Sunday, October 20, 2019

ධරණි ඇත්තටම ඔබේ හදවත හඩා වට්ටාවි





කත්‍යානා අමරසිංහ කතුවරියගේ පොතක් කියවීමේ අශාවක් හිතේ රැදී තිබුනද එය සැබෑ කරගන්නට හැකි වූයේ මාගේ මිතුරියක්ගෙන් ධරණි  කියවීමට ඉල්ලා ගැනීමෙන් පසුවයි. ඇයගේ ලිවීමේ ප්‍රතිභාව හමුවේ මා වෙව්ලා ගියේයැයි කීවොත් එය අතිශෝක්තියක් නොවනු ඇත.ඇය හදවතට කතා කිරීමට දැන ගත් මැජික් කාරියක් යැයි මට ඊයේ සිතුනි. ධරණි  අතට ගත් පසු බිමින් තියන්නට නොහිතුනේ ඒ නිසායැයි මා හට හැගේ. පැය දෙක හමාරක් තුනක් වැනි කාලයකින් මුලු පොතම කියවා අවසන් කරේ ඒනිසාවෙනි. අවසන් පිටු විස්ස තිහ පැමිනෙන විට බොහොම හිමින් ලෝබ කමකින් කියෙව්වේ දැන් පොත ඉවර වේයැයි යන බියෙනි. පොතක් කියවන විට එවැනි සිතුවිල්ලක් එන්නේ බොහොම සීමිත පොත් ගනනකට පමනි.

Friday, October 4, 2019

ආර්යා ලාංකීය නවකතාවට අමුතු හැඩයක්ද?






දිලීප ජයකොඩි කතුවරයා අප හදුනා ගන්නේ පරිවර්තකයෙකු ලෙසයි. ඔහු ඉතාමත් ජනප්‍රිය වන්නෙ චේතන් බගත්ගේ පොත් පරිවර්තනය තුලිනි. චේතන් බගත් අප තරුණ තරුණියන් අතරට ගෙන ආවේ ඔහුයි. එම කෘති පරිවර්තනයේදී ඔහු මැනවින් දස්කම් පෑවේ කාගෙත් සිත් සතන් දිනා ගනිමිනි. නමුත් ඔබ නොදන්නවා වුවත් අප අතර ජනප්‍රිය වූ නිල්දිය යහන චිත්‍රපටය නිශ්පාදනය වන්නේ ද ඔහුගේ ස්වතන්ත්‍ර කෘතිය පාදක කරගෙනය.

මෙවර ඔහු අපගේ සිත් ඇදබැද ගන්නේ නවමු ආරක නවකතාවක් අප අතර තබමිනි. එනම් දේශපාලනය පදනම් කරගත් නවකතාවක් අප අතරට ගෙන එමින්ය. මේ පිලිබද මා දැනගත් විගස මා හට සිතුනේ  කියවීමට නීරස වන කතාවක් වනු ඇතැයි කියායි. නමුත් කියවන්න කියවන්න එම පොත මා සිත ඇද බැද ගති. එක හුස්මටම පොත කියවා ඉවර කිරීමට මට හැකි වුනේ ඒ නිසාය.

මෙය ඔබ කියවිය යුතුම පොතක් වන්නෙ දේශපාලනයේ සෑබෑ යථාර්ථය පිලිබිගු කරන නිසාය.දේශපාලනයේදී ඔබගේ ලගම හිතවතා තබා ඔබගේ ප්‍රිය බිරිදවත් විශ්වාස කල නොහැකි බව දිලීප ජයකොඩියන් විසින් මෙයින් මනාව පිලිබිගු කර ඇත්තේය. දේශපාලනයේ තිත්ත ඇත්ත එයයි.

Thursday, September 26, 2019

"ගුම්" ගුම් දෙන්නට පටන් ගනීවිද?


    බටුවන්ගල රාහුල හිමියන් විසින් රචිත "ගුම්" නවකතාව එක හුස්මට කියවා ඉවර කලෙමි. එයින් ලද ප්‍රහර්ශය විස්තර කිරීමට කිසිම හොඩියක අකුරු කිසිම භාෂාවක වචන මට ප්‍රමාණවත්නොවන්නේයයි කීම අතිශෝක්තියක් නොවනු ඇතැයි මම සිතමි. අතට ගන්නාවිට මාහට සිතුන සිතුවිලි අමුවෙන්ම ප්‍රකාශ කරනවා නම් මෙච්ච්ර චූටි පොතක් නවකතාවක් කියන්නෙ කොහොමද? මේකෙ කිසි වැඩක් නැතුව ඇති කික් එකක් නැතුව ඇති යන හැගීමයි. නමුත් පිටු 1000 කින් 2000 කින් කියන්න බැරි ගැඹුරු පණිවිඩයක් රාහුල හිමියන් විසින් මේ කෘතිය මගින් සමාජයට ඉදිරිපත් කර තිබේ. 

මේ මා රාහුල හිමියන්ගේ කියවන පලමු කෘතියයි නමුත් ඒ පලමු කෘතියෙන්ම මාහට හැගී ගිය කරුණ නම් රාහුල හිමියන් උන්වහන්සේගේ කෘති මගින් සමාජ සෝදනයට ඉතාමත් හොදින් දායක වන වගයි. මාගේ මතය අනුව රාහුල හිමියන් තුල හොද දේශපාලන හා සමාජීය වැටහීමක් ගැබ්ව තිබේ. උනවහන්සේගේ සැගවුන අරුත් තුල යම්කිසි වාමාන්ශික මතවාදයක්ද මාගේ දැනුමේ හැටියට ඉස්මතු වේ එය මටත් ඔබටත් පොදු වන්නේ නැත එය මගේ හැගීමයි. එමෙන්ම බෞද්ධ දර්ශනයේ යම් යම් තැන්ද හිමියන් විසින් නියමාකාරයෙන් ගලපා යම් යම් ස්ථාන වලට යොදා ඇති අපූර්වත්වයද ප්‍රශංසනීයය. එමෙන්ඔම නූතන වැඩවස්බම්ගේ සමාජ ක්‍රමය ගැන කතා රසයට බාධා නොවන අන්දමින් විග්‍රහ කර ඇති ආකාරයද ප්‍රශංසනීයය. කතා රසයට බාදා නොවන අයුරින් කෙටියෙන් කතාවේ යම් යම් තැන් මම පහතින් උපුටා දක්වමි එයින් ඔබේ  කුතුහලය තවත් වැඩි වන බව මාහට දිවුරා කිව හැක.