Friday, February 28, 2014

බන්ඩාගේ බයිසිකලය හා අනූනවයෙන් පණ බේරා ගැනීම


බණ්ඩා යනු මගේ දුකට සැපට 1 වසරේ සිට මේ දක්වා එකට සිටිනා ගජයාය මූ හට ලගක සිට අමුතු උනක් බෝඋනේය. සමහරුන්නම් ඕක හදුන්වන්නේ රථ ගාය කියාය. මුට රථ ගාය ඇතිවීමට වෙනත් රෝගයකුත් බලපෑවේය එනම් ලව් සික් නැමැති රෝගයයි මූ උදේ පාන්දර නැගිට මස්සිනාගේ බයිසිකලය රැගෙන උගේ කෙලිරත්නයව පාසලට ඇරලවීමට යයි. නමුත් මුට ලගක සිට තමන්ගේම බයිසිකලයක කෙල්ලව පාසලට ඇරලවීමට දොලක් උපන්නේය එයින් දුකට පත් වූයේ අහල පහල ඉන්නා අහිංසක නාට්‍යකාරයාය මූ හැමදාම වැඩ ඇරී 7 විතර අප නිවසට පැමින මචං හොද බයිසිකලයක් තියෙනවා බලන්න යමුද කියයි. මාත් ඉතින හා කියමි. නමුත් ඒවා ඇත්තේ ලග අහල පහලකනම් නොවේ නිට්ටබුව, කඩවත මීගමුව මේ හැමතැනම සතියක්

Tuesday, February 25, 2014

යලි ඉපිද යලි වැලලුනු රාවණා


පසුගිය වර්ෂය මහ පුදුම වර්ෂයකි ඒ මන්ද යත් අපේ හෙල වංශය නොහොත් වැලලී ගිය හෙළ ශිෂ්ටාචාරය ගොඩ ගැනීමට කවුරු කවුරුත් බොහෝ සෙයින් දත කෑ වර්ෂයක් ලෙස 2013 වසර හදුන්වා දීම වරදක් නොවේ. අප ජනප්‍රවාදයේ පමනක් තිබූ රාවණා කතා එකිනෙක ගොඩ ආවේ පසුගිය වර්ෂය තුලදීය එයට උර දී කටයුතු කල අය බොහෝ සිටිති. නමුත් බහුතරය බොර දියේ මාලු බාගත්තෝය.
2012 වර්ෂයේ සිට ශ්‍රීලංකාව තුල මෙම ප්‍රවනතාවය මතු වී තිබුනේය සමහර පුවත් පත් උනු කැවුම් වගේ විකිනී ගියේ මෙම කතා නිසාය. කවදාවත් හිට් නොවේ යැයි කියා සිතූ පත්තර අනෙක් පුවත් පත් පරදා අලෙවිය වැඩි වීමට හේතු භූත වූයේ මෙම රාවණා කතාවයි. අන්තර්ජාලය තුලද බ්ලොග්ස් පිරී ගියේ මෙම රාවණා කතාවෙනි. අලුතින් මේ පිලිබද පමනක්ම ලියවුනු බ්ලොග් ආරම්භ විය. මහාවංශය පරදා හෙළ වංශය ඉස්මතු විය. විජය නන්නත්තාර විය. විජයට උන් හිටි තැන් අහිමි වූයේ ඔහුගේ කැරැට්ටුව සියල්ල එලි එලිකරමින්ය. සමහරුන් විජයට හූ කියූහ. සමහර විද්වතුන් කීවේ මේවා අප පෙල පොත් වලටත් ඇතුලත් විය යුතු වගයි. හැම දේම දෙපැත්තක තියෙනවා කියනා ලෙස සමහරුන් මුන් මන්ද බුද්දිකයන් යැයි කියා සිනා වූහ. පුලුවන්නම් ඔප්පු කරන්නැයි කීවේය රාවණා කට්ටිය පොත පතින් නිදසුන් ගෙන පෙන්නූහ, සමහරුන් මහාවංශයෙන්ම පිලිතුරු ගෙන පෑවේය සමහරුන් පැරණි පුස්කොල පොත් වලින් වර්ගපූර්නිකාවෙන් වෙද පොත් වලින් නිදසුන් සපයා දුනි. නමුත් අර හිනා වුන එවුන් එවා

Saturday, February 22, 2014

ආදරය


ආ ශාව
ද් වේශය
රා ගය
ය හමින් කැටිවූ
අමුර්ථය ....

සෙල්ලම් නිරිදු බැලීමට ගියෙමි



හැමදාමත් අලුත් දෙයක් ඉතාමත් අලංකාර ලෙස ලබාදෙන ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේලා,ගුරුතරුව, තලමල පිපිලා වැනි ප්‍රශස්ත නාට්‍ය ගොන්නට එක්වන නවතම නිර්මාණයයි සෙල්ලම් නිරිදු අතීත කාමයක් ඇති සියලු දෙනාගේ නෙත් සිත් පිනවන අගනා සංස්කෘතික වියමනකි මෙය.
කාලයකින් වේදිකානාට්‍යක් රස විදීමට නොහැකි වීම නිසා ඊයේ නාට්‍යකාරයා රාජ්‍ය නාට්‍ය උලලේ නාට්‍යක් බැලීමට යාම සදහා උත්සක විය. ඊයේ දිනයේ වෙදිකා ගත වූ නිර්මානය වූයේ මෙමෙ සෙල්ලම් නිරිදු නට්‍යයි. මෙහි කතා රසයනම් කියලා වැඩක් නැත ඒ තරම් රසවත් ය මුලින්ම තිරය විවෘත වන අවස්තාවේ දන් ගෙඩිය වෙත මිනිසෙකු ගෙන යනු ලබන දර්ශනයක් පෙනේ කාන්තාවක් ශෝක කවක් ගායනා කරයි. එවිටම කවුද අපේ වීරයා දස්කොන්ව මරන්නේ කියා කලාකාමී පුද්ගලයෙකු වේදිකාවට එයි. ඒ ආරම්බ්හයයි කතාව දිව යන්නෙ ඉතිහාසඥයෙකු හා කලාකරුවෙකු නැතිනම් සාහිත්‍යධරයෙකු එක් වී නාඩගමක් නිර්මාණය කිරීම සම්බන්ධවයි එය සියලු අතීත කරුණු අතුලුව මනාව ගලා යයි.

Friday, February 21, 2014

මට්ට කොලුවා හෙවත් ග්‍රීස් යකා


නාට්‍යකාරයාගේ මිතුරන් පිරිසත් සමග නාට්‍යකාරයා පසුගිය දවසක නෙලුව බලා පිටත් වූයේ අපගේ යෙහෙලියක් වන මලී කෙල්ලගේ නිවසට යාම සදහායි. එහි බලාපොරොත්තුව වූයේ කන්නෙලිය රක්ෂිතය හා දූලි ඇල්ල දැක බලා ගැනීමයි. ඒ ගමනේ රසමුසු තැන් පස්සේ ඔබ හමුවේ වැමෑරීමට බලාපොරුත්තුවෙන් මා සිත ගත් එක දෙයක් පමනක් ඔබ හමුවේ තබමි.

Sunday, February 16, 2014

මිස්ට බීන් හෙවත් පාසල් කාලයේ මතකයන්


ඔන්න අද මම කියන්න යන්නෙ නාට්‍යකාරයගේ සුන්දරම කාලය උන පාසල් කාලයේ මතකයන් කිහිපයක්. ඔන්න ඉතින් නාට්‍යකාරයා AL කරන කාලේ තමා නාට්‍යකාරයගෙ හොදම පාසල් කාලේ කියලා නාට්‍යකාරයා හදුන්වන්නේ මොකද ඔය කාලෙ තමා නාට්‍යකාරයා වැඩියෙන්ම වින්ද කාලෙ. මොකද නාට්‍යකාරයා පොඩිකාලේ ඉදන්ම යන්නෙ පිරිමි පාසලකට ඒත් ඔන්න AL කරද්දී නාට්‍යකාරයට එන්න වෙනවා මිශ්‍ර පාසලකට මිශ්‍රකියන්නෙ අපේ පන්තියනම් ඉතින් කාන්තා පුරයක් වගේ මොකද කොල්ලො පස්දෙනයි ඉතුරු 23නම කෙල්ලො. කොහොමද ආතල් එක.

Saturday, February 15, 2014

වෙසගනන්



මුව පුරා සිනාසෙන
හදවතින් වැලපෙන
ලැම සුව යහනක්ව
උන් සෑමව සතපන
අදුරට දුක කියන
ආලෝකයේ රගන
අහිංසක සිත් ඇති
ආඩම්බර කාරියෝ....

Wednesday, February 12, 2014

නාට්‍යකාරයා හොල්මනකට බයවීම හෙවත් සිංහරාජ ගමන Ghost VS. Drama boy

ඔන්න ආයෙත් නාට්‍යකාරයා මූන දුන්න පට්ටම කුජීත අද්දැකීමක් ඔබ ඉදිරියේ දිග ඇරුමට දෙන්න මටත් මදකට අවසර... හික්ස්

ඔන්න අපේ සංචාරකයො ටිකට ඇරයුමක් ලැබෙනවා අපේ පට්ට බොක්කක් වෙන ටික්කි කෙල්ලගෙන් කළවානේ තියෙන එයාගේ නිවසට අප හට එන ලෙස සිංහරාජෙ බලන්න යන්නත් එක්ක. ඔන්න 2012.11.29 වෙනි දින උදේ පාන්දර 7ට යෙදුනු සුබ නැකතින් රත්නපුරය බලා පිටත් වූ බස් රථයකට ගොඩ වෙලා පිටත් උනා ගමන යන්න. ඔන්න අපි රත්නපුරෙන් බැහැලා පොඩි රවුමකුත් දාලා නැග්ගා කලවාන බස් එකට. එතනිනුත් අයේ වැද්දාගල බස් එක ගන්න ඔනේ ඔන්න එකටත් නැග්ගා කියන්නකො අපෙ කෙල්ල එ බස් එකට අපිව නග්ගගන්න කලවානට අවිත් හිටියා අපිත් ඉතින් එකී සැදැහැ සිතින් අරන් දීපු බීම එකත් බීලා එකිම අරන් දුන්නු ටිකට් වලින් ගියා. එකිගෙ ගමෙන් බහිනකොට පට්ටම ලස්සනයි පොඩි කදු ගැටයක් නැගලා තේවත්තක් මැදින් තමා යන්න තිබුනෙ ඔන්න බලන්නකො ..

Tuesday, February 11, 2014

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 05

Die Berufe
ඩී බෙරූෆ 
රැකියා 


die Ärztin/Arzt                            එර්ස්ටින්                     ඩොක්ටර්   
der Bäcker                                  බෙඒකර්                      පාන්හදන්නා 
der Bauer                                    බෞව්ර්                        ගොවියා
der Fernfahrer                            ෆර්න්ෆාර                     ලොරි රියදුරා
die Hausfrau                               හවුස්ෆ්රවු                    ගෘහනිය
die kellner                                   කෙල්නර්                    වේටර්වරයා
der kunstmaler                            කුන්ස්ට්මාලර්              චිත්‍ර ශිල්පියා  
die Lehrer                                    ලෙයහර්                     ගුරුවරයා
der Maler                                     මාලර්                         තීන්ත ගාන්නා
der Polizist                                   පොලිසිස්ට්                 පොලිස් නිලධාරියා
der Richter                                   රිෂ්ටර්                         නඩුකාරවරයා
der Seemann                                සීමාන්                         නැවියා
der Soldat                                    සොල්ඩාට්                    සොල්දාදුවා

Monday, February 10, 2014

රාජ්‍ය නාට්‍ය උලෙල 2014


මෙවරත් රාජ්‍ය නාට්‍ය උලෙල පෙබරවාරි මස 10 වන් දින සිට 28 වන දින දක්වා මරදාන ටවර්හෝල් හිදී  ප.ව 6.30 සිට පැවැත්වේ. මෙවර අවසන් වටය සදහා නටය 13ක් තේරී ඇති බව නාට්‍යකාරයාට දැනගන්නට ලැබුනි

පෙබ. 10 -    රංජිත් ධර්මකීර්ති ගේ            අංගාර ගඟ ගලා බසී
පෙබ. 11 -    රාජිත දිසානායක ගේ           ආදර වස්තුව
පෙබ. 12 -    ඩබ්.එස්.විජේසිංහ ගේ     ට්‍රේන් ඩ්‍රයිවර්
පෙබ.13 -    ඊ.එම්.ඩී. උපාලි ගේ          ඉඩමේ දී විකිණේ
පෙබ. 14 -    ආර්.එම්.යසරත්න ගේ        උත්තරීතර
පෙබ. 15 -    සේනක එදිරිසිංහ ගේ      බ්ලැකවුට්
පෙබ. 16 -    චාමික හත්ලහවත්ත ගේ    මකරට
පෙබ. 17 -    බුද්ධික දමයන්ත ගේ       වේ ගුවෙරා (මර‍‍ා දැමූ ජීවත්වන මිනිස‍ා)
පෙබ. 18 -    ප්‍රියංකර රත්නායක ගේ     විසේකාරියෝ
පෙබ. 19 -    අඛිල සපුමල්    ගේ        රාවණ ආදරයේ හුස්ම ලඟ
පෙබ. 20 -    උදයසිරි වික්‍රමරත්න ගේ    රගපෑම් ඉවරයි
පෙබ. 21 -    ජයලත් මනෝරත්න ගේ   සෙල්ලම් නිරිඳු
පෙබ. 22 -    පරාක්‍රම නිරිඇල්ල ගේ     හුණුවටයේ කථාව
පෙබ. 26 -    උපනන්ද වැලිකල ගේ     මුහාම් (ආරාධිත දමිල නාට්‍ය)
පෙබ. 28-     ඩග්ලස් සිරිවර්ධන ගේ     බෙර හඬ (ආරාධිත සිංහල නාට්‍ය)  
කෙටි නාට්‍ය උළෙල සඳහා කෙටි නාට්‍ය 15 ක්  ද අවසන් වටයට තේරී ඇත. 

පෙබ.23
කේ ජයසීලන් ගේ “කනවු” , කෝරළගේ සමන්  ගේ  “අජරාමර” , තනුජා විජේවික්‍රම ගේ “ අන්තිම තත්පරය” , බුද්ධික රෝෂාන් ගේ “ OT(අතිකාල).” , නේරංජන් චන්ද්‍රාදිත්‍ය ගේ “ ගැහැණු කවුරුද වරදෙ නොබැ‍ඳෙන”

පෙබ. 24
එම්.කතීස්වරන් ගේ “සවාපෙට්ටි” , රුවන් දේශප්‍රිය ගේ “දොර වහලා”, ජේ.එම්.ක්‍රිෂාන්ත ජයබාහු ගේ “ මම බහින් නෑ”,  ඩබ්.ඒ.සමන් චන්දන ගේ  “ සේසතයි කුමරියයි” , ඇන්ටනී ජයලත් ගේ “ සුධම්මාවතී” ,

පෙබ. 25
එස්. නිෂාන්තී ගේ “ නාන් ඩොට් ෆයින් ආර්ට්ස්” , උපුල් කිරිදෙන ගේ “හනිමූන්” , නිලංක නාමල් උඩුමුල්ලආරච්චි ගේ “ හීන සොයාගෙන” , එම්.ජේ. ඉන්දික ප්‍රසාත් ගේ “හැදුවේ අපිනේ”, ටී.එච්. තරංගා ප්‍රියදර්ශනී ගේ “ ෆෝ මැට්”

යන්න මෙම නාට්‍ය නරබා ඔබත් වින්දනයක් ලබා .. මේ සදහා ප්‍රවෙශ පතක් රුපියල් 100 පමනක් මිල වන බව නාට්‍යකාරයට ටවර්හෝල් රගහලෙන් පැවසීය....

නාට්‍යකාරයා කොත්තු කෑ හැටි........(කොත්තුවට වැඩිපුර ගෙවීම හෙවත් කපල් වලට මරු තැන )


  ඊයේ දහවල මාගේ එනම් නාට්‍යකාරයාගේ එකම ඇණය වන නැගනියට ෆෝන් රාජයෙක් අරන් දීමට බම්බලපිටිය වෙත රැගෙන ගියෙමි. අහෝ කේදයකි ඒ අවස්තාවේ හටගත් ඉවසා ගත නොහැකි කුසගින්න හේතුවෙන් අපගේ දේශීය ආහාරයක් වන කොත්තුවක් කෑම සදහා අවන්හලකට (කඩයකට)   ගොඩ . එහි සිටි හිතවත් කාරුනික සේවකයා මහත්තයා උඩට උඩට කී නිසාවෙන් උඩට අදුනු අපහට දැකගන්නට ලැබුනේ අඩක් වැසූ දොරකි එයින් ඇතුලු වූ අපට එහි වූ ජෝඩුවක් දැකගන්නට ලැබුනි. වෙන්නට යන විපත්තිය ඉව වැටුනු නාට්‍යකාරයා පාතමාලය වෙත් පියමැනීමට හැදුවත් එහි ඉඩ තිබුනේ නැත සධ්බාවයෙන් චිකන් කොත්තුවක් අනවුම් කරවිට අර දොර හොදටම වාගේ වසා සේවකයා පිටව ගියේය  වේලාවට එහි සිටි කපල් එක ගොස් පිස්සන් කොටුවෙන් පැනගත් කපල් එකක් එහි අතුල් වූ නිසාවෙන් නාට්‍යකාරයාගේ නම්බුව නැගනිය ඉදිරිපිට ආරාක්ෂා කර ගැනීමට හැකිවිය. මන්ද උන් දෙන්නා ආ වෙලාවේ සිට සිනා සීම පමනක් කල නිසාවෙනි අවසානයෙ අප පුන පුනා බලා සිටි දේශීය අහාරය ව කොත්තුව පැමිනියේය අහ්. එය රසවිද අවසන් වූ විට නාට්‍යකාරයාට තරු පෙනී තිබුනි. මන්දයත් වෙනදා 285 කොත්තුව එය උඩ 350 වීම හේතුවෙනි. අහෝ කුරා කූබියෙකුටවත් මෙවන් අනතුරක් නම් නොවේවා කියා මම ප්‍රාර්තනා කරමි.

හැබැයි කපල් වලටනම් මරේ මරු ප්ලෙස් එකයැයි නට්‍යකාරයා දැනුම්දෙයි. මොකද කරදර කිරීමට කිසිදු හැලි වදුරෙකු නොපැමිනෙනෙ නිසාය. නාට්‍යකාරයා තනිකඩ නිසා නාට්‍යකාරයාට ඔවාගෙන් ප්‍රයෝජනයක් නොමැත දැනුම් දුන්නේ ඔබ සදහාම පමනි 

බම්බලපිටියේ ෆ්ලොරින්ස් පාරේසිට ගාලුපාර්ට ආවිට හමුවන පලමු මුස්ලිම් කඩය කියා පමනක් කියමි.