Sunday, October 20, 2019

ධරණි ඇත්තටම ඔබේ හදවත හඩා වට්ටාවි





කත්‍යානා අමරසිංහ කතුවරියගේ පොතක් කියවීමේ අශාවක් හිතේ රැදී තිබුනද එය සැබෑ කරගන්නට හැකි වූයේ මාගේ මිතුරියක්ගෙන් ධරණි  කියවීමට ඉල්ලා ගැනීමෙන් පසුවයි. ඇයගේ ලිවීමේ ප්‍රතිභාව හමුවේ මා වෙව්ලා ගියේයැයි කීවොත් එය අතිශෝක්තියක් නොවනු ඇත.ඇය හදවතට කතා කිරීමට දැන ගත් මැජික් කාරියක් යැයි මට ඊයේ සිතුනි. ධරණි  අතට ගත් පසු බිමින් තියන්නට නොහිතුනේ ඒ නිසායැයි මා හට හැගේ. පැය දෙක හමාරක් තුනක් වැනි කාලයකින් මුලු පොතම කියවා අවසන් කරේ ඒනිසාවෙනි. අවසන් පිටු විස්ස තිහ පැමිනෙන විට බොහොම හිමින් ලෝබ කමකින් කියෙව්වේ දැන් පොත ඉවර වේයැයි යන බියෙනි. පොතක් කියවන විට එවැනි සිතුවිල්ලක් එන්නේ බොහොම සීමිත පොත් ගනනකට පමනි.



ධරණි ගැන කතා කිරීමට බොහෝ දේ තිබුනත් බොහොම කෙටියෙන් ධරණි ඔබට අදුන්වා දෙන්නම්. දුලන්‍යා පවුලේ මවගෙන් හා තම සොයුරියගෙන් අනාදරයට පත් වන බොහෝ බුද්ධිමත් තරුණියකි.  ඇයගේ දුක සැප දෙකෙහිම සිටි රෙදි බෝනික්කිය අම්ම පුච්චා දමන්නේ අක්කාගේ කේලම් සමගින්යැයි ඇය කියයි. ඒ වනතුරු ඇයගේ දුක පැවසීමට ඇයට සිටියේ එම බෝනික්කිය පමනකි. නමුත් ඇයට බෝනික්කිය නැතිවූ පසු ඇයට නිතරම පොත් තනි මැකුවායැයි හැගේ.

 කත්‍යානා මේ කතාව අප ඉදිරියේ දිග අරින්නේ පරිච්චේද ගනනාවකිනි ඒ සෑම පරිච්චේදයකම සිටින්නෙ දුලන්‍යා ගේ ජීවිතයට අලෝකය ලබා දුන් නැත්නම් බලපෑම් ඇතිකල අයවලුන්‍ ය. ඇයගේ ජීවිතයට ලොකුම අලෝකය වූයේ ඇයගේ වචනයෙන්ම පවසනවානම් ඇගේ ලොකු අයියායි. ඇයට සිටි එකම අයියා ඔහු වුනත් ඇයට වඩා ගොඩක් වැඩිමහලු ඌ නිසා ඕ ඔහුට ලොකු අයියා කියා අමතන්නීය. ඇයගේ සාහිත්‍ය නැඹුරුව ඇතිවන්නේ  ඇයගේ මේ ලොකු අයියා නිසාමය ඔහුගේ පොත් ගුලේ වූ සෝවියට් නවකතා කෙටි කතා හා වාමාංශිකපොත් හේතුවෙන් ඇයගේ සාහිත්‍ය දිවියට අලෝකය  ලැබෙයි. ඇගේ පැත්තට කතා කල එකම ගැලවුම් කාරයා වන්නේද ලොකු අයියා පමණකි. ඔහු ගමේ ලමයින්ට නොමිලේ පවා ඉගැන්වූ විශ්වවිද්‍යාල සිසුවෙක් වූවා මෙන්ම හදවත හොද මනුස්සයෙක්වූවාය. ඔහුට කොහෙන් හෝ වැරදුනේ ඔහුගේ දේශපාලන මතය පමණි.  කෙසේ වෙතත් මාහට හැගී යන පරිදි දුලන්‍යා ගේ ජීවිතය කඩා වැටෙන්නේ ඔහුගේ සොයුරාගේ මරණයත් සමගයි.


අපට දෙවෙනි පරිච්ඡේදයේ හමු වන්නේ ඇයගේ ජීවිතයට ලොකුම බලපෑමක් එල්ල කල  සොදුරු කලා කරුවා වන රවීන්ද්‍රන් නම් ද්‍රවිඩ තරුණයායි. ඔහු ඇය කෙරේ ඇතිකල සාහිතය නැඹුරුව ඇය ලේකිඛාවක් කිරීමට හා ඇයගේ හිතට කෙරූ බලපෑම ඇගේ මුලු ජීවිත පුරාමත් පැවතුනු වග මාහට හැගී යන මතයයි ඔබට ඔබගේ මතයක් දැරීමට නිදහසක් ඇත. අපේ අදුරු අතීතයක බොහේ නපුරු සමයක් ගෙනහැර දක්වන්නේද මේ පරිච්ඡේදය මගිනි. ඔබ ධරණි  කියවිය යුත්තේ ඇය සමාජය දෙස බලන පැතිකඩ ඉතා සුවිශේශී වන නිසාවෙනි.

වර්ණික යනු ඇයගේ දිවියේ හැඩය සොයාගත් ඇයව සියුම්ව ඇයගේ අභිවෘද්ධිය කරා යොමු කෙරූ සෙවනැල්ලයි. ඔහු ගැන සොයාගැනීම ඔබට බාර කරමි.

මා සංවේදි කෙරූ පරිච්ඡේදය හමු වන්නේ ඊට පසුවයි ඒනම් ජයකාන්තන් චරිතයයි. ඇයගේ ජීවිතයට වැඩිම බලපෑමක් කෙරූ චරිතය ඔහුයි ඔහු නැතිනම් ඇයට කිකිලකවත් රාජිනිය හමු නොවනු ඇත. මේ පරිච්චේදය සියුම්ව අපේ හිතට කතා කරයි පස්චාත් යුද්ධයේ බයංකාරත්වය අපට ගෙන හැර දක්වයි. ද්‍රවිඩ තරුණ තරුණියන් ගේ අප නොදකින පැත්ත අපට ප්‍රකාශ කරයි. යුද්ධයඇත්තටම සාධාරණ ද අපෙන් බුද්ධිය විමසයි. ඔවුන්ට නිදහස ඇත්තටම ලැබිණිද මාගේ හදවත හඩ ගායි. කියවා බලන්න අනිවාර්යයෙන්ම.  කත්‍යානා ලේඛිකාව අපට වෙනස්ම පැත්තක් පෙන්වා ඇත එය බාර ගැනීම නොගැනීම ඔබේ කාර්‍යයක් වනි ඇත.

රාජිනි ඇයට කරන බලපෑම මටද දරා ගත නොහැක ලේඛිකාවගේ ප්‍රතිභාවහමුවේ ඔබද මෙ කතාවේ කොටසක් වනු නියතය කියවා බලන්න ඇත්තටම දුලන්‍යා මානසික අබාධයකින් පෙලේද සොයා ගන්න එය ඔබට බාරයි..

මා කියවූ සංවේදී හා ඉතා සිත්ගන්නා කතාවක් ඔබත් කියවා බලන්න ඔබත් එ අත්දැකීම් ලබාවි.



1 comment:

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.