Tuesday, November 13, 2012

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 03



ඔන්න එහෙනම් අපේ තුන්වන පාඩමත් අරගෙන මම අදත් ආව. අපි දැන් දන්නවා හෝඩිය ඒ වගේම 1000 ට යනකන් ගණන් කරන්නත් නේද ?එහෙනම් අද අපි මුලින්ම ඉගෙන ගමු අපේ නම කොහොමද කියන්නේ  කියලා නේද? හරිම ලේසි ඉංග්‍රීසි වගේම තමා ටිකක්

mein Name ist Asanga.
මයින් නාම ඉස්ට්‌ අසංග.
මගේ  නම අසංග .

mein Name ist Nilupul.

යන ආදී වශයෙන් තමා අපේ නම කියන්නේ කාට හරි.. එහෙනම්  දන්නවද කොහොමද කාගේ හරි නම අපි අහන්නේ කොහොමද කියලා.. කොහෙද ඉතින් මම කියලා දුන්නායැ නේද.....ඔන්න එහෙනම් බලා ගන්නකො ...

wie ist Ihr Name?
වී ඉස්ට්‌ ඉයර් නාම?
ඔයාගේ නම මොකක්ද?

Saturday, November 10, 2012

උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ පාඨමාලාව

උසස් තාක්‍ෂණික ආයතනය විසින් 2012 වර්ෂයේදී හදුන්වාදුන් පාඨමාලාවක් වන අතර දැනට උසස් තාක්‍ෂණික ආයතන තුල පවතින වටිනාම පාඨමාලාව ලෙස හැදින්නුවද වරදක් නොමැත. මන්ද යත් 2016 වසර වන විට රජයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ශ්‍රීලංකාව තුල අදායම උපයන ඉහලම කරමාන්තය ලෙස මෙම සංචාරක අංශය දක්වා ඇත. එම නිසාවෙන් විශාල රැකියා ප්‍රමාණයක් මෙමගින් උත්පාදනය වන අතර එම ඉල්ලුමට සරිලන උගතුන් පිරිසක් තවමත් ශ්‍රීලංකාව තුලින් බිහිවී නොතිබේ. විශ්වවිද්‍යාල සුළු ප්‍රමාණයක සංචාරක පාඨමාලාව ක්‍රියාත්මක වුවත් ඔවුනට වඩා අත්දැකීම් බහුල පිරිසක් මෙම ආයතන ව්‍යුහය තුලින් බිහි කිරීමට හැකියාවක් තිබේ මන්ද යත් මෙම ආයතනය තුල ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හට ප්‍රායෝගික දැනුම වැඩි වශයෙන් ලැබෙන බැවිනි.එමෙන්ම මෙම ආයතනය තුල අධ්‍යාපනය ලබන සිසුන් හට NAITA ආයතනය හරහා සිව් මස් රැකියා පුහුණුවක් ලබා දෙනු ලබයි. මෙය විශ්වවිද්‍යාල සිසුන් හට නොලැබෙන විශේෂ අවස්ථාවකි.
  එමෙන්ම විශ්ව විද්‍යාල

සරසවි වරම් අහිමිද? ... ඔබටත් උසස් අධ්‍යාපනයට වරම්

අදනම් පාඩමක් ගේන්න නෙවේ යන්නේ ..... ජර්මන් පාඩම් මාලාවට ගොඩක් අයගේ ඉල්ලුම තියෙනවා අනිවාර්යෙන්ම නාට්‍යකරයා ඒ පාඩම් මාලාව දිගටම කරගෙන යනවා....


                       අද මම කියන්න යන්නේ උසස් අධ්‍යාපනය ගැන. අපේ ගොඩක් සහෝදර සහෝදරියන්ගේ ලොකුම බලාපොරොත්තුව තමා උසස්පෙළට අවුරුදු දෙකක් හැල්මේ දුවලා ඉවර වෙලා කොහොම හරි විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න නේද? එත් අපේ ශ්‍රීලංකාව ඇතුලේ උසස්පෙළ සමත් වෙන හැම කෙනෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්න තරම් පහසුකම් නෑ.  අන්න ඒ අවශ්‍යතාවය ගැන කල්පනා කරපු උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රාථමික විශ්වවිද්‍යාල කියලා එකක් ගේනවා. ඒකට ඇතුලත් කරගන්නේ විශ්වවිද්‍යාල වලට යන්න z ලකුණු ප්‍රමාණවත් නොමැති උන අයව, නැතිනම් විශ්වවිද්‍යාල වලට ගොස් කාලය වැඩියෙන් නොයවා අවුරුදු 3ක් වැනි  කාලයක්  ඇතුලත උසස් ජාතික ඩිප්ලෝමාවක් ලබා වෘත්තීය සුදුසුකමක් ලබාගෙන ඉක්මනින් රැකියා වෙත යොමු වන්න බලාපොරොත්තු වන අයවයි.
               
              නමුත් දැන් එම ආයතන සියල්ල උසස් තාෂණික ආයතන (SRI LANKA ADVANCED TECHNOLOGICAL EDUCATIONAL INSTITUTE)) ලෙස හදුන්වනු ලබන අතර ඩිප්ලෝමා පාඨමාලා රාශියක් ලබා දෙනු ලබනවා. මේ සියල්ල නොමිලයේ ලබා දෙන අතර අඩු ආදායම් ලාබී පවුල්වල ළමුන් හට මහපොළ ශිෂ්‍යාධාරය ද ලබා දෙනු ලබනවා. එමෙන්ම දෙහිවල ආයතනය තුල ගැහැණු ළමුන් සදහා නේවාසිකාගාර පහසුකම් ලබා දෙනු ලබනවා. සෑම ආයතනයක් තුලම පරිගණක විද්‍යාගාර, පුස්ථකාල පහසුකම් ලබා දෙනු ලබනවා. එමෙන්ම දෙහිවල ආයතනය තුල ළමුන් සදහා නොමිලයේ WiFi ජාලයක්ද ක්‍රියාත්මක වෙනවා.

Sunday, November 4, 2012

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 02




ඔන්න එහෙනම් අදත් ආවා මම අපේ පාඩම් මාලාවේ දෙවෙනි කොටස අරන්. ඔක්කොටම කලින් කියන්න ඕනේ මගේ කලින් ලිපිය කියවලා අදහස් දක්වපු හැමෝටම වගේම ඒ ලිපිය කියවලා බලපු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන්ම මේ පාඩම් මාලාව දිගටම මම අරන් එනවා. තවත් කණගාටු දායක ආරංචියකුත් තියෙනවා කියන්න මම ඕගොල්ලන්ට ලබා දුන්න ගොඩක් පොත් වල ලින්ක් මම ෆයිල් දාපු අඩවියේ කට්ටිය මකලා දාලා .. මම ආයෙත් ඒ පොත් කිහිපය ලබා දෙන්න උත්සහ කරනවා ඕගොල්ලෝ වෙනුවෙන්. එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ පාඩම ආරම්භ කරමු නේද?... 

අද අපි ඉගෙනගමු නේද ගණන් කරන්න ....

Saturday, November 3, 2012

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු ... 01


ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම මම අද ආවා ඕගොල්ලන්ට ජර්මන් පළමුවෙනි පාඩම අරගෙන . එහෙනම් ඉතින් අපි පටන් ගමු නේද?. අපේ භාෂා ඉගෙන ගන්න යාලුවොනම් දන්නවා ඇති ජර්මන් භාෂාව ටිකක් විතර ඉංග්‍රීසි භාෂාවට සමානයි කියලා සමානයි කිව්වට ඉතින් ව්‍යාකරණ නම් ගොඩක් වෙනස්. ශබ්ද කිරීමත් ටිකක් වෙනස් එත් ඉතින් අකුරුනම් ඒවම තමා.

                    එහෙනම් ඉතින් මොන භාෂාව ඉගෙන ගන්නත් අපි ඉස්සෙල්ලම හෝඩිය දැනන් ඉන්න එපායැ නේද එහෙනම් අපි මුලින්ම හෝඩිය ඒගෙන ගනිමු.

Aa        Bb       Cc       Dd      Ee      Ff      Gg      Hh

ආ          බේ      සේ       ඩේ     ඒ      එෆ්      ගේ    හා


Ii         Jj          Kk        Ll       Mm     Nn      Oo     Pp  

ඉ    යෝච්       කා         එල්      එම්      එන්    ඕ       පේ


Qq       Rr       Ss       Tt       Uu      Vv      Ww     Xx         Yy                  Zz

කූ        එයර්    එස්     ටේ      ඌ      ෆෞ     වේ     ඉක්ස්‌   යුබ්සිලෝන්    සෙස්ට්



Ä   ae

Ö   oe

Ü   ue

ß    ss
 




 



ඔන්න එහෙනම් ඕගොල්ලෝ දැන් ජර්මන් හෝඩියත් දන්නවා නේද ? ඔය උඩ තියන වීඩියෝ එක අහලා ඕගොල්ලන්ට තවත් පුරුදු වෙන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් ඊලග පාඩමෙන් හම්බෙමු නේද?....