Monday, February 10, 2014

නාට්‍යකාරයා කොත්තු කෑ හැටි........(කොත්තුවට වැඩිපුර ගෙවීම හෙවත් කපල් වලට මරු තැන )


  ඊයේ දහවල මාගේ එනම් නාට්‍යකාරයාගේ එකම ඇණය වන නැගනියට ෆෝන් රාජයෙක් අරන් දීමට බම්බලපිටිය වෙත රැගෙන ගියෙමි. අහෝ කේදයකි ඒ අවස්තාවේ හටගත් ඉවසා ගත නොහැකි කුසගින්න හේතුවෙන් අපගේ දේශීය ආහාරයක් වන කොත්තුවක් කෑම සදහා අවන්හලකට (කඩයකට)   ගොඩ . එහි සිටි හිතවත් කාරුනික සේවකයා මහත්තයා උඩට උඩට කී නිසාවෙන් උඩට අදුනු අපහට දැකගන්නට ලැබුනේ අඩක් වැසූ දොරකි එයින් ඇතුලු වූ අපට එහි වූ ජෝඩුවක් දැකගන්නට ලැබුනි. වෙන්නට යන විපත්තිය ඉව වැටුනු නාට්‍යකාරයා පාතමාලය වෙත් පියමැනීමට හැදුවත් එහි ඉඩ තිබුනේ නැත සධ්බාවයෙන් චිකන් කොත්තුවක් අනවුම් කරවිට අර දොර හොදටම වාගේ වසා සේවකයා පිටව ගියේය  වේලාවට එහි සිටි කපල් එක ගොස් පිස්සන් කොටුවෙන් පැනගත් කපල් එකක් එහි අතුල් වූ නිසාවෙන් නාට්‍යකාරයාගේ නම්බුව නැගනිය ඉදිරිපිට ආරාක්ෂා කර ගැනීමට හැකිවිය. මන්ද උන් දෙන්නා ආ වෙලාවේ සිට සිනා සීම පමනක් කල නිසාවෙනි අවසානයෙ අප පුන පුනා බලා සිටි දේශීය අහාරය ව කොත්තුව පැමිනියේය අහ්. එය රසවිද අවසන් වූ විට නාට්‍යකාරයාට තරු පෙනී තිබුනි. මන්දයත් වෙනදා 285 කොත්තුව එය උඩ 350 වීම හේතුවෙනි. අහෝ කුරා කූබියෙකුටවත් මෙවන් අනතුරක් නම් නොවේවා කියා මම ප්‍රාර්තනා කරමි.

හැබැයි කපල් වලටනම් මරේ මරු ප්ලෙස් එකයැයි නට්‍යකාරයා දැනුම්දෙයි. මොකද කරදර කිරීමට කිසිදු හැලි වදුරෙකු නොපැමිනෙනෙ නිසාය. නාට්‍යකාරයා තනිකඩ නිසා නාට්‍යකාරයාට ඔවාගෙන් ප්‍රයෝජනයක් නොමැත දැනුම් දුන්නේ ඔබ සදහාම පමනි 

බම්බලපිටියේ ෆ්ලොරින්ස් පාරේසිට ගාලුපාර්ට ආවිට හමුවන පලමු මුස්ලිම් කඩය කියා පමනක් කියමි.

2 comments:

  1. මාත් නංගිලා දෙන්නා එක්ක ෆිල්ම් එකක් බලන්න ගිහින් ඔය වගෙම කට්ටක් කෑවා .. නුවරදි.
    හෝල් එකේ එවුන් හිතුවේ මුන් දෙන්නා මගෙ කෙල්ලො දෙන්නා කියලයි ..
    නංගිලත් මං වගෙම විවෘතව හිතන අය හින්දා හොඳයි. අපි ඒකෙන් හොඳටම විනෝද වුනා ..

    ReplyDelete
  2. ඔව් ඔය වගේ අද්දැකීම් අනිවාර්යෙන් තියෙනවා නංගිලා ඉන්නවනම්

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.