Thursday, November 13, 2014

ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German ) 2



ඔන්න අද මම අරන් ආවේ එදා අපි නවත්තපු පාඩමේ ඉතුරු ටික අද අපි ඉගෙන ගමු කොහොමද ෆෙමිනි නාමපදයක් හදුනා ගන්නේ කියලා ඒ කියන්නෙ ස්ත්‍රී ලිංග නාමපද හදුනා ගන්නෙ කොහොමද කියලා තමා අද අපි ඉගෙන ගන්නෙ.

ස්ත්‍රී ලිංග නාමපද හදුනාගමු


පහත සදහන් අකුරු වලින් අවසන් වන නාමපද අපට  ස්ත්‍රී ලිංග නාමපද ලෙස හදුනා ගත හැකිය

-ei           die Bäckerei, die Türkei                    backery, Turkey
-enz        die Intelligenz, die Differenz             intelligence, difference   
-heit        die Freiheit, die Dummheit              freedom, stupidity
-ie           die Demokratie, die Phantasie         democracy, imagination
-ion         die Nation, die Kommunikation      nation, commiunication
-keit        die Schwiergkeit,die Möglichkeit    difficulty, possibility
-tät          die Universität, die Fkultät               university, faculty
-schaft     die Mannschaft, die Landschaft       team, landscape   
-ung        die Wohnug, die Zeitung                   flat, newspaper
-ur           die Kultur, die Natur                         culture, nature


ඒ වගේම  90% ක්ම -e වලින් අවසන් වන නාමපද ෆෙමිනි ලෙස හදුනා ගන්න පුලුවන්. ඒ වුනාට  der Name (name) වගේම der käse (cheese) වගේ නාමපද මේකට අයිතිවෙන්නෙ නෑ.

ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් ස්ත්‍රී ලිංග නාමපද හැටියට

ස්ත්‍රීන් හගවන නාමපද              die Mutter, die Tochter       අම්මා, දුව
යතුරුපැදි සහ නැව් වල නම්     die BMW, die Titanic          BMW, ටයිටැනික්
ගස් සහ මල් වල නම්               die Eiche, die Rose              ඕක්, රෝසමල



ඔන්න ඒ වුනාට කෙල්ල යන්න හදුන්වන Mädchen, das Mädchen කියලා තමා අපි හදුන්වන්නෙ. ඒ වගේම වයලට් හදුන්වන Veilchen කියන නාමපදයත් das Veilchen වෙනවා. ඒ කියන්නෙ ඒවා නපුංසක ලිංග. 

මගෙන් එදා ඇනෝ කෙනෙක් අහලා තිබුනා මොකද  -er වලින් ඉවර වෙන Mutter, der Mutter වෙන්නැතුව die mutter වෙන්නෙ කියලා. ඒකට හේතුව තමා ඒක ස්ත්‍රීන් හගවන නාමපදයක් වීම. ඒකියන්නෙ මේක තමා නීතිය අර අපි අවසන් අකුරු වලින් අදුනා ගන්න නාමපද ප්‍රධාන රූල් වලින් ඇමෙන්ඩ් වෙනවා. ඒ කියන්නෙ ප්‍රධාන නීති වලින් වෙනස් වෙනවා. විශේෂ හේතු ඇරුනුකොට. අන්න ඒක තමා ඔය නාමපදේට වෙලා තියෙන්නෙත්. හැබැයි සමහර ඒවා එහෙම නෑ ඒවා තමා මම විශේෂයෙන් සදහන් කරලා තියෙන්නේ ඒවානම් කට පාඩම් කරගන්නම වෙනවා. නැත්තම් පැටලෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට ප්‍රධාන නීතිනම් අග අකුරුවලින් ඇමෙන්ඩ් වෙනවා අඩුයි. ඔය  das Mädchen කියන එක das වෙලා තියෙන්නෙ ප්‍රධාන රීතියක් ප්‍රධාන රීතියකින්ම වෙනස් වෙලා. ඒක ඉස්සරහා පාඩමේදී අපිට දැකගන්න පුලුවන්. 



Saturday, November 8, 2014

ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German easily)


අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔගොල්ලො ජර්මන් භාෂාව ඉගෙන ගනිද්දී බොහෝම ගැටලුවකට මූන පාන ගැටලුවක් විසදා ගන්නා ආකාරය. මුලින්ම කියන්නම්කො අපේ සිංහල ඉංග්‍රීසි භාෂා වගේ නෙමේ මේ ජර්මන් භාෂාව එහෙම කියන්නේ මොකද මේ භාෂාවේ නාමපද වල  ලිංග බේද තුනක් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් ඒ තමා ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හා නපුන්සක ලිංග කියලා.

der  (Masculine පුරුෂ ලිංග)  der Mann, der Tisch  the man(මිනිසා)  the table(මේසය)

die  (Feminine ස්ත්‍රී ලිංග)      die Frau, die Tür  the woman(ගැහැණිය) the door(දොර)

das (Neuter නපුන්සක ලිංග) das Kind, das Fenster the child(දරුවා) the window(ජනේලය)

මෙහෙම ලිංග බේදයක් අපිට අනිත් භාෂාවල දකින්න ලැබෙන්නෑ මොකද අපි සිංහල භාෂාවෙදි පන නැති දේවල් එකම ලිංග බේදෙකින්  තමයි හදුන් වන්නේ.  නමුත් මෙහිදී මේසය පුරුෂ ලිංග වශයෙන්ද දොර ස්ත්‍රී ලිංග වශයෙන්ද ජනේලය නපුන්සක ලිංග වශයෙන්ද හදුන්වලා  තියෙනවා. ඉතින් මෙහිදී ඕගොල්ලො වගේම ගොඩක් දෙනෙක් ලොකු අමාරුවක වැටෙනවා කොහොමද අපි මේ ලිංග බේදය පැහැදිලිව හදුනා ගන්නෙ නැත්තම් කොහොමද අපි ආර්ටිකල් යොදන්නේ කියලා. ගොඩක් දෙනෙක් මේක නිසාම නාමපදයත් එක්කම ආර්ටිකල් එකත් කටපාඩම් කරනවා. 

ඉතින් මම අද කියලා දෙන්න යන්නේ බොහොම ලේසි වගේම නිවැරදි ක්‍රමයක් මේ ලිංග බේදය හොයාගන්න ඉතින් අද පාඩම අපි පටන් ගමු.

පුරුෂ ලිංග නාමපද හදුනා ගමු 

පහත අකුරු වලින් අවසන් වෙන නාම පද අපට පුරුෂ ලිංග නාමපද හැටියට හදුනා ගන්න පුලුවන්





-er
der Computer, der Wecker
Computer, alarm clock
-ig
der Honig, der Käfig
Honey, cage
-ismus
der Idealismus, der Kapitalismus                             
Idealism, capitalism
-ling
der Früling, der Schiling
Spring, shilling
-or
der Motor, der Reaktor
Engine, reactor


ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් පුරුෂ ලිංග නාමපද හැටියට

පුරුෂයන්                           der Vater, der Shon           තාත්තා, පුතා
මාස හා දවස්                      der Montag, der August    සදුදා, අගෝස්තු
කාර් නිෂ්පාදකයන්             der BMW, der jaguar        බීඑම්ඩබ්ලිව, ජැගුවාර්
ඍතු                                  der Sommer, der Winter    ග්‍රීෂ්ම සෘතුව, සිසිර කාලය
ඇල්කොහොල් වර්ග          der Whisky, der Wein       විස්කි, වයින්

නමුත් මෙතනදී මතක තියා ගන්න තව දෙයක් තියෙනවා ඒ තමා අපි බියර් හදුන්වද්දී විතරක් "das Bier " ලෙස හදුන්වනවා .
අදට මම මෙතනින් නවතිනවා ඊලග පාඩමෙන් ස්ත්‍රී ලිංග නාමපද හදුනාගන්නෙ කොහොමද කියලා බලමු.

Saturday, September 20, 2014

ලොවීනා ද? පුන්නී ද?


මොහාන් රාජ් මඩවලයන්ගේ "ලොවීනා" මා ඉතාමත් ආශක්තව කියවූ නවකතාවක් යන වග කීවොත් එය බොරුවක් නොවේ. මන්ද යත් එය රචනා කිරීමට ඔහු යොදා ගත් භාෂාව ඉතා මන බදිනා සුලු වීමය. එය පමනක්ම මාගේ හිත එය තුලට අද්දවා නොගත්තේය ඔහු තෝරා ගත් වස්තු බීජය ඉතාම මන බදනේය. අප අසා තිබූ මවුන්ට් ලැවීනියා පෙම් පුවත ඔහු ඔහුගේම උරුවකට වෙනස්ම ආකාරයෙන් ඉදිරිපත් කර තිබීම එයට තවත් හේතුවක් විය. මම පොත කියවීමට පටන් ගත් වේලාවේ සිටන් මේ මනරම් යුවතිය ලොවීනා සෙවීමි.

මා පොතෙන් අඩක් කියවීමි එහෙත් මට ලොවීනා හමු නොවිනි. මා හට හමු වූයේ මුල් බාගයේදී පුන්නා නම් ඒ සොදුරු අද්භූත දැරියවයි. ඉන් පසු ටිකෙන් ටික ශරීරය මෝරා ලස්සන වන එම පුන්නා යෞවනියයි. පසුව පුන්නී නැමැති රොඩී රැහැට පිටමන් කල රොඩී කුල හීන කාන්තාවයි.  මේ පුන්නා ගලේ ගසාවත් මැරිය නොහැකි බව පුන්නා ඉපදෙන විට නැකත් රාළ කියයි. ඇත්තම ඇත්තය මෙම පොත කියවා ඉවර වන විටද මෙම පුන්නා පසුව පුන්නී මගේ හිතින් ගලේ ගසාවත් මරන්නට බැරි විය. ඇත්තටම ඈ තවමත් මගේ හිත තුල සක්මන් කරයි. ඇය වීර කාන්තාවකි, අනේක විද දුක්ඛ දෝමනස්සයන්ට මුහුන පාමීන් ඈ අනුන් වෙනුවෙන් මහමෙරක් මෙන් වේදනා උහුලයි. අනෙක් අයගේ සතුට ප්‍රාර්ථනා කරයි. ඇයගේ සතුට අපට හමු නොවන්නේ ඒ නිසාය.

Thursday, August 7, 2014

අමනුෂ්‍ය ග්‍රහණයෙන් මිදී සුගතිය කරා

ගොඩක් කාලෙකින් ආයෙත් මම පොතක් අරගෙන ආවා ඔගොල්ලන්ට මේක එසේ මෙසේ පොතක් නම් නෙමේ ඕන් අපේ බෞද්ධ යාලුවන්ට වගේම අනෙක් අයටත් වැදගත් වෙයි කියලා මම හිතනවා. මේ පොත ලියලා තියෙන්නෙ පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි විසින්. මේ පොත ඔබට දෙවියන් හා අමනුෂ්‍ය වර්ගයා වෙන් කොට හදුනා ගැනීමට මහත් රුකලක් වේවි.

මම මේ දවස්වල මගේ අවසන් විභාගය පැවැත්වෙන නිසා මගේ හොදම යහලුවෙක් නැවතී ඉන්න පන්සලක තමා නැවතිලා ඉන්නේ. ඒ ඔබ සමහරවිට දන්නවත් ඇති බේස්ලයින් පාරේ  ඤාණසීහාරාමය. ඒ පන්සලේ පොත් ගුලක තිබිලා තමා මට මේ පොත කියවන්න ලැබුනේ. පාඩම් කරන්න කම්මැලි වෙලාවක තමා මේ පොත කියෙව්වෙ. එක හුස්මට පොත කියවලා දැම්මා බිම තියන්න හිතුනෙ නෑ.

මම මෙච්චර කල් හොයපු ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා. ඔබත් තාමත් පූජා වට්ටි අරන් එක එක දෙවියන් පස්සෙන් යනවාද? එහෙනම් අනිවාර්යෙන්ම කියවන්න මේ පොත ඔබේ අදහස් වෙනස් වේවි.  මෙම පොතේ තැනක මෙම හිමිනම කියනවා

" සමහරු පුරුදු වෙලා ඉන්නවා තමන්ග් හතුරන්ගෙන් පළිගැනීම පිණිස දෙවියො ඉස්සරහට ගිහිල්ලා පාතාල මැරයන්ට කොන්ත්‍රාත් භාර දෙනවා වගේ දරුණු අපරාද වැඩ බාර දෙන්න"

මෙම හිමි නම මෙයට ප්‍රවේශය අරන් තියෙන්නෙ "දෙවියොයි මැරයොයි පැටලිලා" කියලා ඇත්තටම වටිනා අදහස් ටිකක් ප්‍රකාශ කරලා තියෙනවා දෙවියො කප්පම් ගනීද මිනිස්සුන්ගෙන් දෙවියන්ට වෙන වැඩ නැද්ද හිතන්න...

මෙම පොත ලියවෙන්නෙ එකම පොතේ කොටස් දෙකක් විදිහට පලවෙනි කොටසින් මෙම හිමිනම හදුන්වලා දීලා තියෙනවා දෙවියන් කියන්නෙ කවුද? දෙවියන්ගෙ සැබෑ කාර්‍යය භාරය කුමක්ද බුදුරජානන් වහන්සේ කොහොමද දෙවියන් හැදුන්වූයේ.. ඒ වගේම මොන සූත්‍ර වලද ඒවා දැක්වෙන්නේ කියලා.

දෙවෙනි පරිච්චේදයේ හදුන්වා තිබෙනවා අමනුෂ්‍යයන් කියන්නෙ කවුද? දේවාල වලට දෙවියන් ඇත්තටම වඩිනවාද? දෙවියෝ පූජා වට්ටිවල තිබෙන පුලුටු පලතුරු යුෂ උරා බීමට දිව්‍ය භෝජන දමා පැමිනෙනවාද යන කරුනු.

ඒ වගේම කියනවා මේ රටේ මිනිස්සු බොහෝමයක් අමනුෂ්‍ය ග්‍රහණයට අසුවෙලා දුක් විදිනවා කියලා දෙවියන් වදිනවා කියලා අමනුෂ්‍යයන්ට වදිනවා කියලා ඒකෙ ඇත්තක් තියෙනවා කියලා තේරෙයි ඔබත් මේ පොත කියවලා බැලුවොත්. ඔබ අනිවාර්යෙන්ම මේ පොත අරන් කියවන්න.

මෙය ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ මහමෙව්නා සදහම් ප්‍රකාශකයෝ මිල සදහන් වෙලා තියෙන්නේ රුපියල් 90 ක් ලෙස. කාටත් පහසු ගානක් ඔය බොරු වැඩ වලට වියදම් කරන පුංචි රුපියල් 100 කින් 90 ක් දීලා මේ පොත ගන්න. ඊටත් මේ පොත අලෙවි කරලා ලැබෙන මුදල් මහමෙව්නාවේ භික්ෂු ගිලන් අරමුදලට බැරකරනවා කියලා මෙම පොතේ සදහන් වෙලා තිබෙනවා. හැකිනම් මිලදී ගන්න ඉතාමත් වටිනවා. ඔබේ දෙවියන් සහ අමනුෂ්‍ය වර්ගයා පිලිබද තිබෙන ආකල්ප වෙනස් කරාවි. මම ලිපිනයයි දුරකථන අංකයයි සදහන් කරන්නම් ඔවුන්ට කතා කරලා .

මහමෙව්නා සදහම් ප්‍රකාශන 
මහමෙව්නා භාවනා අසපුව 
වඩුවාව, යටිගලොලුව 
දුර/ෆැක්ස් 037-037-2244602 
ඊ මේල්  asapuwa1@sltnet.lk 
වෙබ් : 
www.mahamevna.org
www.littlelotus.org
www.meditationsl.org


Monday, June 2, 2014

කෙල්ලෙක් නිසා කලාකාරයෙකු වීමි The boot i got


මට ඊයේ අපේ අම්මාගේ රිපෝට් වගයක් සෙවීමට වූ නිසා ගේ ඒමේ අත පෙරලූවෙමි. රිපෝට් එක කෙසේ වෙතත් මාගේ පරන මතකයන් එයි හෑරී ඇවිස්සුනේ මාගේ පරණ පොතක් හමු වූ නිසාය. එනම් මා පාසල් යන සමයේ IT ලියූ පොතයි එහි විෂය කරුණු වලට වඩා ඇත්තේ මා බූට් එකක් ලැබූ සමයේ ලියූ එක එක විකාරයි. මට හැහී යන කරුණක්නම් බූට් එකක් කෑ විට කොල්ලෙක් කලාකරුවෙකු වන බවයි.
මගේ බූට් එකක් කීවාට තිබුනේ ඒක පාර්ශවික ආදරයකි. ඒ කාලය ඉතා සුන්දර මෙන්ම කටුක කාලයක්ද විය. ඇයට මම ආදරය කල තරම දන්නේ මා පමණි. ඇය කවදාවත් එය දැන සිටියේ නැත. ඒ කාලයේ පොත් පිරෙන්නට එක එක දේවල් ලියනවා මට මතකය. ඒත් අහම්බයකින් මට එක පොතක ඊයේ දින හමු විනි. ඒ අදහස් ඔබත්  කියවා බලන්න

අපි සමහර දේවල් වලට ගොඩක් හීන මවනවා ඒත්.....  ඒ හීන
මොනතරම් ලස්සන වුනත් අපි ඒ හීනය අත ඇරලා දාන්න කොච්චර 
අකමැති වුනත් සමහර ඒව මැකිලා යනවා අපිටත් නොදැනිම 
අපිට ඒ හීනය හීනයක්ම විතරයි කියලා හිතෙන කොට අපි ගොඩක් දුර 
ගිහිල්ල ඉවරයි අපි ඒ හීනය ගොඩක් දුරට ජීවත් කරවලා..... 
ඇත්තටම අපි එ හීනෙ පෝෂණය කරල.... 

සමහර වෙලාවට අපි 
අපි විසින්ම මවා ගත් හීන තලලා පොඩි කරලා 
දාන්න තරම් නපුරු වෙනවා ඒත්.... 
පස්සෙ තමයි තේරෙන්නෙ 
ඒ හීනය තිබුනනම් කොච්චර හොදද කියලා 

සමහර හීන කොච්චර අමතක කරන්න හැදුවත් අමතක වෙන්නෙම නෑ 
ඒත් සමහර හීන ඉක්මනට් අමතක වෙලා යනවා 
අපේ ජීවිත හරියට හීන සාප්පුවක් වගේ 
ඔව් හීන සාප්පුවක්ම තමා.........


සමහර වෙලාවට අපිට හිතෙනව
අපේ ජීවිතෙ නාට්‍යයක් කියල 
අපි අපි විසින්ම ඒ නාට්‍යයට චරිත එකතු කරගන්නවා 
ඒකෙ හොද චරිතත් තියෙනවා නරක චරිතත් තියෙනවා 
ඒත් අපි ගතානු ගතිකව නාට්‍යයේ ගැටුමක් නිර්මාණය කරන්න 
මහන්සි වෙන්නෑ බලනකොට ඒක ඉබේටම නිර්මාණය වෙලා 
සමහර ගැටුම් ඉතා හාස්‍ය ජනකයි මිහිරියි. 
ඒ වගේම සමහර ඒවා ගොඩක් භයංකාරයි 
ඒවට මූණ දෙන්න තරම් හොද ධෛර්‍යවන්ත වීරයා අපි අපිම කියලා නම් කරගන්නවා

Thursday, May 22, 2014

නිදහස් අධ්‍යාපනයේ මලගම .. ATI පද්ධතියත් පෞද්ගලීකරනයට ලක්වෙයිද?


මේ යුගය නිදහස් අධ්‍යාපනය බල්ලාට ගිය යුගයක් ලෙස හැදින්විය හැක. ඒ මන්ද යත් දැන් දැන් රජයේ අධ්‍යාපන ආයතන තුල සිසුන් අපහසුතාවයට ලක් කරන අශික්කිත අධම ක්‍රියාකලාපයක් පවතින බැවිනි. 1943 දී   C.W.W. කන්නන්ගර ශ්‍රීමතානන් ලබාදුන් නිදහස් අධ්‍යාපනය දැන් දැන් වල පල්ලට යමින් තිබේ. එතුමානන් 1942 කොමිටියක් පත් කර 1943 වන විට පහත සදහන් වරප්‍රසාද සිසුන් හට ලබා දෙන ලදි
  • බාලාංශ පංතිවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබාදීම.
  • ප්‍රාථමික පාසල්වල ඉගැන්වීම් මාධ්‍යය මව්භාෂාව විය යුතු වීම.
  • තුන්වන පංතියේ සිට ඉංග්‍රීසි සෑම පාසලකම ඉගැන්වීම.
  • චිත්තවේගයන් පිළිබද අධ්‍යාපනය ප්‍රායෝගික හා බුද්ධිමය අධ්‍යාපනය තරම්ම වැදගත් වවීම.
ඔහු ආදර්ශ සම්පන්න අධ්‍යාපන ඇමතිවරයෙක් විය. සිසුන් හට ශිෂ්‍යාධාර ක්‍රමයක්ද හදුන්වා දුන් ඔහු ඇත්තෙන්ම දෙවි කෙනෙක් හා සමාන මහත්මයෙකි. නමුත් වර්තමාන අධ්‍යාපන ඇමතිවරයා හුදෙක් විහිලු සපයන්නෙක් පමනක්ම වී තිබේ. විභාග අසමත් වන පිරිස වැඩි වන විට ඔහු කිවේ විභාගයේ පාස් කරන ලකුනු 30 සිට 15 දක්වා අඩු කරනවා කියාය ඔවු එවිට සංඛ්‍යාවක් ලෙස පාස් වන පිරිස වැඩිවේ. නමුත් ලමුන්ගේ ප්‍රගතියක් දැක ගැනීමට නොහැක ඒ වත්මන් අධ්‍යාපන ඇමති වරයාගේ ප්‍රතිපත්තියයි. මෙය ගෙන ආවේ සාමාන්‍ය පෙල ගණිතය ප්‍රශ්න පත්‍රය සදහායි.
වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ATI පද්ධතියට පැමිණි සෑම අවස්තාවකම කිවූයේ අපි මෙය විශ්වවිද්‍යාල බවට පත් කරන බවයි. ඒ යුනිවසිටි කොලේජ් බවට පත් කිරීමෙන් බව ඔහු පැවසූයේ රෙද්දක්ද ඇදගෙනය. නමුත් යුනිවසිටි කොලේජ් කෙසේ වෙතත් දැන් ATI පද්ධතිය කඩා වැටීමකට ලක්වෙමින් පවතී. ඔවුන් මුලින්ම සිදු කලේ ශිෂ්‍යයන් කප්පාදු කිරීමයි. අන් වසර වලට සාපේක්ෂව මෙම වසර තුල සියලුම පාඨමාලා වලට බදවා ගත් සිසුන් සංඛ්‍යාව අඩුවී තිබේ. දැන් අලුත්ම නාඩගම වී තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයක් නැවත ලිවීම සදහා එනම් රිපීට් කිරීම සදහා ගාස්තුවක් අය කිරීමට කටයුතු සලසා තිබීමයි. එයත් ලේසි පහසු මුදලක් නොව 500 ක මුදලකි. නමුත් සාකච්චා වලින් පසු එය 200 දක්වා අඩු කර තිබේ. සමහර ලමුන් හට විෂයයන් පහ හය රිපීට් කිරීමට වන අවස්තා අනන්තවත් ඇත. එවිට එම ශිෂ්‍යයෙකු රුපියල් 1000 කට වැඩි මුදලක් ගෙවිය යුතු වේ. මේ සිදු කර ඇත්තේ මුල් පියවරක් පමනි මෙම වසරේ මුලදී දෙහිවල ආයතන තුල මෙන්ම අනෙක් ආයතන තුලත් ප්‍රතිසංස්කරන කටයුතු කඩිනමින් සිදුකෙරුනි. පාරවල් පවා තාර දමා ප්‍රතිසංස්කරනය කරන ලදි. අප හට පවතින බියනම් මෙම ආයතන පද්ධතිය අර්ධ රජයේ හෝ පෞද්ගලික කරනය කිරීමට සැරසේදැයි කියායි. මන්ද යත් මෙය විශ්වවිද්‍යාල සිසුන් මර්ධනය කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කරන සමයක් නිසායි.

Wednesday, April 16, 2014

සිපිරි ගෙයක වසර හයක්



හුග කාලෙකින් තමා පොතක් කියන ලේබලය යටතේ ඔගොල්ලන්ව හම්බෙන්න එන්නේ හැබැයි මෙදාපාරනම් මේ පොත ඔගොල්ලන්ට බාගන්න දෙන්න හැටියක් නෑ මොකද මේකෙ ඔන්ලයින් වර්ශන් එකක්වත් පීඩිඑෆ් එකක්වත් මට හම්බුනේ නෑ ඒත් මේ ලිපිය කියවනකොට ඔගොල්ලන්ට තේරෙයි මේ පොත සල්ලි දීලා කියෙව්වත් පාඩුවක් නෑ කියලා මේක ඒ තරම් වටිනා පොතක්.   

මෙම පොත ලියා ඇත්තේ 'චාල්ස් දයානන්දයන්' විසිනි. මෙම කතුවරයා නවකතා ලියන්නෙකු ලෙස ප්‍රසිද්ධ අයෙකු නොවේ. ඔහු ලියා ඇත්තේ චිත්‍ර කලාවට සම්බන්ධ පොත් දෙක තුනක්‌ පමණි. නමුත් චාල්ස්‌ දයානන්දයන් ගුරු විද්‍යාලයීය කථිකාචාර්යවරයකු ලෙසද කලා මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. මෙහි ඇති විශේෂත්වයනම් ඔහු මෙම පොත ලියන්නේ තමන්ගේම අද්දැකීම් පාදක කරගෙනය. 71 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වී අවුරුදු විස්සක් වැනි තරුන වයසේදී සිරගත වෙයි. එම කාලය තුල ලත් අද්දැකීම් සමුදාය අලලා ලියවුනු කෘතියයි "සිපිරි ගෙයක් වසර හයක්" මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඔහු මෙම කෘතිය පල කරන්නෙ එයිනුත් වසර 35 කට පසුව වීමයි. නමුත් සජීවී ලෙස ඔහු මෙම කතාව ඉදිරිපත් කරයි. මෙහි ඔහු විසින් සිපිරි ගෙය තුලදී චිත්‍රනය කල සිතුවම් රාශියකුත් ඇතුලත් කර ඇත.

චාල්ස් දයානන්දයන් මෙම පොත පිලිගන්වන්නෙ අපූරු ආකාරයකටය 

" හිරු නොපායන ලොවක සිට 
දිලිසෙන් දෑසින්... 
අහස දෙස බලා සිටින 
දහසකුත් එකක් 
අසරණයන් හට.... 
මහත් දයානුකම්පාවෙන් හා 
භක්තියෙන් යුතුව 
මෙම සිතුවම් 
හා සටහන් පිළිගන්වමි ..
..............................

Sunday, April 13, 2014

Taking නොtaking කියලා හිතුනි මට

මේ අපේ ජර්මානුවා පිලිබදවය අප හට සෙනසුරාදා දවස යනු ඉතාමත් වෙහෙසකර දවසකි. මොකද එම දිනට අපේ ජර්මානුවා පැය හතරක දීර්ඝ දේශනයක් පවත්වයි. අන්තිමට බැලූ විට නටපු නැටුමකුත් නැත නමුත් බෙරේ පලුවකුත් ඇත්තේම නැත. ජර්මානුවා කීවාට ඔහු ශුද්ධ සිංහලයෙකි අපට ජර්මන් භාෂාව උගන්වන  නිසා අප ඔහුට කියන්නේ ජර්මානුවා කියාය. ඔහු පැමිනෙන්නේ බදුල්ලේ සිටයි. කලින් ජර්මන් උගැන්වූ සර්ටත් මරු නමක් තිබුනි. ඔහු ගෝල්කාරයාය මොකද ඔහු පැමිනියේ ගෝල් දේශයේ සිටයි. ගෝල් දේශය කියන්නේ ගාලු පුරවරයයි. කොහොම උනත් දැන් ජර්මානුවා මාර ෆන් ඩයල් එකය පැය හතරෙන් පැය දෙකක්ම බුල කෙලී ජර්මන් ඇරෙන්න අනෙක් හැම දෙයක්ම ඔහු උගන්වයි. මේත් ඔහු කී එක් කතාවකි

Hungry වෙලා මම ගිය කල son ගෙ ගෙට 
Measure  කරලා paddy දුන්නයි මල්ලකට 
Taking no-taking කියලා සිතුනි මට 
Measure කරලද son milk දුන්නේ I U ට

Saturday, April 5, 2014

රාජ්‍ය නාට්‍ය උලෙළ 2014 සම්මාන ලැබූවෝ


මේ සති කිහිපයම ඉතාම කාර්‍යබහුලව තමා ගෙවුනේ මේ පැත්තේ ඇවිල්ල යන්නවත් බ්ලොග් එකක් කියවන්නවත් කොමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් හම්බුනේ නෑ මොකද මගේ මිත්තනිය මියගියා ඒ කියන්නෙ අපේ අම්මගෙ අම්මගෙත් අම්මා අවුරුදු 104ක් ආයුෂ වලදලා තමා ඇය අපිව දාලා ගියේ. එම නිසා කාර්‍ය බහුල වුනා වගේම මගේ HND එකේ අන්තිම අවුරුද්ද තමා මේ ගෙවෙන්නේ ඉතින් මුත්තම්මගෙ මරනය නිසා පාඩු උන දේශන එහෙමත් නැවත නෝට්ස් හොයාගෙන බලා ගත්තා එකී මෙකී නොකී සියලු කාරනා අස්සේ මට මී මුරේ යන්නත් අවස්ථාවක් ලැබුනා එහි විස්තරත් ලගදීම දෙන්න බලාපොරොත්තුවෙන් තමා ඉන්නෙ. ඉතින් මේ ලිපිය පල කරන්න කියලා සෙරන්ඩිප් ඔටුවත් ඉල්ලලා තිබුන නිසා ඔන්න අද ඕගොල්ලන්ට අරන් ආවා රාජ්‍ය නාට්‍ය උලෙළේ නිල ප්‍රතිපල.

රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙල 2014 පසුගිය සිකුරාදා රාත්‍රියේ කොළඹ බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී තමා පැවැත් උනේ. සමහර අයනම් කියනවා මේ නාට්‍ය උලෙළේ සාධාරන විනිශ්ශ්‍යක් කෙරුන්නෑ කියලා ඒක ඕගොල්ලන්ට බාරයි ඕන් එහෙනම් ප්‍රතිපල ටික.

Monday, March 10, 2014

මාධ්‍ය අත නොතැබූ අතිවිශාල හිස් ඉඩ නාට්‍යකාරයා මාධ්‍යවේදීන් සමග කතිකාවත


මා ගිය සතියේ වඩාත් කාර්‍යය බහුල වූයේ මගේ මිත්‍රයෙකුගේ ඉල්ලීම පරිදි  CSN නාලිකාවේ සිංහ රේඩියෝ නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වලට මුලු සතියම යෙදවූ නිසායි. එහි ඉතාමත් රසවත් කතා රාසියක් නාට්‍යකාරයාට ඔබ හමුවේ තැබීමට ඇත නමුත් ඉන් අප මදුවිත තොලගාන අවස්තාවක කතාවූ එක් කරුනක් ඔබ හමුවේ ප්‍රථමයෙන් ගෙන ඒමට කල්පනා කලේ මෙය කාලීන මාධ්‍ය ස්පර්ශ නොකල යම් පැතිකඩක් පිලිබදව කතාවූ බැවිනි.
මෙම කතාව ඇතිවූයේ අපගේ ගමනේ තෙවැනි දිනයේදීයි අප ගාල්ල මාතර පසුකරමින් තෙවැනි දින පැමිනියේ ඇබිලිපිටිය නගරයටයි. උදේ සිට එහි ප්‍රවර්ධන කටයුතු කල පසු ලක්මාල් අයියා එනම් අපව මෙම කාර්‍ය සදහා මහෙයවූ පුද්ගලයා පැවසූයේ හවසට අපේ රිපෝටර් කෙනෙක් ඉන්නවා එයාව හම්බෙන්න යමු මටත් මීට කලින් මූනට හම්බෙලා නැතැයි කියාය. අප සියලු වැඩ අවසන් කර පියමන් කලේ ඔහුගේ සොදුරු නිවස්නය වෙතයි. ඔහු නමින් සතිස්චන්ද්‍ර නම් විය. එම ප්‍රදේශයේ නාලිකා කිහිපයහම වාර්තාකරුවා වූයේ ඔහුයි. අපව උනුසුම්ව පිලිගත් ඔහු අපට ඇග පත පිරිසිදුකර  නා ගැනීමට පහසුකම් මුලින්ම සැපයුවේය. ඉන්පසු අපට සංග්‍රහ කර මදුවිතින් අප හට සංග්‍රහයක් සූදානම් කලේය එම මදුවිත සාදය ඉතා සොදුරු නිමේශයක් විය අපගේ දවසේ මාතෘකාව වූයේ ගුවන්විදුලිනාලිකා වල වර්තමාන තත්වය හා මෙතෙක් මාධ්‍යනාලිකා නොඇල්ලූ අති විශාල හිස් ඉඩයි.
ඒ වෙන කිසිවක් නොව මම මේ කතාව කිව්වම ඔබත් තේරුම් ගනීවි ලක්මාල අයියා පැවසුවේ තම දියනියට හොද කාබයිට් නොගැසූ ගස්ලබු ගෙඩියක් මිලදී ගැනීමට ඔහු විදින දුකයි. කොලබ වටේ කෙතරම් රවුම් ගැහුවත් තමන්ට සොයාගත නොහැකි බව ඔහු පැවසුවේය. අන්න ඒ මොහොතේ සතිස්චන්ද්‍ර මහතා කීවේ ඕක තමා මගේ මාතෘකාව කියායි. එනම් ජනයා විශාල පීඩාවකට පත් වී සිටින්නේ මේ වස විෂ සහිත ආහාර නිසා වගේම ගොවි තැනේදී බවිතා කරන රසායනික ද්‍රව්‍ය බෙහෙත් තෙල් නිසයි. ඔහු පවසන පරිදී රටේ ඉන්නා සම්පත් එකතු කර රසායනික පොහොර වලින් තොරව වගා කරන ආකාරය එම වගා ක්‍රම මෙන්ම රසායනික පොහොර බෙහෙත් බාවිතා නොකල එලවලු පලතුරු හදුනා ගන්නා විදි මෙන්ම ඒවා ලබා ගත හැකි ආකාරය පිලිබදව කිනම් හෝ නාලිකාවකට වැඩසටහනක් කිරීමට විශාල ඉඩක් ඉතුරු වී තිබෙන බවයි. රටේ සියලු ජනය මේ පිලිබද දැනුවත් වීමට කැමැත්තෙන් සිටින බවත් ගොවිමහතුන්ගෙන් 100% වාගේම මෙම වැඩසටහන කලහොත් එයට ඇහුන්කන් දෙන බවත් පවසා සිටියේය. නමුත් ඉන් පසුව අපට පැමිනි ගැටලුවනම් දැන් තිබෙන රැල්ලත් සමග මෙයට අනුග්‍රාහක මහතුන් ලබාගන්නේ කෙසේද යන්නයි මන්ද මෙවන් වැඩසටහනකට පොහොර වර්ග කෘසිරසායනික වර්ග අනුග්‍රාහය ලබාගත හැකි නොවේ එසේ ලබා ගත හොත් වැඩසටහනින් වැඩකුදු නැත. අපට මේ ගැන සුකුවෙන් හෝ කතාකරන වැඩසටහන් ගැන මතක් වී සිනා පහලවුයේ ඒවායේ අනුග්‍රාහක මහතුන් මතක් වීය.
නමුත් අප අතරින්ම එයටද පොඩි පිලිතුරක් ලැබුනි එනම් අතීතයේ ඔබටත් මතක අති කිබුලා උදැල්ල වැනි වෙලද දැන්වීම් යනවා. අපට ට්‍රැක්ටර් උදලු ආදී කෘෂි උපකරන වලින් අනුග්‍රාහය ලබා ගත හැක ඒ අපේ මතයයි. මේ තමා අපේ එදා කතාවෙ හරය. තවත් විවිද දේ කතා උනා නමුත් මගේ හිතට තදව කාවැදුනේ මෙයයි.
නාට්‍යකාරයාගේද ටිකිරි මොලයට වැටහෙන පරිදි ද මේ අදහස ඉතා වටනා අදහසකි. අප කී දෙනෙක් මේ තාක්ෂණික දැනුම ලබා ගැනීමට බලා සිටිනවාද. වස විස නැති අහාර ලබා ගැනීමට කැමැත්තෙන් සිටිනවාද ඉතින් එහෙම වැඩසටහනක් පටන් ගත්තොත් ගුවන් කාලය අපතේ යාවිද පිලිතුර ඔබට් බාරයි..

Friday, February 28, 2014

බන්ඩාගේ බයිසිකලය හා අනූනවයෙන් පණ බේරා ගැනීම


බණ්ඩා යනු මගේ දුකට සැපට 1 වසරේ සිට මේ දක්වා එකට සිටිනා ගජයාය මූ හට ලගක සිට අමුතු උනක් බෝඋනේය. සමහරුන්නම් ඕක හදුන්වන්නේ රථ ගාය කියාය. මුට රථ ගාය ඇතිවීමට වෙනත් රෝගයකුත් බලපෑවේය එනම් ලව් සික් නැමැති රෝගයයි මූ උදේ පාන්දර නැගිට මස්සිනාගේ බයිසිකලය රැගෙන උගේ කෙලිරත්නයව පාසලට ඇරලවීමට යයි. නමුත් මුට ලගක සිට තමන්ගේම බයිසිකලයක කෙල්ලව පාසලට ඇරලවීමට දොලක් උපන්නේය එයින් දුකට පත් වූයේ අහල පහල ඉන්නා අහිංසක නාට්‍යකාරයාය මූ හැමදාම වැඩ ඇරී 7 විතර අප නිවසට පැමින මචං හොද බයිසිකලයක් තියෙනවා බලන්න යමුද කියයි. මාත් ඉතින හා කියමි. නමුත් ඒවා ඇත්තේ ලග අහල පහලකනම් නොවේ නිට්ටබුව, කඩවත මීගමුව මේ හැමතැනම සතියක්

Tuesday, February 25, 2014

යලි ඉපිද යලි වැලලුනු රාවණා


පසුගිය වර්ෂය මහ පුදුම වර්ෂයකි ඒ මන්ද යත් අපේ හෙල වංශය නොහොත් වැලලී ගිය හෙළ ශිෂ්ටාචාරය ගොඩ ගැනීමට කවුරු කවුරුත් බොහෝ සෙයින් දත කෑ වර්ෂයක් ලෙස 2013 වසර හදුන්වා දීම වරදක් නොවේ. අප ජනප්‍රවාදයේ පමනක් තිබූ රාවණා කතා එකිනෙක ගොඩ ආවේ පසුගිය වර්ෂය තුලදීය එයට උර දී කටයුතු කල අය බොහෝ සිටිති. නමුත් බහුතරය බොර දියේ මාලු බාගත්තෝය.
2012 වර්ෂයේ සිට ශ්‍රීලංකාව තුල මෙම ප්‍රවනතාවය මතු වී තිබුනේය සමහර පුවත් පත් උනු කැවුම් වගේ විකිනී ගියේ මෙම කතා නිසාය. කවදාවත් හිට් නොවේ යැයි කියා සිතූ පත්තර අනෙක් පුවත් පත් පරදා අලෙවිය වැඩි වීමට හේතු භූත වූයේ මෙම රාවණා කතාවයි. අන්තර්ජාලය තුලද බ්ලොග්ස් පිරී ගියේ මෙම රාවණා කතාවෙනි. අලුතින් මේ පිලිබද පමනක්ම ලියවුනු බ්ලොග් ආරම්භ විය. මහාවංශය පරදා හෙළ වංශය ඉස්මතු විය. විජය නන්නත්තාර විය. විජයට උන් හිටි තැන් අහිමි වූයේ ඔහුගේ කැරැට්ටුව සියල්ල එලි එලිකරමින්ය. සමහරුන් විජයට හූ කියූහ. සමහර විද්වතුන් කීවේ මේවා අප පෙල පොත් වලටත් ඇතුලත් විය යුතු වගයි. හැම දේම දෙපැත්තක තියෙනවා කියනා ලෙස සමහරුන් මුන් මන්ද බුද්දිකයන් යැයි කියා සිනා වූහ. පුලුවන්නම් ඔප්පු කරන්නැයි කීවේය රාවණා කට්ටිය පොත පතින් නිදසුන් ගෙන පෙන්නූහ, සමහරුන් මහාවංශයෙන්ම පිලිතුරු ගෙන පෑවේය සමහරුන් පැරණි පුස්කොල පොත් වලින් වර්ගපූර්නිකාවෙන් වෙද පොත් වලින් නිදසුන් සපයා දුනි. නමුත් අර හිනා වුන එවුන් එවා

Saturday, February 22, 2014

ආදරය


ආ ශාව
ද් වේශය
රා ගය
ය හමින් කැටිවූ
අමුර්ථය ....

සෙල්ලම් නිරිදු බැලීමට ගියෙමි



හැමදාමත් අලුත් දෙයක් ඉතාමත් අලංකාර ලෙස ලබාදෙන ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේලා,ගුරුතරුව, තලමල පිපිලා වැනි ප්‍රශස්ත නාට්‍ය ගොන්නට එක්වන නවතම නිර්මාණයයි සෙල්ලම් නිරිදු අතීත කාමයක් ඇති සියලු දෙනාගේ නෙත් සිත් පිනවන අගනා සංස්කෘතික වියමනකි මෙය.
කාලයකින් වේදිකානාට්‍යක් රස විදීමට නොහැකි වීම නිසා ඊයේ නාට්‍යකාරයා රාජ්‍ය නාට්‍ය උලලේ නාට්‍යක් බැලීමට යාම සදහා උත්සක විය. ඊයේ දිනයේ වෙදිකා ගත වූ නිර්මානය වූයේ මෙමෙ සෙල්ලම් නිරිදු නට්‍යයි. මෙහි කතා රසයනම් කියලා වැඩක් නැත ඒ තරම් රසවත් ය මුලින්ම තිරය විවෘත වන අවස්තාවේ දන් ගෙඩිය වෙත මිනිසෙකු ගෙන යනු ලබන දර්ශනයක් පෙනේ කාන්තාවක් ශෝක කවක් ගායනා කරයි. එවිටම කවුද අපේ වීරයා දස්කොන්ව මරන්නේ කියා කලාකාමී පුද්ගලයෙකු වේදිකාවට එයි. ඒ ආරම්බ්හයයි කතාව දිව යන්නෙ ඉතිහාසඥයෙකු හා කලාකරුවෙකු නැතිනම් සාහිත්‍යධරයෙකු එක් වී නාඩගමක් නිර්මාණය කිරීම සම්බන්ධවයි එය සියලු අතීත කරුණු අතුලුව මනාව ගලා යයි.

Friday, February 21, 2014

මට්ට කොලුවා හෙවත් ග්‍රීස් යකා


නාට්‍යකාරයාගේ මිතුරන් පිරිසත් සමග නාට්‍යකාරයා පසුගිය දවසක නෙලුව බලා පිටත් වූයේ අපගේ යෙහෙලියක් වන මලී කෙල්ලගේ නිවසට යාම සදහායි. එහි බලාපොරොත්තුව වූයේ කන්නෙලිය රක්ෂිතය හා දූලි ඇල්ල දැක බලා ගැනීමයි. ඒ ගමනේ රසමුසු තැන් පස්සේ ඔබ හමුවේ වැමෑරීමට බලාපොරුත්තුවෙන් මා සිත ගත් එක දෙයක් පමනක් ඔබ හමුවේ තබමි.

Sunday, February 16, 2014

මිස්ට බීන් හෙවත් පාසල් කාලයේ මතකයන්


ඔන්න අද මම කියන්න යන්නෙ නාට්‍යකාරයගේ සුන්දරම කාලය උන පාසල් කාලයේ මතකයන් කිහිපයක්. ඔන්න ඉතින් නාට්‍යකාරයා AL කරන කාලේ තමා නාට්‍යකාරයගෙ හොදම පාසල් කාලේ කියලා නාට්‍යකාරයා හදුන්වන්නේ මොකද ඔය කාලෙ තමා නාට්‍යකාරයා වැඩියෙන්ම වින්ද කාලෙ. මොකද නාට්‍යකාරයා පොඩිකාලේ ඉදන්ම යන්නෙ පිරිමි පාසලකට ඒත් ඔන්න AL කරද්දී නාට්‍යකාරයට එන්න වෙනවා මිශ්‍ර පාසලකට මිශ්‍රකියන්නෙ අපේ පන්තියනම් ඉතින් කාන්තා පුරයක් වගේ මොකද කොල්ලො පස්දෙනයි ඉතුරු 23නම කෙල්ලො. කොහොමද ආතල් එක.

Saturday, February 15, 2014

වෙසගනන්



මුව පුරා සිනාසෙන
හදවතින් වැලපෙන
ලැම සුව යහනක්ව
උන් සෑමව සතපන
අදුරට දුක කියන
ආලෝකයේ රගන
අහිංසක සිත් ඇති
ආඩම්බර කාරියෝ....

Wednesday, February 12, 2014

නාට්‍යකාරයා හොල්මනකට බයවීම හෙවත් සිංහරාජ ගමන Ghost VS. Drama boy

ඔන්න ආයෙත් නාට්‍යකාරයා මූන දුන්න පට්ටම කුජීත අද්දැකීමක් ඔබ ඉදිරියේ දිග ඇරුමට දෙන්න මටත් මදකට අවසර... හික්ස්

ඔන්න අපේ සංචාරකයො ටිකට ඇරයුමක් ලැබෙනවා අපේ පට්ට බොක්කක් වෙන ටික්කි කෙල්ලගෙන් කළවානේ තියෙන එයාගේ නිවසට අප හට එන ලෙස සිංහරාජෙ බලන්න යන්නත් එක්ක. ඔන්න 2012.11.29 වෙනි දින උදේ පාන්දර 7ට යෙදුනු සුබ නැකතින් රත්නපුරය බලා පිටත් වූ බස් රථයකට ගොඩ වෙලා පිටත් උනා ගමන යන්න. ඔන්න අපි රත්නපුරෙන් බැහැලා පොඩි රවුමකුත් දාලා නැග්ගා කලවාන බස් එකට. එතනිනුත් අයේ වැද්දාගල බස් එක ගන්න ඔනේ ඔන්න එකටත් නැග්ගා කියන්නකො අපෙ කෙල්ල එ බස් එකට අපිව නග්ගගන්න කලවානට අවිත් හිටියා අපිත් ඉතින් එකී සැදැහැ සිතින් අරන් දීපු බීම එකත් බීලා එකිම අරන් දුන්නු ටිකට් වලින් ගියා. එකිගෙ ගමෙන් බහිනකොට පට්ටම ලස්සනයි පොඩි කදු ගැටයක් නැගලා තේවත්තක් මැදින් තමා යන්න තිබුනෙ ඔන්න බලන්නකො ..

Tuesday, February 11, 2014

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 05

Die Berufe
ඩී බෙරූෆ 
රැකියා 


die Ärztin/Arzt                            එර්ස්ටින්                     ඩොක්ටර්   
der Bäcker                                  බෙඒකර්                      පාන්හදන්නා 
der Bauer                                    බෞව්ර්                        ගොවියා
der Fernfahrer                            ෆර්න්ෆාර                     ලොරි රියදුරා
die Hausfrau                               හවුස්ෆ්රවු                    ගෘහනිය
die kellner                                   කෙල්නර්                    වේටර්වරයා
der kunstmaler                            කුන්ස්ට්මාලර්              චිත්‍ර ශිල්පියා  
die Lehrer                                    ලෙයහර්                     ගුරුවරයා
der Maler                                     මාලර්                         තීන්ත ගාන්නා
der Polizist                                   පොලිසිස්ට්                 පොලිස් නිලධාරියා
der Richter                                   රිෂ්ටර්                         නඩුකාරවරයා
der Seemann                                සීමාන්                         නැවියා
der Soldat                                    සොල්ඩාට්                    සොල්දාදුවා

Monday, February 10, 2014

රාජ්‍ය නාට්‍ය උලෙල 2014


මෙවරත් රාජ්‍ය නාට්‍ය උලෙල පෙබරවාරි මස 10 වන් දින සිට 28 වන දින දක්වා මරදාන ටවර්හෝල් හිදී  ප.ව 6.30 සිට පැවැත්වේ. මෙවර අවසන් වටය සදහා නටය 13ක් තේරී ඇති බව නාට්‍යකාරයාට දැනගන්නට ලැබුනි

පෙබ. 10 -    රංජිත් ධර්මකීර්ති ගේ            අංගාර ගඟ ගලා බසී
පෙබ. 11 -    රාජිත දිසානායක ගේ           ආදර වස්තුව
පෙබ. 12 -    ඩබ්.එස්.විජේසිංහ ගේ     ට්‍රේන් ඩ්‍රයිවර්
පෙබ.13 -    ඊ.එම්.ඩී. උපාලි ගේ          ඉඩමේ දී විකිණේ
පෙබ. 14 -    ආර්.එම්.යසරත්න ගේ        උත්තරීතර
පෙබ. 15 -    සේනක එදිරිසිංහ ගේ      බ්ලැකවුට්
පෙබ. 16 -    චාමික හත්ලහවත්ත ගේ    මකරට
පෙබ. 17 -    බුද්ධික දමයන්ත ගේ       වේ ගුවෙරා (මර‍‍ා දැමූ ජීවත්වන මිනිස‍ා)
පෙබ. 18 -    ප්‍රියංකර රත්නායක ගේ     විසේකාරියෝ
පෙබ. 19 -    අඛිල සපුමල්    ගේ        රාවණ ආදරයේ හුස්ම ලඟ
පෙබ. 20 -    උදයසිරි වික්‍රමරත්න ගේ    රගපෑම් ඉවරයි
පෙබ. 21 -    ජයලත් මනෝරත්න ගේ   සෙල්ලම් නිරිඳු
පෙබ. 22 -    පරාක්‍රම නිරිඇල්ල ගේ     හුණුවටයේ කථාව
පෙබ. 26 -    උපනන්ද වැලිකල ගේ     මුහාම් (ආරාධිත දමිල නාට්‍ය)
පෙබ. 28-     ඩග්ලස් සිරිවර්ධන ගේ     බෙර හඬ (ආරාධිත සිංහල නාට්‍ය)  
කෙටි නාට්‍ය උළෙල සඳහා කෙටි නාට්‍ය 15 ක්  ද අවසන් වටයට තේරී ඇත. 

පෙබ.23
කේ ජයසීලන් ගේ “කනවු” , කෝරළගේ සමන්  ගේ  “අජරාමර” , තනුජා විජේවික්‍රම ගේ “ අන්තිම තත්පරය” , බුද්ධික රෝෂාන් ගේ “ OT(අතිකාල).” , නේරංජන් චන්ද්‍රාදිත්‍ය ගේ “ ගැහැණු කවුරුද වරදෙ නොබැ‍ඳෙන”

පෙබ. 24
එම්.කතීස්වරන් ගේ “සවාපෙට්ටි” , රුවන් දේශප්‍රිය ගේ “දොර වහලා”, ජේ.එම්.ක්‍රිෂාන්ත ජයබාහු ගේ “ මම බහින් නෑ”,  ඩබ්.ඒ.සමන් චන්දන ගේ  “ සේසතයි කුමරියයි” , ඇන්ටනී ජයලත් ගේ “ සුධම්මාවතී” ,

පෙබ. 25
එස්. නිෂාන්තී ගේ “ නාන් ඩොට් ෆයින් ආර්ට්ස්” , උපුල් කිරිදෙන ගේ “හනිමූන්” , නිලංක නාමල් උඩුමුල්ලආරච්චි ගේ “ හීන සොයාගෙන” , එම්.ජේ. ඉන්දික ප්‍රසාත් ගේ “හැදුවේ අපිනේ”, ටී.එච්. තරංගා ප්‍රියදර්ශනී ගේ “ ෆෝ මැට්”

යන්න මෙම නාට්‍ය නරබා ඔබත් වින්දනයක් ලබා .. මේ සදහා ප්‍රවෙශ පතක් රුපියල් 100 පමනක් මිල වන බව නාට්‍යකාරයට ටවර්හෝල් රගහලෙන් පැවසීය....

නාට්‍යකාරයා කොත්තු කෑ හැටි........(කොත්තුවට වැඩිපුර ගෙවීම හෙවත් කපල් වලට මරු තැන )


  ඊයේ දහවල මාගේ එනම් නාට්‍යකාරයාගේ එකම ඇණය වන නැගනියට ෆෝන් රාජයෙක් අරන් දීමට බම්බලපිටිය වෙත රැගෙන ගියෙමි. අහෝ කේදයකි ඒ අවස්තාවේ හටගත් ඉවසා ගත නොහැකි කුසගින්න හේතුවෙන් අපගේ දේශීය ආහාරයක් වන කොත්තුවක් කෑම සදහා අවන්හලකට (කඩයකට)   ගොඩ . එහි සිටි හිතවත් කාරුනික සේවකයා මහත්තයා උඩට උඩට කී නිසාවෙන් උඩට අදුනු අපහට දැකගන්නට ලැබුනේ අඩක් වැසූ දොරකි එයින් ඇතුලු වූ අපට එහි වූ ජෝඩුවක් දැකගන්නට ලැබුනි. වෙන්නට යන විපත්තිය ඉව වැටුනු නාට්‍යකාරයා පාතමාලය වෙත් පියමැනීමට හැදුවත් එහි ඉඩ තිබුනේ නැත සධ්බාවයෙන් චිකන් කොත්තුවක් අනවුම් කරවිට අර දොර හොදටම වාගේ වසා සේවකයා පිටව ගියේය  වේලාවට එහි සිටි කපල් එක ගොස් පිස්සන් කොටුවෙන් පැනගත් කපල් එකක් එහි අතුල් වූ නිසාවෙන් නාට්‍යකාරයාගේ නම්බුව නැගනිය ඉදිරිපිට ආරාක්ෂා කර ගැනීමට හැකිවිය. මන්ද උන් දෙන්නා ආ වෙලාවේ සිට සිනා සීම පමනක් කල නිසාවෙනි අවසානයෙ අප පුන පුනා බලා සිටි දේශීය අහාරය ව කොත්තුව පැමිනියේය අහ්. එය රසවිද අවසන් වූ විට නාට්‍යකාරයාට තරු පෙනී තිබුනි. මන්දයත් වෙනදා 285 කොත්තුව එය උඩ 350 වීම හේතුවෙනි. අහෝ කුරා කූබියෙකුටවත් මෙවන් අනතුරක් නම් නොවේවා කියා මම ප්‍රාර්තනා කරමි.

හැබැයි කපල් වලටනම් මරේ මරු ප්ලෙස් එකයැයි නට්‍යකාරයා දැනුම්දෙයි. මොකද කරදර කිරීමට කිසිදු හැලි වදුරෙකු නොපැමිනෙනෙ නිසාය. නාට්‍යකාරයා තනිකඩ නිසා නාට්‍යකාරයාට ඔවාගෙන් ප්‍රයෝජනයක් නොමැත දැනුම් දුන්නේ ඔබ සදහාම පමනි 

බම්බලපිටියේ ෆ්ලොරින්ස් පාරේසිට ගාලුපාර්ට ආවිට හමුවන පලමු මුස්ලිම් කඩය කියා පමනක් කියමි.