ඔන්න අද ඉදන් හැම සතියෙම ආයෙ පොතක් ගැන ලියන්නත් හිතන් ඉන්නවා. ඒ වගේම අලුතෙන් අපේ ඩොක්ටර්ගෙ පොතක් එලි දකින්න තියෙනනවා කියලත් නාට්‍යකාරයට රහ ඔත්තුවක් ලැබිලයි තියෙන්නෙ. අපි බලාගෙන ඉමුකො අලුත් පොත මොන වගේ වෙයිද කියලා නේද? ඩොක්ට කිව්වෙ කවුද කියලා ඔගොල්ලො බලනවා ඇති නෙද? ඩොක්ටර් කිව්වෙ රාවණා මෙහෙයුම ලියපු අපේ සුසිත් රුවන් අයියා හොදේ. ඔන්න කියවන්න බැරි උනානම් ඩොක්ටර්ගේ ආපු අන්තිම පොත ගැන මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.
රාවණා මෙහෙයුම - 2 සාර්ථකද ?
ඒ වගේම නාට්‍යකාරයා අලුත් විනෝදාශයකුත් පටන් ගත්තනේ අපේ කාවින්ග සොහොයුරා හින්දා කදු නැගීම හා සංචරනය ඒ ගිය තැන් ගැනත් ලියන්නයි බලා පොරොත්තුව. කාවින්ග කිව්වෙ අපේ හයිකින්ග් ශ්‍රී ලංකා කරන සහෝදරයා හොදේ..ඒක ගැන දන්නැත්තම් මෙතනින් ගිහින් බලන්න. කාවින්ග කියන්නෙ ලංකාවේ කදු ගැන ගොඩක් දේවල් දන්න හැමතැනම ගිය පොඩි කොල්ලෙක්. උගේ කදු ගැන දැනීමනම් අති විශිෂ්ටයි කියලා මට කියන්න පුලුවන්.Hiking Srilanka
එහෙනම් නාට්‍යකාරයාගේ ලියමනකින් ඉක්මන්ටම හම්බෙමු. අදට යන්න අවසර. නාට්‍යකාරයා ගැන මොනවා හරි කියන්න තියෙනවනම් පල්ලෙහායින් කොටලම යන්න හොදේ..
පව් නෙ ඒ හන්දා ගැලෙව් වෙ නැ
ReplyDeleteබොහොම ස්තූතියි බ්‍රො....
Delete