Wednesday, February 12, 2014

නාට්‍යකාරයා හොල්මනකට බයවීම හෙවත් සිංහරාජ ගමන Ghost VS. Drama boy

ඔන්න ආයෙත් නාට්‍යකාරයා මූන දුන්න පට්ටම කුජීත අද්දැකීමක් ඔබ ඉදිරියේ දිග ඇරුමට දෙන්න මටත් මදකට අවසර... හික්ස්

ඔන්න අපේ සංචාරකයො ටිකට ඇරයුමක් ලැබෙනවා අපේ පට්ට බොක්කක් වෙන ටික්කි කෙල්ලගෙන් කළවානේ තියෙන එයාගේ නිවසට අප හට එන ලෙස සිංහරාජෙ බලන්න යන්නත් එක්ක. ඔන්න 2012.11.29 වෙනි දින උදේ පාන්දර 7ට යෙදුනු සුබ නැකතින් රත්නපුරය බලා පිටත් වූ බස් රථයකට ගොඩ වෙලා පිටත් උනා ගමන යන්න. ඔන්න අපි රත්නපුරෙන් බැහැලා පොඩි රවුමකුත් දාලා නැග්ගා කලවාන බස් එකට. එතනිනුත් අයේ වැද්දාගල බස් එක ගන්න ඔනේ ඔන්න එකටත් නැග්ගා කියන්නකො අපෙ කෙල්ල එ බස් එකට අපිව නග්ගගන්න කලවානට අවිත් හිටියා අපිත් ඉතින් එකී සැදැහැ සිතින් අරන් දීපු බීම එකත් බීලා එකිම අරන් දුන්නු ටිකට් වලින් ගියා. එකිගෙ ගමෙන් බහිනකොට පට්ටම ලස්සනයි පොඩි කදු ගැටයක් නැගලා තේවත්තක් මැදින් තමා යන්න තිබුනෙ ඔන්න බලන්නකො ..







ඔන්න ගිහින් ගිමන් නිවලා දවල්ට කාලා පොඩි කැරම් පාරක් එහෙම ගහලා ගියා නාන්න .. ඒ යන්න තිබුනෙත් ලස්සන වෙල් යායක් මැදින් ..







..මෙන්න ගිය අපේ සංචාරකයෝ සෙට් එක ඔතන තව දෙන්නෙක් අඩුයි උන් දෙන්නා ආවේ තනියම රෑ බෝ වෙලා කපල් එකක්නෙ ... හික්ස්


ඔන්න ඔතනින් තමා අපි නෑවේ .. පහුවෙනිදා සිංහරාජෙ යන්න තමා අපේ මෙහෙයුම ඔන්න අපෙ අනිත් එකත් කෙල්ලත් එක්ක රෑ වෙනකොට ආවා ඔන්න දැන් තමා නිදාන කතාවට එන්නෙ පහුවෙනිදා සිංහරාජෙත් ගියා කියමුකො ..









..ඔන්න ගිහින් ඇවිත් පංසලුත් ගිහින් අපි කෙල්ලගෙ ගෙදර වැඩ කරන රාජාට අඩලා අඩලා ගෙන්න ගත්තා කිතුල් රා ට්කක් සප්පායම් වෙන්න කියලා ගෙදර අයටත් හොරෙන්







 
ඔන්න ඔය අතරෙ තමා අපෙ ලින්කාට ඔය රාජා තොරනෙ විස්තරේ කියල තිබුනේ ඔය අපේ කෙල්ලගෙ ගෙදර තේවත්තේ වැඩ කරාලු කංකානම් කෙනෙක් ඔය මනුස්සයා මොකක් හරි සීන් එකක් ගිහින් වත්තේ ලොකු අබ ගහක එල්ලිලා මැරිලා තියෙනවා එදා ඉදන් ඒ කංකානම් ඒ වත්තෙ හොල්මන් කරනවලු. ඒක නිසා මේ ගෙදර අය කරෝල මස් මාලු මොකවත් කන්නෑ අයියල දෙන්න බොන්නෙත් නෑ එත් ඉතින් අපි බිව්වනේ මාරම සීන් එක කියන්නෙ අපි ගිය හින්දා හාල්මැස්සො වගයක් බැදලත් තිබුනා. ඔන ඔය මනුස්සයා මැරිලා තියෙන්නෙත් අර අපිට නවතින්න දුන්න කාමරේ ඉස්සරහ තියන අබ ගහේ එල්ලිලලු. අපෙ ලින්කත් ඕක එච්චර ගනන් අරන් නෑ බීලනෙ හිටියෙත් අපිට කිව්වෙත් නෑ. අපි ඉතින් බීලා යනකොට අපෙ උන් කැරම් ගහනවා අපි ඩෙන්නත් වාඩි උනා කැරම් ගහන්න කැලනියෙ කැම්පස් එකේ කැරම් චැම්පියන් කෙනෙක් තමා අපෙ සුසාගෙ කෙල්ල ඔන්න අපි උන් දෙන්නව පැරැද්දුවා බීලා හින්දා vවෙන්නැති. ඔන්න අපි නිදා ගන්න යනකොට තමා ඔය රාජා කියපු විස්ථරේ අපේ ලින්කා අපිට කිව්වෙ ඕක කියපු වෙලාවෙ ඉදලා අපිට හිතටiබයයි. ලින්කා කොහොඅ හරි පිරිත් දැම්ම ෆෝන් එකෙන් අපි ඔහොම ඉන්න කොට අපේ සුසාගෙ කෙල්ලයි ජනයි එලියට ගිහින් ටොයිලට් එක ලග හිටියලු සුදු සරමකුයි ෂර්ට් එකකුයි ඇද ගත්තු මනුස්සයෙක් උනුත් රාජා කියලා හිතලා ගනන් ගන්නැතුව හිනා වෙලා උන්දැ ගනන් ගන්නැතුව ගියාලු. එතොකොට හොදම වැඩේ කියන්නෙ රාජා ඒ වෙලාවෙ අපේ කාමරේට ආවා රාජට ලයිට් නතුව ගිහින් අපේ කාමරෙන් වයර් එකක් ඇදගන්න රාජා ඇදන් හිටියෙ දුබුරු සරම් කොටේකුයි රතු ෂර්ට් එකයි. එතකොට අපේ කෙල්ලො දැකල තියෙන්නේ අර කංකානම් බුදු අම්මෝ ඔක අහපු වෙලේ ඉදන් ලින්කා පිරිත් වැඩිකරා කස්සා කොන්තේ ගනිනවා මම ඉතිපිසෝ කියනවා එලි වෙනකන් නිදි නෑ අපි. කෙල්ලන්ට විස්තරේ කිව්වෙ නෑ උන් බය වෙන හින්දා ඔන්න කොලබට අවිත් තමා කෙල්ලන්ට විස්තරේ කිව්වේ උන් තාම බයයි එදා වෙච්චි දේට. ඔන්න ජනානම් කිව්ව ආයෙ පන තියනකන් ටික්කිලෑ ගෙදර යන්නෑ කියලා. ඔන්න ඔහොමයි නාට්‍යකාරයා හොල්මන් දැක්කේ. ..ඔය කැම් එකේ දෝශයක් නිසා වෙලාව සටහන් වෙලා තියෙන්නෙ වැරදියට .

 

මාත් එක්ක ගිය සෙට් එක තමා අපේ ජනා(මලී), සුසා , ලින්කා , කැටී , ට්විටි , අනු (ඩෙල්මා) , කස්සා යන අපේ සෙට් එක ඒ එක්කම අපේ සුසාගේ ආදරනීය මැණිකෙත් ගියා ඕන් ..

4 comments:

  1. ගණන් ගන්න එපා බං හිත ගැස්සීමක්.උඹලා වගේ දාර කොල්ලන්ට පේන්න එන හොල්මනුත් ඉන්නවද බං?www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
  2. අනේ මන්දා යාලු තාම හිතා ගන්න බෑ ඒක විශ්වාස කරන්න ඔනේද නැද්ද කියලා. මොනවා උනත් කෙල්ලො දැනන් හිටියෙ නෑ එහෙ හොල්මන් ඉන්නවා කියලා එක දැකලා ඉවර වෙලා අපිට කියනකන්. උන් හිතලා තියෙන්නෙ ඒ රාජා kiyalaa

    ReplyDelete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.