Thursday, November 13, 2014

ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German ) 2



ඔන්න අද මම අරන් ආවේ එදා අපි නවත්තපු පාඩමේ ඉතුරු ටික අද අපි ඉගෙන ගමු කොහොමද ෆෙමිනි නාමපදයක් හදුනා ගන්නේ කියලා ඒ කියන්නෙ ස්ත්‍රී ලිංග නාමපද හදුනා ගන්නෙ කොහොමද කියලා තමා අද අපි ඉගෙන ගන්නෙ.

ස්ත්‍රී ලිංග නාමපද හදුනාගමු


පහත සදහන් අකුරු වලින් අවසන් වන නාමපද අපට  ස්ත්‍රී ලිංග නාමපද ලෙස හදුනා ගත හැකිය

-ei           die Bäckerei, die Türkei                    backery, Turkey
-enz        die Intelligenz, die Differenz             intelligence, difference   
-heit        die Freiheit, die Dummheit              freedom, stupidity
-ie           die Demokratie, die Phantasie         democracy, imagination
-ion         die Nation, die Kommunikation      nation, commiunication
-keit        die Schwiergkeit,die Möglichkeit    difficulty, possibility
-tät          die Universität, die Fkultät               university, faculty
-schaft     die Mannschaft, die Landschaft       team, landscape   
-ung        die Wohnug, die Zeitung                   flat, newspaper
-ur           die Kultur, die Natur                         culture, nature


ඒ වගේම  90% ක්ම -e වලින් අවසන් වන නාමපද ෆෙමිනි ලෙස හදුනා ගන්න පුලුවන්. ඒ වුනාට  der Name (name) වගේම der käse (cheese) වගේ නාමපද මේකට අයිතිවෙන්නෙ නෑ.

ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් ස්ත්‍රී ලිංග නාමපද හැටියට

ස්ත්‍රීන් හගවන නාමපද              die Mutter, die Tochter       අම්මා, දුව
යතුරුපැදි සහ නැව් වල නම්     die BMW, die Titanic          BMW, ටයිටැනික්
ගස් සහ මල් වල නම්               die Eiche, die Rose              ඕක්, රෝසමල



ඔන්න ඒ වුනාට කෙල්ල යන්න හදුන්වන Mädchen, das Mädchen කියලා තමා අපි හදුන්වන්නෙ. ඒ වගේම වයලට් හදුන්වන Veilchen කියන නාමපදයත් das Veilchen වෙනවා. ඒ කියන්නෙ ඒවා නපුංසක ලිංග. 

මගෙන් එදා ඇනෝ කෙනෙක් අහලා තිබුනා මොකද  -er වලින් ඉවර වෙන Mutter, der Mutter වෙන්නැතුව die mutter වෙන්නෙ කියලා. ඒකට හේතුව තමා ඒක ස්ත්‍රීන් හගවන නාමපදයක් වීම. ඒකියන්නෙ මේක තමා නීතිය අර අපි අවසන් අකුරු වලින් අදුනා ගන්න නාමපද ප්‍රධාන රූල් වලින් ඇමෙන්ඩ් වෙනවා. ඒ කියන්නෙ ප්‍රධාන නීති වලින් වෙනස් වෙනවා. විශේෂ හේතු ඇරුනුකොට. අන්න ඒක තමා ඔය නාමපදේට වෙලා තියෙන්නෙත්. හැබැයි සමහර ඒවා එහෙම නෑ ඒවා තමා මම විශේෂයෙන් සදහන් කරලා තියෙන්නේ ඒවානම් කට පාඩම් කරගන්නම වෙනවා. නැත්තම් පැටලෙනවා. හැබැයි ගොඩාක් වෙලාවට ප්‍රධාන නීතිනම් අග අකුරුවලින් ඇමෙන්ඩ් වෙනවා අඩුයි. ඔය  das Mädchen කියන එක das වෙලා තියෙන්නෙ ප්‍රධාන රීතියක් ප්‍රධාන රීතියකින්ම වෙනස් වෙලා. ඒක ඉස්සරහා පාඩමේදී අපිට දැකගන්න පුලුවන්. 



11 comments:

  1. 'කෙල්ල', එහෙමත් නැත්නම් 'නවයුවතිය' යන අර්ථය දෙන Mädchen යන ජර්මන් නාම පදය නපුංසක ලිංගය ගන්නේ එහි -chen නමැති අල්පාර්ථයක් දෙන උපසර්ගය නිසා ය.

    උදාහරණ:
    der Hund (බල්ලා), das Hündchen (බලු පැටියා)
    das Haus (නිවස), das Häuschen (කුඩා නිවස)
    die Lampe (පහන), das Lämpchen (කුඩා පහන)
    der Kasten (පෙට්ටිය), das Kästchen (කුඩා පෙට්ටිය)
    der Baum (ගස), das Bäumchen (කුඩා ගස, ළපටි ගස)

    Mädchen යන පදය තැනී ඇත්තේ දැන් ජර්මන් භාෂාවේ අභාවිත Magd (=අවිවාහක කාන්තාව) යන පදයට -chen යන්න එකතු වීමෙනි. එවිට Mädchen යන්න "කුඩා අවිවාහක කාන්තාව" හෙවත් කෙල්ල, ළමිස්සී යන අර්ථය දෙයි.

    ReplyDelete
    Replies
    1. අන්න නියමයි ඔය තියෙන්නෙ ඔන්න ඊලග පාඩම දැන්ම තියෙනවා ස්තූතියි ඇනෝ

      Delete
  2. වටින පාඩමක් මට මුල මිස් වෙලා.. තැන්කුයි

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි මුල බලන්න

      Delete
  3. ජරුමංය කීව
    හෙපායි මට ගිරික් වගේ

    ReplyDelete
    Replies
    1. පොඩි නීති ටිකක් තියෙනවා අල්ලගන්න එච්චරයි

      Delete
  4. හෆ්ෆේ, ඔළුවට මේවා බර වැඩියි වගේ බං.

    ReplyDelete
  5. Rauchen kann todlich sein මේ කියන්නේ මොකක්ද....අදාල නැති ප්‍රශ්නයක්. මේක මට ආපු වැඩකට නැති ලීෆ්ලට් එකක උඩින් ගහලා තිබුනා. මේ ජර්මන්ද.

    ReplyDelete
    Replies
    1. Rauchen kann tödlich sein.
      මේ ජර්මන්.
      "දුම්බීම මාරන්තික විය හැක"... මේක තමයි ඒ වාක්‍යයේ තේරුම.

      Delete
    2. Thanks Ano...මටම ලියලා එවපු එකක්ද කොහෙද :D

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.