදක කරගෙනය.

මෙවර ඔහු අපගේ සිත් ඇදබැද ගන්නේ නවමු ආරක නවකතාවක් අප අතර තබමිනි. එනම් දේශපාලනය පදනම් කරගත් නවකතාවක් අප අතරට ගෙන එමින්ය. මේ පිලිබද මා දැනගත් විගස මා හට සිතුනේ  කියවීමට නීරස වන කතාවක් වනු ඇතැයි කියායි. නමුත් කියවන්න කියවන්න එම පොත මා සිත ඇද බැද ගති. එක හුස්මටම පොත කියවා ඉවර කිරීමට මට හැකි වුනේ ඒ නිසාය.

මෙය ඔබ කියවිය යුතුම පොතක් වන්නෙ දේශපාලනයේ සෑබෑ යථාර්ථය පිලිබිගු කරන නිසාය.දේශපාලනයේදී ඔබගේ ලගම හිතවතා තබා ඔබගේ ප්‍රිය බිරිදවත් විශ්වාස කල නොහැකි බව දිලීප ජයකොඩියන් විසින් මෙයින් මනාව පිලිබිගු කර ඇත්තේය. දේශපාලනයේ තිත්ත ඇත්ත එයයි.