Thursday, December 9, 2010

1997 සිට 1999 දක්වා ඉදිරිපත් වූ ප්‍රශස්ත මට්ටමේ නාට්‍යය

 1997 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය

සීමිත

ප්‍රථම      -  "සරණාගත" අමිතා අබ්බිඩිගල (මහනුවර කිංස්වුඩ් විද්‍යාලය)
දෙවන    - "නුඹ වෙනුවෙන් මල් පිපේවි" පාලිත ලොකුපෝතාගම ( ගිරිඋල්ල වික්‍රමශිලා ම.ම විද්‍යාලය)
තෙ   - "ගිවිසුම" එස්.ඩබ්.සී.ලුම්බිණි (මහනුවර ම.ම.විද්‍යාලය)

"පොල්කිචි පැංචි" ඩී.එම්.චන්ද්‍රලතා (කෑගල්ල පින්නවල ම.ම.විද්‍යාලය)
"කවුදැයි කවුදැයි රණ්ඩු කරන්නෙ" සුධර්මා රණසිංහ (හෝමාගම ජනාධිපති විද්‍යාලය)
"පාලු ලොවක තනි වෙතේ" සුහාරා ජලීල් (බදුල්ල විහාරමහාදේවී බාලිකා විද්‍යාලය)
"තණකොළ පෙත්තෝ" බන්දුල සරත් වඩුතන්ත්‍රි (සීදුව දවිසමර මහා විද්‍යාලය)
"බෝනික්කා" ප්‍රියන්ත රත්නායක (රත්නපුර සුමන බාලිකා විද්‍යාලය)
"සැරිසරුවෝ" ඩී.කුමාරගේ (කළුතර බෝම්බුවල මහා විද්‍යාලය)
"හිතමිතුරෝ" සමුද්‍රි චන්ද්‍රිකා (අම්බලන්ගොඩ ධර්මාලෝක විද්‍යාලය)
"සීනුව" කේ.බී.දිසානායක (මහනුවර ස්වර්ණමාලී බාලිකා මහා විද්‍යාලය)
"අහළ පහළ" මේනකා ලක්මාලී (පොලොන්නරුව මැදිරිගිරිය ම.ම.විද්‍යාලය)
"ඔන්චිල්ලාව" ඩබ්.එම්.ච්න්ද්‍රපාල (බිබිල මැදගම මහා විද්‍යාලය)
"විලංගු" අමිත රබ්බිඩිගල (මහනුවර කිංස්වුඩ් විද්‍යාලය)

විවෘත

ප්‍රථම      - "දියෙන් ගෙනා ගිනි" හේමසිරි ප‍ර්ඩිනෑන්ඩු (මොරටුව) 
දෙවන    - "හිරුකුමරියි බඹර පුතයි" ජගත් මුතුකුමාරණ (පන්නිපිටිය)  
තෙ   - "කැසබියන්කා" ඩී.එම්.චන්ද්‍රලතා (පින්නවල)
"සිංහයානෝ" මිත්‍රරත්න කනත්තගේ (හබරකඩ)


1998 දීප ව්‍යාප්ත ළමා නාට්‍යය උළෙලේ අවසාන වටය නියෝජනය කළ ළමා නාට්‍යය

Monday, December 6, 2010

Stage Drama: නූතන ළමා නාට්‍යය උළෙලේ විකාශය හා මෙතෙක් ඉදිපත් වූ ...

Stage Drama: නූතන ළමා නාට්‍යය උළෙලේ විකාශය හා මෙතෙක් ඉදිපත් වූ ...: "ළමා නාට්‍ය පිළිබඳ නූතන ප්‍රබෝධය ඇති වන්නේ 1996 වසරෙනි. සංස්කෘතික අමාත්‍යාංශයේ නාට්‍යය අනුමන්ණ්ඩලය මගින් ළමා නාට්‍යය සදහා වෙනම අනුමණ්ඩලයක් ස්..."

Thursday, December 2, 2010

නාට‍‍‍්‍ය කලාවේ වස්තු බීජය

ඔන්න මම දෑන් මගෙ පළවෙනි ලිපිය ලියන්නයි යන්නෙ. මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ නාට්‍ය කලාව පිළිබද පොඩි හෑදින්වීමක් වීමක් කරන්න.

 නාට්‍ය කලාවේ ආරම්භය මානව ඉතිහාසයේ ආරම්භය දක්වාම දිවයන්නක් බව පෙනේ. නැතිනම් නාට්‍ය කලාව ආදි මනුෂ්‍යය ගෝත්‍රික සමාජ තුල විද්‍යමාන වන මූලික රංග අවස්ථාවන් හා චලන පදනම් කරගෙන ආරම්බ වූ බව වටහා ගතහැක.මෙහි මූලිකම පදනම වූයේ අනුකරණයයි. සමාරෝපය හෙවත් ආරූඪ වීම නැතහොත් ආවේශය අනුකරනයෙ පදනමයි.ආරූඪ වීම යනු යම් චරිතක් හෝ සිද්ධියක් උපුටා අනුකරණය කීරීමයි. ආරූඪය අවශ්‍ය වනුයේ අනුකරණය සඳහා හෝ නාට්‍යමය ස්වරූපයකින් රඟපෑම සඳහාය. මෙ හෙයින් අනුකරණය හා සමාරෝපය එකිනෙකට බද්ධ වූ අංග දෙකක් බව පෙනේ.
 භරතමුනීහු ප්‍රකාශ කරන ආකාරයට ලොව වසන මනුෂ්‍යයන් අතර ඇතිවෙන සුඛ දුක්ඛයන්ගෙන් යුතු වූ හැම අවස්ථාවක් අනුකරණය කර දැක්වීම නාට්‍යය වන බවයි. මේහ සමානම අදහසක් දක්වන ඇරිස්ටෝටල් කිය සිටින්නේ සිද්ධියක් අනුකරණය කිරීම නාට්‍යයක් බවයි.නාට්‍යය කලාවට "දෘශ්‍ය කාව්‍ය" යන නම භාවිතා කරන්නේද ඒ බැවිනි.
එසේ හෙයින් ගෝත්‍රික ජනයාගේ අනුකරණය වනාහි නාට්‍යයේ මූල බීජ අවස්ථාව ලෙස ගැනීම වැරදි නොවේ.
ආදි මනුෂ්‍යයා මේ අනුකරණය යොදාගනු ලැබුයේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර ගැනීමටය. ඔවුනට තම අදහස් ප්‍රකාශ කරගැනීමට මුල් වකවානු තුලදී භාෂාවක් නොවීය. ඔවුන් තමන් දඩයමේ ගිය ආකාරය තමන් කල කී දෑ අනුකරණය කර අනෙකාට පෙන්වීය. මෙය නාට්‍යයේ මූලික අවදිය නොවන්නේද්? එපමනක් නොව ආදිතමයා තම ජාතියේ ප්‍රභබවය හා විවිධ ඉතිහාස වෘතාන්තයන් ඊ ළග පරපුර වෙත දායාද කිරීමට ද වචන පමනක් නොව අනුකරණයද භාවිතා කල බව පෙනේ.
 කෙසේ වුවද මෙලෙස මූලාරම්භවී විකාශනය වන්නා වූ රංගනයේ මුල් අවස්ථාවමන් ක්‍රමිකව නිර්මාණාත්මක වී කලාවක් බවට පත් වනුයේ මිනිසා කලාව තේරුම් ගැනීමත් සමගය.

                                                                           ඇරිස්ටෝටල්
                                                                          ආදි මනුෂ්‍යයන්