Sunday, February 16, 2014

මිස්ට බීන් හෙවත් පාසල් කාලයේ මතකයන්


ඔන්න අද මම කියන්න යන්නෙ නාට්‍යකාරයගේ සුන්දරම කාලය උන පාසල් කාලයේ මතකයන් කිහිපයක්. ඔන්න ඉතින් නාට්‍යකාරයා AL කරන කාලේ තමා නාට්‍යකාරයගෙ හොදම පාසල් කාලේ කියලා නාට්‍යකාරයා හදුන්වන්නේ මොකද ඔය කාලෙ තමා නාට්‍යකාරයා වැඩියෙන්ම වින්ද කාලෙ. මොකද නාට්‍යකාරයා පොඩිකාලේ ඉදන්ම යන්නෙ පිරිමි පාසලකට ඒත් ඔන්න AL කරද්දී නාට්‍යකාරයට එන්න වෙනවා මිශ්‍ර පාසලකට මිශ්‍රකියන්නෙ අපේ පන්තියනම් ඉතින් කාන්තා පුරයක් වගේ මොකද කොල්ලො පස්දෙනයි ඉතුරු 23නම කෙල්ලො. කොහොමද ආතල් එක.

ඔන්න අපේ උසස්පෙල පන්තියේ මුල්ම පන්තිබාර ගුරුතුමා වෙන්නෙ අපට සිංහල විෂය උගන්නපු දයානන්ද ගුරුපියානන් බොහොම සුලු කාලයකදි එයාට මාරු වීමක් ලැබෙනවා. ඔන්න එදා ඉදන් තමා අපේ ගොන් ආතල් පටන් ගන්නෙ මොකද දයානන්ද ස්ර් හරි වසයි එයා ඉන්නකාලෙ අපෙ එකෙක්වත් අහුවෙන්න වැරදි කරන්නෑ. එත් ඔන්න දයානන්ද ගුරුපියානන් ගියාට පස්සෙ එනවා අපට ඉංග්‍රීසි උගන්නන්න්ත් එක්ක අපේ පංතිය බාර ගන්න කියලා සෙනෙවිරත්න කියලා සර් කෙනෙක් මිනිහට අපිනම් කියන්නෙ බීන් කියලා.
ඔන්න මුලින්ම පන්ති භාර ගත්තට පස්සෙ ටික දවසකින් තමා අපේ මවුපිය රැස්වීම යෙදිලා තිබුනේ. ඔන්න බීන් කියලා තිබුනා ඔක්කොම දෙමාපියන්ට එන්න කියලා අපෙ මවුපියොත් ඉතින් අවා දැන් උසස්පෙල කරන ලමයිනෙ වැදගත් දේවල කියනවා ඇති කියලා.
ඔන්න ප්‍රින්සිපල් කතා කරාට පස්සෙ ඔක්කොම දෙමව්පියො පන්තියට ගෙන්නලා මිස්ට බීන් කතාව පටන් ගත්තා හත් ඉලව්වයි චාර්ට් ගොඩකුත් ගෙනල්ලා. ඔන්න දැන් මිස්ට බීන් ඉදිරිපත් කිරීම පටන් ගත්තා ඔන්න මුලින්ම ගෙනාපු චාර්ට් එකකුත් ඇදලා දිග ඇරියා. ඔන්න මම බැලුවා මේ මොන්ඩිසෝරි පන්තියක්ද කියලා
මොනවද දන්නවද ඒ චාර්ට් එකේ තිබුනේ පෝෂනය හපොයි. ඔන්න අපි ඉන්නෙ පන්තියෙ පිටි පස්සෙ අම්මලා ඉස්සරහා අපිට හිනා මනුස්සයා කියනවා උදේට කන්න ඇට වර්ග එවන්නලු දවල්ට බත් එවන්නලු බිත්තර හරි මස් මාලු හරි එක්ක හපොයි. විලි හතයි මොන්ඩිසෝරි පන්තිය වගෙ අපිනම් එලියට ගියා ටිකකින් අම්මලට කියලා තිබුනා අදුම් අයන් කරන හැටී බොන්න දෙන්න ඔනෙ එවායි දත් මදින්න පාවිචි කරන්න ඔනේ දත් බේත් එකයි ඔක්කොම. අම්මල අවිල්ල අහනවා පුතේ ඇත්තටම ඔගොල්ලො උසස්පෙලද කරන්න් තාම එක වසරෙද කියලා ඔන්න ඕක තමා අපේ මිස්ට බීන් ගැන හොදම සහ පලවෙනි අද්දැකීම.

ඔන්න ඔහොම එක දවසක් පන්තියට ආපු බීන් බෑග් එක එහෙම ඇරලා ඉදෙගෙන ලෑස්ති උනා අපිට දේශනයක් දෙන්න මෙන්න මෙයා පර්ස් එක ඇදලා පෙන්නනවා හැබැයි හරි පිලිවෙලයි ඔක්කොම සල්ලි අයන් කරලා තමා පර්ස් එකට දාලා තිබුනෙ අපටත් සල්ලි අයන් කරලා දාගන්නලු පර්ස් එකට ඔන්න ඊට පස්සෙ බෑග් එකෙන් ඇදලා ගත්තා බ්‍රස් එකක් හපොයි කෙදි පෙන්නලා කියනවා මෙ හැඩය තියන ඒවගෙන් විතරක් දත් මදින්නලු. ඔන්න පොර පාවිච්චි කරන දත්බේත් එකත් පෙන්නුවා සුපර් මාර්කට් වල තියෙනවලු ඒක එකෙන් දත් මදින්නලු. තව ෆේස් වොශ් එකක් පාවිච්චි කරන්නලු මූන හොදන්න ඔවා තමා පොර අපිට උගන්නනෙ. 

4 comments:

  1. උඹේ ගඳ යන්න ගාන්න සබන් ජාතියක් කියලා දුන්නේ නැද්ද

    ReplyDelete
    Replies
    1. නැනේ උබට ඔන්නම් අහල කියන්නම් එකක්

      Delete
  2. සමහරක් විට එයා හිතන්න ඇති සේරටම කලින් ලමයින්ව පුද්ගලයෙක් විදිහට දියුණු කරන්න ඕන කියලා.මෙහෙම ගුරුවරුයක් හිටියා මරියකඩේ පැත්තේ නම ගිය පාසලක.1990 ගණන් වල.ඇයගේ පන්තියට එද්දි ලමයි ලස්සනට ඉන්න ඕනේ.සපත්තු පවා පොලිෂ් කරලද කියලා බලනවා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම වෙන්නත් පුලුවන් .........

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.