මගේ කලා දිවිය

ඔන්න මම මේ පිටුවට  "මගේ කලා දිවිය" කියලා නම දැම්මහම කට්ටිය හිතුවද දන්නෑ මම මේ හොද කලා කරුවෙක් කියලා. එහෙමනම් නෙමේ මම නම් පොඩි අංකුර කලා කරුවෙක් විතරයි. ඒ පොඩි අංකුරය පැළ කරන්න මහන්සි උන  මගේම ගුරුතුමාට තමා පිංසිද්ද වෙන්න ඔනා මාව මේ තත්වෙට ගෙනාවට
මාව කිව්වට ඉතින් අපෙ ලොකු සෙට් එකක් ඉන්නවනේ. ඒ හැමෝවම මෙ තත්වෙට ගෙනාවෙ අපේ ගුරුතුමා තමයි. ගුරුතුමා ගුරුතුමා කිව්වට ඉතින් තාම මම අපේ ආදරණිය ගුරුතුමාගෙ නම කිව්වෙ නෑනේ. මගේ ගුරුතුමාගෙ නම තමා ඩබ්.ඒ. විජිත ප්‍රේමප්‍රිය. 


මම මගේ කලා දිවිය පටන් ගත්තේ 2003 ජා-ඇල ප්‍රාදේශීයලේකම් කාර්යයාලයෙන්. එවකට විජිත ප්‍රේමප්‍රිය ගුරුතුමා ජා-ඇල ප්‍රාදේශීය ලේකම්  කාර්යයාලයේ ගරු සහකාර ප්‍රාදේශීය ලෙකම් තුමා. ඉතින් මාව මේ නාට්‍යය කන්ඩායමට යොමු කරේ මගෙ ආදරණීය දෙමාපියන් තමා. ඉතින් මගෙ අම්මා තමා ඉස්සෙල්ලම ප්‍රාදෙශීය ලේකම් කාර්යයාලයෙ නාට්‍යය වැඩමුලුවක් තියෙනවා කියලා දැනගෙන තියෙන්නේ මගේ ආදරණීය ගුරු මෑණියන් වන ස්වර්ණා මිස් ගෙන් තමා. ස්ව‍්රණා මිස් හා අපේ සර් එකතු වෙලානෙ අපිට නාට්‍යය වැඩමුලුව කරේ. ඒත් ඉතින් ඕගොල්ලන්ට පෙන්නන්න පින‍්තූරයක් නෑනේ. කමක්නෑ මම අපෙ සෙට් එක ගැන කියන්නම්කෝ ඒ කාලේ අපේ ගෙදර තමා ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය, අපේ තාත්තා තමා අපේ ස‍ර් අපි ඔක්කොම එකම ගෙදර සහෝද්‍රර සහෝදරියෝ. අපි කෑවෙ එකට හිනා වුනේ එකට ඒක ඇත්තටනම බොහොම ලස්සන කාලයක්.අපි හැමදාම හිටියෙ හිනා වෙලා. අපේ කාට හරි ප්‍රශ්නයක් තිබුනනම් ඒක අපි හැමෝගෙම ප්‍රශ්නයක් උනා. අපි මෙ අතරෙ රාජ්‍ය නාට්‍යය උලෙලට ළමා නාට්‍යය කරා අපේ සර් 2004 "එකතු වෙන්න ඉඩ දෙන්නකො" නාට්‍යය ඉදිරිපත් කලා, අපේ ප්‍රතිභා අයියා (ලොකු අයියා) "පුංචි සින්ඩරෙල්ලා" , රුමෙශ් අයියා "බෝනික්කා",......... වගේ නාට්‍ය ගොඩක් ඉදිරිපත් කලා ඒ වගේම අපේ නිලංකා අක්කත් නාට්‍යයක් දැම්මනේ ඔන්න තරහ වෙන්න නම් එපා ඔයාවත් කිව්වා. ආ එතොකොට අපේ සුවස්තිකා අක්කත් නාට්‍යයක් දැම්මනේ. ඔහොම හොද කට්ටියක් අපෙන් හැදුනා ඉතින් ඒ අපේ සර් ගේ වැඩ තමා. මමනම් එහෙට යනකොට කෙලින් හිටන් කතා කරන්නත් බෑ ලැජ්ජයි කාත් එක්කවත් කතා කරන්නෑ බයයි ඔන්න අපේ හැමෝම දැන් කියනවා මගේ කට තමා වැඩිම කියලා. ඔන්න එකටත් ලකුණු අපේ සර්ට තමා. 

                                     කෝ ඉතින් අපේ කට්ටිය කට්ටිය කීව්වට ඔගොල්ලො දන්නවෑ ඔන්න බලාගන්නකෝ


 ඔන්න ඉන්නවා අපේ කට්ටියම හොදයි නේද? අනේ ඉතින් කට්ටිය තරහ වෙන්න එපා ඔක්කොම නම් කියන්න ගියොත් මෙ පොස්ට් එකත් මදි වෙනව නම් ටිකක් විතරක් කියන්නම් හොදේ පස්සේ අල්ලන් මට බනින්නනම් එපා හොදේ. මෙතන නැති කට්ටියත් අපේ ඉන්නවනෙ ප්‍රතිභා අයියා,රුමේශ් අයියා,අබිශේක (අබියා),තනුර අයියා,කුමුදු අයියා,සම්පත් අයියා,නුවන් අයියා,කලන අයියා,පියල් අයියා,කපිල අයියා,ගයාන් අයියා,හර්ෂ අයියා,දිනේෂ් අයියා,තනුජා අක්කා,සුවස්තිකා අක්කා, වොල්ගා අක්කා,සකූ අක්කා,නිලංකා අක්කා,නිමේෂිකා අක්කා,සාරංගා අක්කා,ඩිස්නි අක්කා,සුගන්ධි අක්කා,හර්ෂිකා අක්කා.........................., එකී මෙකී නොකී හැමෝම හිටිය තරහ වෙන්නනම් එපා නම කිව්වේ නැතුවට හොදද. මෙ පින්තූරෙනම් හොරකන් කරෙ නිමේෂිකා අක්කගෙ මූනු පොතෙන්.

 ඔන්න ඔහොම ගියා කියන්නකෝ ඔන්න අපේ සර් ග‍රු ප්‍රාදේශීය ලේකම් උනානෙ. ඔන්න එතොකොට සර්ට වැඩ වැඩි උනා අපේ කට්ටියත් job වලට ගියා ටිකෙන් ටික කට්ටිය අඩු උනා ඒත් ඉතින් කට්ටිය ආවා කියන්නකො දැන් අපේ සර් පේෂ කර්ම අධ්‍යක්ෂක වෙලා ගියා විතරයි කට්ටිය නැතුවම ගිය එත් ඉතින් ඊයේ පෙර්‍රෙදා දවසක අපි ආයෙ සෙට් උනා ඒ ගැන පස්සෙ කියන්නම්කො.කොහොම උනත් කලාවට සම්පූර්ණයෙන්ම මනුෂ්‍යයෙක් වෙනස් කරන්න පුලුවන් ඒක අපි හොදටම අත්දැක්කා. නාට්‍යය කණ්ඩායමට බැදෙනකොට මූනක් දිහා බලන් වචනයක් වත් කතා කරන්න බැරුව හිටපු මම දැන් NCS Higher Education Institute එකේ promotion Manager ඒකියන්නෙ ඉතින් කතා කරන්නම තියෙන වැඩක්නෙ නේද? මගේ ජීවිතය නම් සාර්ථක වුනේ කලාව නිසා. ඒ සදහා සහය දුන් මගේ ආදරණීය ගුරුතුමාට තුති.


























4 comments:

  1. Who are you ?.Add more real books for download will get more visitors...

    ReplyDelete
  2. ආ අසන්ග කොහොමද?
    සුවස්තිකා අක්කා නම් මම දන්නව මොකද එයා මගෙත් හොද යාලුවෙක් හොද සහොදරියක්
    …ඉස්කොලෙ උනත් හරිම ජනප්‍රිය චරිතයක්නෙ

    …හොදයි ඉතින් පෑහෑදිලි අනාගතයකට මගෙන් සුබපෑතුම් !

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.