Sunday, September 27, 2015

රාවණා මෙහෙයුම - 2 සාර්ථකද ?







සුසිත් රුවන් තම සිව්වන දරු සූතිය ඉතා සන්‍යමයෙන් යුක්තව සිදුකර තිබේ. තම කුලුදුල් දරුවාගේ සිට මේ ආ ගමන් මාර්ගය ඉතා සිත් ඇදගන්නා සුලුය. විවිද කතා තේමාවන් ඔස්සේ අප රැගෙන ගිය ඔහු ඒ සියල්ලම වෙනමම ආරකට රචනා කිරීමට යුහුසුලු විය. රාවනා මෙහෙයුම ඔහුගේ කුලුදුල් දරුවා මෙන්ම ගවේෂණාත්මක නවකතා කරනයට අලුත් අරුතක්ද එක් කල රචනාවක් විය. එමෙන්ම ඔහුගේ දෙවන රචනාව වූ ඒ ඔහු නොවේ කෘතිය වෙනමම කතා ශෛලියක් අනුගමනය කරන්නක් විය. එම කෘතිය කියවන්නාට අත්දැකීමට ලැබෙන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක් නරබන අත්දැකීමයි . ඔහුගේ තෙවැනි කෘතිය වූ මාරායණය තවත් නවමු අත්දැකීමක් එකතු කරන්නක් විය. මිනිසාගේ මනෝභාවයන් පිලිබද ඉතාම ගැබුරට කතිකාවතක් ගෙනයන මාරායනය මිනිස් සිතක ඇතිවන චෛතසිකයන් පිලිබදව මනා විග්‍රහයක් ගෙනහැර දක්වයි. සමාජයේ සිටින මාරයන් හා ඔවුන්ගේ එම වෙනසට හේතුවන සාධකද ගෙනහැර දක්වයි.