Saturday, November 8, 2014

ජර්මන් භාෂාවේ නාමපද වල ලිංග බේදය පහසුවෙන් සොයාගන්නා ආකාරය.. (How to find the gender of a noun in German easily)


අද ඕගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔගොල්ලො ජර්මන් භාෂාව ඉගෙන ගනිද්දී බොහෝම ගැටලුවකට මූන පාන ගැටලුවක් විසදා ගන්නා ආකාරය. මුලින්ම කියන්නම්කො අපේ සිංහල ඉංග්‍රීසි භාෂා වගේ නෙමේ මේ ජර්මන් භාෂාව එහෙම කියන්නේ මොකද මේ භාෂාවේ නාමපද වල  ලිංග බේද තුනක් පහසුවෙන් හදුනා ගන්න පුලුවන් ඒ තමා ස්ත්‍රී ලිංග, පුරුෂ ලිංග හා නපුන්සක ලිංග කියලා.

der  (Masculine පුරුෂ ලිංග)  der Mann, der Tisch  the man(මිනිසා)  the table(මේසය)

die  (Feminine ස්ත්‍රී ලිංග)      die Frau, die Tür  the woman(ගැහැණිය) the door(දොර)

das (Neuter නපුන්සක ලිංග) das Kind, das Fenster the child(දරුවා) the window(ජනේලය)

මෙහෙම ලිංග බේදයක් අපිට අනිත් භාෂාවල දකින්න ලැබෙන්නෑ මොකද අපි සිංහල භාෂාවෙදි පන නැති දේවල් එකම ලිංග බේදෙකින්  තමයි හදුන් වන්නේ.  නමුත් මෙහිදී මේසය පුරුෂ ලිංග වශයෙන්ද දොර ස්ත්‍රී ලිංග වශයෙන්ද ජනේලය නපුන්සක ලිංග වශයෙන්ද හදුන්වලා  තියෙනවා. ඉතින් මෙහිදී ඕගොල්ලො වගේම ගොඩක් දෙනෙක් ලොකු අමාරුවක වැටෙනවා කොහොමද අපි මේ ලිංග බේදය පැහැදිලිව හදුනා ගන්නෙ නැත්තම් කොහොමද අපි ආර්ටිකල් යොදන්නේ කියලා. ගොඩක් දෙනෙක් මේක නිසාම නාමපදයත් එක්කම ආර්ටිකල් එකත් කටපාඩම් කරනවා. 

ඉතින් මම අද කියලා දෙන්න යන්නේ බොහොම ලේසි වගේම නිවැරදි ක්‍රමයක් මේ ලිංග බේදය හොයාගන්න ඉතින් අද පාඩම අපි පටන් ගමු.

පුරුෂ ලිංග නාමපද හදුනා ගමු 

පහත අකුරු වලින් අවසන් වෙන නාම පද අපට පුරුෂ ලිංග නාමපද හැටියට හදුනා ගන්න පුලුවන්





-er
der Computer, der Wecker
Computer, alarm clock
-ig
der Honig, der Käfig
Honey, cage
-ismus
der Idealismus, der Kapitalismus                             
Idealism, capitalism
-ling
der Früling, der Schiling
Spring, shilling
-or
der Motor, der Reaktor
Engine, reactor


ඒවගේම පහත දැක්වෙන නාමපද කාණ්ඩ ද අපට හදුනා ගන්න පුලුවන් පුරුෂ ලිංග නාමපද හැටියට

පුරුෂයන්                           der Vater, der Shon           තාත්තා, පුතා
මාස හා දවස්                      der Montag, der August    සදුදා, අගෝස්තු
කාර් නිෂ්පාදකයන්             der BMW, der jaguar        බීඑම්ඩබ්ලිව, ජැගුවාර්
ඍතු                                  der Sommer, der Winter    ග්‍රීෂ්ම සෘතුව, සිසිර කාලය
ඇල්කොහොල් වර්ග          der Whisky, der Wein       විස්කි, වයින්

නමුත් මෙතනදී මතක තියා ගන්න තව දෙයක් තියෙනවා ඒ තමා අපි බියර් හදුන්වද්දී විතරක් "das Bier " ලෙස හදුන්වනවා .
අදට මම මෙතනින් නවතිනවා ඊලග පාඩමෙන් ස්ත්‍රී ලිංග නාමපද හදුනාගන්නෙ කොහොමද කියලා බලමු.

10 comments:

  1. Danke,für ihre lektion,Bitte machen sie weiter.

    ReplyDelete
  2. ජර්මන් සෑහෙන්න අමාරුයි බං..

    ReplyDelete
    Replies
    1. ආර්ටිකල්ස් ටික අල්ලගත්තනම් වැඩේ ගොඩ ව්‍යාකරණ එතොකොට ලේසියි... ඉස්සරහට මම ව්‍යාකරණ දාන්නම්කො

      Delete
  3. ජර්මන් වල මටත් විකාරයක් වුනේ ආටිකල්ස් තමයි.ඒත් උච්ඡාරනය නම් ඉංග්‍රීසි වලටත් වඩා හොඳයි.
    ආසන්න ලෙස ශබ්ද කරන්න පුළුවන්.Bus = බුස් වගෙ
    ෆ්‍රෙන්ච් වල අනවශ්‍ය අකුරු වැඩිනෙ .ජර්මන් වල එහෙම නෑ.ආටිකල්ස් වලට හුරුවුනොත් ජර්මන් ලොකු අවුලකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ආර්ටිකල් ටික එලකිරි වගේ අල්ලගන්න ඔනේ

      Delete
  4. ලේසිම භාශාව ඉංග්‍රීසිද කොහෙද.....

    ReplyDelete
    Replies
    1. හික්ස් මාත් හිතනවා සිංහල ව්‍යාකරණත් පට්ට අමාරුයිනෙ අප්පා

      Delete
  5. අයියේ, -er එකෙන් අවසන් වෙන නාම පද පුරුෂ ලිංග නම් 'අම්මා' යන තේරුම දෙන Mutter කියන වචනය ස්ත්‍රී ලිංග වුණේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. අම්මා යන mutter කොහොමත් ස්ත්‍රී ලිංග පදයක්නේ ඒක ඊලග පාඩමෙන් කියලා දෙන්නම් ...
      පුරුෂයන් හදුන්වන පද අනිවා der වගේ ස්ත්‍රින් හදුන්වන පදත් අනිවා ෆෙමිනි

      Delete

ඔබගේ අදහස් මට මුතුකැට වගේ වටිනවා. පුලුවන්නම් පොඩි හරි දෙයක් කියලා යන්න.ආවට ගොඩක් ස්තුතියි.