Wednesday, April 16, 2014

සිපිරි ගෙයක වසර හයක්



හුග කාලෙකින් තමා පොතක් කියන ලේබලය යටතේ ඔගොල්ලන්ව හම්බෙන්න එන්නේ හැබැයි මෙදාපාරනම් මේ පොත ඔගොල්ලන්ට බාගන්න දෙන්න හැටියක් නෑ මොකද මේකෙ ඔන්ලයින් වර්ශන් එකක්වත් පීඩිඑෆ් එකක්වත් මට හම්බුනේ නෑ ඒත් මේ ලිපිය කියවනකොට ඔගොල්ලන්ට තේරෙයි මේ පොත සල්ලි දීලා කියෙව්වත් පාඩුවක් නෑ කියලා මේක ඒ තරම් වටිනා පොතක්.   

මෙම පොත ලියා ඇත්තේ 'චාල්ස් දයානන්දයන්' විසිනි. මෙම කතුවරයා නවකතා ලියන්නෙකු ලෙස ප්‍රසිද්ධ අයෙකු නොවේ. ඔහු ලියා ඇත්තේ චිත්‍ර කලාවට සම්බන්ධ පොත් දෙක තුනක්‌ පමණි. නමුත් චාල්ස්‌ දයානන්දයන් ගුරු විද්‍යාලයීය කථිකාචාර්යවරයකු ලෙසද කලා මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත. මෙහි ඇති විශේෂත්වයනම් ඔහු මෙම පොත ලියන්නේ තමන්ගේම අද්දැකීම් පාදක කරගෙනය. 71 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධ වී අවුරුදු විස්සක් වැනි තරුන වයසේදී සිරගත වෙයි. එම කාලය තුල ලත් අද්දැකීම් සමුදාය අලලා ලියවුනු කෘතියයි "සිපිරි ගෙයක් වසර හයක්" මෙහි තවත් විශේෂත්වයක් වන්නේ ඔහු මෙම කෘතිය පල කරන්නෙ එයිනුත් වසර 35 කට පසුව වීමයි. නමුත් සජීවී ලෙස ඔහු මෙම කතාව ඉදිරිපත් කරයි. මෙහි ඔහු විසින් සිපිරි ගෙය තුලදී චිත්‍රනය කල සිතුවම් රාශියකුත් ඇතුලත් කර ඇත.

චාල්ස් දයානන්දයන් මෙම පොත පිලිගන්වන්නෙ අපූරු ආකාරයකටය 

" හිරු නොපායන ලොවක සිට 
දිලිසෙන් දෑසින්... 
අහස දෙස බලා සිටින 
දහසකුත් එකක් 
අසරණයන් හට.... 
මහත් දයානුකම්පාවෙන් හා 
භක්තියෙන් යුතුව 
මෙම සිතුවම් 
හා සටහන් පිළිගන්වමි ..
..............................

මේ ඔහුගෙ ප්‍රස්තාවනාවේ කොටසකි එතුලින් ඔහුගේ නිර්ව්‍යාජත්වය මනාවට් පැහැදිලි වේ. ඒ මන්ද යත් ඔහු මෙම පොත පිලි ගන්වන්නේ ඔහු දුක් වින්දාක් මෙන් දුක් විදින සිපිරිගෙය තුල සිරවී දුක් විදින හුදු මනුස්වයන්ට වීමයි. 
ඔහු මෙම කෘතිය තුල සිපිරි ගෙය හැදින් වීමට ඔහුට හැගෙනා පරිදි සුදුසුම වචනය යොදා ගනී. එනම් " හිරු නොපායන සාපලත් ලෝකය" යන වදනයි. එම ව්දන තුල ගැබ්වී ඇති බිහිසුනු අර්තය ඔහුගේ කෘතියේ පලවන පරිච්චේදයෙන් ඔහු මනාවට විස්තර කරයි 

"අඩි 10*8 සිරකුටියක සිර කරුවන් තුන් දෙනෙක් හෝ හතර දෙනෙක් සිටිති " 

මේ ඔහු සිර කුටියි විස්තර කරන ආකාරයයි. සෑම සිර කරුවෙකුම පාටියක වැඩ කල යුතුය හිර ගෙදර තුල කිසිම සිරකරුවෙකු නිදහසේ කාලය නොගෙවයි එසේ වැඩ නැත්තේ කන්ඩෙම් ශෙල් වලට දමා සිටිනා මරනීය දන්ඩනයට කැපවුනු සිරකරුවන්ට හා මැගසින් සිරකරුවන්ට පමනි. 

" පාටි වැඩ දහවල් 12.00 ට කෑම සදහා නතර කරනු ලැබේ කෑමට පැයක කාලයක් ලබාදෙන අතර 1.00 ට යලි පාටියට යා යුතුය. මේ කාලය ද හිර කාමරය තුල සිටිය යුතුය ........................ හවස 4.00 ට පාටියේ වැඩ අවසන් වූ  .......... "

 පාටි වල වැඩ කෙරෙන අන්දම ඉතා අපූරුවට මෙම පොතෙහි විස්තර කෙරේ ඇත්තටම සිර කරුවෙකු වීම කෙතරම් අබාග්‍ය දැයි මෙම පොත කියවන විට අපට වැටහේ. 

මෙම හිර ගෙදර තුල බේත් ලබා දෙන්නේද අමුතුම ආකාරයකටය චාල්ස් දයානන්දයන් පවසන ආකාරයට හැම ලෙඩකටම දීමට ඇත්තේ එකම බේත්‍ ය ඔහු පවසන ආකාර්‍යට් එහි ඇත්තේ 1 සිට 5 දක්වා නම් කරන ලද බේත් වර්ග පහක් පමනි හැම ලෙඩටම ලබා දෙන්නේ මෙම බෙහෙත් පමනි. සිර කරුවන්ට හරි හමනකට බේතක්වත් නොලැබෙන බව චාල්ස් දයානන්දයන් මෙහි පෙන්වා දෙයි. ඔහු හරි අපූරු කතාවක් ගෙන එයි එනම් බේත් දීම පිලිබදව හිර කරුවන් විසින් නිර්මානය කල විහිලු කතාවකි 

" එක් දිනක් සිරකරුවෙකුට බෙහෙත් නියම කල වෛද්‍යවරයා පහෙන් අවුන්සයයක් දීපං යනුවෙන් කීවේලු. පහ ඉවරයි සර් යනුවෙන් හිරකරු කී විට එහෙනම් දෙකයි තුනයි කලවම් කරලා දීපං යැයි වෛද්‍යවරයා කීවේලු." 

මේ සිරකරුවන් තුල තමන්ට දෙන බේත් ගැන අවිශ්වාශය ප්‍රකාශ කරන අවස්තාවකි. හිරගෙදර වෛද්‍යවරයා විසින් තම්න්ගෙ උදව්වට තවත් හිරකරුවෙකු යොදාගන්නා බව කතෘ සදහන් කරයි 

මෙම පොතෙහි සිර කරුවන් තුල පවත්නා මානව දයාව හා මනුස්සත්වයද ඉතා අගනා ලෙස පෙන්වා ඇත. කතෘ අප තුල පමනක් නොව සිර ගෙදර ජීවත් වෙන මනුෂ්‍යයන් තුල අපට වඩා හොද ගති ගුන සමහර විට ඇතිබව පෙන්වා දී ඇත.ඒ ඔහුගේ පොතෙහි පස්වන පරිච්චේදයේ නීචයෝ අධමයෝ හා මනුෂ්‍යයෝ යන්නෙහි ය. 
ඔහු තවත් තැනක මෙසේ සදහන් කරයි 

" අපිනම් මේ අවුරුදු දෙක තුනකින් යනවා . මේ මිනිස්සු කොහෙන් කන්නද යන අදහස හිරකරුවෝ කියනු මා කීපවර අසා ඇත." 

ඒ සිර කරුවන්ගෙ මානුෂීය ආකල්පය ඉස්මතුවන තැනකි. මෙසේ කියා සමහර අය තමන්ට ලැබෙන මස් කෑල්ල අනෙත් අයිට දෙනවාලු. බලන්න අන්න මිනිස්සු. 

චාල්ස් දයානන්දයන් පවසන් ආකාරයට සිරගෙදරට පැමිණි විට ඕනෑම චන්ඩියෙක් නොන්ඩි වෙයි. ලොකු ලොකු චන්ඩි හිරගෙදරට ගිය විට පාට් දමන්නේ නැත ඔවුන් ඔවුන්ගේ පාඩුවේ වෙනම් සිටින්නේලු. ඔනෑම චන්ඩියෙක් මෙල්ල කරන සාස්තරෙ පෝරියල් එකලු එනම් ජේරල්ලා හතර පස්දෙනෙක් එකතු වී පොලුවලින් අත පය කැඩෙනකන් ගහනවාලු. මෙසේ ගසා සියලු හිරකරුවන් ඉදිරියේ දන ගස්වනු ලබයි. 

"චන්ඩියෙකු දන ගැසූ පසු ඔහුගේ අභිමානය එතැනින් අවසන් වේ. එවන් අයට තව දුරටත් හිරගෙදර චන්ඩිපාට්  දැමිය නොහැක නියම චන්ඩින් හිරගෙදරදී ෂේප් එකේ ඉන්න උත්සහ ගන්නා බවත් මුලාදෑනින් ද ඔවුන්ට පාට් නොදමන් බවත් හිර කරුවන්ගේ මතයයි."

නමුත් සමහර නොන්ඩින් සිරගෙදර තුලදී චන්ඩින් වෙන අවස්තා ඇති බව කතුවරයා පවසයි. කච කච විමලේගේ සිද්ධිය එවැන්නකි. මෙය කතුවරයා සදහන් කර ඇත්තේ තුන්වන පරිච්චේදයේ චන්ඩි නොන්ඩි  වීම හා නොන්ඩි චන්ඩිවීම මැයිනි. 

" ඔහුට මුලු හිර ගෙදරම කියන්නේ කච කච විමලේ කියාය. නැතිනම් කචකචය කියාය මෙම නම ඔහුට ලැබී ඇත්තේ ............ මේ මිනිසා ඉත කෙට්ටු වඩා උස නැති කුඩා පුද්ගලයෙකි " 

දිනක් මෙම පුද්ගලයා කෑම පෝලිමේදී මෑම බෙදන හිරකරුවන් සමග ආරවුලක් ඇති කරගෙන ඇත්තේ අසාධාරනයක් සම්බන්ධවයි. මුලාදෑනින් ඉන්පසු ඔහුව පෝරියල් දීමට රැගෙන ගොස් තිබේ ඔහුට දන ගැසීමට පැවසූ විට 

" මම තොපි ඉස්සරහ දණගහන්නේනෑ යකෝ.... තොපිට පුලුවන් දෙයක් කරපන් "

කියා පවසා ඇත මුලාදෑනින් ගුටිකාලා නොන්ඩි වෙනවද කියා ඇසූවිට ඔහු නිර්භයව 

" අඩෝ තොපි මට ගහපියව් මම දණ ගහන්නෙනම් නෑ හැබැයි තොපි දැනගනිව් මට් ගහනවා නම් මාව මරලා දාපල්ලා මාව ජීවතුන අතර ඉතුරු කලොත් තොපෙන් පන්න පන්නා පලිගන්නවා.. තොපි එක එකා වැන් වෙනම් බලාගන්නවා... ගහපියව් දණ ගහන්නේනෑ මැරුවත් දනගහන්නෑ " 

කියා පවසා සිටි විට මුලාදෑනින් භය වී ගැසීමට කවුරුන්වත් ඉදිරිපත් වුනේ නතිව ඔහුව යවූ බව කතුවරය පවසයි. මේ සිර ගෙදර සිටි නොන්ඩියෙකු චන්ඩියෙකු වූ අවස්තාවයි. කතුවරයා එම පරිච්චේදයේම ඔවුන්ට කෑම පිලියෙල කරන අන්දමද පවසයි. සමහර දින වලට මැල්ලුම් සමග කොහු ලණුද ලැබෙන බව පවසයි. ඒ මිටි බැද තිබූ ලනු සමගම කපා දමා ඇති නිසාය. එමෙන්ම දිනක් මැල්ලුම සමග සර්පයෙකුගේ කොටස් හමුවූ අන්දමද විස්තර කරයි.

තවද නීචයෝ අධමයෝ සහ මනුස්සයෝ පරිච්චේදයෙහි මංකොල්ල කරුවන් පිළිබද මනාවට දක්වා ඇත 

" අපි මංකොල්ලකාරයොනෙ සහෝදරයා.. අපි කවදාවත් මිනී මරන්නෑ ... එතොකොට කේස් එක ඩබල් වෙනවා රොබරියයි මර්ඩර් එකයි කේස් දෙකකට අහුවෙනවා. අනික රොබරියකින් ෂේප් වෙන්න පුලුවන් මර්ඩර් එකකට අහුවුනොත් ටිකක් අමාරුයි. ඒ හින්දා හොරු කවදාවත් මිනී මරන්නෑ.. "

තවද කතුවරයා පවසන්නේ සිරගෙදර තුල සිටින විට දෙවියන් ගැන තිබෙනා ආකල්ප තුරන් වී යන බවය අතිමහත් සිර කරුවන් දෙවියන් විශ්වාස කරන්නේ නැති බවද ඔහු පවසයි. ඒ "දෙවියන් පැන දිවූ හතරේ වාට්ටුව" යන පරිච්චේදයෙනි. 

තවද මියෙම්වා රැකෙම්වා හිරගෙදර විප්ලවය යන පරිච්චේදයෙන් ඔවුන් සාර්ථකව හිර ගෙදර තුල කැරල්ලක් මෙහෙයවූ අන්දම ඉතා ආකර්ශනීය ලෙස දක්වයි. හිර ගෙදර තුල කලා නිර්මාණ හදුන්වන්නේ "කොරති" යන් නමිනි කලාව මුලා කරන කොරතිකාරයෝ යන පරිච්චේදයෙන් සිර කරුවන් නිර්මාණ කරන අන්දම මනාව පෙන්වයි. ඔහු පූසෙකුගේ වලිගයේ අග මයිල් යොදා ගෙන පින්සල් නිර්මාණය කර ගත් අන්දමද මෙහි මනාව දක්වා ඇත.සිර ගෙදර තුල ඇති හැමෝම දන්නා කඩ ගැන ,සූත්ති උරන ආකාරය, බීඩිය කොටස් පහකට කඩා එම කොටස් මස් කෑලි වලට හුවමාරු කරන අන්දම, ඔල්බුරුස් සාදා ගන්නා ආකාරය, හිරගෙදර තුල උම්බලකඩ සාදා ගන්නා ආකාරය, කන්ඩෙම් කාරයෝ ගැන, සුමතිපාල මරුසිරා ආදී ප්‍රසිද්ධ සිර කරුවන් පිළිබදව හා මුලාදෑනින්ගේ කපටි වැඩ හොර වැඩ අදී ඉතා විශාල දැනුම් සම්භාරයක් මෙම පොතෙහි කැටි වී ඇත. 

ඔබ මෙම පොත කියවා නැතිනම් අදම රැගෙන කියවන්න හිරකරුවන් පිලිබද ඔබ තුල ඇති ආකල්පය මෙම පොත වෙනස් කරවාවි තවත් ඔබ නොදන්නා ගොඩක් දේ ඔබට උගන්නාවි. මෙම පොත ප්‍රකාශයට පත් කර ඇත්තේ අගහස් ප්‍රකාශකයෝය. ඔවුන්ගේ දුරකතන අංකය 0112793671 යි. මෙහි මිල සටහන් වන්නෙ රුපියල් 400ක් ලෙසටයි. මෙම පුන්චි රුපියල් 400 යට ඔබට සාගරයක දැනුම හිමි වෙනු ඇත.



 

8 comments:

  1. ස්තූතියි නාට්‍යකාරයා..............

    ReplyDelete
  2. ඔබටත් ස්තූතියි මේ පැත්තෙ ආවාට

    ReplyDelete
  3. හොද පොතක් වගේ.. බලමු හොයාගන්න පුළුවන් වුනොත්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතා හොද පොතක් දිනේශ් හොයන් කියවන්න..

      Delete
  4. ඔය ෙබ්ත් ජාතිය ම හරි මී යන්ෙනන් පටන් ගන්න ඒකක් කරුෙමට මතකයට ඒන්ෙන නෑනව... මං ෙහට කුරුඍගල යනව... බලන්න ඔ්න...


    යුනිෙකා්ඩ් අවුල් ෙනව

    ReplyDelete
    Replies
    1. මම නම් බේතෙ නම නම් දන්නෑ මමත් යුනිකෝඩ් තමා භාවිතා කරන්නෙ අවුලක් නෑනෙ

      Delete
  5. ෂර්ලොක් හෝම්ස් ගැන හොයනකොට තමා මෙහෙට ආවෙ. ඉතාම වටින බ්ලොග් එකක්.

    එන්න ඒ පැත්තෙත්.

    http://masandumal.blogspot.com/

    සුබපැතුම්!

    ReplyDelete
  6. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.