Tuesday, February 25, 2014

යලි ඉපිද යලි වැලලුනු රාවණා


පසුගිය වර්ෂය මහ පුදුම වර්ෂයකි ඒ මන්ද යත් අපේ හෙල වංශය නොහොත් වැලලී ගිය හෙළ ශිෂ්ටාචාරය ගොඩ ගැනීමට කවුරු කවුරුත් බොහෝ සෙයින් දත කෑ වර්ෂයක් ලෙස 2013 වසර හදුන්වා දීම වරදක් නොවේ. අප ජනප්‍රවාදයේ පමනක් තිබූ රාවණා කතා එකිනෙක ගොඩ ආවේ පසුගිය වර්ෂය තුලදීය එයට උර දී කටයුතු කල අය බොහෝ සිටිති. නමුත් බහුතරය බොර දියේ මාලු බාගත්තෝය.
2012 වර්ෂයේ සිට ශ්‍රීලංකාව තුල මෙම ප්‍රවනතාවය මතු වී තිබුනේය සමහර පුවත් පත් උනු කැවුම් වගේ විකිනී ගියේ මෙම කතා නිසාය. කවදාවත් හිට් නොවේ යැයි කියා සිතූ පත්තර අනෙක් පුවත් පත් පරදා අලෙවිය වැඩි වීමට හේතු භූත වූයේ මෙම රාවණා කතාවයි. අන්තර්ජාලය තුලද බ්ලොග්ස් පිරී ගියේ මෙම රාවණා කතාවෙනි. අලුතින් මේ පිලිබද පමනක්ම ලියවුනු බ්ලොග් ආරම්භ විය. මහාවංශය පරදා හෙළ වංශය ඉස්මතු විය. විජය නන්නත්තාර විය. විජයට උන් හිටි තැන් අහිමි වූයේ ඔහුගේ කැරැට්ටුව සියල්ල එලි එලිකරමින්ය. සමහරුන් විජයට හූ කියූහ. සමහර විද්වතුන් කීවේ මේවා අප පෙල පොත් වලටත් ඇතුලත් විය යුතු වගයි. හැම දේම දෙපැත්තක තියෙනවා කියනා ලෙස සමහරුන් මුන් මන්ද බුද්දිකයන් යැයි කියා සිනා වූහ. පුලුවන්නම් ඔප්පු කරන්නැයි කීවේය රාවණා කට්ටිය පොත පතින් නිදසුන් ගෙන පෙන්නූහ, සමහරුන් මහාවංශයෙන්ම පිලිතුරු ගෙන පෑවේය සමහරුන් පැරණි පුස්කොල පොත් වලින් වර්ගපූර්නිකාවෙන් වෙද පොත් වලින් නිදසුන් සපයා දුනි. නමුත් අර හිනා වුන එවුන් එවා
කියවා තබා කියවන්න දන්නේවත් නැත. නැවතත් උන් කීවේ මුන් කියන්නේ බොරුවක් කියාය. මෙසේ කිවීමටද සාධාරණ හේතු තිබුනේය කිම්ද යත් සමහර එවුන් රාවණා ගැන එහෙන් මෙහෙන් විස්තර ටිකක් කියව එක දෙක කර මහා බොරු පට්ටන්දරද එක් කරමින් බේගල් ඇද බෑවෙ උන් ඒවා දැක්කා සේය. උන් කරේ පොර වීමට පොඩි ආතල් එකක් ගැනීමය. අප සමාජයේ කොහොමත් සිරිතක් වන්නේ පොඩි දෙයක් කී විට එයට අතින් ටිකක් දමා එක දෙක කර කීමයි. අන්න ඒ නිසා සෑම සියලු දෙයක්ම විශ්වාස කිරීමට නොහැකි විය. අපේ ජාතියේ නාලිකාවයි හදුන්වන නාලිකාවෙන් ඒ අතර ඉතා ප්‍රසන්සනීය වැඩක් කලේය එනම් විශාල අවදානමක් දරා රාවණා උමගක් හා ගුහාවක් යැයි පිලිගත් එම භයානක ගුහාවට ගොස් විස්තර ගෙන ඒමයි. ඒ තුල විශාල පොකුණක් තිබුනි මෙය කාගේ නිර්මාණයක් විය හැකිදැයි ඔවුන් ප්‍රස්න කර ඔවුන් රාවණා ගේ විය හැකියැයි කියා යම් ඉගියක් සැපයුවේය.
මාධ්‍යක් තුලින් මෑත ඉතිහාසයේ  ගිය අවදානම්ම ගමනක් ලෙස නාට්‍යකාරයානම් එය පිලිගනී. ඊට පසුව පුංචි තිරය තුලද වැඩසටහන් තුල මේ පිලිබද කතිකාවන්නට පටන් ගති. නැවත පුවත්පත වලද එක එක කතා පලවිය නමුත් 2013 අග බාගය වන විට මේ සියල්ල අහවර විය එක පාරටම මරණයෙන් යලි නැගිටුනු රාවණා යලි මරණයට පත් විය නමුත් එක ටෙලිවිශන් නාලිකාවක් පමනක් දැනටත් එම ජාතික මෙහෙවර ඉටු කරමින් පවතී එනම් දෙරන නාලිකාවයි එහි හෙළවංශය නම් වැඩසටහන නිදසුන්ද සහිතව ඒ ඒ තැන්වලට සංචාරය කරමින් පොත් පත් ගෙනවිත් ඒවා යේ තිබෙන දේ කියමින් රාවණා ඉතිහාසය සමාජ ගත කිරීමට උර දී සිටී. එයට නාට්‍යකාරයාගේ ප්‍රනාමය පිරිනමමි.
නාට්‍යකාරයාට රාවණා මතක් වූයේ  ඊයේ දින සෑම තැනම පලවූ පුවතක් නිසාය එනම් අනුරාධපුර කහටගස්දිගිලියේ පොඩි කොලු ගැටයෙක් රන් සෙම්බුවක් හිරු දෙසට යනවා චායාරූපයට නගා තිබුනි. නාට්‍යකාරයාට සිහිවූයේ මෙය 2012 හෝ 2013 සිදු වූවානම් මෙලහට පුවත් පත් බ්ලොග් අඩවි පිරී තිබෙන්නේ මෙයටද රාවණා සම්බන්ධ කරමිනි. තවත් නට්‍යකාරයා ස්තූතිකලයුතු පිරිසක් සිටී ඒ අය මේ රාවණා ඉතිහාසය මතු කර ගැනීමට නිහඩ සේවයක් කරමින් සිටී රාවණා පර්යේෂණ ආයතනය ඉන් එකකි එහි ජලිත අමරසිංහ මැතිදු දැනුම් සාගරයකි. නාට්‍යකාරයාට ආඩම්බරයක් ඇතිවන්නෙ නාට්‍යකාරයාද අමරසිංහ කෙනෙකු බැවිනි. තවත් රාවණා සොහොයුරෝද නිහඩ සේවයක් කරමින් සිටී. ඔබ සැමට මෙම හෙළ ඉතිහාසය ගොඩ ගැනීමට ශක්තිය ධෛරිය ලැබේවායයි නාට්‍යකාරයා පතයි.     

19 comments:

  1. රාවනා කතාව 100 % ක්ම මිත්‍යාවක්.මේ මිත්‍යාවන් විවිධ පුද්ගලයන් විසින් නඩත්තු කරනවා.2012 ලෝක විනාශ කතාවත් එවැන්නක්.ඉතා ඉක්මනින් මිනිස්සු මේව අමතක කරල දානවා.ඒත් මේවගෙ පීක් එක වෙන කොට හුඟක් දෙනෙක් හැදිල.මේවට මුදල් එන මාර්ග පුදුම විදියට තිබෙනවා.මොළේ පාවිච්චි කරල හොඳ තක්කඩියෙකුට ලොකු ප්‍රෝඩාවක් සමාජයෙ ගෙනියන්න පුළුවන් .ප්‍රෝඩාව සදාකාලික නැහැ.ඒක එළිවෙනකොට ප්‍රෝඩාව නඩත්තු කරපු අය කෝටි ප්‍රකෝටිපතියො වෙලා.

    ReplyDelete
    Replies
    1. යකා මේ කතා 100% ම්ත්‍යා කතා කියන්න බෑ අතීත පොත් පත් වල ඔනෑ තරම් නිදසුන් තියෙනවා මම කියන්නේ වාල්මිකීගේ රාමායනය නෙවේ මහාවංශයේ පවා සාධක තියෙනවා රාවණා කියලා කෙනෙක් හිටි බවට එතුමා බලවත් කෙනෙක් බවටත් එතොකොට වර්ගපූර්නිකාව ඒකෙත් මහා විස්තරයක් තියෙනවා ඒක නිසා මෙවා බොරුයි කියලා කාටවත් සොයා බැලීමක් නතුව කියන්න බෑ. එහෙම බොරුයි කියනවනම් අපිට කියන්න පුලුවන් ජේසුස් වහන්සේ කියන්නෙත් බොරුවක් කියලා එහෙම නැත්තම් බුදුරජානන් වහෙන්සේ කියන්නෙත් බොරුවක් කියලා ඒ වගේම තමා රාවණත් මෙතන තියෙන්නෙ ඉතිහාසය මග හැර යාමක් විතරයි .

      Delete
    2. අම්මපා....අපේ සනුහරේ, (ඒ කියන්නෙ මේ තිරිසන්) හනුමන් වල්ගෙ ගිනි තියාගෙන ලංකා දේශෙට පාත් වෙච්චි හැටි මැවිල පේනව ඕං.....මාර ජොලි කතා නේද ආයිබං

      Delete
    3. හම්මපා ඔව් හැබැයි ඉතින් ඔය හනුමා කියන්නෙ ඉන්දියාවේ හිටිය ගොත්‍රයක් කියන්න ඔන්න සාක්ෂි මතු වේගන එනවලු වානරයෙක් ම නොවෙයි කියන්න තාමත් ඔය පරපුරෙන් පැවත් එන අය ඉන්නවයි කියන්නෙ

      Delete
  2. මන්දා, මිත්‍යාවක් වුනත් නැතත් මගේ හිතටනම් දැනෙන්නේ රාවණා ලංකාව පාලනය කරපු ශ්‍රේශ්ඨ රජෙක් හැටියට.. අනික සීතා දේවියට දුන්න ආදරේ.. ආස වෙලා උස්සන් ආවට අතක් වත් තියන්න ගියේ නෑනේ අකමැත්තෙන්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම සමහර අය දැන් ප්‍රභල සාක්ෂි හමුවෙලා තියෙද්දිත් පිලිගන්න අදිමදි කරනවනෙ දිනෙශ් රාවණා කියලා රජ කෙනෙක් හිටිය කියලවත් මුන් පිලිගන්න කැමති නෑනේ.. සීතාට සලකපු හැටියටම හිතා ගත්තැහැකි කොච්චර ශ්‍රේෂ්ඨද කියලා

      Delete
  3. උඹත් රාවණෝන්මාදය සපිරි කෙනෙක්ද?

    ReplyDelete
    Replies
    1. රාවණාට වැටි වැටී වැන්ද (???) එකෙක් ඉන්නවා බලල නැද්ද. මං ආවෙත් ඒකේ පිහිටෙන්

      http://vargapurnikava.blogspot.com/

      Delete
    2. උන්මාදයෙන් නම් නෑ දේශක අයියේ ඒත් උනන්දුවක් තියෙනවා ඒ ගැන මොනවා උනත් අපේ වැලලී ගිය ඉතිහාසයනේ.. ඔව් ඔව් මම ඕකට ගිහින් තියෙනවා novae..

      Delete
  4. 2013 රාවණා උන්මාදය ගෙනාවෙ මව්බිමනෙ... තාමත් ඒකෙ අදිනව...
    මට මතක විදියට දේවාලෙකුත් හැදුව...
    හැමදේම ඇති කරල නැති කරල දාන්නත් අපේ උන්ට තියෙන්නෙ මාර දස්ස කමක්...

    ඔන්න ආයෙ ආයෙ එන්න දාගත්ත රෝලටත්

    අවන්හල

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මව්බිම තමා ඔය උන්මාදයනම් ඇති කරේ මව්බිම මාර විදියට මාර්කට් කරගත්තා ... හික්ස්

      Delete
  5. මිත්‍යාවක් ද නැත්තම් ඇත්තද කියන්න නම් දන්නේ නැහැ. එත් උනත් කියවද්දි ආසා හිතෙන කතාවක්. ඉන්දියාවෙන් රාමායණය ලිව්වා වගේ, ලංකාවේ රාවණා ගැන ලියවුනු පොත් නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඔව් වාල්මිකීගෙ රාමායනයනම් ලස්සනයි තමා ඒවුනාට එකේ රාවණාව මාර විදියට පහත් කරලා තියෙනවා හිතාමතාම මොකද නැතුව පොත් රාශියක්ම තියෙනවා ආචාර්‍ය ගණනථ ඔබේසේකරගේ රාවණ රාජාවලිය හා උපන් කතා කියලා පොතක් තියෙනවා අචාර්‍ය මිරන්ඩා ඔබේසේකරයන්ගේ පොත් තියෙනවා රාවණා වත කියල එවා හොදා

      Delete
  6. ඔබේ ලිපිය ඉතාම වැදගත් චුට්ටක් විතර අකුරු ලොකු කළ හැකි නම් මා වැනි වයසක අයට සැහෙන උදව්වක් වේවි

    ReplyDelete
  7. අකුරු ලොකු කර ගන්නට හැකි බව දැනුනේ පසුවයි ඔබට ගොඩක් තුති ලිපියලිව්වාටත් පහසුකම් දී තිබුණාටත් යන දෙකටම!

    ReplyDelete
    Replies
    1. ගුණසිංහ මහත්මයා,

      ඕනෑම වෙබ් පිටුවක අකුරු ලොකු කල හැකියි යතුරු පුවරුවේ ctrl යතුර සහ + යතුර එබීමෙන්. කුඩා කරන්නට ctrl එක්ක - යතුරු එබුවාම හරි.

      Delete
    2. ඔබටත් ස්තූතියි මේ පැත්තෙ ආවට

      Delete
  8. ඉතිහාස කරුණු නිසි ගවේශනයක් නොකර බොරුයි කියල කියන්න බෑ. මං හිතන්නෙ රාවණා කතාව වටා අතිශයෝක්තිය වැඩිපුර එකතු වෙලා තියනව කියලයි. නමුත් මාත් හිතනව ඒ නමින් රජ කෙනෙක් ඉන්නට ඇති බව නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම යමක් හොයා බලන්නැතුව ඒක නෑ බොරුය කියන එක මහ මෝඩ කමක් ඇත්තටම මිනිස්සු ඔවා නොපිලි ගන්නත් හේතුව ඕක තමා අතිශෝක්තිය වැඩිපුර එකතුවීම්. අපි පැරණි බෞද්ධ සාහිත්‍යයේ එන කතා අරන් බැලුවත් ඒ වායෙත් අතිශෝක්තිය අඩංගුයි ඒත් අපි ඒවා බොරු කියනවාද නෑනේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරන් අතිශෝක්තිය අයින් කරනවා මේකටත් ඒකම තමා කරන්න ඔනේ

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.