Saturday, September 20, 2014

ලොවීනා ද? පුන්නී ද?


මොහාන් රාජ් මඩවලයන්ගේ "ලොවීනා" මා ඉතාමත් ආශක්තව කියවූ නවකතාවක් යන වග කීවොත් එය බොරුවක් නොවේ. මන්ද යත් එය රචනා කිරීමට ඔහු යොදා ගත් භාෂාව ඉතා මන බදිනා සුලු වීමය. එය පමනක්ම මාගේ හිත එය තුලට අද්දවා නොගත්තේය ඔහු තෝරා ගත් වස්තු බීජය ඉතාම මන බදනේය. අප අසා තිබූ මවුන්ට් ලැවීනියා පෙම් පුවත ඔහු ඔහුගේම උරුවකට වෙනස්ම ආකාරයෙන් ඉදිරිපත් කර තිබීම එයට තවත් හේතුවක් විය. මම පොත කියවීමට පටන් ගත් වේලාවේ සිටන් මේ මනරම් යුවතිය ලොවීනා සෙවීමි.

මා පොතෙන් අඩක් කියවීමි එහෙත් මට ලොවීනා හමු නොවිනි. මා හට හමු වූයේ මුල් බාගයේදී පුන්නා නම් ඒ සොදුරු අද්භූත දැරියවයි. ඉන් පසු ටිකෙන් ටික ශරීරය මෝරා ලස්සන වන එම පුන්නා යෞවනියයි. පසුව පුන්නී නැමැති රොඩී රැහැට පිටමන් කල රොඩී කුල හීන කාන්තාවයි.  මේ පුන්නා ගලේ ගසාවත් මැරිය නොහැකි බව පුන්නා ඉපදෙන විට නැකත් රාළ කියයි. ඇත්තම ඇත්තය මෙම පොත කියවා ඉවර වන විටද මෙම පුන්නා පසුව පුන්නී මගේ හිතින් ගලේ ගසාවත් මරන්නට බැරි විය. ඇත්තටම ඈ තවමත් මගේ හිත තුල සක්මන් කරයි. ඇය වීර කාන්තාවකි, අනේක විද දුක්ඛ දෝමනස්සයන්ට මුහුන පාමීන් ඈ අනුන් වෙනුවෙන් මහමෙරක් මෙන් වේදනා උහුලයි. අනෙක් අයගේ සතුට ප්‍රාර්ථනා කරයි. ඇයගේ සතුට අපට හමු නොවන්නේ ඒ නිසාය.



එමෙන්ම මේ පුන්නී අද්භූත චරිතයකි මන්ද යත් අප කවදාවත් විස්වාස නොකරන් දෑ ඇයි සිදු කරයි. ඇය වැඩි වියට පත් වන්නේ ලිදක් තුලය, ඈ ඇගේ නැකැත් වෙලාවල් පහුවන තුරු රැදෙන්නේද ලිදේමය, ඇය හුස්ම ගන්නේ ලිදේ පතුලේ වතුර තුල සිටයි. ඇය අඃතපුර කානතාවක් සමයේදී අහාරයට ගන්නේ අමු කහ කොකුන් පොතු සුදු හදුන් මේවාය ඉදින් මැය මඩවලයන් අත්භූත චරිතයක් මැවූ අවස්ථාවකි. නමුත් ඇය එය තුල අප තුල ජීවත් වෙයි.

මොහාන් රාජ් මඩවලයන් මේ පුන්නී චරිතය තුලුන් අපට රොඩී රැහැ සමීප කරයි, ඔවුන්ගේ ඇවතුම් පැවතුම් සමීප කරයි, ඒ සමගම ඉතා රසවත් කතාවක් ඉදිරිපත් කරයි. මා හට මෙම නවකතා වේ හමුවන ප්‍රබලම චරිතය පුන්නී චරිතයයි. එසේනම් ඇයි මොහාන් රාජ් මඩවලයන් අපට ලොවීනා කියා පොත හදුන් වන්නේ?
ඒ මන්ද පුන්නීගේ දිගුව ලොවීනා වීමයි පුන්නීගේ හිතේ තැන්පත් වී තිබූ සියල්ල ඉටුවන්නේ ලොවීනා තුලිනි, පුන්නීලාට හිමි තැන ඉහලට නංවන්නේ ලොවීනා වීමය, පුන්නීගේ මෝක්ෂය වන්නේ ලොවීනා වීමය. පුන්නීට නොහැකි වූ දෙයක් ලොවීනා කර නිසාය. ඇය ලොවීනාගේ ජීවිතය බේරාගෙන ඇය අන්තිමට තමාගේ වගකීම අවසන් බව හැගී මුහුදට පැන ඇයගේ ජීවීතය ආයාසයෙන් අහවර කර ගනී. ඒ තම අතින් නහය කට වහගෙනය.  ඇය ගේ මිනිය රොඩී රැහැට හමු වූ තැනින් කතාව නවතී ලොවීනා ගැන ඉදිරියට නොවේ කතාව පුන්නාගෙන් පටන් ගෙන පුන්නීගෙන් අවසන් වේ... එසේනම් මේ පොත ලොවීනා විය යුතුද පුන්නී විය යුතුද? කියවාම අදහසක් ගන්න මම තාමත් නිරුත්තරයි.

6 comments:

  1. මඩවලගෙ ආදරණීය වික්ටෝරියා කියවද්දිත් මට හිතුනා කතාවෙ ප්‍රධාන චරිතය ඇත්තටම වික්ටෝරියාද කියලා . මට දැනෙන හැටියට නම් ලොවීනාටත් වඩා මාගම් සෝලිය රසවත්.

    ReplyDelete
  2. මම නං ඔය එකක් වත් කියවා නැත.....

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්න ලස්සනයි අමුතුයි

      Delete
  3. තාම ආදරණීය වික්ටෝරියා කියවගෙන යනවා තාම වික්ටෝරියා නෑ

    ReplyDelete
  4. රෑ වැටුණ වලේ දවල්ද වැටුනි ආයෙ හවසත් වැටෙන්න කැමැත්තක් නැති හන්දා වික්ටෝරියා ගන්නා අදහසද පිටමන් කලෙමි... මට නං ලොවීනා මෙලෝ රහක් නැත්තේමය

    ReplyDelete
    Replies
    1. ලොවීනා පොතේ තියෙන්නෙ අමුතුම රහක්

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.