අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔගොල්ලො ජර්මන් භාෂාව ඉගෙන ගනිද්දී බොහෝම ගැටලුවකට මූන පාන ගැටලුවක් විසදා ගන්නා ආකාරය. මුලින්ම කියන්නම්කො අපේ සිංහල ඉංග්‍රීසි භාෂා වගේ නෙමේ මේ ජර්මන් භාෂාව එහෙම කියන්නේ මොකද මේ භාෂාවේ නාමපද වල ලිංග බේද තුනක් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් ඒ තමා ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හා නපුන්සක ලිංග කියලා.
der (Masculine පුරුෂ ලිංග) der Mann, der Tisch the man(මිනිසා) the table(මේසය)
die (Feminine ස්ත්‍රී ලිංග) die Frau, die Tür the woman(ගැහැණිය) the door(දොර)
das (Neuter නපුන්සක ලිංග) das Kind, das Fenster the child(දරුවා) the window(ජනේලය)
මෙහෙම ලිංග බේදයක් අපිට අනිත් භාෂාවල දකින්න ලැබෙන්නෑ මොකද අපි සිංහල භාෂාවෙදි පන නැති දේවල් එකම ලිංග බේදෙකින් තමයි හදුන් වන්නේ. නමුත් මෙහිදී මේසය පුරුෂ ලිංග වශයෙන්ද දොර ස්ත්‍රී ලිංග වශයෙන්ද ජනේලය නපුන්සක ලිංග වශයෙන්ද හදුන්වලා තියෙනවා. ඉතින් මෙහිදී ඕගොල්ලො වගේම ගොඩක් දෙනෙක් ලොකු අමාරුවක වැටෙනවා කොහොමද අපි මේ ලිංග බේදය පැහැදිලිව හදුනා ගන්නෙ නැත්තම් කොහොමද අපි ආර්ටිකල් යොදන්නේ කියලා. ගොඩක් දෙනෙක් මේක නිසාම නාමපදයත් එක්කම ආර්ටිකල් එකත් කටපාඩම් කරනවා.
ඉතින් මම අද කියලා දෙන්න යන්නේ බොහොම ලේසි වගේම නිවැරදි ක්‍රමයක් මේ ලිංග බේදය හොයාගන්න ඉතින් අද පාඩම අපි පටන් ගමු.
පුරුෂ ලිංග නාමපද හදුනා ගමු
පහත අකුරු වලින් අවසන් වෙන නාම පද අපට පුරුෂ ලිංග නාමපද හැටියට හදුනා ගන්න පුලුවන්
|
|
|
-er
|
der Computer, der Wecker
|
Computer, alarm clock
|
-ig
|
der Honig, der Käfig
|
Honey, cage
|
-ismus
|
der Idealismus, der Kapitalismus
|
Idealism, capitalism
|
-ling
|
der Früling, der Schiling
|
Spring, shilling
|
-or
|
der Motor, der Reaktor
|
Engine, reactor
|
ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් පුරුෂ ලිංග නාමපද හැටියට
පුරුෂයන් der Vater, der Shon තාත්තා, පුතා
මාස හා දවස් der Montag, der August සදුදා, අගෝස්තු
කාර් නිෂ්පාදකයන් der BMW, der jaguar බීඑම්ඩබ්ලිව, ජැගුවාර්
ඍතු der Sommer, der Winter ග්‍රීෂ්ම සෘතුව, සිසිර කාලය
ඇල්කොහොල් වර්ග der Whisky, der Wein විස්කි, වයින්
නමුත් මෙතනදී මතක තියා ගන්න තව දෙයක් තියෙනවා ඒ තමා අපි බියර් හදුන්වද්දී විතරක් "das Bier " ලෙස හදුන්වනවා .
Danke,für ihre lektion,Bitte machen sie weiter.
ReplyDeleteDanke,für ihre Kommentar
ReplyDeleteජර්මන් සෑහෙන්න අමාරුයි බං..
ReplyDeleteආර්ටිකල්ස් ටික අල්ලගත්තනම් වැඩේ ගොඩ ව්‍යාකරණ එතොකොට ලේසියි... ඉස්සරහට මම ව්‍යාකරණ දාන්නම්කො
Deleteජර්මන් වල මටත් විකාරයක් වුනේ ආටිකල්ස් තමයි.ඒත් උච්ඡාරනය නම් ඉංග්‍රීසි වලටත් වඩා හොඳයි.
ReplyDeleteආසන්න ලෙස ශබ්ද කරන්න පුළුවන්.Bus = බුස් වගෙ
ෆ්‍රෙන්ච් වල අනවශ්‍ය අකුරු වැඩිනෙ .ජර්මන් වල එහෙම නෑ.ආටිකල්ස් වලට හුරුවුනොත් ජර්මන් ලොකු අවුලකුත් නෑ.
ඒක ඇත්ත ආර්ටිකල් ටික එලකිරි වගේ අල්ලගන්න ඔනේ
Deleteලේසිම භාශාව ඉංග්‍රීසිද කොහෙද.....
ReplyDeleteහික්ස් මාත් හිතනවා සිංහල ව්‍යාකරණත් පට්ට අමාරුයිනෙ අප්පා
Deleteඅයියේ, -er එකෙන් අවසන් වෙන නාම පද පුරුෂ ලිංග නම් 'අම්මා' යන තේරුම දෙන Mutter කියන වචනය ස්ත්‍රී ලිංග වුණේ කොහොමද?
ReplyDeleteඅම්මා යන mutter කොහොමත් ස්ත්‍රී ලිංග පදයක්නේ ඒක ඊලග පාඩමෙන් කියලා දෙන්නම් ...
Deleteපුරුෂයන් හදුන්වන පද අනිවා der වගේ ස්ත්‍රින් හදුන්වන පදත් අනිවා ෆෙමිනි