Friday, February 24, 2017
සිල් ගත් බිල්ලො ඔබ නැරබියම යුතුම රංගයක් වන්නෙ ඇයි?
ඔන්න නාට්‍යකාරයා මේ පාරත් ඉඩ ලැබුනු හැටියෙ ගියා රාජ්‍ය නාට්‍ය උළෙල බලන්න. මට බලන්න හම්බුනේ නම් නාට්‍ය දෙකක් විතරයි ඒ අතරින් මගේ හදවත සසල කරපු කාලීන රංගයක් තමා විජිත් නුවන් ගෙ සිල්ගත් බිල්ලො. මොකද කියනවනම් වත්මන් දේශපාලනයයේ මුහුනුවර හා වත්මන් තරුන පරපුරේ කේදවාචකය මනාව ගෙනහැර දක්වන්න සමත් වෙලා තියෙනවා විජිත් නුවන් මේ තුලින්. අපි පොඩ්ඩක් බලමු මොකක්ද මේ සිල්ගත් බිල්ලො කියන්නෙ කියලා.
විජිත් නුවන් කියන්නෙ නිකන්ම වේදිකාවට ආපු පුද්ගලයෙක් නෙවේ නාට්‍ය කලාව ගැන විශේෂයෙන් හදාරපු පුද්ගලයෙක්. කැළනිය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබද ශාස්ත්‍රවේදී විශේෂ උපාධියත් ඒ වගේම ශාෂ්ත්‍රපති උපාධියත් ලබා ගත් හෙතෙම දැන් රජයේ පාසලක ගුරුවරයෙක් ලෙස සේවයකරනවා. ඒ වගේම දිගු හා කෙටි නාට්‍ය ගනනාවකට රංගනයෙන් දායක වී ඇති හෙතෙම ඉතා දක්ෂ රංගාලෝක හා පසුතල නිර්මාන ශිල්පියෙක්. ඔහු "ජනේලයෙන් පනින්නද" නාට්‍ය වෙනුවෙන් 2011 රාජය නාට්‍ය උළලෙන් හොදම වේදිකා පරිපාලනයට හිමි සම්මානයද දිනාගනු ලැබුවා. කෙසේ වෙතත් " සිල් ගත් බිල්ලෝ" කියන්නෙ විජිත් නුවන්ගෙ කුලුදුල් දිගු නාට්‍ය රචනය හා අධ්‍යෂනය. මගේ රසඥතාව අනුව ඉතාම ප්‍රසස්ථ ගනයේ නිර්මානයක් තමා සිල්ගත් බිල්ලො කියන්නෙ.
Tuesday, February 21, 2017
2017 රාජය නාට්‍ය උළෙල
ඔන්න නාට්‍යකාරයාට මේ ගැන කලින් කියන්න බැරිඋනාට සමාවෙන්න ඔනේ. මොකද මේ ටිකේ තිබුන වැඩත් එක්ක මට ඔගොල්ලන්ට මේ රහ ඔත්තුව දෙන්න බැරුව ගියා. මෙවරත් රාජ්‍ය නාට්‍ය උළෙල මේ දිනවල මරදාන ටවර් රගහලේ පැවැත්වෙනවා. නාට්‍ය උළෙල ආරම්බ උනේ නම් පෙබරවාරි 15 වෙනිදා දැනට දිගු නාට්‍ය 6ක් ප්‍රදර්ශනය කර අවසන්. දනට ප්‍රදර්ශනයට ඉතිරිව ඇත්තේ දිගු නාට්‍ය 4ක් හා කෙටි නාට්‍ය 14ක් පමනයි. ඉතින් තාමත් ප්‍රමාද නෑ අදම යන්න සවස 6.30 ට තමා පටන් ගන්නෙ.
මෙන්න කාල සටහන
පෙබ. 15 - අනිල් කුමාර විජේසිංහ ගේ ආදරණීය වෙඩිල්ලක්
පෙබ. 16 - අඛිල සපුමල් ගේ ගිරිකූඨ කාශ්‍යප
පෙබ. 17 - රාජිත දිසානායක ගේ නැතිව බැරි මිනිහෙක්
පෙබ. 18 - සමන් සොයිසා ගේ මීඩියා
පෙබ. 19 - ලෙ.ප. සරත් රණතුංග ගේ මා ඝාතෝ
පෙබ. 20- එස්.අයි. සමරක්කොඩි ගේ Love and Life
පෙබ. 21 - ප්‍රියංකර රත්නායක ගේ ප්‍රේමවන්ත කුමාරයෝ
පෙබ. 22 - විජිත් නුවන් ගේ සිල්ගත් බිල්ලෝ
පෙබ. 23 - අනුර විතානච්චි ගේ මාර හොරු
පෙබ. 24- එම්.සුරින් චාමර මෙන්ඩිස්. නිෂාදි පලන්සූරිය ගේ Mr.W හෙවත් අත්තනායකගේ අවසන් දවස්
අවසන් වටය සඳහා තේරී ඇති කෙටි නාට්‍යය
පෙබ.25
මතු වික්‍රමසිංහ ගේ “අධිශීතකරණය” , ඒ. ප්‍රසාන්ත් ගේ “ආර්ත්තම්” , නිමේස් පතිරණ ගේ “ මිඩ්නයිට් ඩ්‍රීම්” , ඩබ්.විමල් පෙරේරා ගේ “ එම්බාම්.” ,
පෙබ. 26
සමන්ත පරණලියනගේ ගේ “කිරි අම්මා අවතාරය” , එම්. කාලිදාස් ගේ “තෝලන්”, ප්‍රදීප් සම්පත් අරුගමගේ “ආණ්ඩුවේ රස්සාව”,
පෙබ. 27
සචිත්ර රාහුබද්ධ ගේ “ සිංහ සේයා” , ජේ.ඒ.ඩොමින් රෙජිනෝලඩ් ගේ “තවිපින් තේඩාල්” , ආර්.සුදර්ශන ක්‍රිශාන්ත ගේ “ ස්වරණ භූමි”
පෙබ. 28
කේ.ඒ.ජී.ආනන්ද චන්ද්‍රකුමාර ගේ “ ලද ලබ” , එස්.කර්තිකේසු ගේ “කලාරියන්දු කරුවාරෙයි” , දේවින්ද වික්‍රමසිංහ ගේ “ මම අඩකුඹයි” , එම්.කේතීස්වරන් ගේ “මැජික් බොක්ස්”,
Saturday, February 18, 2017
නාට්යකාරයාගෙ නැවත ආගමනය
ඔන්න නට්‍යකාරයා දිගු නිහැඩියාවකින් පසුව ආයෙ කරලියට එන්නයි හදන්නෙ. දැන්නම් බ්ලොග් රෝල් වලින් නාට්‍යකාරයා ගැලවිලා ඇති කියලත් හිතෙනවා. ඉගෙනීමේ කටයුතු හා පොඩි පොඩි බිස්නස් වලට හිත ගිය හින්දා නාට්‍යකාරයාට ලියමනක් ලියන්න ඉස්පාසුවක් හම්බුනේම නෑ. සිංහල බ්ලොග් කියවනය නැතුව ගියාට පස්සෙ වැඩියෙ බ්ලොග් කියවන්නත් බැරුව ගියා. අද ඉදන් නාට්‍ය කාරයාගේ සුපුරුදු ජීවන රටාවට අනුගත වෙන්නයි බැලුවේ. ඉස්සර නාට්‍යකාරයා බ්ලොග් කියෙව්වේ පිස්සෙක් වගේ ඔව් පිස්සෙක් වගේ. සොදුරුසිත අක්කගේ බ්ලොග් එකෙන්ම අද ඉදන් අයේ කියවන්නයි බැලුවෙ. ඉතින් බ්ලොග් පරපුරේ යාලුවො ටික ආයෙ හම්බෙයි කියලා හිතනවා.
ඔන්න අද ඉදන් හැම සතියෙම ආයෙ පොතක් ගැන ලියන්නත් හිතන් ඉන්නවා. ඒ වගේම අලුතෙන් අපේ ඩොක්ටර්ගෙ පොතක් එලි දකින්න තියෙනනවා කියලත් නාට්‍යකාරයට රහ ඔත්තුවක් ලැබිලයි තියෙන්නෙ. අපි බලාගෙන ඉමුකො අලුත් පොත මොන වගේ වෙයිද කියලා නේද? ඩොක්ට කිව්වෙ කවුද කියලා ඔගොල්ලො බලනවා ඇති නෙද? ඩොක්ටර් කිව්වෙ රාවණා මෙහෙයුම ලියපු අපේ සුසිත් රුවන් අයියා හොදේ. ඔන්න කියවන්න බැරි උනානම් ඩොක්ටර්ගේ ආපු අන්තිම පොත ගැන මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.
Hiking Srilanka
එහෙනම් නාට්‍යකාරයාගේ ලියමනකින් ඉක්මන්ටම හම්බෙමු. අදට යන්න අවසර. නාට්‍යකාරයා ගැන මොනවා හරි කියන්න තියෙනවනම් පල්ලෙහායින් කොටලම යන්න හොදේ..
ඔන්න අද ඉදන් හැම සතියෙම ආයෙ පොතක් ගැන ලියන්නත් හිතන් ඉන්නවා. ඒ වගේම අලුතෙන් අපේ ඩොක්ටර්ගෙ පොතක් එලි දකින්න තියෙනනවා කියලත් නාට්‍යකාරයට රහ ඔත්තුවක් ලැබිලයි තියෙන්නෙ. අපි බලාගෙන ඉමුකො අලුත් පොත මොන වගේ වෙයිද කියලා නේද? ඩොක්ට කිව්වෙ කවුද කියලා ඔගොල්ලො බලනවා ඇති නෙද? ඩොක්ටර් කිව්වෙ රාවණා මෙහෙයුම ලියපු අපේ සුසිත් රුවන් අයියා හොදේ. ඔන්න කියවන්න බැරි උනානම් ඩොක්ටර්ගේ ආපු අන්තිම පොත ගැන මේ ලින්ක් එකෙන් කියවන්න පුලුවන්.
රාවණා මෙහෙයුම - 2 සාර්ථකද ?
ඒ වගේම නාට්‍යකාරයා අලුත් විනෝදාශයකුත් පටන් ගත්තනේ අපේ කාවින්ග සොහොයුරා හින්දා කදු නැගීම හා සංචරනය ඒ ගිය තැන් ගැනත් ලියන්නයි බලා පොරොත්තුව. කාවින්ග කිව්වෙ අපේ හයිකින්ග් ශ්‍රී ලංකා කරන සහෝදරයා හොදේ..ඒක ගැන දන්නැත්තම් මෙතනින් ගිහින් බලන්න. කාවින්ග කියන්නෙ ලංකාවේ කදු ගැන ගොඩක් දේවල් දන්න හැමතැනම ගිය පොඩි කොල්ලෙක්. උගේ කදු ගැන දැනීමනම් අති විශිෂ්ටයි කියලා මට කියන්න පුලුවන්.Hiking Srilanka
එහෙනම් නාට්‍යකාරයාගේ ලියමනකින් ඉක්මන්ටම හම්බෙමු. අදට යන්න අවසර. නාට්‍යකාරයා ගැන මොනවා හරි කියන්න තියෙනවනම් පල්ලෙහායින් කොටලම යන්න හොදේ..
Subscribe to:
Posts (Atom)