Monday, June 2, 2014

කෙල්ලෙක් නිසා කලාකාරයෙකු වීමි The boot i got


මට ඊයේ අපේ අම්මාගේ රිපෝට් වගයක් සෙවීමට වූ නිසා ගේ ඒමේ අත පෙරලූවෙමි. රිපෝට් එක කෙසේ වෙතත් මාගේ පරන මතකයන් එයි හෑරී ඇවිස්සුනේ මාගේ පරණ පොතක් හමු වූ නිසාය. එනම් මා පාසල් යන සමයේ IT ලියූ පොතයි එහි විෂය කරුණු වලට වඩා ඇත්තේ මා බූට් එකක් ලැබූ සමයේ ලියූ එක එක විකාරයි. මට හැහී යන කරුණක්නම් බූට් එකක් කෑ විට කොල්ලෙක් කලාකරුවෙකු වන බවයි.
මගේ බූට් එකක් කීවාට තිබුනේ ඒක පාර්ශවික ආදරයකි. ඒ කාලය ඉතා සුන්දර මෙන්ම කටුක කාලයක්ද විය. ඇයට මම ආදරය කල තරම දන්නේ මා පමණි. ඇය කවදාවත් එය දැන සිටියේ නැත. ඒ කාලයේ පොත් පිරෙන්නට එක එක දේවල් ලියනවා මට මතකය. ඒත් අහම්බයකින් මට එක පොතක ඊයේ දින හමු විනි. ඒ අදහස් ඔබත්  කියවා බලන්න

අපි සමහර දේවල් වලට ගොඩක් හීන මවනවා ඒත්.....  ඒ හීන
මොනතරම් ලස්සන වුනත් අපි ඒ හීනය අත ඇරලා දාන්න කොච්චර 
අකමැති වුනත් සමහර ඒව මැකිලා යනවා අපිටත් නොදැනිම 
අපිට ඒ හීනය හීනයක්ම විතරයි කියලා හිතෙන කොට අපි ගොඩක් දුර 
ගිහිල්ල ඉවරයි අපි ඒ හීනය ගොඩක් දුරට ජීවත් කරවලා..... 
ඇත්තටම අපි එ හීනෙ පෝෂණය කරල.... 

සමහර වෙලාවට අපි 
අපි විසින්ම මවා ගත් හීන තලලා පොඩි කරලා 
දාන්න තරම් නපුරු වෙනවා ඒත්.... 
පස්සෙ තමයි තේරෙන්නෙ 
ඒ හීනය තිබුනනම් කොච්චර හොදද කියලා 

සමහර හීන කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙම නෑ 
ඒත් සමහර හීන ඉක්මනට් අමතක වෙලා යනවා 
අපේ ජීවිත හරියට හීන සාප්පුවක් වගේ 
ඔව් හීන සාප්පුවක්ම තමා.........


සමහර වෙලාවට අපිට හිතෙනව
අපේ ජීවිතෙ නාට්‍යයක් කියල 
අපි අපි විසින්ම ඒ නාට්‍යයට චරිත එකතු කරගන්නවා 
ඒකෙ හොද චරිතත් තියෙනවා නරක චරිතත් තියෙනවා 
ඒත් අපි ගතානු ගතිකව නාට්‍යයේ ගැටුමක් නිර්මාණය කරන්න 
මහන්සි වෙන්නෑ බලනකොට ඒක ඉබේටම නිර්මාණය වෙලා 
සමහර ගැටුම් ඉතා හාස්‍ය ජනකයි මිහිරියි. 
ඒ වගේම සමහර ඒවා ගොඩක් භයංකාරයි 
ඒවට මූණ දෙන්න තරම් හොද ධෛර්‍යවන්ත වීරයා අපි අපිම කියලා නම් කරගන්නවා