Wednesday, September 21, 2011

ළමා නාට්‍ය උළෙල 2011

                                 



     ඔන්න ටික දවසකට පස්සේ ආයෙත් අවා මේ පැත්තේ.පහුගිය දවස කීපය බොහෝ කාර්යය බහුල වූ නිසාවෙන් නාට්‍ය කාරයට නාට්‍යයත් අමතක වූ සෙයකි. කෙසේ වූවත් කොපමණ වැඩ තිබුනද නාට්‍ය කාරයට වේදිකා නාට්‍යයක් තිබෙනවයි ආරංචි වූ විගස සියලු වැඩ අතහැර දමා එය බැලීමට යන සිරිතක් තිබේ. පසුගියදාද නාට්‍යකාරයට එවන් අවස්ථාවකට මුහුණ දීමට සිදුවිය. මෙමෙ දින කිහිපයේ උපාධි පාඨමාලාවේ වැඩ කටයුතු නිසා කාර්යය බහුල වූ නාට්‍යකරයට ඊයේ උදයේ කුකුළත් අතින් අරගෙනම රුමේෂ් අයියා කතා කෙරුවාය ඒ වෙන කිසිවකටත් නොවේ ඔහු කිවේ "මල්ලි අද ලමානාට්‍ය උළෙලේ දෙවෙනි වටේ අන්තිම දවස යමුද?" නාට්‍යකරයා කිවේ ගත් කටටම හා කියාය.
                                      ඔන්න ඉතින් නාට්‍යකාරයත් දත කට මැදගෙන උදේ පාන්දර  හවස 1.30 ට කෝච්චියට නැග ගත්තේය. අවාසනාවක මහත උළෙලේ ආරම්බය හවස 5 ට. කෙසේ වෙතත්  හවස 3.30 වෙද්දී අප ජෝන්ද සිල්වා රගහල අසලය.වාසනාවට විහාරමහා දෙවි උද්‍යානය ද  ඒ අසලය. කාලය කාදමා වෙලාවට ටිකක් කලින් රග හල වෙත පියමනු අප දන්නා අදුරන අය සමගද කතාකොට නාට්‍ය නැරබීමට ඉදගතිමු. නිදන කතාවනම් මෙතැනින නිමා කරමි ඒ මන්ද මිට වඩා කීමට බොහෝ දේ ඇති හෙයිනි.
                                     මෙවර රාජ්‍ය ලමනාට්‍ය උළෙල වඩාත් සුවිශේෂී උළෙලක් බවට පත්වී තිබේ මන්ද යත් දශක තුනක යුද්ධයක නිමාවකින් පසුව සිංහල දෙමල යන භාෂා දෙකටම සම තැන ලැබෙමින් තිබේ එය අප සතුටු විය යුතු කාරණයකි.  මෙය නාට්‍ය උළෙලට වැදගත් වන්නේ මෙවර නාට්‍ය උළෙල සිංහල ,දෙමල ,ඉංග්‍රීසි යන සියලු භාෂා වලට අවස්ථාවක් දී තිබීමයි. එනම් මෙවර භාෂා තුනෙන්ම නාට්‍ය ඉදිරිපත් කර තිබුනේය. මෙය අප පැසසිය යුතු කර්තවයකි.ඉදිරියටත් මෙය එසේම පවතිවා යි යයි අපි ප්‍රර්ථනා කරමු. අපගේ අවාසනාවට අපහට දමිල නාට්‍යයක් නම්  නැරබීමට නොහැකි විය ඒ මන්දයත් පෙර දිනයේදී දමිල නාට්‍ය රග දක්වා තිබීමයි. නමුත් ඉංග්‍රීසි නාට්‍යයක් නැරබිමටනම්  අපට වාසනාව හිමි විය. නමුත් එය වාසනාවද අවාසනාවද නොදනී එය ඉදිරිපත් කර තිබුනේ නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා පාසලකිනි එහි නම "Pride and  prejudice" ය මා හට මෙන්ම ඔබටද සිහියට නැගෙන Jane Austen නම් කෘතහස්ත ලේකකයා විසින් ලියන ලද ඒ කතාව  ළමා නාට්‍යකට වටිදැයි ඔබටම හැගෙනවා ඇත. ඒ මන්ද යත් එය ලිය වී ඇත්තේ ආදරයත් උඩගු කමත් වටාය . එයට ළමා නාට්‍යයක් යයි කිවහොත් එය විහිළුවකි. ළමයින් රගපෑ පමණින් එය ළමා නාට්‍යයක් නොවේ. අප තරගය වෙත නාට්‍යයක් ඉදිරිපත් කිරිමෙදිනම් නීතිමලාවක් තිබුණි. ඒ සියල්ල පැත්තකින් තබා එය දෙවෙනි වටය ආවේ කෙසේද කියා බැලුවත් එය ප්‍රශ්නයකි.
                                                   
කෙසේ වෙතත් විශිෂ්ට මට්ටමේ නාට්‍ය දෙකකුත් එදින තිබුණි එනම් ඇහැලියගොඩ මධ්‍ය විද්‍යාලය විසින් ඉදිරිපත් කරන ලද "සිනහමල්" ළමා නාටකය හා වෙනදා මෙන්ම  මේ ළමා නාට්‍ය තුලින් ඉහලින්ම සිටින අමිතා රබ්බිඩිගල මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද "අපි ඔක්කොම එක වගේ"   යන නාට්‍ය දෙකයි. නාට්‍ය කාරයා ගෙනම් හිත ඇදීගියේ අමිතා රබ්බිඩිගල මහත්මියගේ නාට්‍යය වෙතයි ඇය ළමුන්ව ඉතා සන්යමයෙන් හසුරුවා තිබේ.කෙසේ වෙතත් අප බල සිටිමු අවසාන දිනය වන තෙක් . එහෙනම් ඔන්න නාට්‍ය කාරයා ගියා.

1 comment:

  1. www.dark-code.com

    This is a fresh proxy site.Dark-code.com provides 100% anonymous logs free browsing for our viewers.Super fast webserver without any popups.

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.