Tuesday, October 6, 2020

නැගෙනහිර සුළග අපට කියාදෙන ෂර්ලොක් හෝම්ස්ගේ නොකී කතාව (වෛද්‍ය සුසිත රුවන් ගේ හයේ පහර )





මම කුඩා කල සිටම ෂර්ලොක් හෝම්ස්ගේ  කතා පිස්සෙක්මි. සමහර දින වලට පුස්තකාලයෙන් පොත් දෙකක් රැගෙන විත් දවසින් නොනිදා කියවීමට තරම් පිස්සුවක් ඒ දිනවල සෑදී තිබිණි. ඒ අප  රස කර කර  කියවූයේ චන්දන මෙන්ඩිස් මහතා විසින් පරිවර්තනය කරන ලද ආතර් කොනන් ඩොයිල් මහතා විසින් රචනා කරන ලද පොත්‍ ය. නමුත් නැගෙනහිර සුළග නම් ඒ කිසි පොතක් හා සමාන නොවන්නෙ මෙය පරිවර්තනයක් නොවන නිසා වෙනි. මෙය වෛද්‍ය සුසිත රුවන් විසින් ලියන ලද ස්වතන්ත්‍ර කෘතියකි. 

අප පසුකලෙක දැන ගත්  පරිදි චන්දන මෙන්ඩිස් මහතා විසින් පසු කාලීනව ආතර් කොනන් ඩොයිල් මහතාගේ කතා අහවර වීමෙන් පසු දැඩි පාඨක ඉල්ලීම හේතුවෙන්  එතුමා විසින්ම කතා සම්පාදනය කරන ලදි. එය එතුමා පසුකලෙක වැඩසටහනකදීද ප්‍රකාශ කර  තිබුණි. එතුමා එම කතා විශාල ප්‍රමාණයක් පරිවර්තනය කර තිබූ නිසාවෙන් ඔහුට එය ඉතා පහසු වන්නට ඇතැයි අප හට නිගමනය කල හැක. ඒ ඔහුට එම රචන රටාව හා එම චරිත ආතර් කොනන් ඩොයිල්ට තරම්ම හුරුවී තිබූ නිසාවෙනි.

වෛද්‍ය සුසිත රුවන් අපට පලමුවෙන්ම මුන ගැසෙන්නෙ රාවණා මෙහෙයුමත්  සමගයි.ඔහුගේ කතා විලාශය ඉතා සිත් ගන්නා සුලු මෙන්ම වෙනත්ම ආරක එකකි. ඔහු විසින් රචිත සියලුම පොත් ඉතා සාර්ථක වූවා මෙන්ම පාඨකයා නොයෙක් නොයෙක් මාන වලට රැගෙන යන ලදි. ඔහු වඩාත් ජනප්‍රිය වූයේ විද්‍යාප්‍රබන්ධ ලේඛකයෙකු  ලෙසිණි. එක්ස් යන විද්‍යාප්‍රබන්ධ කෘතිය සම්මාන සදහා පවා නිර්දේශ විනි. ඔහු විසින් හේලී නමින් පසු කලෙක ටෙලි පිටපතක්  පවා රචනා කර ලදි. ඉකරස්ගේ පුනරාගමණය කෘතිය තුලින්ද ඔහු ඔහුගේ ප්‍රතිභාව පෙන්වන ලදී. ඔහු අතින් පරිවර්තන කෘති දෙකක් ද රචනා උන නමුදු පෞද්ගලිකව මා ඒවාට අකමැත්තෙමි. ඒ මක් නිසාද යත් මා කැමති  සුසිත රුවන් යන ස්වතන්ත්‍ර ලේඛකයාට බැවිනි.

මෙම නැගෙනහිර සුළග මගින් ෂර්ලොක් හෝම්ස් ගේ මග හැරුණු ජීවිත කතාව අපට ඉතා සියුම් අකාරයෙන් ලේකකයා  අප හමුවේ ඉදිරිපත් කරයි. අපට චන්දන මෙන්ඩිස් විසින් පරිවර්තිත කතාවක්  කියවනවා  මෙන්ම ඉතා රසයකින් යුක්තව එක හුස්මට මෙය කියවා අහවර කිරීමට හැකි වන පරිදි රචනා කිරිමට ඔහු මහන්සි වී ඇත. 

මෙහි අපට කතාව කියන්නේ  ෂර්ලොක් හෝම්ස් ගේ  අප්‍රකට පෙම්වතිය වන අයරින් ඇඩ්ලර් විසිනි. අපට ෂර්ලොක්ගේ ඉතා වටනා ගුණාංග ඇය  ඉස්මතු කර පෙන්වයි. එමෙන්ම ෂර්ලොක් ගේ අනෙකුත් කතා සමග සම්බන්ධ වන අයුරින් ඒ තුලින් අපට මගහැරුණු තැන් අපූරුවට මෙම කතාව තුලින් ලෙහා දීමට කතුවරයා සමත් වී ඇත. අවසන් සටන , ලෝහිත පරිෂණය වැනි කතා හා මෙය බැදෙන්නේ අප පුදුමයට පත්කරමිනි. 

වෛද්‍ය සුසිත රුවන් ගේ දක්ෂතාව මනාවට පැහැදිලි වන්නේ අපට මෙය කොනන් ඩොයිල් ලියූ පොතක් මෙන් හැගෙන නිසාවෙන්මය. කොනන් ඩොයිල් මහතා ජීවතුන් අතර සිටියානම් සුසිත රුවන් මහතාව පසසනවාට කිසිදු සැකයක් නොමැත. ඒ මන්ද යත් ඔහුට කියන්නට මගහැරුණු කතාව රචකයා කියා ඇති නිසාවෙනි. අරාජිකයින් යනු කවුද? , ශර්ලොක්ට අයරින් ඇඩ්ලර් වැදගත් වන්නේ ඇයි , අයරින් අඩ්ලර් ෂර්ලොක්  හා ගැටෙන්නේ මන්ද ? , ඇය ඇත්තටම ෂර්ලොක්ට ආදරය කරාද? ෂර්ලොක් එක පාරටම වොට්සන් ද නොදැන අතුරුදහන් වුයේ කොහෙටද එකී මෙකී නොකී ප්‍රශ්ණ සියල්ලටම ලේකකයා මෙම පොත මගින් උත්තර සපයා දී තිබී. 

මට නම් මේ පොත වෛද්‍ය සුසිත රුවන් ගේ හයේ පහරකි.  ඔබත් ෂර්ලොක් හෝම්ස් ගේ  රසිකයෙක්නම් අනිවාර්යෙන්ම මෙම පොත කියවිය යුතුම පොතක් වනවාට සැක නැත.  

1 comment:

  1. දයාබර බ්ලොග් රචකය. පසුගිය වසරක කාලයක් පුරාවට ඔබ පෝස්ටුවක් ලියා නොමැත! ඔබගේ බ්ලොගය අපගේ සින්ඩියේ 5. පුරාවස්තු (Antiques) ගොනුවේ දක්වා ඇත.බ්ලොග් ලෝකයේ ස්වර්ණමය යුගය ඇති කිරීමට අප වෙහෙස වෙයි. එයට ඔබගේ නොමසුරු වෙහෙස කැපවීම හා දායකත්වය අවශ්‍යයය. කරුණාකර නැවත ලියන්නට පටන් ගන්න. ඔබගේ ලිපි කියවන්නට පාඨකයින් බලා සිටී. ලිවීම ඇරඹීමට සුදුසුම දිනය පසුවී හමාරය! එබැවින් අදම; මේ මොහොතේම පටන් ගන්න! ස්තූතියි!

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.