Saturday, April 5, 2014

රාජ්‍ය නාට්‍ය උලෙළ 2014 සම්මාන ලැබූවෝ


මේ සති කිහිපයම ඉතාම කාර්‍යබහුලව තමා ගෙවුනේ මේ පැත්තේ ඇවිල්ල යන්නවත් බ්ලොග් එකක් කියවන්නවත් කොමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් හම්බුනේ නෑ මොකද මගේ මිත්තනිය මියගියා ඒ කියන්නෙ අපේ අම්මගෙ අම්මගෙත් අම්මා අවුරුදු 104ක් ආයුෂ වලදලා තමා ඇය අපිව දාලා ගියේ. එම නිසා කාර්‍ය බහුල වුනා වගේම මගේ HND එකේ අන්තිම අවුරුද්ද තමා මේ ගෙවෙන්නේ ඉතින් මුත්තම්මගෙ මරනය නිසා පාඩු උන දේශන එහෙමත් නැවත නෝට්ස් හොයාගෙන බලා ගත්තා එකී මෙකී නොකී සියලු කාරනා අස්සේ මට මී මුරේ යන්නත් අවස්ථාවක් ලැබුනා එහි විස්තරත් ලගදීම දෙන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නෙ. ඉතින් මේ ලිපිය පල කරන්න කියලා සෙරන්ඩිප් ඔටුවත් ඉල්ලලා තිබුන නිසා ඔන්න අද ඕගොල්ලන්ට අරන් ආවා රාජ්‍ය නාට්‍ය උලෙළේ නිල ප්‍රතිපල.

රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2014 පසුගිය සිකුරාදා රාත්‍රියේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තමා පැවැත් උනේ. සමහර අයනම් කියනවා මේ නාට්‍ය උලෙළේ සාධාරන විනිශ්ශ්‍යක් කෙරුන්නෑ කියලා ඒක ඕගොල්ලන්ට බාරයි ඕන් එහෙනම් ප්‍රතිපල ටික.


හොඳම නළුවා - ආදර වස්‌තුව වේදිකා නාට්‍යයේ නවීන්ගේ චරිතය නිරූපණය කළ ශ්‍යාම් ප්‍රනාන්දු
හොදම නිළිය - චේ ගුවේරා නාට්‍යයේ ජුලියාගේ චරිතය නිරූපණය කළ ගයනි ගිසන්තිකා 
හොඳම සහාය නිළිය - හුණුවටයේ නාට්‍යයේ නටාලියාගේ චරිතය නිරූපණය කළ රොණිකා චාමලී
හොඳම සහාය නළුවා - මකරට නාට්‍යයේ සබේ විදානේ චරිතය නිරූපණය කළ සරත් කරුණාරත්න
හොඳම නාට්‍ය  - පරාක්‍රම නිරිඇල්ලගේ හුණුවටයේ කතාව
හොඳම රංගාලෝකය - මකරට නාට්‍යයේ චන්දන අලුත්ගේ
හොඳම රංග වස්‌ත්‍ර නිර්මාණය - මකරට නාට්‍යයේ සුවිනීතා පෙරේරා
හොඳම පසුතල නිර්මාණය - මකරට නාට්‍යයේ ප්‍රදීප් චන්ද්‍රසිරි 
හොඳම අංග රචනය - මකරට නාට්‍යයේ ප්‍රේමජයන්ත කපුගේ
හොඳම වේදිකා පරිපාලනය - හුණුවටයේ කථාව නාට්‍යයේ  දිනේෂ්, අරෝෂා තරංගනී සහ යශෝ ප්‍රසාත් 
හොඳම රංග වින්‍යාසය - හුණු වටයේ කතාව නාට්‍යයේ රෝණිකා චාමලි 
හොඳම සංගීත නිර්මාණය - මකරට නාට්‍යයේ ළහිරු මාඩිවිල
 
කුසලතා සහතික රංගනය - අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ සර්ජුක්‌ චරිතය නිරූපණය කළ සම්පත් තෙන්නකෝන්, ඉඩමේදී විකිණේ නාට්‍යයයේ පිස්‌චිකගේ චරිතය නිරූපණය කළ ප්‍රසාද් සුරියආරච්චි, මකරට නාට්‍යයේ එළිසාගේ චරිතය නිරූපණය කළ තෙරුණි ආශාංසා, විසේකාරියෝ නාට්‍යයේ මහලු ස්‌ත්‍රියගේ චරිතය නිරූපණය කළ නදීශානී කෞෂල්‍යා 
අධ්‍යක්‍ෂණය කුසලතා සහතික - රාවණ ආදරයේ හුස්‌ම ළඟ නාට්‍යයේ අධ්‍යක්‍ෂණය කළ සපුමල්,  විසේකාරියෝ නාට්‍ය අධ්‍යක්‍ෂණය කළ ප්‍රියංකර රත්නායක මහතා 



හොඳම සහාය නළුවා නිර්දේශිත නම් - 1. මකරට නාට්‍යයේ සබේ විදානේ චරිතය නිරූපණය කළ සරත් කරුණාරත්න, 2. අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ සර්ජුක්‌ගේ චරිතය නිරූපණය කළ සම්පත් තෙන්නකෝන්, 3. ඉඩමේදී විකිණේ නාට්‍යයේ පිස්‌චික්‌ගේ චරිතය නිරූපණය කළ ප්‍රසාද් සූරියආරච්චි.



හොඳම සහාය නිළිය   - නිර්දේශිත නම් 1. හුණුවටයේ කථාව නාට්‍යයේ නටාලියාගේ චරිතය නිරූපණය කළ රොණිකා චාමලී, 2. අංගාරා ගඟ ගලා බසී නාට්‍යයේ ලරිසාගේ චරිතය නිරූපණය කළ අමා විඡේසේකර, 3. ඉඩමේදී විකිණේ නාට්‍යයේ ආන්‍යාගේ චරිතය නිරූපණය කළ මිහිරි ප්‍රිංයගනී.


හොඳම නළුවා නිර්දේශිත නම් - 1. හුණුවටයේ කතාව නාට්‍යයේ අසඩක්‌ චරිතය නිරූපණය කළ සංජීව උපේන්ද්‍ර, 2. ආදර වස්‌තුව නාට්‍යයේ නවීන්ගේ චරිතය නිරූපණය කළ ශ්‍යාම් ප්‍රනාන්දු

3. ට්‍රේන් ඩ්‍රයිවර් නාට්‍යයේ සයිමන්ගේ චරිතය නිරූපණය කළ අමිල සඳරුවන් 



හොදම නිළිය නිර්දේශිත නම් - 1. මකරට නාට්‍යයේ එළිසාගේ චරිතය නිරූපණය කළ අශංසා.2. සෙල්ලම් නිරිඳු නාට්‍යයේ සුමිත්‍රා බිසවගේ චරිතය නිරූපණය කළ මාධනි මල්වත්තගේ
3. චේගුවේරා නාට්‍යයේ ජූලියා කෝට්‌ස්‌ගේ චරිතය නිරූපණය කළ ගයනි ගිසන්තිකා.


හොඳම නළුවා කෙටි නාට්‍ය (සිංහල) - 1 වන ස්‌ථානය අජරාමර නාට්‍යයේ කරුගේ චරිතය නිරූපණය කළ තුසිත ලක්‌නාත්
හොඳම නළුවා කෙටි නාට්‍ය (දමිළ) - 1 වන ස්‌ථානය කනවු නාට්‍යයේ තරුණයාගේ චරිතය නිරූපණය කේ. ජයශීලන්
හොඳම නිලිය කෙටි නාට්‍ය (සිංහල) - 1 වන ස්‌ථානය ඕටී (අතිකාල) නාට්‍යයේ ශ්‍රියාගේ චරිතය නිරූපණය කළ ලංකා බණ්‌ඩාරනායක
හොඳම නිළිය කෙටි නාට්‍ය (දමිළ) - 1 වන ස්‌ථානය නාන් ඩොට්‌ ෆයින් ආර්ට්‌ස්‌ නාට්‍යයේ ෆයින් ආර්ට්‌ස්‌ චරිතය නිරූපණය කළ එෆa රෙජිනා මේරි    

හොඳම රංගාලෝකය - කෙටි නාට්‍ය (සිංහල) අජරාමර නාට්‍යයේ රංග සමරකෝන්
හොඳම රංගාලෝකය - කෙටි නාට්‍ය (දමිළ) සවප්පෙට්‌ටි නාට්‍යයේ එස්‌. රාජිව්
හොඳම රංගන වස්‌ත්‍ර නිර්මාණය - කෙටි නාට්‍ය (සිංහල) අජරාමර නාට්‍යයේ තිලක්‌ෂනී රත්නායක
හොඳම රංග වස්‌ත්‍ර නිර්මාණය කෙටි නාට්‍ය (දමිළ) ස්‌වප්පෙට්‌ටි නාට්‍යයේ ටී. අමල්රාඡ්
හොඳම පසුතල නිර්මාණය - කෙටි නාට්‍ය (සිංහල) අජරාමර නාට්‍යයේ මහේෂ් තාබෲ 
හොඳම පසුතල නිර්මාණය - කෙටි නාට්‍ය (දමිළ) ස්‌වප්පෙට්‌ටි නාට්‍යයේ එම්. කේදිස්‌වරන්
හොඳම අංග රචනය කෙටි නාට්‍ය (සිංහල) සුධම්මාවතී නාට්‍යයේ ප්‍රේමජයන්ත කපුගේ 
හොඳම අංග රචනය කෙටි නාට්‍ය (දමිළ) ස්‌වප්පෙට්‌ටි නාට්‍යයේ එන්, නිරුශාන්ත්
හොඳම වේදිකා පරිපාලනය - කෙටි නාට්‍ය (සිංහල) මං බහින්නෑ නාට්‍යයේ ඒ. එම්. ආර්. එම්. ගුණවර්ධන
හොඳම වේදිකා පරිපාලනය - කෙටි නාට්‍ය (දමිළ) කනවු නාට්‍යයේ එස්‌. මුකුන්තන්
හොඳම සංගීත නිර්මාණය - කෙටි නාට්‍ය (සිංහල) (පිරි නමුනේ නැත) 
හොඳම සංගීත නිර්මාණය - කෙටි නාට්‍ය (දමිළ) කනවු නාට්‍යයේ ඊ. සුදර්ශන් මහතා සහ එන් ගෞරී 
හොඳම රංග වින්‍යාසය කෙටි නාට්‍ය (සිංහල) සේසතයි කුමරියයි නාට්‍යයේ ආලෝක සම්පත් සහ සමන් චන්දන
හොඳම රංග විනයාසය - කෙටි නාට්‍ය (දමිළ) ස්‌වප්පෙට්‌ටි නාටයයේ එම්. කේදීස්‌වරන්
              




5 comments:

  1. සම්මාන දීල ඉවර වුණාම දුකටයි තරහටයි අරකටි මේකටයි ඔක්කටම එක එක කතා කියනව... විවේචනය කරනව ඒත් එයාල දින්න නං එයාලට සම්මාන හමුබුනානං ඔය මුකුත් නෑ... අනික විනිෂ්චය මණ්ඩලයකට තෝරගන්නෙත් ප්‍රවීන ඈයොි නෙ...

    ඔබේ මුත්තම්මාට නවන් සුව ලැබේවා

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත තමා... බොහෝම ස්තූතියි

      Delete
  2. ස්තුතියි තොරතුරට..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබ මේ පැත්තෙ ආවට

      Delete
  3. ස්තූතියි දැනුවත් කිරීමට..

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.