Friday, February 21, 2014

මට්ට කොලුවා හෙවත් ග්‍රීස් යකා


නාට්‍යකාරයාගේ මිතුරන් පිරිසත් සමග නාට්‍යකාරයා පසුගිය දවසක නෙලුව බලා පිටත් වූයේ අපගේ යෙහෙලියක් වන මලී කෙල්ලගේ නිවසට යාම සදහායි. එහි බලාපොරොත්තුව වූයේ කන්නෙලිය රක්ෂිතය හා දූලි ඇල්ල දැක බලා ගැනීමයි. ඒ ගමනේ රසමුසු තැන් පස්සේ ඔබ හමුවේ වැමෑරීමට බලාපොරුත්තුවෙන් මා සිත ගත් එක දෙයක් පමනක් ඔබ හමුවේ තබමි.

අපේ මලී කෙල්ලගේ නිවස්නය පල්ලෙහායින් ගිං ගග කොමලිය ගලා බසී අපටත් එය දුටු විට ඇයගේ පහස විද දරා ගැනීමට සිතුනේ නිතැතිනි ඒ අවස්තාවේ අපේ මලීගේ මෑණියන් විසින් කියූ කතාවක් නිසා මෙය පල කරමි

2011 අග බාගය හා 2012 මුල බාගය වන විට සියලු පුවත් පත් පිරී ගියේ ග්‍රීස් යකාගේ කතා වලිනි. ග්‍රීස් යකා පිලිබද සදහන් නොවුනු පුවත් පතක් විකුනා ගැනීමට පවා නොහැකිවිය. ඒ තරමට එම වකවානුව තුල ග්‍රීස් යකා අප අතර හොල්මන් කලේය. ඔය ග්‍රීස් යකා හට විවිද පලාත් වල විවිධ නම් වලින් හදුන්වයි. අප නම් කියන්නේ ග්‍රීස් යකා කියලාමය නමුත් මාගේ අතිජාත මිත්‍රයෙකු වන සුසන්ත පැවසුවේ නුවර ප්‍රදේශයේ ග්‍රීස් යකා හදුන්වන්නෙ මට්ටයා යන නමින් බවයි. තවද අප ප්‍රදේශයේම සමහරක් බූලා කියා ආමන්ත්‍රනය කරන්නේද ග්‍රීස් යකාටමය. එය වෙනස්ම ආකාරයේ ආමන්ත්‍රනයකි. අපගේ මලී කෙල්ලගේ අම්මා අප නෑමට ගගට යන විට පැවසුවේ වැඩියේ හවස් නොවී නාගෙන එන්න කෙල්ලො ගෙනියන්න මට්ට කොලුවා එනවා හවස් වෙනකොට කියයායි. එනම් ඔවුන් ග්‍රීස් යකා හදුන්වන්නේ මට්ට කොලුවා කියායි. එම මිනිසුන්ගේ සුන්දරත්වය එයයි ඔවුන් අර මට්ටයාටද මට්ට කොලුවා කියා ආමන්ත්‍රනය කරන්නෙ ඔහු හට යම් ගෞරවයක් එකතු කරමින් ය ඔවුන් කාටත් නිගා කරන්නේ නැත. සුන්දර ගැමි කමට මම ආලය කරමි. ඔබත් මෙම මට්ටයාට තවත් නම් දන්නේ නම් කමෙන්ට් කරන්න හැමදෙනාගේම දැනගැනීම පිනිස.

11 comments:

  1. මලී ගොඩක් පොඩි කෙල්ලෙක් වෙන්න ඇති ඒ වගේ කතාවක් කියන්න.මොකද ඉස්සර කිව්වේ කළු කුමාරයා එනවා කියලනේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. මොන පොඩිද එකිට පොඩී කිව්වොත් අපිත් තාම කිරිසප්පයො.. හැබැයි හරි අහිංසක කෙල්ල

      Delete
  2. ඒක කලු කුමාර සංකල්පය නෙවේ මන් හිතන විදියට මට තේරුනේනම් ග්‍රීස් යකා කියලා

    ReplyDelete
  3. මට්ට කොල්ලා සම්බන්දව ඔබේ මිතුරාගේ දැනීම අඩුය.මට්‌ට කොල්ලා තරුණ එකෙක් නොවේ,ඌ අවුරුදු 8 -10 වයස ඇති එකෙකි.ඔබ විශ්වාස නොකලද මීට වසර 30 කට පෙර මගේ ළමා වියේදී මේ අමුතු පැවැත්ම දුටුවෙමි.ඔහුට තිබුනේ තද නිලට හුරු දෑසකි,මුහුණු වර්ණවත් කලතරමට කහ පැහතිය.කෙස් කැරලි ගැසී තිබුණි.සිරුර ගැන මට මතකයක් නැත.මා භීෂණ සිනමාවකවත් එතරම් සුරතල් සහ බිහිසුණු බව කැටිවූ මුහුණක් දැක නැත

    ReplyDelete
    Replies
    1. ඔබ පවසන ආකාරයට මෙම මට්ටකොලුවා කලු කුමාරයා වැනි යම් විශ්වාසයක් වෙන්න ඔනේ. ඔබේ අද්දැකීමනම් බොහොම භයානකයි ... මේ පිලිබද දැනුවත් කලාට ඔබට ස්තූතියි..
      මේ මට්ට කොල්ලා පිලිබද මගේ කුතුහලය තවත් වැඩි උනා

      Delete
  4. මං නම් අහලා තියෙන්නේ ග්‍රීස් යකා කියන එක විතරයි.. ග්‍රාමිය පරිසරයට වෙන්න තවත් නම් ඇති සමහරවිට..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේශ් අපි ගොඩක් අය භාවිතා කරන නම තමා ග්‍රීස් යකා කියන නම ගැමි විවහාරයේ තව නම් ඔනේ තරම් ඇති..

      Delete
  5. මට්ට කොල්ලා යනු තවත් එක්තරා අමනුෂ්‍ය වර්ගයක් සඳහා භාවිතා කරන නමිකි. ග්‍රීස් යකාට ගරු නමක් ලෙස නෙවෙයි එහෙම කියන්නේ. මට්ට කොල්ලා කියන අමනුශ්‍යාගේ පෙනුම පොඩි ළමයෙක් වගේ නිසයි එහෙම කියන්නේ බොහොම මිටි තරමක් තරබාරු බකල් කකුල් සහිත කෙනෙක් කියලයි කියන්නේ. නිදන් සහ භුමියේ පවතින වස්තු සම්පත් ආරක්ෂා කිරීමට කැප වෙලා ඉන්න කාණ්ඩයක් මේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දන්නැති දෙයක් කියලා දුන්නට මම හිතන් හිටියෙ මට්ට කොලුවා කියන්නෙ ග්‍රීස් යකාට කියලා ඒත් මේ මට්ට කොල්ලයි ගෑනු ලමයිනුයි අතර තියෙන සම්බන්ධතාවය මට තාම තේරෙන්නෙනෑ. ඔබ කියනා අන්දමට " නිදන් සහ භුමියේ පවතින වස්තු සම්පත් ආරක්ෂා කිරීමට කැප වෙලා ඉන්න කාණ්ඩයක් මේ."

      Delete
    2. ඔබ කියන්නේ බහිරවයා ගැනයි.මට්ට කොල්ලා වෙනත් පැවැත්මකි.ඔහු දරුවෙකි.තරුණ කෙල්ලන් සමඟ සබඳතා නැත.කිසිවෙකුට හිරිහැරකරන්නේද නැත.මුහුණේ පෙනුම කතෝලික සොහොන් කොත්වල නිර්මාණය කරඇති ළමා දෙවදුතයාට සමාන මුත් බැල්ම අතිශය රුදුරුය.බොහෝකලකට පෙර මේ අමුතු පැවැත්ම නිවසේ අඳුරු මුල්ලක දුටුවෙමි.එකල වයස 8-9 කොල්ලෙකුවූ මා අලුත් අවුරුද්ද සඳහා ගෙන විත් තිබු කිතුල් පැණි හොරෙන් බීමට ගිය අවස්ථාවේ මේ සිදුවීම විය.මා සිතුවේ එවකට ඉතා තක්කඩි කොල්ලෙකු වූ මගේ සහෝදරයා මා බියපත් කිරීමට ඉන්නට ඇතැයි කියාය.නමුත් නමුත් ඔහු මිදුලේ පොල්පිති හරකෙකු සමඟ සෙල්ලමක සිටියා මතකය.මෙය කිසිවෙකු විස්වාස නොකරයි යයි සිතූ මා කිසිදිනක නිවැසියන්ට මේ බව නොකීවෙමි.දැන් මා වසර 41ක මිනිසෙක් වන අතර මගේ සහෝදරයන් දෙදෙනාද ඒ ආසන්නයේ වයස් ඇතිව ජීවත් වේ.

      Delete
    3. බොහෝම ස්තූතියි ඔබ මම නොදන්නදේ කියා දුන්නට..

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.