Saturday, February 22, 2014

සෙල්ලම් නිරිදු බැලීමට ගියෙමි



හැමදාමත් අලුත් දෙයක් ඉතාමත් අලංකාර ලෙස ලබාදෙන ජයලත් මනෝරත්නයන්ගේ අන්දරේලා,ගුරුතරුව, තලමල පිපිලා වැනි ප්‍රශස්ත නාට්‍ය ගොන්නට එක්වන නවතම නිර්මාණයයි සෙල්ලම් නිරිදු අතීත කාමයක් ඇති සියලු දෙනාගේ නෙත් සිත් පිනවන අගනා සංස්කෘතික වියමනකි මෙය.
කාලයකින් වේදිකානාට්‍යක් රස විදීමට නොහැකි වීම නිසා ඊයේ නාට්‍යකාරයා රාජ්‍ය නාට්‍ය උලලේ නාට්‍යක් බැලීමට යාම සදහා උත්සක විය. ඊයේ දිනයේ වෙදිකා ගත වූ නිර්මානය වූයේ මෙමෙ සෙල්ලම් නිරිදු නට්‍යයි. මෙහි කතා රසයනම් කියලා වැඩක් නැත ඒ තරම් රසවත් ය මුලින්ම තිරය විවෘත වන අවස්තාවේ දන් ගෙඩිය වෙත මිනිසෙකු ගෙන යනු ලබන දර්ශනයක් පෙනේ කාන්තාවක් ශෝක කවක් ගායනා කරයි. එවිටම කවුද අපේ වීරයා දස්කොන්ව මරන්නේ කියා කලාකාමී පුද්ගලයෙකු වේදිකාවට එයි. ඒ ආරම්බ්හයයි කතාව දිව යන්නෙ ඉතිහාසඥයෙකු හා කලාකරුවෙකු නැතිනම් සාහිත්‍යධරයෙකු එක් වී නාඩගමක් නිර්මාණය කිරීම සම්බන්ධවයි එය සියලු අතීත කරුණු අතුලුව මනාව ගලා යයි.

 මෙහි නාඩගමට තෝරාගන්නේ අපේ සෙල්ලම් නිරිදු ලෙස හදුන්වන නරේන්ද්‍රසිංහ රජතුමා හා එතුමාගේ ප්‍රානසම මිත්‍ර ගස්කොන් හෙවත් දස්කොන් වටා ගෙතුන කතාවයි . මෙහි ප්‍රධාන තේමාව මට හැගෙන ලෙස දස්කොන් ප්‍රමිලා ප්‍රේම වෘතාන්තයයි. ප්‍රමිලා යනු නරේන්ද්‍රසිංහ රජතුමා මදුරාපුරයෙන් ගෙන ආ බිසවයි එනම් අග්‍රමහේශිකාවයි. කතාව ගෙතෙන්නෙ  මෙම ප්‍රමිලා බිසව හා දස්කොන් අතර ඇතිවන ආදර පලහිලව්වයි. එය මනා සංයමයකින් මනෝරත්නයන් විසින් ගෙනහැර පායි. රජුගේ සෙල්ලක්කාර ජීවිතය හා දස්කොන්ගේ බුද්ධි ප්‍රභාව මෙහි මනාව ඉස්මතුවේ. ප්‍රමිලා බිසවගේ සිතේ පවතිනා කැලබීම් හා පාලුව කාන්සියද මනා ලෙස ඉදිරිපත් කරයි. ආදරය හා මිත්‍රධර්මය පිලිබද මනා විවරනයක් මනෝරත්නයන් සපයයි. අනෙකාගේ සැප උදෙසා ආදරයේ කැපවීම මොන තරම් ගැබුරුද? තමන් මරනයට වුවත් කැපවීමට තරම් ආදරයක් එයයි දස්කොන් ප්‍රමිලා ආලය. තමන්ගේ හැගීම් ආදරය නිසා මිත්‍ර ධර්මය පාවා දෙන්නෙ කෙසේද එයයි දස්කොන් හා සෙල්ලම් නිරිදුගේ මිත්‍ර ධර්මය හා ගැටුමේ ආරම්බය මොනරවිල හා ලෙව්කේගේ ක්‍රියාකලාපය කෙබදුද සිංහල රදලයන් සිංහල ජාතිය වෙනුවෙන් ගත් නිර්භීත තීරණ වැලිවිට සරණංකර හිමි අපවත් කරවීමට් කතෝලික  පූජකයන්  ගත් උත්සහය සියල්ල කැටිවූ අමෘතය සෙල්ලම් නිරිදු මා මෑත කාලයේ නැරබූ ඉතා ප්‍රශස්ත මට්ටමේ නාට්‍යකි. ඔබත් අනිවාර්යෙන්ම නැරබිය යුතු නාට්‍යකියි මට හැගේ.

4 comments:

  1. මටනම් ඉතින් වේදිකා නාට්‍යක් කවදා බලන්න වෙයිද මන්දා.. කෝමත් මනෝරත්නයන්ගේ නාට්‍යක් නම් ඉතින් ආයේ කියන්න දෙයක් නෑ.. ඉස්තරම්..

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝරත්නයන් වැඩක් කරොත් ආයේ අහන්න ඩෙයක්නම් නෑ තමා.. ඔහේ ඉදන් ඉතින් මෙහෙ නාට්‍ය බලන්න හැටියක්නම් නෑ තමා නේද..

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.