Monday, March 10, 2014
මාධ්‍ය අත නොතැබූ අතිවිශාල හිස් ඉඩ නාට්‍යකාරයා මාධ්‍යවේදීන් සමග කතිකාවත
මා ගිය සතියේ වඩාත් කාර්‍යය බහුල වූයේ මගේ මිත්‍රයෙකුගේ ඉල්ලීම පරිදි CSN නාලිකාවේ සිංහ රේඩියෝ නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වලට මුලු සතියම යෙදවූ නිසායි. එහි ඉතාමත් රසවත් කතා රාසියක් නාට්‍යකාරයාට ඔබ හමුවේ තැබීමට ඇත නමුත් ඉන් අප මදුවිත තොලගාන අවස්තාවක කතාවූ එක් කරුනක් ඔබ හමුවේ ප්‍රථමයෙන් ගෙන ඒමට කල්පනා කලේ මෙය කාලීන මාධ්‍ය ස්පර්ශ නොකල යම් පැතිකඩක් පිලිබදව කතාවූ බැවිනි.
මෙම කතාව ඇතිවූයේ අපගේ ගමනේ තෙවැනි දිනයේදීයි අප ගාල්ල මාතර පසුකරමින් තෙවැනි දින පැමිනියේ ඇබිලිපිටිය නගරයටයි. උදේ සිට එහි ප්‍රවර්ධන කටයුතු කල පසු ලක්මාල් අයියා එනම් අපව මෙම කාර්‍ය සදහා මහෙයවූ පුද්ගලයා පැවසූයේ හවසට අපේ රිපෝටර් කෙනෙක් ඉන්නවා එයාව හම්බෙන්න යමු මටත් මීට කලින් මූනට හම්බෙලා නැතැයි කියාය. අප සියලු වැඩ අවසන් කර පියමන් කලේ ඔහුගේ සොදුරු නිවස්නය වෙතයි. ඔහු නමින් සතිස්චන්ද්‍ර නම් විය. එම ප්‍රදේශයේ නාලිකා කිහිපයහම වාර්තාකරුවා වූයේ ඔහුයි. අපව උනුසුම්ව පිලිගත් ඔහු අපට ඇග පත පිරිසිදුකර නා ගැනීමට පහසුකම් මුලින්ම සැපයුවේය. ඉන්පසු අපට සංග්‍රහ කර මදුවිතින් අප හට සංග්‍රහයක් සූදානම් කලේය එම මදුවිත සාදය ඉතා සොදුරු නිමේශයක් විය අපගේ දවසේ මාතෘකාව වූයේ ගුවන්විදුලිනාලිකා වල වර්තමාන තත්වය හා මෙතෙක් මාධ්‍යනාලිකා නොඇල්ලූ අති විශාල හිස් ඉඩයි.
ඒ වෙන කිසිවක් නොව මම මේ කතාව කිව්වම ඔබත් තේරුම් ගනීවි ලක්මාල අයියා පැවසුවේ තම දියනියට හොද කාබයිට් නොගැසූ ගස්ලබු ගෙඩියක් මිලදී ගැනීමට ඔහු විදින දුකයි. කොලබ වටේ කෙතරම් රවුම් ගැහුවත් තමන්ට සොයාගත නොහැකි බව ඔහු පැවසුවේය. අන්න ඒ මොහොතේ සතිස්චන්ද්‍ර මහතා කීවේ ඕක තමා මගේ මාතෘකාව කියායි. එනම් ජනයා විශාල පීඩාවකට පත් වී සිටින්නේ මේ වස විෂ සහිත ආහාර නිසා වගේම ගොවි තැනේදී බවිතා කරන රසායනික ද්‍රව්‍ය බෙහෙත් තෙල් නිසයි. ඔහු පවසන පරිදී රටේ ඉන්නා සම්පත් එකතු කර රසායනික පොහොර වලින් තොරව වගා කරන ආකාරය එම වගා ක්‍රම මෙන්ම රසායනික පොහොර බෙහෙත් බාවිතා නොකල එලවලු පලතුරු හදුනා ගන්නා විදි මෙන්ම ඒවා ලබා ගත හැකි ආකාරය පිලිබදව කිනම් හෝ නාලිකාවකට වැඩසටහනක් කිරීමට විශාල ඉඩක් ඉතුරු වී තිබෙන බවයි. රටේ සියලු ජනය මේ පිලිබද දැනුවත් වීමට කැමැත්තෙන් සිටින බවත් ගොවිමහතුන්ගෙන් 100% වාගේම මෙම වැඩසටහන කලහොත් එයට ඇහුන්කන් දෙන බවත් පවසා සිටියේය. නමුත් ඉන් පසුව අපට පැමිනි ගැටලුවනම් දැන් තිබෙන රැල්ලත් සමග මෙයට අනුග්‍රාහක මහතුන් ලබාගන්නේ කෙසේද යන්නයි මන්ද මෙවන් වැඩසටහනකට පොහොර වර්ග කෘසිරසායනික වර්ග අනුග්‍රාහය ලබාගත හැකි නොවේ එසේ ලබා ගත හොත් වැඩසටහනින් වැඩකුදු නැත. අපට මේ ගැන සුකුවෙන් හෝ කතාකරන වැඩසටහන් ගැන මතක් වී සිනා පහලවුයේ ඒවායේ අනුග්‍රාහක මහතුන් මතක් වීය.
නමුත් අප අතරින්ම එයටද පොඩි පිලිතුරක් ලැබුනි එනම් අතීතයේ ඔබටත් මතක අති කිබුලා උදැල්ල වැනි වෙලද දැන්වීම් යනවා. අපට ට්‍රැක්ටර් උදලු ආදී කෘෂි උපකරන වලින් අනුග්‍රාහය ලබා ගත හැක ඒ අපේ මතයයි. මේ තමා අපේ එදා කතාවෙ හරය. තවත් විවිද දේ කතා උනා නමුත් මගේ හිතට තදව කාවැදුනේ මෙයයි.
නාට්‍යකාරයාගේද ටිකිරි මොලයට වැටහෙන පරිදි ද මේ අදහස ඉතා වටනා අදහසකි. අප කී දෙනෙක් මේ තාක්ෂණික දැනුම ලබා ගැනීමට බලා සිටිනවාද. වස විස නැති අහාර ලබා ගැනීමට කැමැත්තෙන් සිටිනවාද ඉතින් එහෙම වැඩසටහනක් පටන් ගත්තොත් ගුවන් කාලය අපතේ යාවිද පිලිතුර ඔබට් බාරයි..
Subscribe to:
Post Comments (Atom)
මිනිසුන් නොදැන වැරදි කරනවා යැයි සිතන්නට පුලුවන් සංකීර්ණ ක්‍රමවේද වලදි. නමුත් මෙතනදි සිද්ද වෙන්නෙ අද එලවලු වලට පනුවො මැරෙන්න කෘමිනාශක ගහල හෙට ඒ එලවලු කඩල වෙළඳපොලට යවන එක. එතනදි ගොවියා හොඳාකාරවම දන්නවා තමුන් විකුනන්නෙ වස කියලා.
ReplyDeleteඔව් අනිවාර්යෙන්ම ගොවියා දන්නවා ඒත් ඔහුට කරන්න දෙයක් නෑ ඒවා නැතුව කරන ක්‍රමවේදය ඔවුන් දන්නෙනෑ අන්න එතැනයි මාධ්‍ය ස්පර්ශ කරන්න ඔනේ කියලා අපි කතා උනේ එතොකොට ඔවුන් දැනුවත් වේවි පලිබෝධ නාෂක වලින් තොරව මේවා පවත්වාගන්නේ කෙසේද කියා
Deleteඔය වැඩ සටහනට තීන ඉඩ වගේම නියම ඕගනික් ෆුඩ් වලටත් හොඳ මාකට් එකක් කොළඹ තීනව.
ReplyDeleteකලු පසුබිමේ සුදු අකුරු ඔය සයිස් එකට කියවන්න අමාරියි. ඒ ගැනත් පොඩ්ඩක් බලහන්.
ඔව් ඔව් කොලබ හොද මාකට් එකක් තියෙනවා වගේම පිටපලාත් වලත් එහෙම්මමයි මොකද දැන් හැමෝම කන්නෙ වසනෙ
Deleteඔව් මම දැන් වෙනස්කම් කරමින් බලමින් ඉන්නෙ හෙට වෙනකොට හරිගස්සනවා
ඔන්න කට්ටියගෙම ඉල්ලීම පරිදි බ්ලොගය වෙනස් කලා දැන් කට්ටියට කියවීමට පහසු වේවි
ReplyDeleteනාටකයෝ......ඔය හොඳම ගොවියා, ගොවිරජා වගේ තරු වැඩසටහන් සඳහා දායක වෙන්නේ රජයේ මැදිහත්වීම මත පොහොර සමාගම් නේද? එවැනි වාතාවරනයක් යටතේ කාබනික ගොවිතැනක් වෙනුවෙන් කරන වැඩසටහනකට අනුග්‍රාහකයෝ සොයාගන්න නම් ඇමති කෙනෙක්ම අල්ලන්න වෙයි. මේවා කලයුතු දේවල් වුනත්...රාජ්‍ය මැදිහත් වීමක් නැතුව අනුග්‍රාහකයෝ සොයා ගැනීම පහසු වෙයිද?
ReplyDeleteඅනිවාර්යෙන්ම රජයේ මැදිහත්වීමක් අවශ්‍ය වෙනවා නැත්තම් ගොඩක් අමාරුවෙනවා අනුග්‍රාහකයින් හොයාගන්න ඔව් මාත් දැකලා තියෙනවා ඕවට අනුග්‍රහය දක්වන්නේ පොහොර සමාගම් තමයි. ඔය රූපවාහිනියෙත් කාබනික පොහොර යොදාගෙන ගොවිතැන් කරන්න කියලා සමහර වැඩසටහන්වල කියනවා ඒත් ඒකෙත් අනුග්‍රාහකයෝ කෙමිකල් සමාගම් හා පොහොර සමාගම්.. මන් ඒකයි අර කිබුලා උදැල්ල ගැන මතක් කරේ සී ෆෑන් ට්‍රැක්ටරය ජෝන්ඩියර් වගේ අය අනුග්‍රාහකයින් ලෙස ගන්න පුලුවන් වේවි. ඒත් ඒකටත් රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍ය වේවි
Deleteමේක ඉතාම විටනා ලිපියක්!. අකුරු ලොකු කරන්න.
ReplyDeleteබොහොම ස්තූතියි
Deleteමෙහෙමයි අපි ගොවිතැන් කරනවනේ නේද... අපිත් දන්නව මේ වස කියල... කරන්න දෙයක් නෑ.. ඇයි ....? දැං තියෙන්නෙ හයිබ්‍රිඩ්... ඒවට ඔය කියන මූලාශුය අනිවාර්යෙන් උවමනායි... නැත්තං ඒ බීජ වලිං අස්වැන්න ගන්න බෑ... දැං ඔයා අහයි එහෙම දැන දැන ඇයි මිනිස්සු ඒවම පාවිච්චි කරන්නෙ කියල.. මට කියන්න තියෙන්නනෙ ඒවයින් ලැබෙන අස්වැන්න වැඩිකම තමා කියල... ඔය පෝර තෙල් කේස් නැතිව වගා කරන්න පුලුවං පාරම්මරික බීජ... ඒත් ඒවයෙ අස්වැන්න පරක්කුයි... අඩුයි... ඉතිං මිනිස්සු කැමති නෑ... ඇයි...? දැං හැමදේම වාණිජකරණය වෙලානෙව... මිනිස්සුන්ට ජීවත් වෙන්න නං අර විදියට වැඩ කරන්න වෙනව... කව්ද කැමති අතිං කාල හරක් බලන්න...නේහ්...
ReplyDeleteඔය වැඩසටහන පටං ගත්තොත් වැඩි කල් යන්න කලං වැහෙනව... හේතුව තමා පෝර තෙල් වගේ නිෂ්පාදන තියෙන බහුජාතික සමාගම් වල බලපෑම... වැඩිපුරම සල්ලි එන්නෙ ඒ වගේ කම්පැණි වලිං....උනුත් දන්නවනෙ උං විකුණන්නෙ වස කියල... ඉතිං උංට මොකක් හරි ප්‍රතිරෝධයක් ආවොත් උං ඒක කෝම හරි මැඩ පවත්තනව...
මතකනෙ දුකා කියල ගොවි පොරක් හිටිය... අර සිංදු එහෙම ලියන්නෙ.... දැං ඌ ඉන්නෙ කොහෙද දන්නවනෙ
ඔව් ඔව් ඒකෙත් ලොකු ඇත්තක් තියෙනවා අස්වැන්න කල් යනකොට ගොවියා දුක් විදිනවා අලුත් බීජ අරවා අවශ්‍යම වන ආකාරයට තමා හදුන්වලා දීලා තියෙන්නෙ එතොකොට නමුත් සමහර ගොවියො ඉන්න පුලුවන් අර විදියටත් කරන ගමන් පොඩියට පාරම්පරික විදියටත් කරන්න කැමති නේද
Deleteඒකනම් ඇත්ත තමා දැන් දුකාට වෙච්චි දෙයක් නෑ නේන්නම් රාජ්‍ය අනුග්‍රහය නැතුව කොහොමවත් කරන්න බෑ මේක
රාජ්‍ය අනුග්‍රහයක් නෑ ෙනෙම් ෙදන්ෙන නෑ... අැය් දන්නවද....?
Deleteනෑනෙ මොකක්ද හේතුව? නැත්තම් රජයේ ලොක්කන්ට එන කොමිස් එක නැතිවෙනවා නේද ඕවගෙන් ඒකනෙ ලොකුම හේතුව
Delete@ මහේෂ්
Deleteමං ඔබට හැකි නම් හම්බ වෙන්න පුළුව්න් කෙන්ක් කියන්නම් ,කන්දේගම සර්ව හම්බවෙන්න ,එයා කරලා පෙන්නුවා කාබනික හා දේශිය කෙම් ක්‍රම අදියෙන් ඔය බෙහෙත් පොහොර වලට වඩා ලොකු අස්වැන්නකට යන්න පුළුවන් කියලා .ඔබලා ගේ වැඩසටනට සර්ව සම්බන්ධ කර ගන්න තව අය ඉන්නවා .වැඩේ තියෙන්නෙ අපේ රටේ මේ දෙවල් මතු වෙන්නෙ නෑ ,
හැම දේකටම රජය නැත්නම් ආන්ඩුව ගාව ගන්න යන්න ඕන නෑ.ඕගනික් දේවල් ගැන වැඩසටහනක් කරනවා නම් මේ ගැනත් අවධානය යොමු කරන්න වෙනවා.
ReplyDeleteඕක ක්ෂිණ වෙලෙඳපොලක්.(niche market)ඒ නිසා ඒකකයක මිල වැඩියි.ප්‍රමාණය අඩුයි.
ඔය වැඩසටහන බලන්න ඉලක්ක ශ්‍රාවකයා වෙන්නේ නාගරික සුළු පිරිසක්.විශේෂයෙන්ම මධ්‍යම පන්තිය.
අනුග්‍රහය පලතුරු වලට ආශ්‍රිත නිෂ්පාදන කරන සමාගම්වලින් ගන්න බලන්න.මොකද එළවලු,පලතුරු පෙන්නලා වැසිකිලි පවිත්‍රකාරක පෙන්වන්න බෑනේ.www.amuthusithuwili.wordpress.com
ඔව් ඒත් මම හිතනවා වානිජ වශයෙන් නැත්තත් ගොවීන් සුලු වශයෙන් හරි මේක කරන්න යොමුවෙයි අර විදිහටත් වගා කරන ගමන් හොද දැනුවත් කිරීමක් ලැබුනොත් නේද එතොකොට අපිට ඒ පිරිසත් ඉලක්ක කරන්න පුලුවන් ඔව් පලතුරු ආශ්‍රිත නිශ්පාදන සමාගමුත් සහය පලකරාවි.
Deleteදැන් ගොඩක් ගොවියන්ගේ නිශ්පාදන වල තියෙන්නේ විස තමයි.. මම හිතන්නේ නෑ ස්භාවිකව කරන කවුරුවත් දැන් ඇති කියලනම්..
ReplyDeleteඔව් හැමදේම දැන් විස තමා දිනේශ් මම දැක්කා මෙදා පාර පත්තරේ දාලා තියෙනවා සෝමාවතිය පැත්තෙ ගොවිමහත්මයෙක් අක්කර විසි ගානක ගොවිපලක් ඕගනික් විදියට කරගෙන යනවා
Deleteහ්ම්ම් මේ ගැන මටත් බොහෝ දේ කියන්න තියෙනවා මං පොරත් ඔය වගේ වැඩසටහන් වලට සහාභගි වුණා ,අනුග්‍රහයට වඩා මේ ක්‍රමය එක දිගට පවත්වා ගෙන යන්න රජයෙන් ලොකු බලයක් ලැබෙන්නෙ නෑ ,ඔය ඉන්න ඔක්කොමලා විකිනෙනව ,එක තමා කරන්න බැරි මෙකත් අර සෙනක බිබිලේ මහත්තයා ගේ ප්‍රතිපත්තියට වෙන දේ වෙනවා කවුරු හරි කතා කරොත් ,
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteරාජ්‍ය නාට්‍ය උලෙළේ ප්‍රතිඵල දැම්මොත් නරකද ?
ReplyDeleteමේ දින කිහිපයේ කාර්‍යබහුල නිසා විස්තර දැන ගන්න බැරි උනා හම්බුන ගමන් dhaanawaa
Delete