Tuesday, November 13, 2012

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 03



ඔන්න එහෙනම් අපේ තුන්වන පාඩමත් අරගෙන මම අදත් ආව. අපි දැන් දන්නවා හෝඩිය ඒ වගේම 1000 ට යනකන් ගණන් කරන්නත් නේද ?එහෙනම් අද අපි මුලින්ම ඉගෙන ගමු අපේ නම කොහොමද කියන්නේ  කියලා නේද? හරිම ලේසි ඉංග්‍රීසි වගේම තමා ටිකක්

mein Name ist Asanga.
මයින් නාම ඉස්ට්‌ අසංග.
මගේ  නම අසංග .

mein Name ist Nilupul.

යන ආදී වශයෙන් තමා අපේ නම කියන්නේ කාට හරි.. එහෙනම්  දන්නවද කොහොමද කාගේ හරි නම අපි අහන්නේ කොහොමද කියලා.. කොහෙද ඉතින් මම කියලා දුන්නායැ නේද.....ඔන්න එහෙනම් බලා ගන්නකො ...

wie ist Ihr Name?
වී ඉස්ට්‌ ඉයර් නාම?
ඔයාගේ නම මොකක්ද?

Saturday, November 10, 2012

උසස් ජාතික සංචාරක හා සත්කාරක කළමනාකරණ පාඨමාලාව

උසස් තාක්‍ෂණික ආයතනය විසින් 2012 වර්ෂයේදී හදුන්වාදුන් පාඨමාලාවක් වන අතර දැනට උසස් තාක්‍ෂණික ආයතන තුල පවතින වටිනාම පාඨමාලාව ලෙස හැදින්නුවද වරදක් නොමැත. මන්ද යත් 2016 වසර වන විට රජයේ මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ශ්‍රීලංකාව තුල අදායම උපයන ඉහලම කරමාන්තය ලෙස මෙම සංචාරක අංශය දක්වා ඇත. එම නිසාවෙන් විශාල රැකියා ප්‍රමාණයක් මෙමගින් උත්පාදනය වන අතර එම ඉල්ලුමට සරිලන උගතුන් පිරිසක් තවමත් ශ්‍රීලංකාව තුලින් බිහිවී නොතිබේ. විශ්වවිද්‍යාල සුළු ප්‍රමාණයක සංචාරක පාඨමාලාව ක්‍රියාත්මක වුවත් ඔවුනට වඩා අත්දැකීම් බහුල පිරිසක් මෙම ආයතන ව්‍යුහය තුලින් බිහි කිරීමට හැකියාවක් තිබේ මන්ද යත් මෙම ආයතනය තුල ඉගෙනුම ලබන ශිෂ්‍යයන් හට ප්‍රායෝගික දැනුම වැඩි වශයෙන් ලැබෙන බැවිනි.එමෙන්ම මෙම ආයතනය තුල අධ්‍යාපනය ලබන සිසුන් හට NAITA ආයතනය හරහා සිව් මස් රැකියා පුහුණුවක් ලබා දෙනු ලබයි. මෙය විශ්වවිද්‍යාල සිසුන් හට නොලැබෙන විශේෂ අවස්ථාවකි.
  එමෙන්ම විශ්ව විද්‍යාල

සරසවි වරම් අහිමිද? ... ඔබටත් උසස් අධ්‍යාපනයට වරම්

අදනම් පාඩමක් ගේන්න නෙවේ යන්නේ ..... ජර්මන් පාඩම් මාලාවට ගොඩක් අයගේ ඉල්ලුම තියෙනවා අනිවාර්යෙන්ම නාට්‍යකරයා ඒ පාඩම් මාලාව දිගටම කරගෙන යනවා....


                       අද මම කියන්න යන්නේ උසස් අධ්‍යාපනය ගැන. අපේ ගොඩක් සහෝදර සහෝදරියන්ගේ ලොකුම බලාපොරොත්තුව තමා උසස්පෙළට අවුරුදු දෙකක් හැල්මේ දුවලා ඉවර වෙලා කොහොම හරි විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙන්න නේද? එත් අපේ ශ්‍රීලංකාව ඇතුලේ උසස්පෙළ සමත් වෙන හැම කෙනෙකුටම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්න තරම් පහසුකම් නෑ.  අන්න ඒ අවශ්‍යතාවය ගැන කල්පනා කරපු උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රාථමික විශ්වවිද්‍යාල කියලා එකක් ගේනවා. ඒකට ඇතුලත් කරගන්නේ විශ්වවිද්‍යාල වලට යන්න z ලකුණු ප්‍රමාණවත් නොමැති උන අයව, නැතිනම් විශ්වවිද්‍යාල වලට ගොස් කාලය වැඩියෙන් නොයවා අවුරුදු 3ක් වැනි  කාලයක්  ඇතුලත උසස් ජාතික ඩිප්ලෝමාවක් ලබා වෘත්තීය සුදුසුකමක් ලබාගෙන ඉක්මනින් රැකියා වෙත යොමු වන්න බලාපොරොත්තු වන අයවයි.
               
              නමුත් දැන් එම ආයතන සියල්ල උසස් තාෂණික ආයතන (SRI LANKA ADVANCED TECHNOLOGICAL EDUCATIONAL INSTITUTE)) ලෙස හදුන්වනු ලබන අතර ඩිප්ලෝමා පාඨමාලා රාශියක් ලබා දෙනු ලබනවා. මේ සියල්ල නොමිලයේ ලබා දෙන අතර අඩු ආදායම් ලාබී පවුල්වල ළමුන් හට මහපොළ ශිෂ්‍යාධාරය ද ලබා දෙනු ලබනවා. එමෙන්ම දෙහිවල ආයතනය තුල ගැහැණු ළමුන් සදහා නේවාසිකාගාර පහසුකම් ලබා දෙනු ලබනවා. සෑම ආයතනයක් තුලම පරිගණක විද්‍යාගාර, පුස්ථකාල පහසුකම් ලබා දෙනු ලබනවා. එමෙන්ම දෙහිවල ආයතනය තුල ළමුන් සදහා නොමිලයේ WiFi ජාලයක්ද ක්‍රියාත්මක වෙනවා.

Sunday, November 4, 2012

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු... 02




ඔන්න එහෙනම් අදත් ආවා මම අපේ පාඩම් මාලාවේ දෙවෙනි කොටස අරන්. ඔක්කොටම කලින් කියන්න ඕනේ මගේ කලින් ලිපිය කියවලා අදහස් දක්වපු හැමෝටම වගේම ඒ ලිපිය කියවලා බලපු ඕගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අනිවාර්යෙන්ම මේ පාඩම් මාලාව දිගටම මම අරන් එනවා. තවත් කණගාටු දායක ආරංචියකුත් තියෙනවා කියන්න මම ඕගොල්ලන්ට ලබා දුන්න ගොඩක් පොත් වල ලින්ක් මම ෆයිල් දාපු අඩවියේ කට්ටිය මකලා දාලා .. මම ආයෙත් ඒ පොත් කිහිපය ලබා දෙන්න උත්සහ කරනවා ඕගොල්ලෝ වෙනුවෙන්. එහෙනම් වැඩි කතා නැතුව අපි අපේ පාඩම ආරම්භ කරමු නේද?... 

අද අපි ඉගෙනගමු නේද ගණන් කරන්න ....

Saturday, November 3, 2012

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු ... 01


ඔන්න එහෙනම් පොරොන්දු උන විදියටම මම අද ආවා ඕගොල්ලන්ට ජර්මන් පළමුවෙනි පාඩම අරගෙන . එහෙනම් ඉතින් අපි පටන් ගමු නේද?. අපේ භාෂා ඉගෙන ගන්න යාලුවොනම් දන්නවා ඇති ජර්මන් භාෂාව ටිකක් විතර ඉංග්‍රීසි භාෂාවට සමානයි කියලා සමානයි කිව්වට ඉතින් ව්‍යාකරණ නම් ගොඩක් වෙනස්. ශබ්ද කිරීමත් ටිකක් වෙනස් එත් ඉතින් අකුරුනම් ඒවම තමා.

                    එහෙනම් ඉතින් මොන භාෂාව ඉගෙන ගන්නත් අපි ඉස්සෙල්ලම හෝඩිය දැනන් ඉන්න එපායැ නේද එහෙනම් අපි මුලින්ම හෝඩිය ඒගෙන ගනිමු.

Aa        Bb       Cc       Dd      Ee      Ff      Gg      Hh

ආ          බේ      සේ       ඩේ     ඒ      එෆ්      ගේ    හා


Ii         Jj          Kk        Ll       Mm     Nn      Oo     Pp  

ඉ    යෝච්       කා         එල්      එම්      එන්    ඕ       පේ


Qq       Rr       Ss       Tt       Uu      Vv      Ww     Xx         Yy                  Zz

කූ        එයර්    එස්     ටේ      ඌ      ෆෞ     වේ     ඉක්ස්‌   යුබ්සිලෝන්    සෙස්ට්



Ä   ae

Ö   oe

Ü   ue

ß    ss
 




 



ඔන්න එහෙනම් ඕගොල්ලෝ දැන් ජර්මන් හෝඩියත් දන්නවා නේද ? ඔය උඩ තියන වීඩියෝ එක අහලා ඕගොල්ලන්ට තවත් පුරුදු වෙන්න පුළුවන් වෙයි. එහෙනම් ඉතින් ඊලග පාඩමෙන් හම්බෙමු නේද?....


 

Monday, October 29, 2012

ජර්මන් භාෂාව ඉගෙන ගනිමු ......... (Schenke - Seago - Basic German)



අද දෙන්න යන පොතනම් ටිකක් වෙනස් පොතක්. මොකද මේක වැදගත් වෙන්නේ අපේ භාෂා ඉගෙන ගන්න සහෝදර සහෝදරියන්ට තමයි ඉතින්. හැබැයි අනිත් අයටත් මේක බාලා ඉගෙන ගත්තා කියල පාඩුවක් නම් වෙන්නෑ ......... මම මේ පොතක අරන් ආවෙත් හුග කාලෙකින් නේද? මේ කාලේ ගොඩක් කාර්යය බහුල කාලයක් උනා මට එක නිසා පොතක් ගෙන්න වෙලාවක් තිබුනේ නැ ඕගොල්ලන්ට ..... එත් ඉතින් ඉස්සරහට අපිට මාස දෙකක දීර්ග නිවාඩුවක් හම්බෙන හින්දා ඕගොල්ලන්ට හොද පොත් ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

         ඒ වගේම අලුත් වැඩක් පටන් ගන්නත් හිතන් ඉන්නවා ඒ තමා මම අද දුන්නේ පොතක්නෙ එහෙම නෙවේ අපේ ජර්මන් භාෂාව ඉගෙන ගන්න යාළුවන්ට ජර්මන් සිංහලෙන් සරලව පාඩම් මාලාවක් මේ නාට්‍යකාරයා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක යාළුවන්ට හොද  ආරංචියක් වෙයි කියල නාට්‍යකරයා හිතුවා. ඉතින් දිගටම නටයකාරයත් එක්ක ඉන්නකෝ ඕගොල්ලෝ .. ඒ වගේම මම මේ දවස් වල ඉංග්‍රීසි භාෂාවෙන් පොඩි බ්ලොග් එකක් කරගෙන යනවා serisara tourism club කියලා ඒකත් සංචාරක ශේත්‍රය ගැන ඉගෙන ගන්න අයට ප්‍රයෝජනවත් වෙයි  කියලා මම හිතනවා . කැමතිනම් එකටත් ගිහින් බලල අදහසක් දෙන්න ... www.serisaratourismclub.blogspot.com

එහෙනම් පොත පහල ලින්කුවෙන් බාගන්න හොදේ..........

බාන්න

එහෙනම් මම ගිහින් එන්නම් හොදේ ඕගොල්ලන්ට සුබ දවසක් !!!!!!!!!

Sunday, March 4, 2012

Twilight Series




                         ඔන්න  ඉතින් අද තවත් පොත් පෙළක් අරගෙන ආවා. මේ පොත් මලාවටත් චිත්‍රපට මාලාවක් නිකුත් වූ අතර එය නොබැලු කෙනෙකුන් නොමැති තරම්. චිත්‍රපට පෙළ නරබනවට වඩා උසස් රසාස්වාදයක් මෙම පොත් පෙළ කියවීමෙන් ඔබට

Saturday, March 3, 2012

Harry Potter 7 Series ( හැරීපොටර් පොත් නොමිලේ කියවමු )

            



            ඔන්න ඉතින් හුග කාලෙකට පස්සේ අදත් පොත්මාලාවක්ම දෙන්නයි නාට්‍ය කාරයාගේ සුදානම.ඒ වෙන කිසිවක් නොවේ ලොකු කුඩා බාල මහලු හැම දෙනා ගේම ජනාදරයට පාත්‍ර වුන හැරීපොටර් කතා මාලාවයි.. මෙම කතා මාලාව ලිය වෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික කතුවරියක වන J. K. Rowling විසිනි.





J. K. Rowling


                                        ඇය පවසන ආකාරයට ඇයට මෙම කතා මාලාව පිළිබද අදහස පැමිණ ඇත්තේ ඇය දුම්රියේ ගමන කරන අතරතුරයි..
                                
                "I had been writing almost continuously since the age of six but I had never been so excited about an idea before. I simply sat and thought, for four (delayed train) hours, and all the details bubbled up in my brain, and this scrawny, black-haired, bespectacled boy who did not know he was a wizard became more and more real to me."

පොත් මාලාව

                කෙසේ වෙතත් ඉතාම සාර්ථක වූ කතාමලාවක් වන මෙය වෙළුම්  හතකින්  යුක්ත වේ. හත්වන  වෙලුමෙන් මෙම කතාමාලාව අවසාන වේ.අදායම් වාර්තා බිද හෙලමින් කා අතරත් ජනප්‍රිය වූ මෙම කතා පෙළ භාෂා 67 කට පරිවර්තනය විය. මේ ජනප්‍රියත්වය හේතු කොටගෙන මෙම හැම වෙලුමකටම එක චිත්‍රපටය බැගින් චිත්‍රපට  මාලාවක් ද නිපදවනු ලැබිය.ඒවා නිෂ්පාදනය කරනු ලැබුයේ වෝනර්ස් බ්‍රදර්ස් ( Warner Bros. Pictures) සමාගම විසිනි.

                                                             මෙම චිත්‍රපට මාලාව නොබලූ කෙනෙකු නැතිතරම්ය. නමුත් චිත්‍ර පටයට එහා ගිය ආශ්වාදයක් මෙම කතා මාලාව කියවීමෙන් ඔබට ලබාගත හැකි බව මගේ මතයයි.මන්ද මා එම වින්දනය ලබූ බැවිනි. එසේනම් පහල ඈති ලින්ක් තුලින් එම පොත් මාලාව බාගෙන රසවිද මටත් පවසන්න.කමෙන්ටුවක් දමන්න අමතක කරන්න එපෝ.....

1. The Socrerer's Stone

2. The Chamber of Secrets

3. The Prisoner of Azkaban

4. The Goblet of Fire

5. The Order of The Phoenix 

6. The Half-Blood Prince

7. The Deathly Hallows

                                       

Thursday, January 12, 2012

The-Adventures-of-Tom-Sawyer (ටොම් සෝයර් ගේ විර ක්‍රියා )



මේ පොත ගැනනම් ඉතින් කියන්න දෙයක් නැනේ .......... ඕගොල්ලෝ කවුරුත් දන්නවා ඇති මේ දගයගේ වැඩ....... මොකද මේ කතාව අලලා හැදුන ටෙලි නාට්‍යකුත් රූපවාහිනියේ විකාශය උනානේ බාගෙනම බලන්නකෝ......

 මෙන්න මෙතනින් බාන්න......