මේ යුගය නිදහස් අධ්‍යාපනය බල්ලාට ගිය යුගයක් ලෙස හැදින්විය හැක. ඒ මන්ද යත් දැන් දැන් රජයේ අධ්‍යාපන ආයතන තුල සිසුන් අපහසුතාවයට ලක් කරන අශික්කිත අධම ක්‍රියාකලාපයක් පවතින බැවිනි. 1943 දී C.W.W. කන්නන්ගර ශ්‍රීමතානන් ලබාදුන් නිදහස් අධ්‍යාපනය දැන් දැන් වල පල්ලට යමින් තිබේ. එතුමානන් 1942 කොමිටියක් පත් කර 1943 වන විට පහත සදහන් වරප්‍රසාද සිසුන් හට ලබා දෙන ලදි
- බාලාංශ පංතිවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබාදීම.
- ප්‍රාථමික පාසල්වල ඉගැන්වීම් මාධ්‍යය මව්භාෂාව විය යුතු වීම.
- තුන්වන පංතියේ සිට ඉංග්‍රීසි සෑම පාසලකම ඉගැන්වීම.
- චිත්තවේගයන් පිළිබද අධ්‍යාපනය ප්‍රායෝගික හා බුද්ධිමය අධ්‍යාපනය තරම්ම වැදගත් වවීම.
වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා ATI පද්ධතියට පැමිණි සෑම අවස්තාවකම කිවූයේ අපි මෙය විශ්වවිද්‍යාල බවට පත් කරන බවයි. ඒ යුනිවසිටි කොලේජ් බවට පත් කිරීමෙන් බව ඔහු පැවසූයේ රෙද්දක්ද ඇදගෙනය. නමුත් යුනිවසිටි කොලේජ් කෙසේ වෙතත් දැන් ATI පද්ධතිය කඩා වැටීමකට ලක්වෙමින් පවතී. ඔවුන් මුලින්ම සිදු කලේ ශිෂ්‍යයන් කප්පාදු කිරීමයි. අන් වසර වලට සාපේක්ෂව මෙම වසර තුල සියලුම පාඨමාලා වලට බදවා ගත් සිසුන් සංඛ්‍යාව අඩුවී තිබේ. දැන් අලුත්ම නාඩගම වී තිබෙන්නේ ප්‍රශ්න පත්‍රයක් නැවත ලිවීම සදහා එනම් රිපීට් කිරීම සදහා ගාස්තුවක් අය කිරීමට කටයුතු සලසා තිබීමයි. එයත් ලේසි පහසු මුදලක් නොව 500 ක මුදලකි. නමුත් සාකච්චා වලින් පසු එය 200 දක්වා අඩු කර තිබේ. සමහර ලමුන් හට විෂයයන් පහ හය රිපීට් කිරීමට වන අවස්තා අනන්තවත් ඇත. එවිට එම ශිෂ්‍යයෙකු රුපියල් 1000 කට වැඩි මුදලක් ගෙවිය යුතු වේ. මේ සිදු කර ඇත්තේ මුල් පියවරක් පමනි මෙම වසරේ මුලදී දෙහිවල ආයතන තුල මෙන්ම අනෙක් ආයතන තුලත් ප්‍රතිසංස්කරන කටයුතු කඩිනමින් සිදුකෙරුනි. පාරවල් පවා තාර දමා ප්‍රතිසංස්කරනය කරන ලදි. අප හට පවතින බියනම් මෙම ආයතන පද්ධතිය අර්ධ රජයේ හෝ පෞද්ගලික කරනය කිරීමට සැරසේදැයි කියායි. මන්ද යත් මෙය විශ්වවිද්‍යාල සිසුන් මර්ධනය කරමින් පෞද්ගලික විශ්වවිද්‍යාල විවෘත කරන සමයක් නිසායි.
කොහෙද යකෝ මෙච්චර කල් ගිහින් හිටියෙ...
ReplyDeleteඔව් ඉදගෙන...
මේකනෙ නාට්ටෙ
දැං සෙමි ගවර්මන්ට් කියල ඉන්ස්ටිටියුට් විගඩමක් පටන් අරං තියෙනවනෙ... සල්ලි තියෙනව නං පඹයෙක්ට වුණත්ප කරන්න පුලුවං...ඒව කරන්න ආයෙ සුදුසු කමක් ඕන නෑ ඇමැත්තෑය පස්සෙං ගොහිං කීයක් හරි මිට මෙලෙව්ව නං හරි... ඒක තමා ඔය කේස් එක අනික ලංකාවෙ තමා තාම අඛන්ඩව අධ්‍යාපනය හා සෞඛ්‍ය නිකං දෙන්නෙඒකත් එකක්... ඒක නැවැත්තුවම හුගක් හම්බ කොරන්න පුලුවං නෙව දෙකෙංම නේ..
අර පූජිත කියල බුවෙක් ඉන්නව නේහ්... පොර ඔය ගැන එක පාරක් කියල තිබ්බ විරුද්ධව නෙවී පක්ෂව.. මිනිහ ඉංත්‍රීසි හොදට උගන්නව ඇති ඒත් සදාචාරෙ අතිං අන්තිමයි ඇසි බිය වගේම තමා
අඩේ දිගටම ලියාහන්කො කොඉි අටමගලෙයි යන්නෙ
මේ ටිකේ වැඩ ගොඩකට හිර උනා ඒකයි ලියන්න බැරි උනේ.. අනිවා එහෙම බැලුවොත්නම් අපෙ රට තමා ඔය අධ්‍යාපනය නිකන් දෙන එකම රට ඒත් අපි මේ දේ රැකගන්න වෙනවා මහේශ් නැත්තම් මේ රටේ දුප්පත් දරුවට තැනක් නැතුව යනවා ඌව පහලටම ඇදන් වැටෙනවා..
Deleteඅනිවා දිගටම ලියනවා මචෝ..
දැන් තියෙන්නේ හුඟක් දේවල් වල මලඟම.. ඒ හන්දා තැනින් තැන කණකොකා හඬලන එක නිතරම ඇහෙයි..
ReplyDeleteඅනිවාර්යෙන්ම දිනේෂ් අපේ මලගමත් වැඩි ඈතක නෙවේ කියලා මට හිතෙනවා මෙහෙම ගියොත්...
Deleteතාවකාලික පසුබැසීම්..
ReplyDeleteතාවකාලික ද
Delete