ඔන්න මම දෑන් මගෙ පළවෙනි ලිපිය ලියන්නයි යන්නෙ. මම මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ නාට්‍ය කලාව පිළිබද පොඩි හෑදින්වීමක් වීමක් කරන්න.
නාට්‍ය කලාවේ ආරම්භය මානව ඉතිහාසයේ ආරම්භය දක්වාම දිවයන්නක් බව පෙනේ. නැතිනම් නාට්‍ය කලාව ආදි මනුෂ්‍යය ගෝත්‍රික සමාජ තුල විද්‍යමාන වන මූලික රංග අවස්ථාවන් හා චලන පදනම් කරගෙන ආරම්බ වූ බව වටහා ගතහැක.මෙහි මූලිකම පදනම වූයේ අනුකරණයයි. සමාරෝපය හෙවත් ආරූඪ වීම නැතහොත් ආවේශය අනුකරනයෙ පදනමයි.ආරූඪ වීම යනු යම් චරිතක් හෝ සිද්ධියක් උපුටා අනුකරණය කීරීමයි. ආරූඪය අවශ්‍ය වනුයේ අනුකරණය සඳහා හෝ නාට්‍යමය ස්වරූපයකින් රඟපෑම සඳහාය. මෙ හෙයින් අනුකරණය හා සමාරෝපය එකිනෙකට බද්ධ වූ අංග දෙකක් බව පෙනේ.
භරතමුනීහු ප්‍රකාශ කරන ආකාරයට ලොව වසන මනුෂ්‍යයන් අතර ඇතිවෙන සුඛ දුක්ඛයන්ගෙන් යුතු වූ හැම අවස්ථාවක් අනුකරණය කර දැක්වීම නාට්‍යය වන බවයි. මේහ සමානම අදහසක් දක්වන ඇරිස්ටෝටල් කිය සිටින්නේ සිද්ධියක් අනුකරණය කිරීම නාට්‍යයක් බවයි.නාට්‍යය කලාවට "දෘශ්‍ය කාව්‍ය" යන නම භාවිතා කරන්නේද ඒ බැවිනි.
එසේ හෙයින් ගෝත්‍රික ජනයාගේ අනුකරණය වනාහි නාට්‍යයේ මූල බීජ අවස්ථාව ලෙස ගැනීම වැරදි නොවේ.
ආදි මනුෂ්‍යයා මේ අනුකරණය යොදාගනු ලැබුයේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කර ගැනීමටය. ඔවුනට තම අදහස් ප්‍රකාශ කරගැනීමට මුල් වකවානු තුලදී භාෂාවක් නොවීය. ඔවුන් තමන් දඩයමේ ගිය ආකාරය තමන් කල කී දෑ අනුකරණය කර අනෙකාට පෙන්වීය. මෙය නාට්‍යයේ මූලික අවදිය නොවන්නේද්? එපමනක් නොව ආදිතමයා තම ජාතියේ ප්‍රභබවය හා විවිධ ඉතිහාස වෘතාන්තයන් ඊ ළග පරපුර වෙත දායාද කිරීමට ද වචන පමනක් නොව අනුකරණයද භාවිතා කල බව පෙනේ.
කෙසේ වුවද මෙලෙස මූලාරම්භවී විකාශනය වන්නා වූ රංගනයේ මුල් අවස්ථාවමන් ක්‍රමිකව නිර්මාණාත්මක වී කලාවක් බවට පත් වනුයේ මිනිසා කලාව තේරුම් ගැනීමත් සමගය.
ඇරිස්ටෝටල්
ආදි මනුෂ්‍යයන්
පුලුවන්නම් comment එකක් දාන්න
ReplyDelete