Monday, February 9, 2015

චේතන් බගත් ගේ ඔබ කියවිය යුතුම පොත් දෙකක් one night @ the call center & Half girl freind



3 idiots චිත්‍රපටය නරබා නැති කෙනෙක් මා හිතන තරමට හොයා ගන්නවත් බැරිවෙයි නේද?  ඒත් ඒ කීයෙන් කී දෙනාද දන්නෙ එය පොතක් පදනම් කරගෙන නිෂ්පාදනය කරපු චිත්‍රපටයක් බව ඒ අයගෙනුත් කීයෙන් කීදෙනාද දන්නෙ ඒ පොත ලියපු කතුවරයාගෙ නම නේද? ඒ කට්ටියගෙනුත් කීයෙන් කී දෙනෙක්ද දන්නෙ ඒ පොතේ නම ඉතින් මම අද මේ දෙන්න යන්නෙ ඒ පොත ලියපු කතුවරයාගේ තවත් පොත් දෙකක්.

චේතන් බගත් ඔබට සමහර විට නම පුරුදු ඇති. ඔව් ඒ ඔබ හිතපු කෙනා තමා මෑත ඉතිහාසයේ ඉංග්‍රීසි නවකතා අතුරෙන් වැඩියෙන්ම අලෙවියක් වාර්තා කලේ මොහුගේ පොත්. ඒ ඉන්දියාවෙ හැබැයි ඉන්දියාවෙ විතරක් නොවේ මොහුගේ පොත් දැනට ලොව පුරාම අලෙවි වෙනවා. ඉතින් මොහුගේ ප්‍රසිද්ධියට හේතුව තමා මොහු පොත් ලිවීමට බාවිතා  කරන භාෂාව. ඔහු ඉතා සරල ඉංග්‍රීසියෙන් තමා පොත් ලියන්නෙ. කොච්චර සරල භාෂාවෙන් ලිව්වත් රසවින්දනයටනම් කිසිම බාදාවක් නෑ.
ඒ භාෂා විලාශය අපේ හදවතටම කතා කරනවා. අපිට හිතෙන්නේ ඒ චරිත අපි කියලා ඒතරමටම් පාඨකයන්ට සමීප වෙන්න ඔහු හරි හපනා.ඔහුගේ පොත් ලොව වටා භාෂා ගනනාවකට පරිවර්තනය වෙලා තියෙනවා. ඒත් ඔහුගේ මුල් කෘතිය කියවනවා තරන්නම් රසයක් ගන්න අපහසුවෙයි පරිවර්තන කියවලා. මොකද ඒ තරන්ම ඔහුගේ කතා වින්‍යාශය ඉතාමත ආකර්ෂනීයයි. ඔහුව නිව්යොර්ක් ටයිම්ස් එකෙන් නම් කරා ඉන්දියා ඉතිහාසයේම ලොකුම අලෙවියක් සිදු කරපු කතුවරය හැටියට.

ඉතින් මොහුගේ මුල්ම ප්‍රසිද්ධියට පත් උන පොත තමා Five Point Someone කියන්නෙ ඒ පොත ලියවෙන්නෙ 2004 වර්ෂයේදි. මේ පොත තමා 3 idiots නමින් සිනමාවට නැගුනේ. මේ පොතෙන් තමා මොහු සාර්ථක උනේ. ඉතින් මේ පොත ගැන මන් ඔගොල්ලන්ට කියන්න යන්නෑ මොකද ඔය හැමදෙනාම ඒ කතාව දන්නවා නේද?

අද මම කියන්න යන්නෙ ඔහුගේ වෙනත් පොත් දෙකක් ගැන. පලවන පොත තමා One Night @ the Call Center  මේක තමා ඔහුගේ දෙවැනි පොත. මේ පොත ලිය වෙන්නෙ 2005 වර්ෂයේදී. ඉතාමත් සාර්ථක කෘතියක්. ඉතාමත් අලංකාරයි කවුරුවත් අතගාපු කතා කරපු නැති පැත්තක් තමා මේ පොතෙන් කතා කරන්නෙ ඒ තමා කෝල් සෙන්ටර් වලට දියවෙලා යන තරුණ පරපුර ගැන. මේ පොතෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා වගේම තමන්ගේ පෞර්ශත්වය වර්ධනය කර ගන්නත් බොහෝම පිටිවහලක් වෙනවා. මේ පොත ගෙතෙන්නෙ ප්‍රධාන චරිත 6ක් වටා. මේ හය දෙනා මේ කෝල් සෙන්ටර් එකේ රාත්‍රීයට වැඩකරන පිරිස. මොවුන් කරන්නෙ ඇමෙරිකාවේ වෙසෙන මිනිස්සුන්ට එක ආයතනයක් මගින් විකුනන භාණ්ඩ වල ඇතිවෙන ගැටුලු නිරාකරනය කර දෙන එක දුරකථන මාර්ගයෙන්. ඉතින් මෙහි කථා නායකයා තමා ශයාම් කියන්නෙ. ඔහු හා ඔහුගේ මිත්‍රයන්ට වෙන අපූරු එක් සිදුවීමක් වටා තමා මේ මුලු කෘතියම ලියවිල තියෙන්නෙ. මේ කට්ටිය තමා ඒෂා, ප්‍රියන්කා, රාධිකා, මිලිටරි අන්කල්, ශයාම්,වෘරූම් කියන අය. ඒ අස්සෙන් ඒ ගොල්ලන්ට ඇනයක් වෙච්ච ඒ ගොල්ලන්ගෙ බොස් බක්ෂි ත් ඉන්නවා. ඉතින් මේ කට්ටියට එන අමුතු කෝල් එකක් ගැන තමා කතාවෙ තේමාව වෙලා තියෙන්නෙ. ඒ කට්ටියට ආපු එකම එක කෝල් එක ඒ කාගෙන්ද දන්නවද දෙවියන්ගෙන්.. අෆ්ෆා මාරයි නේද දැන්නම් ඕගොල්ලන්ට කියවන්නම වෙනවා. අපේ ජීවිත හදාගන්න පෞර්ෂත්වය වර්දනය කරගන්න මාර පිටුවහලක් වෙනවා මේ පොත. ඒ අස්සෙන් මාර හැගුම් බර ආදර කතාවකුත් යනවා මේක අස්සෙන් ඒ ප්‍රියන්කාගෙයි ශ්‍යාම්ගෙයි ආදර කතාව. ඒත් මේ ඔක්කොම සිද්දවෙන්නේ එක රැයක් අතුලත කියවලම බලන්න

දෙවෙනි පොත තමා ඉතාම මෑතකදී ඔහු පල කල Half Girlfriend කියන පොත. මේ පොත ඔහු පල කරේ 2014 වර්ෂයේදී මම කියවපු සංවේදීම පොතක්. මට කියවනකොට මේ ඉංග්‍රීසිද කියලා දැනුනෙත් නෑ ඒ තරම්ම සරලයි. ඒ වගේම හරිම නිර්මාන ශීලී කෘතියක්. මොකද කියනවනම් අමුතුම සම්බන්ධ තාවක් ගැන තමා මේ පොතෙන් කියවෙන්නෙ. තරුණ වයසේ කොල්ලෙක්ගෙ හා කෙල්ලෙක්ගේ තියෙන අමුතුම සම්බන්ධතාවක්. ඉතාම රසවත් ඒ වගේම අපිව වෙනත් මානයකට ගෙනයන කතාවක්. කොච්චර සල්ලි තිබුනත් සතුට සල්ලි වල නෑ කියලා මේ පොත කියලා දෙනවා අපිට. ඒ වගේම ගැහැනියක්ගේ ඇති තේරුම් ගත නොහැකි ස්වභාවය මේකෙන් මනාව පෙන්නුම් කරනවා. මේ පොතේ කතා නායකයා මාදෙව් ඇත්තටම දුර පලාතක ඉදන් ඉන්දියාවෙ තියෙන සුපිරිම විශ්වවිද්‍යාලයකට එන කොල්ලෙක්. මේ විශ්වවිද්‍යාලයේ සියලු දේ සිදුවෙන්නෙ ඉංග්‍රීසි මාධයයෙන්. නමුත් මොහුට ඉංග්‍රීසි කතාකරන්න බෑ. ඒ ත් කොහොම හරි මොහු මේ විශ්වවිද්‍යාලයට අතුල් වෙනවා. ඒ බාස්කට් බෝල් මාර්ගයෙන්. ඉතින් මොහුට ඉංග්‍රීසි බැරි නිසා මෙයාව ගනන් ගන්නෑ අනිත් අය. ඒ ත් මෙයාට පලවෙනි දවසෙම හමුවෙනවා සුන්දර යුවතියක් බාස්කට් බෝල් සෙල්ලම් කරන ඒ තමා රියා සොමානි. ඉතින් මේ දෙන්නා වටේ තමා මේ කතාව ගලා යන්නෙ. මටනම් කතාව කියවනකොට ඇඩුනා කියවලම බලන්නකො 

ඔන්න එහෙනම් පොත් දෙක



චේතන් ගේ අනිත් පොත් ටිකත් බාගන්න...





10 comments:

  1. මම ඉස්සෙල්ලාම චේතන් ගැන දැන ගත්තෙ, මේ වගේ ලියපු බ්ලොග් පෝස්ට් එකකින්. මුලින්ම කියෙව්වෙ Two States. Half-Girlfriend ගැන දැනගත්තෙ අදයි. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. Half-Girlfriend කියවලා බලන්නකෝ පට්ට.. මට කියවනකොට ඇඩුනා බොහොම ස්තූතියි ආවට

      Delete
  2. චේතන් නඩු දැම්මා නේ ත්‍රී ඉඩියට් වලට විරුද්ධව. අන්තිමට වැඩේ ගැස්සුනා. මිනිහගේන් අනුමැතිය අරන් තමා පිලුම කරල තිබුනේ.. ආදායම් හොදන කොට මිනිහාට තේරුනා මිනිහා විකිණුනේ අඩුවට කියලා.. පොත් දෙකට නං තැන්කුයි.. නැත්නං කියවන්න වෙන්නෑ

    ReplyDelete
    Replies
    1. ඔව් මිනිහට ලෝබ හිතෙන්නැති කොච්චර අදායමක් හොයපු ෆිල්ම් එකක්ද.. ආයේ ප්‍රදර්ශනේ කරොත් තාමත් ඉන්නවා මිනිස්සු බලන්න.. හෙහ් වෙල්කම් දේශක

      Delete
  3. මං ඔක්කම කියවල තියෙනව නාට්ටෙ
    ගිනි ගිනි ගින්දර සැට් එක.....
    2 ස්ෙට්ටස් තමා මට නං ෙලසටම නැගල ග
    ිෙයහිහි

    ReplyDelete
    Replies
    1. ගින්දරදත් කියල අහනවා ෆට්ට පොත් ටික නේද... මම දැනුයි 2 ස්ටේට් කියවන්න ගත්තේ

      Delete
  4. මාත් මේ ලේඛකයා ගැන දැන ගත්තේ ඉන්දියාවේ ගිය කෙනෙක් ලියපු පෝස්ට් එකකින්.

    පසුගිය වසරේ ලංකාවේ දී පොත් පහක් ගත්තා බම්බලපිටියේ කඩේකින්. එක පොතක් කියෙව්වා (Three mistakes of my life). සරලව ලියා තියෙනවා. ඉන්දියන් ජීවිත ගැන දැනුමක් එනවා. අර 3-Idiots මූවි එකත් මං නරඹලා තියෙනවා.

    ReplyDelete
  5. ඔය කියනකන් අවංකවම මම දැනන් හිටියේ නෑ 3 idiots පොතකින් නිර්මාණය වුන එකක් කියලා..
    වැදගත් විස්තරයක් මචෝ..

    ReplyDelete
  6. කලාකරුවෙක් විදියට මේකරපු වැඩේනම් බලු. මොකද චේතන් බගත්ට නොදැනුනාට ලංකාවෙ දුප්පත් කලාකාරයෙකට මේ වැඩේ කලානම් ඒක වැරදියි මේ විදියෙ කොපිරයිට් උල්ලංඝනය බරපතල වැරද්දක්

    ReplyDelete
  7. මේවා බලාගන්න බෑ මචෝ....pls help.

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.