Wednesday, April 16, 2014

සිපිරි ගෙයක වසර හයක්



හුග කාලෙකින් තමා පොතක් කියන ලේබලය යටතේ ඔගොල්ලන්ව හම්බෙන්න එන්නේ හැබැයි මෙදාපාරනම් මේ පොත ඔගොල්ලන්ට බාගන්න දෙන්න හැටියක් නෑ මොකද මේකෙ ඔන්ලයින් වර්ශන් එකක්වත් පීඩිඑෆ් එකක්වත් මට හම්බුනේ නෑ ඒත් මේ ලිපිය කියවනකොට ඔගොල්ලන්ට තේරෙයි මේ පොත සල්ලි දීලා කියෙව්වත් පාඩුවක් නෑ කියලා මේක ඒ තරම් වටිනා පොතක්.   

මෙම පොත ලියා ඇත්තේ 'චාල්ස් දයානන්දයන්' විසිනි. මෙම කතුවරයා නවකතා ලියන්නෙකු ලෙස ප්‍රසිද්ධ අයෙකු නොවේ. ඔහු ලියා ඇත්තේ චිත්‍ර කලාවට සම්බන්ධ පොත් දෙක තුනක්‌ පමණි. නමුත් චාල්ස්‌ දයානන්දයන් ගුරු විද්‍යාලයීය කථිකාචාර්යවරයකු ලෙසද කලා මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. මෙහි ඇති විශේෂත්වයනම් ඔහු මෙම පොත ලියන්නේ තමන්ගේම අද්දැකීම් පාදක කරගෙනය. 71 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වී අවුරුදු විස්සක් වැනි තරුන වයසේදී සිරගත වෙයි. එම කාලය තුල ලත් අද්දැකීම් සමුදාය අලලා ලියවුනු කෘතියයි "සිපිරි ගෙයක් වසර හයක්" මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඔහු මෙම කෘතිය පල කරන්නෙ එයිනුත් වසර 35 කට පසුව වීමයි. නමුත් සජීවී ලෙස ඔහු මෙම කතාව ඉදිරිපත් කරයි. මෙහි ඔහු විසින් සිපිරි ගෙය තුලදී චිත්‍රනය කල සිතුවම් රාශියකුත් ඇතුලත් කර ඇත.

චාල්ස් දයානන්දයන් මෙම පොත පිලිගන්වන්නෙ අපූරු ආකාරයකටය 

" හිරු නොපායන ලොවක සිට 
දිලිසෙන් දෑසින්... 
අහස දෙස බලා සිටින 
දහසකුත් එකක් 
අසරණයන් හට.... 
මහත් දයානුකම්පාවෙන් හා 
භක්තියෙන් යුතුව 
මෙම සිතුවම් 
හා සටහන් පිළිගන්වමි ..
..............................

Sunday, April 13, 2014

Taking නොtaking කියලා හිතුනි මට

මේ අපේ ජර්මානුවා පිලිබදවය අප හට සෙනසුරාදා දවස යනු ඉතාමත් වෙහෙසකර දවසකි. මොකද එම දිනට අපේ ජර්මානුවා පැය හතරක දීර්ඝ දේශනයක් පවත්වයි. අන්තිමට බැලූ විට නටපු නැටුමකුත් නැත නමුත් බෙරේ පලුවකුත් ඇත්තේම නැත. ජර්මානුවා කීවාට ඔහු ශුද්ධ සිංහලයෙකි අපට ජර්මන් භාෂාව උගන්වන  නිසා අප ඔහුට කියන්නේ ජර්මානුවා කියාය. ඔහු පැමිනෙන්නේ බදුල්ලේ සිටයි. කලින් ජර්මන් උගැන්වූ සර්ටත් මරු නමක් තිබුනි. ඔහු ගෝල්කාරයාය මොකද ඔහු පැමිනියේ ගෝල් දේශයේ සිටයි. ගෝල් දේශය කියන්නේ ගාලු පුරවරයයි. කොහොම උනත් දැන් ජර්මානුවා මාර ෆන් ඩයල් එකය පැය හතරෙන් පැය දෙකක්ම බුල කෙලී ජර්මන් ඇරෙන්න අනෙක් හැම දෙයක්ම ඔහු උගන්වයි. මේත් ඔහු කී එක් කතාවකි

Hungry වෙලා මම ගිය කල son ගෙ ගෙට 
Measure  කරලා paddy දුන්නයි මල්ලකට 
Taking no-taking කියලා සිතුනි මට 
Measure කරලද son milk දුන්නේ I U ට

Saturday, April 5, 2014

රාජ්‍ය නාට්‍ය උලෙළ 2014 සම්මාන ලැබූවෝ


මේ සති කිහිපයම ඉතාම කාර්‍යබහුලව තමා ගෙවුනේ මේ පැත්තේ ඇවිල්ල යන්නවත් බ්ලොග් එකක් කියවන්නවත් කොමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් හම්බුනේ නෑ මොකද මගේ මිත්තනිය මියගියා ඒ කියන්නෙ අපේ අම්මගෙ අම්මගෙත් අම්මා අවුරුදු 104ක් ආයුෂ වලදලා තමා ඇය අපිව දාලා ගියේ. එම නිසා කාර්‍ය බහුල වුනා වගේම මගේ HND එකේ අන්තිම අවුරුද්ද තමා මේ ගෙවෙන්නේ ඉතින් මුත්තම්මගෙ මරනය නිසා පාඩු උන දේශන එහෙමත් නැවත නෝට්ස් හොයාගෙන බලා ගත්තා එකී මෙකී නොකී සියලු කාරනා අස්සේ මට මී මුරේ යන්නත් අවස්ථාවක් ලැබුනා එහි විස්තරත් ලගදීම දෙන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නෙ. ඉතින් මේ ලිපිය පල කරන්න කියලා සෙරන්ඩිප් ඔටුවත් ඉල්ලලා තිබුන නිසා ඔන්න අද ඕගොල්ලන්ට අරන් ආවා රාජ්‍ය නාට්‍ය උලෙළේ නිල ප්‍රතිපල.

රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2014 පසුගිය සිකුරාදා රාත්‍රියේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තමා පැවැත් උනේ. සමහර අයනම් කියනවා මේ නාට්‍ය උලෙළේ සාධාරන විනිශ්ශ්‍යක් කෙරුන්නෑ කියලා ඒක ඕගොල්ලන්ට බාරයි ඕන් එහෙනම් ප්‍රතිපල ටික.