බටුවන්ගල රාහුල හිමියන් විසින් රචිත "ගුම්" නවකතාව එක හුස්මට කියවා ඉවර කලෙමි. එයින් ලද ප්‍රහර්ශය විස්තර කිරීමට කිසිම හොඩියක අකුරු කිසිම භාෂාවක වචන මට ප්‍රමාණවත්නොවන්නේයයි කීම අතිශෝක්තියක් නොවනු ඇතැයි මම සිතමි. අතට ගන්නාවිට මාහට සිතුන සිතුවිලි අමුවෙන්ම ප්‍රකාශ කරනවා නම් මෙච්ච්ර චූටි පොතක් නවකතාවක් කියන්නෙ කොහොමද? මේකෙ කිසි වැඩක් නැතුව ඇති කික් එකක් නැතුව ඇති යන හැගීමයි. නමුත් පිටු 1000 කින් 2000 කින් කියන්න බැරි ගැඹුරු පණිවිඩයක් රාහුල හිමියන් විසින් මේ කෘතිය මගින් සමාජයට ඉදිරිපත් කර තිබේ.
මේ මා රාහුල හිමියන්ගේ කියවන පලමු කෘතියයි නමුත් ඒ පලමු කෘතියෙන්ම මාහට හැගී ගිය කරුණ නම් රාහුල හිමියන් උන්වහන්සේගේ කෘති මගින් සමාජ සෝදනයට ඉතාමත් හොදින් දායක වන වගයි. මාගේ මතය අනුව රාහුල හිමියන් තුල හොද දේශපාලන හා සමාජීය වැටහීමක් ගැබ්ව තිබේ. උනවහන්සේගේ සැගවුන අරුත් තුල යම්කිසි වාමාන්ශික මතවාදයක්ද මාගේ දැනුමේ හැටියට ඉස්මතු වේ එය මටත් ඔබටත් පොදු වන්නේ නැත එය මගේ හැගීමයි. එමෙන්ම බෞද්ධ දර්ශනයේ යම් යම් තැන්ද හිමියන් විසින් නියමාකාරයෙන් ගලපා යම් යම් ස්ථාන වලට යොදා ඇති අපූර්වත්වයද ප්‍රශංසනීයය. එමෙන්ඔම නූතන වැඩවස්බම්ගේ සමාජ ක්‍රමය ගැන කතා රසයට බාධා නොවන අන්දමින් විග්‍රහ කර ඇති ආකාරයද ප්‍රශංසනීයය. කතා රසයට බාදා නොවන අයුරින් කෙටියෙන් කතාවේ යම් යම් තැන් මම පහතින් උපුටා දක්වමි එයින් ඔබේ කුතුහලය තවත් වැඩි වන බව මාහට දිවුරා කිව හැක.
මෙම කතාව ගෙතෙන්නෙ මීමැසි ගොවිපලක වදුරන් හා රිලවුන් පන්නන රාජකාරිය කරන අහිංසක බයාදු තරුණයෙක් වටා හා එහිම වැඩ කරන බෝතල් වල ලේබල් අලවන උපාධිදාරී තරුණියක වටායි. ඇය නමින් පබසරාය දරිද්‍රතාව නිසා පවුල ජීවත් කරවිය යුතු නිසා උපාධියත් තියාගෙන ඈ මී පැණි බෝතල් වලට ලේබල් අලවයි.
ජයතුපාල වැස්සකටවත් පාසල් නොගිය නමුත් සොබාදහමින් සෑහෙන දේ ඉගෙන ගත් ඉතා බුද්ධිමත් තරුණයෙකි. ඔහුගේ පියාගේ මරනයෙන් පසු ඔහු මව හා එක්ව බට කඩා වට්ටි කූඩ වියයි. ඔහුගේ මුලු ජීවිතයම කඩා වැටෙන්නෙ මෙන්ම ඔහුගේ නව ජීවිතයට මග සැලසෙන්නේද තම මවගේ වියෝව නිසාවෙනි.
චීන මහත්තයාට ද මෙමෙ කතාවේ විශාල තැනක් හිමිවේ ඔහු මෙම මී මැසි ගමේ අයිති කරුවා වේ.ඉතා කරුණාවන්ත මිනිසෙකු වන ඔහු අසරණ ජයතුපාලගේ හැකියාවන් දැක ඔහුට පිහිට වේ. ජයතුපාලට මී මැසි ගොවිපලේ වදුරන් හා රිලවුන් එලවන රාජකාරිය පිරිනමන්නෙ ඔහුයි.
ජයතුපාලගේ හොදම මිතුරා ගැට රිට්ටා වේ. ඔහුට වදුරන් එලවීමට මෙන්ම ඔහුගේ මුලු ජීවිතයම වෙනස් කරන ඔහුගේ ජීවිතයට නව අරුතක් දෙන වලහාව පැන්නීමට උදවු කරන්නෙද ගැට රිට්ටා වේ.
මෙතැන් පටන් මොවුන්ගේ ජීවිත කියවීම ඔබට බාරයි .. මම මෙහි එන අර්තවත් ගැඹුරුතැන් කිහිපයක් පමනක් ඔබ හමුවේ තබන්නම් .
"ක්‍රිෂ්ණා, ඔයා මේ පාවිච්චි කරන ගැට ඉන්නෙ ගැට තියෙන තැන් අනිත් තැන් වලට වඩා හයිය බව දන්නවද? ඔයා මේ ඉන්න අල්ලන්නෙ මේ හයිය ගැට තියෙන තැන් වලින් නෙමෙයි. ඔයා මේ ඉන්න අල්ලන්නෙ ගැට නැති හරියෙන්. ක්‍රිෂ්ණා, ගැට හරියෙන් ඇල්ලුවාම ඒක ඔයාගෙ අතට අපහසුයි.අපි හැමෝගෙම ජීවිතත් ඔයා අතේ තියෙන ගැට ඉන්න වගේ. ක්‍රිෂ්ණා, කවුරුවත් අපේ ජීවිතවලත් ගැට තියෙන හරියෙන් අල්ලන්න කැමති නෑ. සිනිදු මට සිලිටු තැන් වලින් විතරයි අල්ලගන්න කැමති... "
මේ ගුම් හි ගුම් දෙන තවත් තැනකි බලන්න රාහුල හිමියන් සියුම් උදාහරනයක් මගින් සමාජයේ යථාර්ථය එලියට දා තිබෙන විදිහ. අපව මිනිසුන් වැඩිපුරම අල්ලන්නෙ මේ ගැට නැති තමාට අල්ලන්න පහසු තැන් වලින් නේද? ගැට වලින් අල්ලන්නෙ කීයෙන් කීදෙනාද ඒත් ඇත්තටම ගැට වලින් අල්ලනවද?
"නිදහස් රාජධානි සංකල්පය වනාහි ගෝත්‍රිකත්වය කරා නැවත ගමන් කිරීමකැයි ප්‍රජාවටම සිතෙන ලෙස මේ ප්‍රතිසංස්කරණවාදියෝ අධ්‍යාපනයේ අක්මුල් සිඳ බිද දමා තිබිණි. ගෝලීය ජීවිතයක් සොදුරු ආකර්ෂණීයත්වය කෙරෙහි ගිනිකන වැටෙන්නට පමනක් සැලැස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවාදියෝ ඒ ගෝලීය ජීවිතය ස්වයං රාජධානි සංකල්පයක් යටතේ අත්පත් කරගන්නා හැටි කියා නොදුන්නෝය. ඒ නිසා තම ප්‍රාග්ධනයට වඩා සතුරා ලග ඇති ප්‍රාග්ධනයකෙරෙහි විශ්වාස තැබීමට ප්‍රජාමානසිකත්වය පරගැති බවට පත්කොට තිබුණි. ඒ වෙනුවෙන් කළ හැකි එකම දේ තම ශ්‍රමය ප්‍රාග්ධන හිමිකරුවන් මත දියකර හැරීම පමනක් බව ප්‍රජාව විශ්වාස කලෝය."
බලන්න එමගින් රාහුල හිමියෝ සමාජීය දේශපාලනයකොතරම් දුරට ප්‍රශ්නයකට නගා ඇති අන්දම. එම නිසා මෙම නවකතාවේ සමාජීය දේශපාලනය අගයක් ඇතිබව ඒ මගින්ම මොනවට ඔප්පු වේ.
" හිත් වල තියෙන්නෙ හැගීම්. සල්ලි තියෙන්නෙ අත්වල. හිත් හියෙන්නෙ ගෑනුන්ට. අත් තියෙන්නෙ පිරිමින්ට. අතයි හිතයි මිසක් හිතයි හිතයි එකතු වෙන් නෑ. වැරදීමකින් සමහර පිරිමින්ට හිත් දීලා තියෙනවා. ස්මහර ගෑනුන්ට අත් දීලා තියෙනවා. ඒ වෙලාවටත් එකතුව් න්න ඔනේ අතකුයි හිතකුයි. . ඒ වෙලාවට වැරදිලා ගෑනු හිතකුයි පිරිමි හිතකුයි එකතු වුනොත් ඒ ගොල්ලන්ට සුරංගනා ලෝක වල සිහින දැක දැක ඉන්න පුලුවන්. ජීවත් වෙන ලෝකයක් ඒ ගොල්ලන්ට තනා ගන්න ලැබෙන්නෙ නෑ."
බලන්න රාහුල හිමියන්ගේ ඒ කියමනත් කොච්චර කාලෝචිතද කියලා. කොච්චර හිතන්න දේවල් තියෙනවද කියලා.
ඒ වගේම රාහුල හිමියන්ගේ සංකේත භාවිතයත් මනාව පේනවා මේ නවකතාව තුල මී මැසි ජනපදයත් ඒ වගේ ප්‍රභල සංකේතයක් කියලා මට් හිතෙනවා. හරියට කියව ගත්තොත් සමාජයක් තුල හඩක් නගන්න පුලුවන් නවකතාවක් මේක.
මගේ අදහස නම් අනිවාර්යෙන්ම තරුණ තරුණියන් මෙම නවකතාව කියවිය යුතුමයි එවිට "ගුම්" ඔබ තුලත් ගුම් නගාවි. සමාජයේ යථාර්ථය අදුරු කඩතුරාව පහව ඔබ තුල දිග හැරේවි. ජීවිතය අංශක 360 කින්ම වෙනස් කරන්න පුලුවන් නවකතාවක් ලෙස මා හට ගුම් හැදින්විය හැක්කේ ඒ නිසාය.
" ගුම්" සමාජය තුල හඩ නගනකන් අප බලා හිදිමු .....
පහත ලින්කුවෙන් දක්වා ඇත්තේ රාහුල හිමියන්ගේ ගුම් නවකතාව ගැන දිවයින රාහුල හිමියන් හා කල සංවාදයයි ...
චීන මහත්තයාගෙන් සහ චීන මහා ප්‍රාකාරයෙන් (දැල් වැට)මගින් නිරූපණය වෙන්නේ මට හිතෙන විධියට චීනෙට වඩා සමස්ත අධිරාජ්‍යවාදී සූරාකෑම. ඊට එරෙහිව නිදහස් ස්වාධීන රාජ්‍යයක්, නිවහල් සමාජයක් පිළිබ්ද කතුවරයා තුළ ඇති උත්කෘෂ්ඨ ප්‍රාර්ථනය කදු බෑවුමට එහායින් ඇති ලෝකය මගින් අදහස් කරනවා. ඒ ලෝකයට පීඩිත ජනතාව (මී මැස්සන්) රැගෙන යන බලය නිර්මාණය කිරීමට සියලු ජනතාව සතු බලය එකතු විය යුතු බවට මට හැගෙන සංකේතය තමයි ගැටරිට හා බැටන් පොල්ල එකතු කර නගන ශබ්දයෙන් මී මැස්සන් හෝපලු වනයට රැගෙන යාම.
ReplyDeleteගුම් කියවලා මේක කියවන්න ආවේ 🖤
ReplyDelete