Tuesday, October 6, 2020

නැගෙනහිර සුළග අපට කියාදෙන ෂර්ලොක් හෝම්ස්ගේ නොකී කතාව (වෛද්‍ය සුසිත රුවන් ගේ හයේ පහර )





මම කුඩා කල සිටම ෂර්ලොක් හෝම්ස්ගේ  කතා පිස්සෙක්මි. සමහර දින වලට පුස්තකාලයෙන් පොත් දෙකක් රැගෙන විත් දවසින් නොනිදා කියවීමට තරම් පිස්සුවක් ඒ දිනවල සෑදී තිබිණි. ඒ අප  රස කර කර  කියවූයේ චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කරන ලද ආතර් කොනන් ඩොයිල් මහතා විසින් රචනා කරන ලද පොත්‍ ය. නමුත් නැගෙනහිර සුළග නම් ඒ කිසි පොතක් හා සමාන නොවන්නෙ මෙය පරිවර්තනයක් නොවන නිසා වෙනි. මෙය වෛද්‍ය සුසිත රුවන් විසින් ලියන ලද ස්වතන්ත්‍ර කෘතියකි. 

අප පසුකලෙක දැන ගත්  පරිදි චන්දන මෙන්ඩිස් මහතා විසින් පසු කාලීනව ආතර් කොනන් ඩොයිල් මහතාගේ කතා අහවර වීමෙන් පසු දැඩි පාඨක ඉල්ලීම හේතුවෙන්  එතුමා විසින්ම කතා සම්පාදනය කරන ලදි. එය එතුමා පසුකලෙක වැඩසටහනකදීද ප්‍රකාශ කර  තිබුණි. එතුමා එම කතා විශාල ප්‍රමාණයක් පරිවර්තනය කර තිබූ නිසාවෙන් ඔහුට එය ඉතා පහසු වන්නට ඇතැයි අප හට නිගමනය කල හැක. ඒ ඔහුට එම රචන රටාව හා එම චරිත ආතර් කොනන් ඩොයිල්ට තරම්ම හුරුවී තිබූ නිසාවෙනි.

වෛද්‍ය සුසිත රුවන් අපට පලමුවෙන්ම මුන ගැසෙන්නෙ රාවණා මෙහෙයුමත්  සමගයි.ඔහුගේ කතා විලාශය ඉතා සිත් ගන්නා සුලු මෙන්ම වෙනත්ම ආරක එකකි. ඔහු විසින් රචිත සියලුම පොත් ඉතා සාර්ථක වූවා මෙන්ම පාඨකයා නොයෙක් නොයෙක් මාන වලට රැගෙන යන ලදි. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ විද්‍යාප්‍රබන්ධ ලේඛකයෙකු  ලෙසිණි. එක්ස් යන විද්‍යාප්‍රබන්ධ කෘතිය සම්මාන සදහා පවා නිර්දේශ විනි. ඔහු විසින් හේලී නමින් පසු කලෙක ටෙලි පිටපතක්  පවා රචනා කර ලදි. ඉකරස්ගේ පුනරාගමණය කෘතිය තුලින්ද ඔහු ඔහුගේ ප්‍රතිභාව පෙන්වන ලදී. ඔහු අතින් පරිවර්තන කෘති දෙකක් ද රචනා උන නමුදු පෞද්ගලිකව මා ඒවාට අකමැත්තෙමි. ඒ මක් නිසාද යත් මා කැමති  සුසිත රුවන් යන ස්වතන්ත්‍ර ලේඛකයාට බැවිනි.

මෙම නැගෙනහිර සුළග මගින් ෂර්ලොක් හෝම්ස් ගේ මග හැරුණු ජීවිත කතාව අපට ඉතා සියුම් අකාරයෙන් ලේකකයා  අප හමුවේ ඉදිරිපත් කරයි. අපට චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තිත කතාවක්  කියවනවා  මෙන්ම ඉතා රසයකින් යුක්තව එක හුස්මට මෙය කියවා අහවර කිරීමට හැකි වන පරිදි රචනා කිරිමට ඔහු මහන්සි වී ඇත. 

මෙහි අපට කතාව කියන්නේ  ෂර්ලොක් හෝම්ස් ගේ  අප්‍රකට පෙම්වතිය වන අයරින් ඇඩ්ලර් විසිනි. අපට ෂර්ලොක්ගේ ඉතා වටනා ගුණාංග ඇය  ඉස්මතු කර පෙන්වයි. එමෙන්ම ෂර්ලොක් ගේ අනෙකුත් කතා සමග සම්බන්ධ වන අයුරින් ඒ තුලින් අපට මගහැරුණු තැන් අපූරුවට මෙම කතාව තුලින් ලෙහා දීමට කතුවරයා සමත් වී ඇත. අවසන් සටන , ලෝහිත පරිෂණය වැනි කතා හා මෙය බැදෙන්නේ අප පුදුමයට පත්කරමිනි. 

වෛද්‍ය සුසිත රුවන් ගේ දක්ෂතාව මනාවට පැහැදිලි වන්නේ අපට මෙය කොනන් ඩොයිල් ලියූ පොතක් මෙන් හැගෙන නිසාවෙන්මය. කොනන් ඩොයිල් මහතා ජීවතුන් අතර සිටියානම් සුසිත රුවන් මහතාව පසසනවාට කිසිදු සැකයක් නොමැත. ඒ මන්ද යත් ඔහුට කියන්නට මගහැරුණු කතාව රචකයා කියා ඇති නිසාවෙනි. අරාජිකයින් යනු කවුද? , ශර්ලොක්ට අයරින් ඇඩ්ලර් වැදගත් වන්නේ ඇයි , අයරින් අඩ්ලර් ෂර්ලොක්  හා ගැටෙන්නේ මන්ද ? , ඇය ඇත්තටම ෂර්ලොක්ට ආදරය කරාද? ෂර්ලොක් එක පාරටම වොට්සන් ද නොදැන අතුරුදහන් වුයේ කොහෙටද එකී මෙකී නොකී ප්‍රශ්ණ සියල්ලටම ලේකකයා මෙම පොත මගින් උත්තර සපයා දී තිබී. 

මට නම් මේ පොත වෛද්‍ය සුසිත රුවන් ගේ හයේ පහරකි.  ඔබත් ෂර්ලොක් හෝම්ස් ගේ  රසිකයෙක්නම් අනිවාර්යෙන්ම මෙම පොත කියවිය යුතුම පොතක් වනවාට සැක නැත.  

Sunday, October 20, 2019

ධරණි ඇත්තටම ඔබේ හදවත හඩා වට්ටාවි





කත්‍යානා අමරසිංහ කතුවරියගේ පොතක් කියවීමේ අශාවක් හිතේ රැදී තිබුනද එය සැබෑ කරගන්නට හැකි වූයේ මාගේ මිතුරියක්ගෙන් ධරණි  කියවීමට ඉල්ලා ගැනීමෙන් පසුවයි. ඇයගේ ලිවීමේ ප්‍රතිභාව හමුවේ මා වෙව්ලා ගියේයැයි කීවොත් එය අතිශෝක්තියක් නොවනු ඇත.ඇය හදවතට කතා කිරීමට දැන ගත් මැජික් කාරියක් යැයි මට ඊයේ සිතුනි. ධරණි  අතට ගත් පසු බිමින් තියන්නට නොහිතුනේ ඒ නිසායැයි මා හට හැගේ. පැය දෙක හමාරක් තුනක් වැනි කාලයකින් මුලු පොතම කියවා අවසන් කරේ ඒනිසාවෙනි. අවසන් පිටු විස්ස තිහ පැමිනෙන විට බොහොම හිමින් ලෝබ කමකින් කියෙව්වේ දැන් පොත ඉවර වේයැයි යන බියෙනි. පොතක් කියවන විට එවැනි සිතුවිල්ලක් එන්නේ බොහොම සීමිත පොත් ගනනකට පමනි.

Friday, October 4, 2019

ආර්යා ලාංකීය නවකතාවට අමුතු හැඩයක්ද?






දිලීප ජයකොඩි කතුවරයා අප හදුනා ගන්නේ පරිවර්තකයෙකු ලෙසයි. ඔහු ඉතාමත් ජනප්‍රිය වන්නෙ චේතන් බගත්ගේ පොත් පරිවර්තනය තුලිනි. චේතන් බගත් අප තරුණ තරුණියන් අතරට ගෙන ආවේ ඔහුයි. එම කෘති පරිවර්තනයේදී ඔහු මැනවින් දස්කම් පෑවේ කාගෙත් සිත් සතන් දිනා ගනිමිනි. නමුත් ඔබ නොදන්නවා වුවත් අප අතර ජනප්‍රිය වූ නිල්දිය යහන චිත්‍රපටය නිශ්පාදනය වන්නේ ද ඔහුගේ ස්වතන්ත්‍ර කෘතිය පාදක කරගෙනය.

මෙවර ඔහු අපගේ සිත් ඇදබැද ගන්නේ නවමු ආරක නවකතාවක් අප අතර තබමිනි. එනම් දේශපාලනය පදනම් කරගත් නවකතාවක් අප අතරට ගෙන එමින්ය. මේ පිලිබද මා දැනගත් විගස මා හට සිතුනේ  කියවීමට නීරස වන කතාවක් වනු ඇතැයි කියායි. නමුත් කියවන්න කියවන්න එම පොත මා සිත ඇද බැද ගති. එක හුස්මටම පොත කියවා ඉවර කිරීමට මට හැකි වුනේ ඒ නිසාය.

මෙය ඔබ කියවිය යුතුම පොතක් වන්නෙ දේශපාලනයේ සෑබෑ යථාර්ථය පිලිබිගු කරන නිසාය.දේශපාලනයේදී ඔබගේ ලගම හිතවතා තබා ඔබගේ ප්‍රිය බිරිදවත් විශ්වාස කල නොහැකි බව දිලීප ජයකොඩියන් විසින් මෙයින් මනාව පිලිබිගු කර ඇත්තේය. දේශපාලනයේ තිත්ත ඇත්ත එයයි.

Thursday, September 26, 2019

"ගුම්" ගුම් දෙන්නට පටන් ගනීවිද?


    බටුවන්ගල රාහුල හිමියන් විසින් රචිත "ගුම්" නවකතාව එක හුස්මට කියවා ඉවර කලෙමි. එයින් ලද ප්‍රහර්ශය විස්තර කිරීමට කිසිම හොඩියක අකුරු කිසිම භාෂාවක වචන මට ප්‍රමාණවත්නොවන්නේයයි කීම අතිශෝක්තියක් නොවනු ඇතැයි මම සිතමි. අතට ගන්නාවිට මාහට සිතුන සිතුවිලි අමුවෙන්ම ප්‍රකාශ කරනවා නම් මෙච්ච්ර චූටි පොතක් නවකතාවක් කියන්නෙ කොහොමද? මේකෙ කිසි වැඩක් නැතුව ඇති කික් එකක් නැතුව ඇති යන හැගීමයි. නමුත් පිටු 1000 කින් 2000 කින් කියන්න බැරි ගැඹුරු පණිවිඩයක් රාහුල හිමියන් විසින් මේ කෘතිය මගින් සමාජයට ඉදිරිපත් කර තිබේ. 

මේ මා රාහුල හිමියන්ගේ කියවන පලමු කෘතියයි නමුත් ඒ පලමු කෘතියෙන්ම මාහට හැගී ගිය කරුණ නම් රාහුල හිමියන් උන්වහන්සේගේ කෘති මගින් සමාජ සෝදනයට ඉතාමත් හොදින් දායක වන වගයි. මාගේ මතය අනුව රාහුල හිමියන් තුල හොද දේශපාලන හා සමාජීය වැටහීමක් ගැබ්ව තිබේ. උනවහන්සේගේ සැගවුන අරුත් තුල යම්කිසි වාමාන්ශික මතවාදයක්ද මාගේ දැනුමේ හැටියට ඉස්මතු වේ එය මටත් ඔබටත් පොදු වන්නේ නැත එය මගේ හැගීමයි. එමෙන්ම බෞද්ධ දර්ශනයේ යම් යම් තැන්ද හිමියන් විසින් නියමාකාරයෙන් ගලපා යම් යම් ස්ථාන වලට යොදා ඇති අපූර්වත්වයද ප්‍රශංසනීයය. එමෙන්ඔම නූතන වැඩවස්බම්ගේ සමාජ ක්‍රමය ගැන කතා රසයට බාධා නොවන අන්දමින් විග්‍රහ කර ඇති ආකාරයද ප්‍රශංසනීයය. කතා රසයට බාදා නොවන අයුරින් කෙටියෙන් කතාවේ යම් යම් තැන් මම පහතින් උපුටා දක්වමි එයින් ඔබේ  කුතුහලය තවත් වැඩි වන බව මාහට දිවුරා කිව හැක.

Tuesday, November 20, 2018

'සතා' කියා ඉඳහිටක දි ඇහුනාට කතා හදන උන් සේරම බෝසත් ද


සදාර බණ්ඩාරයන්ගේ පොඩ්ඩියේ' ගීතය මේ මෑතකදී ශ්‍රවණය කිරීමට ලැබුනි. මින් පෙර කිසිම දිනක මා හට නොලැබුණු අමුතුම ආශ්වාදයක් මා වෙතට ගෙන ඒමට එම ගීතයට හැකිවුනායැයි කීමට මා ලැජ්ජානොවෙමි. මාගේ නහර ඉලිප්පී ඇගේ හිරිගඩු පිපෙන තරම් රසයක් ඔහු ගෙන ආවේ කෙසේදැයි සිතා ගැනීමට නොහැකිව හතර පස් වතාවක්ම මම එම ගීතය ශ්‍රවණය කලෙමි. ඒ ගීතයට අමතරව ඔහුගෙ අනෙකුත් ගීතද මා ශ්‍රවණය කලේ ඒ රහස සොයා ගැනීමට තිබූ උනන්දුව නිසාමය. ඒ රහස සැගවී තිබුනේ ඔහුගේ හඩ එම ගීතයේ අනුභූතියට අනුව වෙනස් කර ගැනීමයැයි මා හට හැගුනි.  ඒ මන්දයත් ඔහුගේ ' නාට්ටාමි' ගීතයේ තිබුනේ නාට්ටමියෙකුගේ හඩය ඔහුගේ ' ඒත් අපි එක පන්තියේ ' ගීතයෙ තිබුනේ සෙබෙලෙකුගෙ හඩය. ඒ මට හැගෙන අන්දමදයි මට නොවැටහේ. ඔබට වෙනම අදහසක් තිබිය හැකිය. අද නාට්‍යය කාරයා කතා කරන්න කල්පනා කරේ මේ සදාර බණ්ඩාරයන්ගේ ' පොඩ්ඩියේ' ගීතය මගින් නාට්‍ය කාරයාට දැනුනු දේ සහ ඔහුගේ රසිකයන් එම ගීතය ගැන පල කර තිබූ විචාර කිහිපයක් ගැනයි.

මේ ගීතය මෙතරම් සුන්දර වුයේ සදාර බණ්ඩාරයන්ගේ හඩ නිසාම පමනක් නොවන බව ද අප අවංකව පිලිගත යුතු වෙමු. මන්ද යත් මෙහි පද රචනාව 2015 වසරේ රාජ්‍ය සම්මාන ලැබූ පොතක් වන " යන්නං චන්දරේ " කාව්‍ය සංග්‍රහය රචනා කල  ටිම්රාන් කීර්ති ගේ වීමත් විශේෂ වේ. ටිම්රාන් කීර්ති මෙහි වචන හැසිරවීම කිසි බයක් නොමැතිව රැඩිකල් අන්දමින් සිදු කර ඇත. එය  නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම" වැනි වචන හරබයන්ගෙන් මොනවට පිලිබිගු වේ. මේ රැඩිකල් බවම පපුව පසාරු කරගෙන ඇග හිරිවට්ටමින් අපේ භාෂාවෙන් කියනවානම් බොක්කටම වැදීමට හේතූ වී ඇතැයි මා හට හැගේ.

එමෙන්ම සදාරයන් බාවිතා කරන සංගීතයද ඉතාමත් සිත්ගන්නා සුලු මෙන්ම ඒ සංගීතය පපුවතුලටම කිදා බැසීමට තරම් ප්‍රබලය ඒ ඒ අනුභූතියට අදාල සංගීතය ඔහු මැනවින් භාවිතා කර තිබීමද මෙහිදී ප්‍රබල සාධකයක් වී ඇත්තේමය. එමෙන්ම තවත් මෙය සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය කරන ලද පැදි පෙලක් වීමද විශේෂ වේ. මෙය සදාරයන් ගේ වචනයෙන්ම කියනවානම් මොඩර්න් මව් ගුන ගීතයකි. ගීත විචාරීම සදහා නාට්‍යයකාරයා පොරක් හෝ දැනමුත්තෙක් නොවන නිසා දැනමුත්තන් කරන ලද විචාරයක් මෙහි උපුටා දක්වන්නෙමි. මෙම පහල විචාරය යූටියුබ් තුල පලවූ කමෙන්ටුවකින් උපුටා ගත්තක් බව සලකන්න. එහි අයිතිය සම්පූර්ණයෙන් ම රචකයා සතු බව ද සලකන මෙන් කරුණාවෙන් සලකන්න. ඔහුව සොයාගැනීමට නොහැකි වූ නිසාවෙන් ඔහුගේ අවසරයක් නොමැතිව පලකරන ලදි. අවශ්‍යඔනෑම වෙලාවක කතෘගේ ඉල්ලීමෙන් ඉවත් කිරීමට බැදී සිටිමි.

Friday, February 24, 2017

සිල් ගත් බිල්ලො ඔබ නැරබියම යුතුම රංගයක් වන්නෙ ඇයි?






ඔන්න නාට්‍යකාරයා මේ පාරත් ඉඩ ලැබුනු හැටියෙ ගියා රාජ්‍ය නාට්‍ය උළෙල බලන්න. මට බලන්න හම්බුනේ නම් නාට්‍ය දෙකක් විතරයි ඒ අතරින් මගේ හදවත සසල කරපු කාලීන රංගයක් තමා විජිත් නුවන් ගෙ සිල්ගත් බිල්ලො.  මොකද කියනවනම් වත්මන් දේශපාලනයයේ මුහුනුවර හා වත්මන් තරුන පරපුරේ කේදවාචකය මනාව ගෙනහැර දක්වන්න සමත් වෙලා තියෙනවා විජිත් නුවන් මේ තුලින්. අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ සිල්ගත් බිල්ලො කියන්නෙ කියලා.


විජිත් නුවන් කියන්නෙ නිකන්ම වේදිකාවට ආපු පුද්ගලයෙක් නෙවේ නාට්‍ය කලාව ගැන විශේෂයෙන්  හදාරපු පුද්ගලයෙක්. කැළනිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබද ශාස්ත්‍රවේදී විශේෂ උපාධියත් ඒ වගේම ශාෂ්ත්‍රපති උපාධියත් ලබා ගත් හෙතෙම දැන් රජයේ පාසලක ගුරුවරයෙක් ලෙස සේවයකරනවා. ඒ වගේම දිගු හා කෙටි නාට්‍ය ගනනාවකට රංගනයෙන් දායක වී ඇති හෙතෙම ඉතා දක්ෂ රංගාලෝක හා පසුතල නිර්මාන ශිල්පියෙක්. ඔහු "ජනේලයෙන් පනින්නද" නාට්‍ය වෙනුවෙන් 2011 රාජය නාට්‍ය උළලෙන් හොදම වේදිකා පරිපාලනයට හිමි සම්මානයද දිනාගනු ලැබුවා. කෙසේ වෙතත් " සිල් ගත් බිල්ලෝ" කියන්නෙ විජිත් නුවන්ගෙ කුලුදුල් දිගු නාට්‍ය රචනය හා අධ්‍යෂනය. මගේ රසඥතාව අනුව ඉතාම ප්‍රසස්ථ ගනයේ නිර්මානයක් තමා සිල්ගත් බිල්ලො කියන්නෙ.

Tuesday, February 21, 2017

2017 රාජය නාට්‍ය උළෙල





ඔන්න නාට්‍යකාරයාට මේ ගැන කලින් කියන්න බැරිඋනාට සමාවෙන්න ඔනේ. මොකද මේ ටිකේ තිබුන වැඩත් එක්ක මට ඔගොල්ලන්ට මේ රහ ඔත්තුව දෙන්න බැරුව ගියා. මෙවරත් රාජ්‍ය නාට්‍ය උළෙල මේ දිනවල මරදාන ටවර් රගහලේ  පැවැත්වෙනවා. නාට්‍ය උළෙල ආරම්බ උනේ නම් පෙබරවාරි 15 වෙනිදා දැනට දිගු නාට්‍ය 6ක් ප්‍රදර්ශනය කර අවසන්. දනට ප්‍රදර්ශනයට ඉතිරිව ඇත්තේ දිගු නාට්‍ය 4ක් හා කෙටි නාට්‍ය 14ක් පමනයි. ඉතින් තාමත් ප්‍රමාද නෑ අදම යන්න සවස 6.30 ට තමා පටන් ගන්නෙ.

මෙන්න කාල සටහන

පෙබ. 15 - අනිල් කුමාර විජේසිංහ ගේ                  ආදරණීය වෙඩිල්ලක්
පෙබ. 16 - අඛිල සපුමල් ගේ                                 ගිරිකූඨ කාශ්‍යප
පෙබ. 17 - රාජිත දිසානායක ගේ                           නැතිව බැරි මිනිහෙක්
පෙබ. 18 - සමන් සොයිසා  ගේ                             මීඩියා
පෙබ. 19 - ලෙ.ප. සරත් රණතුංග ගේ                    මා ඝාතෝ
පෙබ. 20-  එස්.අයි. සමරක්කොඩි ගේ                   Love and Life
පෙබ. 21 - ප්‍රියංකර රත්නායක  ගේ                       ප්‍රේමවන්ත කුමාරයෝ
පෙබ. 22 - විජිත් නුවන්  ගේ                                  සිල්ගත් බිල්ලෝ
පෙබ. 23 - අනුර විතානච්චි ගේ                              මාර හොරු
පෙබ. 24-  එම්.සුරින් චාමර මෙන්ඩිස්. නිෂාදි පලන්සූරිය ගේ                                                                                                                                                        Mr.W හෙවත් අත්තනායකගේ අවසන් දවස්

අවසන් වටය සඳහා තේරී ඇති කෙටි නාට්‍යය

පෙබ.25
මතු වික්‍රමසිංහ ගේ “අධිශීතකරණය” , ඒ. ප්‍රසාන්ත් ගේ  “ආර්ත්තම්” , නිමේස් පතිරණ ගේ “ මිඩ්නයිට් ඩ්‍රීම්” , ඩබ්.විමල් පෙරේරා  ගේ “ එම්බාම්.” ,
පෙබ. 26
සමන්ත පරණලියනගේ ගේ “කිරි අම්මා අවතාරය” , එම්. කාලිදාස් ගේ “තෝලන්”, ප්‍රදීප් සම්පත් අරුගමගේ “ආණ්ඩුවේ රස්සාව”,
පෙබ. 27
සචිත්‍ර රාහුබද්ධ ගේ “ සිංහ සේයා” , ජේ.ඒ.ඩොමින් රෙජිනෝලඩ්  ගේ “තවිපින් තේඩාල්” , ආර්.සුදර්ශන ක්‍රිශාන්ත ගේ “ ස්වරණ භූමි”
පෙබ. 28
කේ.ඒ.ජී.ආනන්ද චන්ද්‍රකුමාර  ගේ “ ලද ලබ” , එස්.කර්තිකේසු ගේ “කලාරියන්දු කරුවාරෙයි” ,     දේවින්ද වික්‍රමසිංහ      ගේ “ මම අඩකුඹයි” ,  එම්.කේතීස්වරන් ගේ “මැජික් බොක්ස්”,

Saturday, February 18, 2017

නාට්‍යකාරයාගෙ නැවත ආගමනය

ඔන්න නට්‍යකාරයා දිගු නිහැඩියාවකින් පසුව ආයෙ කරලියට එන්නයි හදන්නෙ. දැන්නම් බ්ලොග් රෝල් වලින් නාට්‍යකාරයා ගැලවිලා ඇති කියලත් හිතෙනවා. ඉගෙනීමේ කටයුතු හා පොඩි පොඩි බිස්නස් වලට හිත ගිය හින්දා නාට්‍යකාරයාට ලියමනක් ලියන්න ඉස්පාසුවක් හම්බුනේම නෑ. සිංහල බ්ලොග් කියවනය නැතුව ගියාට පස්සෙ වැඩියෙ බ්ලොග් කියවන්නත් බැරුව ගියා. අද ඉදන් නාට්‍ය කාරයාගේ සුපුරුදු ජීවන රටාවට අනුගත වෙන්නයි බැලුවේ. ඉස්සර නාට්‍යකාරයා බ්ලොග් කියෙව්වේ පිස්සෙක් වගේ ඔව් පිස්සෙක් වගේ. සොදුරුසිත අක්කගේ බ්ලොග් එකෙන්ම අද ඉදන් අයේ කියවන්නයි බැලුවෙ. ඉතින් බ්ලොග් පරපුරේ යාලුවො ටික ආයෙ හම්බෙයි කියලා හිතනවා.

ඔන්න අද ඉදන් හැම සතියෙම ආයෙ පොතක් ගැන ලියන්නත් හිතන් ඉන්නවා. ඒ වගේම අලුතෙන් අපේ ඩොක්ටර්ගෙ පොතක් එලි දකින්න තියෙනනවා කියලත් නාට්‍යකාරයට රහ ඔත්තුවක් ලැබිලයි තියෙන්නෙ. අපි බලාගෙන ඉමුකො අලුත් පොත මොන වගේ වෙයිද කියලා නේද? ඩොක්ට කිව්වෙ කවුද කියලා ඔගොල්ලො බලනවා ඇති නෙද? ඩොක්ටර් කිව්වෙ රාවණා මෙහෙයුම ලියපු අපේ සුසිත් රුවන් අයියා හොදේ.   ඔන්න කියවන්න බැරි උනානම් ඩොක්ටර්ගේ ආපු අන්තිම පොත ගැන මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.

රාවණා මෙහෙයුම - 2 සාර්ථකද ?

ඒ වගේම නාට්‍යකාරයා අලුත් විනෝදාශයකුත් පටන් ගත්තනේ අපේ කාවින්ග සොහොයුරා හින්දා කදු නැගීම හා සංචරනය ඒ ගිය තැන් ගැනත් ලියන්නයි බලා පොරොත්තුව. කාවින්ග කිව්වෙ අපේ හයිකින්ග් ශ්‍රී ලංකා කරන සහෝදරයා හොදේ..ඒක ගැන දන්නැත්තම් මෙතනින් ගිහින් බලන්න. කාවින්ග කියන්නෙ ලංකාවේ කදු ගැන ගොඩක් දේවල් දන්න හැමතැනම ගිය පොඩි කොල්ලෙක්. උගේ කදු ගැන දැනීමනම් අති විශිෂ්ටයි  කියලා මට කියන්න පුලුවන්.

Hiking Srilanka

 එහෙනම් නාට්‍යකාරයාගේ ලියමනකින් ඉක්මන්ටම හම්බෙමු. අදට යන්න අවසර. නාට්‍යකාරයා ගැන මොනවා හරි කියන්න තියෙනවනම් පල්ලෙහායින් කොටලම යන්න හොදේ..


Sunday, September 27, 2015

රාවණා මෙහෙයුම - 2 සාර්ථකද ?







සුසිත් රුවන් තම සිව්වන දරු සූතිය ඉතා සන්‍යමයෙන් යුක්තව සිදුකර තිබේ. තම කුලුදුල් දරුවාගේ සිට මේ ආ ගමන් මාර්ගය ඉතා සිත් ඇදගන්නා සුලුය. විවිද කතා තේමාවන් ඔස්සේ අප රැගෙන ගිය ඔහු ඒ සියල්ලම වෙනමම ආරකට රචනා කිරීමට යුහුසුලු විය. රාවනා මෙහෙයුම ඔහුගේ කුලුදුල් දරුවා මෙන්ම ගවේෂණාත්මක නවකතා කරනයට අලුත් අරුතක්ද එක් කල රචනාවක් විය. එමෙන්ම ඔහුගේ දෙවන රචනාව වූ ඒ ඔහු නොවේ කෘතිය වෙනමම කතා ශෛලියක් අනුගමනය කරන්නක් විය. එම කෘතිය කියවන්නාට අත්දැකීමට ලැබෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක් නරබන අත්දැකීමයි . ඔහුගේ තෙවැනි කෘතිය වූ මාරායණය තවත් නවමු අත්දැකීමක් එකතු කරන්නක් විය. මිනිසාගේ මනෝභාවයන් පිලිබද ඉතාම ගැබුරට කතිකාවතක් ගෙනයන මාරායනය මිනිස් සිතක ඇතිවන චෛතසිකයන් පිලිබදව මනා විග්‍රහයක් ගෙනහැර දක්වයි. සමාජයේ සිටින මාරයන් හා ඔවුන්ගේ එම වෙනසට හේතුවන සාධකද ගෙනහැර දක්වයි.

Monday, February 9, 2015

චේතන් බගත් ගේ ඔබ කියවිය යුතුම පොත් දෙකක් one night @ the call center & Half girl freind



3 idiots චිත්‍රපටය නරබා නැති කෙනෙක් මා හිතන තරමට හොයා ගන්නවත් බැරිවෙයි නේද?  ඒත් ඒ කීයෙන් කී දෙනාද දන්නෙ එය පොතක් පදනම් කරගෙන නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් බව ඒ අයගෙනුත් කීයෙන් කීදෙනාද දන්නෙ ඒ පොත ලියපු කතුවරයාගෙ නම නේද? ඒ කට්ටියගෙනුත් කීයෙන් කී දෙනෙක්ද දන්නෙ ඒ පොතේ නම ඉතින් මම අද මේ දෙන්න යන්නෙ ඒ පොත ලියපු කතුවරයාගේ තවත් පොත් දෙකක්.

චේතන් බගත් ඔබට සමහර විට නම පුරුදු ඇති. ඔව් ඒ ඔබ හිතපු කෙනා තමා මෑත ඉතිහාසයේ ඉංග්‍රීසි නවකතා අතුරෙන් වැඩියෙන්ම අලෙවියක් වාර්තා කලේ මොහුගේ පොත්. ඒ ඉන්දියාවෙ හැබැයි ඉන්දියාවෙ විතරක් නොවේ මොහුගේ පොත් දැනට ලොව පුරාම අලෙවි වෙනවා. ඉතින් මොහුගේ ප්‍රසිද්ධියට හේතුව තමා මොහු පොත් ලිවීමට බාවිතා  කරන භාෂාව. ඔහු ඉතා සරල ඉංග්‍රීසියෙන් තමා පොත් ලියන්නෙ. කොච්චර සරල භාෂාවෙන් ලිව්වත් රසවින්දනයටනම් කිසිම බාදාවක් නෑ.