Wednesday, September 21, 2011

ළමා නාට්‍ය උළෙල 2011

                                 



     ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් අවා මේ පැත්තේ.පහුගිය දවස කීපය බොහෝ කාර්යය බහුල වූ නිසාවෙන් නාට්‍ය කාරයට නාට්‍යයත් අමතක වූ සෙයකි. කෙසේ වූවත් කොපමණ වැඩ තිබුනද නාට්‍ය කාරයට වේදිකා නාට්‍යයක් තිබෙනවයි ආරංචි වූ විගස සියලු වැඩ අතහැර දමා එය බැලීමට යන සිරිතක් තිබේ. පසුගියදාද නාට්‍යකාරයට එවන් අවස්ථාවකට මුහුණ දීමට සිදුවිය. මෙමෙ දින කිහිපයේ උපාධි පාඨමාලාවේ වැඩ කටයුතු නිසා කාර්යය බහුල වූ නාට්‍යකරයට ඊයේ උදයේ කුකුළත් අතින් අරගෙනම රුමේෂ් අයියා කතා කෙරුවාය ඒ වෙන කිසිවකටත් නොවේ ඔහු කිවේ "මල්ලි අද ලමානාට්‍ය උළෙලේ දෙවෙනි වටේ අන්තිම දවස යමුද?" නාට්‍යකරයා කිවේ ගත් කටටම හා කියාය.
                                      ඔන්න ඉතින් නාට්‍යකාරයත් දත කට මැදගෙන උදේ පාන්දර  හවස 1.30 ට කෝච්චියට නැග ගත්තේය. අවාසනාවක මහත උළෙලේ ආරම්බය හවස 5 ට. කෙසේ වෙතත්  හවස 3.30 වෙද්දී අප ජෝන්ද සිල්වා රගහල අසලය.වාසනාවට විහාරමහා දෙවි උද්‍යානය ද  ඒ අසලය. කාලය කාදමා වෙලාවට ටිකක් කලින් රග හල වෙත පියමනු අප දන්නා අදුරන අය සමගද කතාකොට නාට්‍ය නැරබීමට ඉදගතිමු. නිදන කතාවනම් මෙතැනින නිමා කරමි ඒ මන්ද මිට වඩා කීමට බොහෝ දේ ඇති හෙයිනි.
                                     මෙවර රාජ්‍ය ලමනාට්‍ය උළෙල වඩාත් සුවිශේෂී උළෙලක් බවට පත්වී තිබේ මන්ද යත් දශක තුනක යුද්ධයක නිමාවකින් පසුව සිංහල දෙමල යන භාෂා දෙකටම සම තැන ලැබෙමින් තිබේ එය අප සතුටු විය යුතු කාරණයකි.  මෙය නාට්‍ය උළෙලට වැදගත් වන්නේ මෙවර නාට්‍ය උළෙල සිංහල ,දෙමල ,ඉංග්‍රීසි යන සියලු භාෂා වලට අවස්ථාවක් දී තිබීමයි. එනම් මෙවර භාෂා තුනෙන්ම නාට්‍ය ඉදිරිපත් කර තිබුනේය. මෙය අප පැසසිය යුතු කර්තවයකි.ඉදිරියටත් මෙය එසේම පවතිවා යි යයි අපි ප්‍රර්ථනා කරමු. අපගේ අවාසනාවට අපහට දමිල නාට්‍යයක් නම්  නැරබීමට නොහැකි විය ඒ මන්දයත් පෙර දිනයේදී දමිල නාට්‍ය රග දක්වා තිබීමයි. නමුත් ඉංග්‍රීසි නාට්‍යයක් නැරබිමටනම්  අපට වාසනාව හිමි විය. නමුත් එය වාසනාවද අවාසනාවද නොදනී එය ඉදිරිපත් කර තිබුනේ නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකිනි එහි නම "Pride and  prejudice" ය මා හට මෙන්ම ඔබටද සිහියට නැගෙන Jane Austen නම් කෘතහස්ත ලේකකයා විසින් ලියන ලද ඒ කතාව  ළමා නාට්‍යකට වටිදැයි ඔබටම හැගෙනවා ඇත. ඒ මන්ද යත් එය ලිය වී ඇත්තේ ආදරයත් උඩගු කමත් වටාය . එයට ළමා නාට්‍යයක් යයි කිවහොත් එය විහිළුවකි. ළමයින් රගපෑ පමණින් එය ළමා නාට්‍යයක් නොවේ. අප තරගය වෙත නාට්‍යයක් ඉදිරිපත් කිරිමෙදිනම් නීතිමලාවක් තිබුණි. ඒ සියල්ල පැත්තකින් තබා එය දෙවෙනි වටය ආවේ කෙසේද කියා බැලුවත් එය ප්‍රශ්නයකි.
                                                   

Saturday, September 3, 2011

ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා (Grimms-Fairy-Tales-)

                                    මෙන්න මම ආසාවෙන්ම කියවපු පොතක්. මේකේ සිංහල පරිවර්තනය තමා "ග්‍රීම් සොයුරන්ගේ සුරංගනා කතා" කියන පොත. මේ පොතේ තියෙන්නේ Grimm, Jacob  හා  Wilhelm කියන සහෝදරයන් දෙන්නගේ සුරංගනා කතා එකතුවෙන් කොටසක් තමා. මේ දෙන්නා German ජාතිකයෝ මේගොල්ලෝ මැරෙන්න කලින් සුරංගනා කතා 200 ක් විතර එකතුකරලා තිබුනා කටින් කට ආපු කතා තමා මේ දෙන්න එකතු කරේ. මේ ඔක්කොම කතා එකතු කරලා මේ දෙන්නා 1812 දී ‘Nursery and Household Tales’ කියන පොත එලි දැක්වූවා. එත් ඉතින් මේ දෙන්නා German ජාතිකයොනේ එක හින්දා ඉතින් මේ පොත ලිව්වෙත් ජර්මන් භාෂාවෙන් තමයි මේක ඉංග්‍රීසියට පරිවර්තනය කරලා (ඒ කියන්නේ අපේ මව භාෂාවට ) තියෙන්නේ EdgarTaylor කියන එක්කෙනා තමා. 1823 දී එත් ඉතින් කතා ක් තමා එයා පරිවර්තනය කරලා තියෙන්නේ ඔයාලත් බාලම කියවල බලන්නකෝ මාර ලස්සනයි.  හැබැයි ඉතින් ඉස්සෙල්ලා දාපු පොත් 48 එකක් වත කරුවත් කියෝලනම් තිබුනෙනෑ. කමක් නැ මේකවත් කියවලා බලන්නකෝ මාර ලස්සනයි.

                                                        
           
                                        බාන්න මේක උඩ  කොටන්න

Thursday, September 1, 2011

මෙන්න ඔබ කැමති පොතක් (The Hardy Boys)

         ඔන්න ඉතින් මම හිතුවා හැමදාම එක විදියට ඉන්නේ නැතුව ටිකක් වෙනස් වෙන්න ඕනේ කියලා . එක හින්දා ඕන් පොතක් දෙන්නයි අද ඉදන් නාට්‍යකාරයා හදන්නේ.
                                                   ඔන්න ඉතින් මොනදේ පටන් ගත්තත් ඉතින් අපේ මව් භාෂාවෙන් පටන් ගන්න එපායැ නේද? එක හින්දා ඔන් කස්ටිය නාට්‍යකරයත් එක්ක තරහා වෙනවා එහෙම නෙවේ. මම අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ හුගදෙනෙක් කියෝලා ඇති කියලා හිතන අනුවර්තනයේ ප්‍රදාන පොත. ඒ කියන්නේ ඉංගිරිසි එක හරිද ..  මේ පොතේ කතෘ

Tuesday, August 30, 2011

අලුත් වෙනසක්

තව දුරටත් මේ බ්ලොගයට stage drama යන නම නොගැලපේයයි සිතෙන නිසා නම වෙනස් කිරීමට සිතුවෙමි. ඒ සමගම බ්ලොගයේද සුළු සුළු  වෙනස්කම් කිහිපයක් සිදු කරන අතර සාහිත්‍ය සදහාද ඉඩකඩක් දෙන අටියෙන් "පොතක්" යන ලේබලය යටතේ ඔබ කැමති පොතක් බාගත කර ගැනීමට ඉඩකඩක් ලබා දෙන්නට අදහස් කෙරුවෙමි. තවමත් බ්ලොග් කෙරුවාවට අලුත් නිසා යම්කිසි අඩුපාඩු සිදුවීමට හැකි බැවින්  ඒවා පෙන්වා දී අඩුපාඩු සකස් කර ගැනීමට ඔබගේ උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.   

Tuesday, August 16, 2011

වික්‍රම ආරච්චිගේ විජිත ප්‍රේමප්‍රිය. (මගේ ආදරණිය ගුරු පියාණන්)



         නම :- වික්‍රම ආරච්චිගේ විජිත ප්‍රේමප්‍රිය.
         ලිපිනය :- 247/C, පිටවෙල, ගනේමුල්ල.
         උපන් දිනය :- 1962 ජූලි 11
         දුරකථන අංකය :- 071 8176767

    
                                                                   

වේදිකාවේ කොටස් හදුනා ගනිමු...........

       රංග ශිල්පියෙකු වේදිකාවට  පිවිසිමට පෙර ඔහු දැන ගත යුතු බොහොමයක්  කරුණු තිබේ. නුතනයේ එක රැයකින්  ජනප්‍රිය තරු බවට‍ පත් වන මෙගා ටෙලි නාට්‍ය ශිල්පීන් මෙන් වේදිකා නාට්‍ය ශිල්පියෙකු එක රැයකින් බිහි කල නොහැක. ඒ මන්ද යත් ඔහු ප්‍රගුණ කල යුතු බොහෝ දේ හා උගෙන ගත යුතු බොහෝ දේ ඇති නිසා වෙනි. පරිනත රංග ශිල්පියෙකු වේදිකාවේ ඇති අංග සියල්ල මනාව අවබොධ  කොට ගත්තෙක් මෙන්ම සතර අභිනයෙහි   කෙල පැමිණියෙකි. ඔහු මනා  විනයක් හා මනා හික්මීමක්  ඇති පුද්ගලයෙක් අත්‍යවශ්‍යයෙන්ම විය යුතුය. නූතන නව රැල්ලේ රංගන ශිල්පීන් තුල මෙම හික්මිම හා විනය තිබේදැයි පසුවට සැලකිය යුත්තකි. අප අද සිට ඇරබෙන මෙම ලිපි පෙළෙන් ඒ සියල්ල පිළිබද විමසීමක යෙදෙමු.
                                                        පළමුවෙන්ම අප රංගන ශිල්පියාට පුජනීය වස්තුවක් වන වේදිකාවේ ප්‍රධාන අංග පිලිබද සොයා බලමු.      

                                    මුලිකවම වේදිකාව කොටස් තුනකට බෙදා වෙන් කරනු ලබයි. එනම් ඉදිරි පස , මැද , පසුපස යනුවෙනි. මෙම මූලික කොටස් තුනත් තවත් කොටස් හයකට බෙදා වෙන්කළ පසු අපට වේදිකාවක කොටස් අදුනා ගත හැකිය. එනම් වේදිකාව ප්‍රධාන කොටස් 9 කට බෙදා වෙන් කර දක්වනු ලබයි.පහත රූපයෙන් දැක්වෙන්නේ එම කොටස් නවය වේ.

Sunday, August 14, 2011

එල්ෆින්ස්ටන් රඟහල වෙන්කිරීම

විශාල කිරීම සදහා පින්තුරය මත කොටන්න


 නාට්‍ය පුහුණු රංගාලෝකය රහිත-පස්වරු 
(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනට සතියකට කලින් පමණි)පස්වරු  1.00-5.00     -  රු.2,250.00 රු.750.00පැයකට රු.1000.00පැයකට  
  5.00-9.00    -  රු.2,250.00 රු.750.00පැයකටරු.1000.00පැයකට



  නාට්‍ය පුහුණු රංගාලෝකය සහිත-පස්වරු

(පස්වරුවේ වේලාවන් වෙන්කර ගත හැක්කේ නියමිත දිනට සතියකට කලින් පමණි)පස්වරු  1.00-5.00    -      රු.9,600.00 රු.9,600.00  
 5.00-9.00    -      රු.9,900.00 රු.9,600.00

............................................................................................................................................................

        ඔන්න ඉතින් ආයෙත් පටන් ගන්නයි යන්නේ බ්ලොග් එක ... පසුගිය මාස කිහිපයේ අධ්‍යාපන වැඩකටයුතු හේතුවෙන් බ්ලොග් ලිවිම තාවකාලිකව නවත්වන්නට සිදු වුවත් නැවතත් බ්ලොගය වෙත අලුත් පණක් දී කරගෙන යාමට අපේක්ෂාවෙන් සිටිමි. ඒ සදහා ඔබ සියලු දෙනාගේ සහය පතන මම Stage Drama 


Thursday, February 3, 2011

ඉලංදාරියාට උදව් කරමු........................................

මාත් මේක දැක්කේ කණියගෙ සටහනෙන් එතකන් මාත් දැනන් හිටියෙ නෑ. මෙච්චර සුන්දර ඉලංදාරියගේ ඇතුලෙ මෙච්චර ලොකු දුකක් හැංගිලා තියෙයි කියලා ජීවිතෙටවත් හිතුවෙ නෑ. ඔක්කොම වෙන්නේ මනුෂ්‍යයන්ටනේ ඔගොල්ලන්ටත් පුලුවන් විදිහට ඉලංදාරියට උදවු කරඉ කියලා මම හිතනවා. ලොකු පිනක්.

Wednesday, February 2, 2011

රන් සළු 2010

ඔන්න ඉතින් කාලෙකට පස්සේ අපේ සෙට් එකට ලබුන වැඩක් මොකක්ද දන්නවද, අපේ සර් හදිස්සියෙම අපිට කතා කරල කිව්ව AG ඔෆිස් එකට එන්න කියලා. ඔන්න ඉතින් අපි කට්ටියටත් සර්ව හම්බෙන්නේ හුග කාලෙකින්නේ ඉතින් අපිත් ඔක්කොම දත කට එහෙම මැද ගෙන ගියා කියමුකො මෙන්න සර් කියනවා ඔගොල්ලන්ට ජාතික කර්තව්‍යක් බාර දෙන්න තියෙනව කියලා.අපි ඔක්කොම ඩිම් උනා මොකක්ද මේ කියලා බැලින්නම් පේෂ කර්ම අමාත්‍යන්සේ ප්‍රදර්ශනේ නාට්‍යයක් කරන්න අපිට බාර දීලා. හම්මා අපිට ගිය සතුට වැඩක් හම්බුනෙත් හුග කාලෙකින්නේ ඉතින් අපි සර්ට කිව්වා කරමු කියලා. ඔන්න වැඩෙත් පටන් අරන් පුහුනුවීම් පටන් ගන්නකොට අපේ කට්ටියට වැඩ එන්න හැටියක් නෑ සර්ත් හොදටම කල්පනා කරනවා හප්පා ඒ වෙලාවෙ ඔන්න දෙවියෙක් වගෙ රුමේෂ් අයියා එයා ගෙ ගෝලයායො ටික එක්කන් ආවා. හප්පේ අපේ කස්ටියයි රු ගේ ගොලයො ටිකයි නියෙමෙට වැඩේ දුන්නා. අපිට තිබුනෙත් සති දෙකක් වගේ කාලයක් කට්ටියම කිව්වනේ හොදයි කියල. ඒත් ඉතින් එකම එක ප්‍රශ්නයයි උනේ මේක ජාතික ප්‍රදර්ශනයක් වෙලත් අපි ගැන එක මාධ්‍යකවත් කිව්වෙ නැති එක තමා දුක.අපි දවස් තුනම මෙක කොරානේ ඔගොල්ලොත් දැක්කද දන්නෑ. හැබැයි ඉතින් ඔන්න සැටලයිට් TV  චැනල් එකකින්නම් අපේ සීයත් එක්ක කතා කරලා තිබුනා. කොහොම හරි කමක්නෑ අපේ වැඩේ ලස්සනට උනා. අපිට ඒකට බොහොම සතුටුයි. ඔන්න එහෙනම් එකෙන් ගත්තු පින්තුර ටිකක් මම ඔයාලටත් බලා ගන්න එක්ක දාන්නම්කෝ.

Monday, January 3, 2011

Stage Drama: මගේ කලා දිවිය

Stage Drama: මගේ කලා දිවිය: "ඔන්න මම මේ පිටුවට 'මගේ කලා දිවිය' කියලා නම දැම්මහම කට්ටිය හිතුවද දන්නෑ මම මේ හොද කලා කරුවෙක් කියලා. එහෙමනම් නෙමේ මම නම් පොඩි අංකුර කලා..."

2000 සිට 2004 දක්වා ඉදිරිපත් වූ ප්‍රශස්ත මට්ටමේ නාට්‍යය

ඔන්න ඉතින් හුග කාලෙකින් මෙ පැත්තෙ ගොඩ වෙන්න හම්බුනා. මෙ මාසෙනම් මහ එපා කරපු මාසයක් වැඩ වැඩ ඉවරයක් නෑ. ඉතින් ඔන්න පොරොන්දු උන විදියටම ඉතුරු ටිකත් අද දානවා.පොඩි දුකකට තියෙන්නෙ මේවා දැම්මට තාම එක ප්‍රතිචාරයක් වත් නැති එක තමා කමක් නෑ ඉතින් කරන්න ගත්තු වැඩේ කරන්නත් එපායැ ඔන්න එහෙනම්

2000 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය

සීමිත

ප්‍රථම      -  "ඔරුව" තිලකා ජයසිංහ (ගාල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමය බාලිකා විද්‍යාලය)
දෙවන    - "ඉර මාමා හැංගිලා" කේ.ඒ. අමිල ඉන්දික ( හොරණ තක්ෂිලා ම.ම.විද්‍යාලය)
තෙ  - "සිඟිති හටන" ජාලිය රාජපක්ෂ (කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය)

"හංසයෝ" ඒ.එච්.එම්.මිථිලා කුමාරි (කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය)
"කම්මැලියා ගොන් අලියා" ජි.ඒ.සමන් පුෂ්ප කුමාර (මැදවච්චිය ​​​​​​මෛත්‍රිපාල සේනානායක ජාතික පාසල)
"ඉරිදා සෙල්ලම" වසන්ත ඥාණප්‍රිය (කොළඹ තර්ස්ටන් විද්‍යාලය)
"මල් පිපෙන ලොවක්" රාජා සේනානායක (හාලි ඇල ජාතික පාසල)
"පුංචි අපිට හිනා හිනා" ඩබ්.එම්.චන්ද්‍රපාල (මැදගම ජාතික පාසල)
"පැණි නම් මට එපෝ එපෝ" අමිතා රබ්බිඩිගල (මහ නුවර කිංස්වුඩ් විද්‍යාලය)